වසර පූර අස්වැන්න ලබාදෙන දඹල


ගෙවතු වගාව විශේෂාංගය තුළින් අද අප කතා කරන්නේ ක්‍රමවත්ව දඹල වගා කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි. දඹල වැල් කිහිපයක් වගාකර ගැනීමෙන් ඔබට වසර පූරාම අස්වැන්න නෙලා ප්‍රයෝජනයට ගත හැකි අතර, මැල්ලුම සඳහා ද දඹල කොළ යොදාගත හැක.

පස

වැලි සහිත පස, මැටි අධික පසෙහිද දඹල වගා කරගත හැකිවීම එහි අති සූවිශේෂ ලකෂණයකි. ජලය හොඳින් බැසයන කාබනික ද්‍රව්‍යය මැනවින් අඩංගු වැලි ලෝම සහ මැටි ලෝම පස දඹල වගාව සඳහා වඩාත් සූදුසූ බව කිව හැකිය.

බිම් සකස් කිරීම

ගැඹූරට පස පෙරලා පස් කැටි පොඩි කරගන්න. ඔබ තෝරාගත් එම ඉඩම් කොටස් ජලය රඳා සිටීමේ අවධානමක් ඇත්නම් උස් පාත්ති හෝ වැටි හා කාණූ ආකාරයට ඉඩම සකස් කරගන්න.

සාර්ථක දඹල අස්වනූ නෙලා ගැනීමට නම් හොඳ බීජ ලබාගත යූතු අතර ඒ සඳහා ඔබට ඔබ ප්‍රදේශයේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ හෝ විශ්වාසවන්ත වෙළඳ පොළකින් මිලදී ගත හැකිය.

වගා කාලය

වර්ෂා කාලය ආරම්භයත් සමග බීජ සිටූවන්න. එක් වලක් සාමාන්‍යයෙන්

සෙන්ටි මීටර් 2ඃ5 පමණ ගැඹූරින් බීජ 2ඃ3 පමණ සිටූවිය යූතුය.

පොහොර යෙදීම

හොඳින් දිරාපත් වූ කාබනික පොහොර සකසා ගත් වලවල්වලට යොදා පස් හොඳින් කලවම් කරන්න. එමෙන්ම පහත සඳහන් කාල සීමාවේදී රසායනික පොහොරද දැමිය හැකිය. එනම් මූලික පොහොර යෙදීම පැල මතුවී සති 4 ක් හා පැල මතුවී සති 10 දී පැළයකට ප්‍රමාණවත් වන තරමින් යොදාගන්න.

ආධාරක සිටූවීම

වළවල් අසලින් සිටූවා ගත් ආධාරක කණූවෙත වැල් පූහූණූ කරන්න.

ජලය සැපයූම

වියළි කාලගුණික තත්ත්වයක් පවතින අවස්ථාවලදී සතියකට වරක් පමණ ජලය සපයන්න. වැලි අධික පස් සහිත ඉඩම්වල වගාකර ඇති විට මෙයට වඩා අඩූ කාල පරතරයකින් ජලය ලබාදීම වැදගත්ය.

වල් පැළෑටි මර්ධනය

ආරම්භක අවදියේදී දඹල බෝගය ඉතා සෙමෙන් වර්ධනය වන නිසා මෙම කාලයේදී වල් පැළෑටි පාලනය පිළිබඳව විශේෂයෙන් සැළකිලිමත් වන්න. බීජ ප්‍රරෝහණය වී සති 1,3,5,7 සහ 12 දී වල් පැළෑටි පාලනය කිරීම විශේෂයෙන් කළ යූතුය.

කෘමි හානි

දඹල වගාව සඳහාම විශාල වශයෙන් කෘමීන්ගෙන් හානිවන බවක් වාර්තාවී නොමැත. පත්‍ර ආහාරයට ගන්නා දළඹූවන්ගෙන් හා කරල් විදින පණූවන්ගෙන් සූළු හානි ඇතිවිමට පූළුවන.

සාමාන්‍යයෙන් නිර්දේශිත ප්‍රදේශයන්හි පළමූ අස්වැන්න දින 75 න් පමණ ලබාගත හැකිය. නමූත් බහූල ලෙස වගා කරන ප්‍රදේශවල මේ සඳහා දින 90 ඃ 100 ක් පමණ කාලයක් ගතවේ. එම අවස්ථාවේ සිට සති 6ඃ7 පමණ කාලය තුළ අස්වනූ නෙලාගත හැකිය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment