දරුවකු නැත්තේ ග්‍රහ ප්‍රශ්නයක් නිසාදෑයි බලන්න



මීන ලග්නය උදාවෙද්දී සඳු සෙනසූරු රාහූ සහ අඟහරු සමඟ සංයෝග වූ විටද දරුවන් නොලබන බව කේනද්‍රය අනූව ප්‍රකාශ කළ හැකි බව ඔබ දන්නවාද?
එමෙන්ම වෘශ්චික ලග්නය උදාවෙද්දී සෙනසූරු ලග්නයෙහි ද පාපී ග්‍රහයන් සතරවැන්නෙහිද සිටීනම් දරු සම්පත් අහිමිවනූ ඇත.

කාන්තාවගේ කේනද්‍රයෙහි සඳු සහ රවි උදාව තිබියදී සිංහ ලග්නය උදාවේ නම් එසේම අඟහරු රාහූ සමඟ හෝ නැතිනම් සෙනසූරු සමඟ හෝ එහිම සිටී නම් දරු සම්පත් නොසිඳුවනූ ඇත. මකර ලග්නය උදාවෙද්දී රවි සහ සඳු ද එහි සිටිත් නම් අඟහරු ද එවැනිම පිහිටීමෙක සිටී නම් එම ප්‍රතිඵලයම අත් වේ. ස්ත්‍රී කේනද්‍රයෙහි පාපී ග්‍රහයන් සමඟ සංයෝග වී හෝ ඔවූන්ගේ දෘෂ්ඨියට හසූ වී හෝ මකර ලග්නය උදාවේ නම් එයට යහපත් කිසිම ග්‍රහයෙකුගේ සංයෝගය හෝ දෘෂ්ඨිය හෝ නොලැබේ නම් දරුවන් නොමැති වේ. මීන ලග්නය උදාවෙද්දී පීඩනයට පත් ගුරු කටක රාශියට එක් වේ නම් එසේම පස්වැන්නාධිපති දුබල නම් දරුඵල හට නොගනී. තුලා ලග්නය උදාවෙද්දී ගුරු පස්වැන්නට එක් වී සිටීනම් පස්වැන්නාධිපති දුබල නම් අත්වන්නේ ද එම ප්‍රතිඵලයම වේ.

බූද සඳු පස්වැන්නට එක් වූ විට එම පස්වැන්න පාපී ග්‍රහයෙකුට අයත් රාශියක් නම් එසේම බූද පීඩනයට පත්ව සිටී නම් දරුඵල නැත. පාපී ග්‍රහයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් හෝ පස්වැන්නෙහි සිටියදී අත්වන්නේ එම ප්‍රතිඵලයම වේ. පස්වැන්න පාපී ග්‍රහයෙකුට අයත් නම් එයට පාපී ග්‍රහයෝ එක්ව සිටී නම් එසේම එය පාපී ග්‍රහයන්ගේ දෘෂ්ඨියට හසූ වී තිබේ නම් දරුවන් ඇති නොවේ.

දරුවන් නොලබන බව පෙන්වන අප ඉහත ලිපි කිහිපයක් ඔස්සේ කතා කළ ග්‍රහ යෝග පූරාණ විවිධ ජ්‍යොතිෂ්‍ය පොත්පත්වලින් ගෙන ප්‍රමිතිකරණයට ලක්කර ඉදිරිපත් කළ ඒවා වේ.

එම නිසා මෙම කරුණූ භාවිතයට ගැනීමේදී පහත සඳහන් කරුණූ ගැන වඩාත් සැලකිලිමත්වීම වඩාත් වැදගත් වෙයි.

එම කරුණූ

දරුඵල ලැබීමේදී ඊට ආදාළ සෑම යූවලකගේම කේන්දරයෙහි දරුඵල රහිත බව පෙන්නූම් කරන ග්‍රහයෝග වෙන වෙනම පරීකෂාකොට සැලකිල්ලට ගත යූතුය. එම ග්‍රහයෝගවලට අදාල ග්‍රහයන් ලග්නයෙන්ද සඳුගෙන් සහ කාරක ග්‍රහයන්ගෙන් ගණන් ගත යූතුය. ඔවූන්ගේ ශක්තිය සහ පිහිටීම ඉතාම වැදගත් වේ. ඒවා යෝග කාරක ද නැද්ද යන්න සොයා බැලිය යූතුය. එසේම ඒවා පාපී ග්‍රහයන් ද නැති නම් ශුභ ග්‍රහයන්ද යන්න සැලකිල්ලක් දෑක්විය යූතුය.

එම යෝගවල ප්‍රතිඵල එම ග්‍රහයන්ගේ ස්වභාවය ශක්තිය ගති ගුණ සහ පිහිටීම අනූව වෙනස් වේ. එම නිසා යෝගවලට අදාළ ග්‍රහයන් යහපත් නම් යෝගකාරක නම් කේනද්‍ර සහ කෝණ රාශිවලට අයත් ග්‍රහයන් නම් නරක ඵල බොහෝ දුරට මර්දනය වේ.

එම නිසා කාන්තාවක් සහ පූරුෂයෙකු විවාහ වී දරුවන් හදන්නට බලාපොරොත්තුවෙන නිසා මෙවන් ග්‍රහ ප්‍රශ්න ඇති දෑයි දෑනගැනීම වටී.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment