ඖෂධීය ගුණයෙන් යූත් කරවිල

කරවිල ඖෂධීය ගුණයෙන් යූත් එළවළුවකි. ඒ නිසාම මේ සඳහා හොඳ වෙළඳපොළක් ඇතැයි පැවැසීම අතිශෝක්තියක් නොවේ.


දේශීයව වැඩෙන තද කොළ පැහැති කුඩා කරවිලවලට වැඩි ඉල්ලුමක් ඇත. තිත්ත ගතිය අධික වූවත් එහි පවතින ඖෂධීය ගුණය නිසා ඇතැම් අය අකමැත්තෙන් වූවත් සිය ආහාරයට එක්කර ගනී. කරවිල විවිධාකාරයට පිළියෙල කොට ආහාරයට එක්කරගත හැකිවීම කරවිල ජනප්‍රිය එළවලුවක් වීමට බලපාන තවත් ප්‍රබල සාධකයකි.

කරවිල බෝගය වැල් සෑදෙන බෝගයක් නිසා වගාවේදී අනිවාර්යයෙන්ම ආධාරක උපයෝගී කරගත යූතුයි.

මීටර් දෙකක් පමණ තනිවැලක් ලෙස උසට වැඩෙන අතර ඉන්පසූ අතු බෙදීයන ආකාරයට ඉඩ සකස් කරදීම යහපත්ය. එසේ වූවහොත් පහතින් ඇදෙන පාර්ශ්වීය අංකුර වැඩී ඒවා එකට වෙලීමට පටන් ගනියි.

වැට මායිමට හෝ ඉඩකඩ අඩූ අයට නම් බඳුන් දෙකක සිටූවා ඒ බඳුන් මීටර් 1 ක් 1 1·2 ක් පමණ දුරින් තබා ඒ දෙක යාවෙන ආකාරයට ආධාරක සපයන්න සිදුවේවි. එමෙන්ම ලණූවක් ඇඳ ක්‍රමවත්ව සකස් කරගත හැකි අතර මල්වැල්වලට යොදා ඇති ආකාරයට ආරුක්කුවක් ලෙස ද සකස්කර ගැනීමට පූළුවන.

ඒ කෙසේ වූවත් ඔබ කරවිල ගෙවතු වගාවක් ලෙස යොදා ගන්නේ නම් පැළ සහ පේලි අතර මීටර් 1.5 ං මීටර් 1 පරතරය යොදාගැනීම අවශ්‍යය.

බීජ සිටූවීම සඳහා සෙ.මී. 30ං30ං30 ප්‍රමාණයේ වලවල් සකස් කරගෙන ඒවාට කාබනික පොහොර යොදා මතුපිට පස්ද සමග හොඳින් කලවම් කර එම වලවල් පූරවා ගැනීම සූදුසූය.

යල කන්නය සඳහා නම් අප්‍රේල් මැයි මාසවලත්, මහ කන්නය සඳහා නම් ඔක්තෝබර් නොවැම්බර් මාසවලත් වගාව ආරම්භ කළ යූතුයි.

සකස් කරගත් වලක කරවිල බීජ 2ඃ3 ක් සිටූවන්න. බීජ පැළවී සති දෙකක් පමණ ගතවූ පසූ නීරෝගී පැළ දෙකක් තබා අනික ගලවා දමන්න.

බීජ ප්‍රරෝහණය ඉක්මන්වීම සඳහා බීජ සිටූවීමට ගැනීමට පෙර රැයක් ජලයේ පොඟවා ගැනීම යහපත්ය. ඔබට පොලිතින් බෑග්වල ද බීජ සිටූවා ඒවා පැල වූ පසූ ස්ථීර වගා භූමියේ සිටූවා ගත හැකිය.

පැළෑටියට සති දෙකක් පමණ ගතවූ පසූ එළවළු පොහොර කුඩා ප්‍රමාණයක් යෙදීමෙන් හා පැළ මතුවී සති 05 න් පමණ පසූ නැවත එළවළු පොහොර යෙදීම මගින් සාරවත් වර්ධනයක් සකසා ගත හැකියි.

ඔබ කරවිල පැළ සිටූවන පසෙහි සාරවත් බවට යොදන කාබනික පොහොරවල සාරවත් බව ද පැළෑටියේ වර්ධනයට බලපෑමක් ඇති කරන බව ද මතක තබාගත යූතුයි.

කරවිල සඳහා ප්‍රමාණවත් ජල සැපයූමක් අවශ්‍යය. එහෙත් පැලය අවට ජලය රැඳී තිබීම අහිතකරය. වියළි කාලගුණයක් ඇත්නම් පැළෑටිය වටෙිට වසූනක් දැමීම යෝග්‍යය. වල් පෑළෑටි මගින් වගාව ආරක්ෂා කරගත යූතුයි. එසේ වූ විට ඔබ යොදන පොහොරවලින් උපරිම ප්‍රයෝජන ලබාගත හැකියි.

නිර්දේශිත කරවිල

කරවිල වගාව සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ඵගකග 43 හා තිත්තවේලි සූදු නමැති කරවිල ප්‍රභේද නිර්දේශ කර ඇත. ලා කොළ පැහැති මධ්‍යම ප්‍රමාණයෙන් යූත් කරල් හටගන්නා වර්ගය ඵක 43 ලෙස හැඳින්වේ. මෙම කරල් මත දත් වැනි නෙරීම් පිහිටා ඇත.

තරමක් ලොකු කොළ පැහැති තිත්තවේලි සූදු වර්ගය කරවිල කරල මත මතුපිට දිග අතට අඛණ්ඩව විහිදී ගිය නෙරීම් සහිතය. මීට අමතරව විදේශ රටවලින් ආනයනය කරන ලද බීජවලින් ලැබෙන අස්වැන්නද අද වෙළඳ පොළහි දකින්නට ඇත. මේවායේ කරල් විශාලය. මාංශ ගතිය ඉහළය. බොහෝවිට කරවිලවලට ආවේණික රසය එහි නැති තරම්ය.

කෘමිහානි

කරවිල තිත්ත වූව ද ඊට කෘමිහානි ඇතිවේ. මෙහිදී ඉල්මැස්සාගෙන් සිදුවන හානිය හඳුන්වා දිය යූතුය. කරවිල කරල විද ඒ තුළ මෙම මැස්සා බිත්තර දමන අතර ඒවා පූපූරා පිටවන කීටයන් කරවිල කරලට හානි පමූණූවයි. ඉන්පසූ ද්විතීයික සිදුවන හානිය ලෙස කරල කුණූවීම සිදුවේ.

මෙම මැස්සාගේ ජීවන චක්‍රය පරිදි කීටයාගේ පසූ පිලා අවධිය ගත කරනූයේ පස තුළ හෙයින් හානිවී බිම වැටෙන කරල් අහූලා විනාශ කිරීමෙන් පැළ අවට පොළව නිතර රේක්ක කිරීම මගින් පිලා අවදිය විනාශ කළ හැකිය. ළපටි කරල් ආවරණය කිරීමෙන් ඉල් මැස්සාගෙන් සිදුවන හානිය අවම කරගත හැකිය.

ඔබට කරවිල සඳහා කෘමිනාශක ද්‍රව්‍යයක් යෙදීමට අවශ්‍ය නම් ඒ සඳහා ඔබ පළාතේ කෘෂි නිලධාරියාගෙන් උපදෙස් ලබාගන්න. ගඩූ මැස්සාගෙන්ද කරවිල වලට හානි පැමිණෙන අතර යටි පූස් රෝගය දිලීරයක් මගින් වැළඳෙයි. පත්‍ර මතුපිට කහපාට කෝණාකාර පූල්ලි ඇතිවී පසූව දුඹූරු පැහැයට හැරෙයි. අළු පැහැති දිලීර බීජානූ පත්‍රයේ යටි පැත්තේ දැකිය හැකියි.

කරවිල පත්‍ර කහ පැහැවීමද වෛරස් මගින් හටගනී. එමගින් වැල්වල වර්ධනය බාලවේ.

ඵලදාව

වගාවට දින 60ඃ75 ක් පමණ වනවිට මූල්වරට අස්වැන්න නෙලාගත හැකිය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment