ගොරකා-මළ ගොරකා. රතු ගොරකා, සහ එළ ගොරකා?



ශ්‍රි ලංකාවේ වැවෙන ගොරකා ප්‍රභේද තුනක්  දක්නට ලැබේ. මේවා මළ ගොරකා. රතු ගොරකා, සහ එළ ගොරකා යනූවෙන් හැඳින්වෙයි මෙයින් රතු ගොරකා සහ එළ ගොරකා යන ප්‍රභේද දෙකම ආහාර පිණිස ගනී. ආහාර පිසිමේදී හා ආහාර කල්තබා ගැනිමේදිත් ගොරකා අප රටෙි අනාදිමත් කාලයක සිට ප්‍රයෝජනයට ගනි.

ගොරකා ශ්‍රි ලංකාවේ ගෙවතුවලින් පහසූවෙන් වවා ගත හැකියි. ඖෂධ සඳහා ගොරකාවලූ, කොළ, පොතු හා මල් ප්‍රයෝජනයට ගනි. බඩගින්න වඩයි. බිදුණූ අස්ථි සවි කිරීමට ආධාර කරයි.

උගුර රිදෙනවට, එනම් ප්‍රතිශ්‍යාව හා සෙම්ගෙඩි නිසා ඇතිවන උගුරේ වේදනාවට ගොරකා පලු, ගම්මිරිස් ඇට සහ දියලුණූ සමඟ සමසමව ගෙන අඹරා කුඩා පොටිටනියක් බැඳ හක්කේ තබා කෙළ ගිලීමෙන් සෙම ඉවත්ව වේදනාව නැතිවේ.

ගොරකා කොළ, පොතු සහ මල්, අඹපොතු, අමූකහ සහ ලුණූ කොටා මලවා ගත් මැල්ලූම බැඳීමෙන් බිඳුණූ ඇට සකස් වී ඉක්මනින් සූවවේ.

ගොරකා පලු තැම්බූ වතුරට ලුණූ දමා සේදීමෙන් කැසීම නැතිවී ඇඟිලි කරු වනවීම සූවවේ.

මළ ගොරකා, කෙකටිය හෙවත් ගස් ගොකටූ යනූවෙන් දේශීය වෛද්‍ය විද්‍යාවේදී හැඳින්වෙයි. මේවායේ ඇටවලින් සාදාගන්නා තෙල් ඖෂධ පිණිස ගනී.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment