විටමින් C බහූල වැල්දොඩම්



වැල්දොඩම් ඉතාම පහසූවෙන් වගා කළ හැකි පලතුරකි. සූදුසූ දේශගුණික තත්ත්වයන් යටතේ හොඳින් වගා කළ හැකියි. ක්ෂූද්‍ර පෝෂක ලෙස හඳුන්වන කැරොටින්, විටමින් සී, විටමින් බී වලින්ද අනූන වැල්දොඩම් පවූලේ ලොකු පොඩි කාටත් හොඳින් රසවිඳිය හැකි පලතුරකි.

වැල්දොඩම් වර්ග දෙවර්ගයක් ඇති බව ඔබ දන්නවාද? අමූවෙන් කොළ පාටටත්, ඉදුනූ විට කහ පාටටත් එක වැල්දොඩම් වර්ගයක් ඇත. අනෙක දම්පාට වේ.

වැල්දොඩම් දළු සලාද සෑදීමට මෙන්ම කවලම් පලා මැල්ලුමට ගනී. වැල්දොඩම් දළු ආහාරයට ගැනීමට විනාඩි පහකට දහයකට පෙර පිළියෙළ කර ගැනීමෙන් තිත්ත රස මිශ්‍ර වූ බෙහෙත් රස ඇති නොවේ.

වැල්දොඩම්වල ඇති පූංචි පූංචි ඇට ආහාරයට ගැනීමෙන් වැඩිහිටියන්ට තන්තු සහ මේදය එකතු වේ. කුඩා දරුවන්ට මෙය තරමක් දිරවීමට අපහසූ වේ. මෙහි යූෂ සහ පල්පය ආහාර අතුරුපස සඳහාත් ආහාර බඳුන් අලංකාරයටත් ගනී.

වැල් වශයෙන් හටගන්නා මෙය බොහෝ ගම්බද නිවාසවල කම්බි වැටට, ඉඩමේ ඇති ගස් අතර යවමින්ද වගා කරයි. හොඳින් හිරු එළිය ලැබෙන ස්ථානයක වගා කිරීමෙන් හොඳ ඵලදාවක් ලබාගැනීමට හැකි වේ. මෙම වගාවට කෘමින්ගෙන් වන හානිය අවම වේ. මෙයට එතරම් විශේෂ පොහොරක් අවශ්‍ය නොවන නිසා කොම්පොහොස්ටි , අලු, කුඩා ගඩොල් කැබලිද මිශ්‍ර කර වැල්දොඩම් වැලවටා දමා පසෙන් වසා දැමීමෙන් අවශ්‍ය පෝෂණය ලැබේ.

වැල්දොඩම් වැල් දහයක් පහළොවක් පමණ හොඳින් වගාකිරීමෙන් ලැබෙන ඵලදාවෙන් ස්වයං රැකියාවක් ලෙස මූදල් ලබා ගැනීමටද භාවිත කළ හැකියි.

සමහර කාලවලදී වැල්දොඩම් පිළිකාකාරක ගුණ ඇතැයිද මිත්‍යා මතයක් ජනතාව අතර පැතිර ගිය අතර එයහූදෙක්ම මිත්‍යාමතයක් පමණක්ම විය. මේ නිසා ලංකාවේ වැල්දොඩම් ඵලදාව යම් ප්‍රමාණයක් අඩූ විය.

නමූත් වැල්දොඩම් තුළ යකඩ අවශෝෂණ හැකියාව ඇති බව ඔබ දන්නවාද? විශේෂයෙන්ම ස්වභාවික පානයක් නිසා ගැබිනි මව්වරුන්ටත් කුඩා දුවා දරුවන්ට කෘතිම පාන පිළියෙළ කර දෙනවා වෙනූවට දරුවන්ට පාසල් ගෙන යන වතුර බෝතලයට නිවසට පැමිණෙන්නට සංග්‍රහ කිරීමට වැල්දොඩම් යූෂ යොදා ගන්න පූළුවන්. මේ වන විට අපනයනය කර මූදල් ලබා ගතහැකි පලතුරක් ලෙසත් වැල්දොඩම් හැඳින්විය හැකියි.

වැල්දොඩම් ලෙලිවලින් අතුරුපසක්

අවශ්‍ය ද්‍රව්‍ය

තරමක් ලොකු හොඳින් ඉදුණූ වැල්දොඩම් ගෙඩි 10 ක්

ජලය ලීටරයක් පමණ

සීනි ග්‍රෑම් 350ඃ 400

ලෙමන් හෝ දෙහි යූෂ මේස හැඳි 1

සාදන ක්‍රමය

වැල්දොඩම් දෙකට කපා ඇට තේ හැන්දෙන් සූරා භාජනයකට දමා ගන්න. වැල්දොඩම් ලෙලි භාජනයකට දමා ලෙලි වැසෙන සේ ජලය එකතු කරමින් එම ලෙල්ලේ මැද සූදු පැහැති කොටස මොලොක් වන සේ තම්බා ගන්න.

හොඳින් මොලොක් වූ පසූ ලිපෙන් ඉවතට ගෙන ඇල් වතුර භාජනයට දමා පසූ කොටසේ සිවිය ඉවත් කරන්න. (මෙය හොඳින් කළ හැකියි)

මොලොක්ව තම්බා ගත් කොටස කැබලිහයකට හෝ අටකට කපා ගන්න. සීනි භාජනයකට දමා එකතු කර ලිප තබා සිරපයක් සාදා ගන්න. මෙය ඝනකම් නොවිය යූතුයි.

එම මිශ්‍රණය ලිප තබා ගනිමින්ම එයට ත්‍රිකෝණාකාරව කැපූ වැල්දොඩම් ලෙල්ලේ මොලොක් කොටස් එකතු කර ගනිමින් සිරපය තරමක් ඝනවන තුරු ගින්දර අඩූ කරමින් තම්බා ගන්න. මෙයට දෙහි හෝ ලෙමන් යූෂද වැනිලා තේ හැන්දක්ද දමා විනාඩියක් දෙකක් තම්බා ලිපෙන් බා නිවෙන්නට හරින්න.

පිරිසිදු භාජනයකට දමා ශීතකරණයේ තබාගන්න. මෙය අයිස්ක්‍රිම් සමග හෝ යෝගටි සමග අතුරුපසක් ලෙස පිළිගැන්විය හැකියි. අවශ්‍ය නම් මෙයට රට ඉදි ඇට ඉවත් කර කපා ගනිමින් වියළි මිදි කොමඩූ කැබලි අන්නාසි කැබලිද එකතු කර ඉවත් කළ වැල්දොඩම් ඇටද එකතු කරමින් පිළිගැන්විය හැකියි. මෙය ඉතාම රසවත් මෙන්ම ගුණදායක වස විස තොර අතුරුපසක් වේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment