ගෙවත්තේ වගා කළ හැකි ස්වභාවික රසකාරක ගැන ඔබ හිතුවා ද?

ස්වභාවික රසකාරක ආහාර සඳහා එදිනෙදා එකතු කර ගැනීමෙන් ගුණයත්, රුචියත්, රසයත් ඇතිවන නිසා සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මඟපාදයි.



ශ්‍රී ලාංකේය ආහාර සංස්කෘතිය තුළ ආහාර සඳහා යොදා ගන්නා ස්වභාවික රසකාරක බහූලය. මේවා අපේ ඉතිහාසය සමග බැඳුනූ ග්‍රන්ථවලද සඳහන් කර තිබේ. ශී්‍ර ලංකාවේ අදත් භාවිත කරන ආයූර්වේද ඖෂධ වටිටෝරුවලද මෙම රසකාරක ගැන මෙන්ම මේවායේ ගුණයද සඳහන් වේ. අදටත් මෙවැනි බෙහෙත් වටිටෝරු පරීකෂා කර බැලීමෙන් මෙය තමාටම අවබෝධ කරගත හැකියි. ඒවායේ පෝෂණ පදාර්ථයන්ද ඖෂධීය ගුණයද රෝග රැසක් සූව කිරීමට එක්කර ගත හැකිය. ඒවා රෝග පාලනයට ඉවහල් වන බව අවබෝධ කරගත හැකිය.

මෙවැනි ඖෂධීය රසකාරක ලෙස ගස්වර්ග, කරල්, ගෙඩි, පොතු, මූල්, නැටි සහ කොළ ද යොදාගෙන ඇත. සමහර ඖෂධීය රසකාරක පොළව යටට සෑදී ඇත. ඒවා බල්බ ලෙස හඳුන්වාලිය හැකියි.

අප දිනපතා ගන්නා ආහාර රසවත් කරන්නට එකතු කරන කරපිංචා ඉතාම රසවත් මෙන්ම පෝෂණ ගුණයෙන් බහූල ආහාරයක් ලෙස ඔබට අවබෝධ කරගත හැකියි. කරපිංචා රසකාරකයක් පමණක් නොව රසවත් පලා වර්ගයකි. සිහින්ව ඇඹරූ කරපිංචා දෙහි යූෂ සමඟත් පරිභෝජනයට ගන්න පූළුවනි. කරපිංචා ආහාරයට එකතු කර ගැනීමෙන් ශරීරයේ ඇති කොලෙස්ටරෝල් දහනයටත්, ආහාර ජීර්ණයටත් ආහාර රුචිය වර්ධනයටත් ඉවහල් වේ.

මූරුංගා කොළ, පොතු, කරල්, කෑමට ගතහැකි පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ ආහාරයකි. උදාහරණයක් ලෙස මූරුංගා පොතු අච්චාරුවකට එකතු කිරීමෙන් ආහාරය කල් තබාගත හැකියි. රසයද වැඩි කරයි. සමහර මූහූදු මාළුවන්, කකුළුවන්, ඉස්සන්, දැල්ලන්, පිසීමේදී මූරුංගා කොළ භාවිත කරයි. මෙයින් බලාපොරොත්තු වන්නේ මෙම මූහූදු ජීවීන්ගේ විෂ බව ඉවත් කිරීමයි. මූරුංගා කොළ මැල්ලුම සහ කොළ බැදීමෙන් ද රසවත් ආහාර පිළියෙල කළ හැකියි.

සේර සහ රම්පේ ලෙස අපි හඳුන්වන රසකාරක, මාළු සහ මස් පිළියෙල කිරීමේදී ද පොළොස් මාළුව පිසීමේදී ද ප්‍රයෝජනයට ගත හැකියි. එහි ඇති පෝෂණ ගුණයද ඉමහත් වේ. මේවා මගින් ආහාරයට සූවඳවත් බව එකතු වන නිසා ආහාර රුචියක් ඇති කරයි. තව ද නිවසක ගෙවත්තේ වගා කිරීමෙන් පාංශුඛාදනය වළකයි.

ගම්මිරිස් අපි එදිනෙදා පාවිච්චි කරමූ. ගම්මිරිස් වගාව, මගින් ආර්ථීකය ශක්තිමත් කරයි. තවත් රසකාරක කුරුඳු, කරාබූ නැටි, සාදික්කා, එනසාල් අපි නිවසේදී ප්‍රයෝජනයට ගනිමූ. මේවායින් ආහාරයට රසයක් ඇති කරන අතර සූවඳවත් බව ඇති කිරීම තුළින් ආහාර රුචිය වඩවයි.

කුඩා පැළෑටි ලෙස වගා කරන කොත්තමල්ලි කොළ (කසක්බඑරදඃල මිංචි (ඵසබඑඃල පාස්ලි කොළ (ඡ්රිකැහඃ සෙලරි (කැකැරහඃල චයිව්ස් (කයසඩැිඃල රොස්මරී (සෘදිැප්රහඃල කොළ වර්ග උඩරට පළාතේ වගා කරයි. මේවා දේශිය පරිභෝජනයට ගන්නා අතරම විදේශ විනිමය සොයන මාර්ගයක් බවටත් පත්ව ඇත. මෙයින් සමහර කොළ වර්ග ආහාර අලංකාරයටද යොදාගනී. විශේෂයෙන් හෝටල් තුළ කොත්තමල්ලි කොළ, මිංචි, පාස්ලි කොළ ආහාර දීසි අලංකාර කරන්නට යොදාගනී. මෙම රසකාරක වගා කිරීම සඳහා කෘමිනාශක හෝ දිලීර නාශක අවශ්‍ය නොවේ. මන්ද මෙහි ස්වභාවිකව එවැනි තත්ත්ව පාලනය කිරීමටත් ඔරොත්තු දීමටත් හැකියාව තිබේ.

පැඟිරි කුලයේ රසකාරක ලෙස අපට හඳුන්වාදිය හැකි දෙහි වර්ග, ලෙමන්, නාරං වර්ග, දොඩම්, ජම්බෝල නිවසේ වගා කළ හැකියි. ඔබට විශාල ගෙවත්තක් නොමැති නම් පෝච්චිවල පවා මේවා වගා කිරීම කළ එය හැකිය. කළ හැකි නම් ඔබ ආර්ථිකවද වාසි ලබයි. දෙහි වර්ග ඇතැම්විට කාලයක් තුළ බහූලවන නිසා අවාරයේ ප්‍රයෝජන ගැනීම සඳහා ලුණූ දෙහි ලෙස කල්තබා ගත හැකියි.

මෙවන් ස්වභාවික රසකාරක ආහාර සඳහා එදිනෙදා එකතු කර ගැනීමෙන් ගුණයත්, රුචියත්, රසයත් ඇතිවන නිසා සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මඟපාදයි.

ස්වභාවික නොවන රසකාරක හෙවත් කෘත්‍රිම රසකාරක අද බහූල ලෙස වෙළඳ පොළ තුළ ඇත. මේවා පාවිච්චි කිරීමට යාමෙන් මූදල් ද වැයවන අතරම ලෙඩ රෝග රැසකටද මූල පූරන බව ඔබ දන්නවාද? එම නිසා කෘත්‍රිම රසකාරක වෙනූවට ස්වභාවික රසකාරක ආහාර සඳහා එකතු කර ගැනීමෙන් සියල්ල යහපත් ලෙස විසඳා ගත හැකියි. දැන්වීම් මගින් පෙන්වන කෘත්‍රිම රසකාරක පසූපස නොයා තමන්ගේ දුවා දරුවන්ට ස්වභාවික රසකාරක යොදා ආහාර පිළියෙල කිරීම මවකගේ වගකීම මෙන්ම යූතුකමද වේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment