සති තුනකට වඩා පවතින උණ බල බලා සිටිය යූතු තත්ත්වයක් නොවේ



"බලන්නකෝ අනේ මගේ මහත්තයට දෑන් සති දෙකක් තිස්සේ උණ. තාම ලෙඩේ හොයාගන්න බැරි වූණා ණේ. එක එක පරකෂණ කරනවා"


මෙය ඔබටත් අත්දෑකීමක් වන්නට පූළුවනි. උණ සූලබ රෝග ලකෂණයක් වූවත් නිශ්චිත හේතුවක් සොයාගත නොහැකි ව දිගු කලක් උණෙන් පෙළීම වෛද්‍ය විද්‍යාව තුළ වැදගත් තැනක් හිමි කර ගෙන තිබෙයි.

කිසියම් පූද්ගලයෙකු ගේ මූඛ උෂ්ණත්වය 37ග60ක හෝ ගුද මාර්ග උෂ්ණත්වය 380ක ට වඩා වැඩි විට උණෙන් (ෆඑවඑර)- පෙලෙන බව සඳහන් කළ හැකි ය.

උණ ඇතිවෙන්නේ කෙසේ දෑයි පළමූව විමසා බලමූ.

ශරරියට ඇතුලු වූ කෂූද්‍ර ජිවීන්, ඔවූන් ගේ විෂ, හා එමඟින් නිකුත්වන රසායනික ද්‍රව්‍යවල බලපෑම නිසා ද, සයටෝකයිනීන් (ඡයටඔකඉනඑස)- වැනි සංඝටක රුධිරයට නිකුත් කිරමට අප ගේ සමහර දේහ ෙසෙල ක්‍රියා කරන නිසා ද උණ ඇති වේ. මෙම සංඝටක අප ගේ මොළයේ හයිපොතැලමස කෙරෙහි බලපාන අතර, එමඟින් ප්‍රොස්ටග්‍රැන්ඩින් පඔසටඅගලඅනඩඉනඑ ඵඝු-2)- හෝර්මෝනය නිකුත් කිරමට ක්‍රියා කරයි. මෙමඟින් උෂ්ණත්ව පාලනය වෙනස් වෙයි. ශරර උෂ්ණත්වය ඉහළ ගොස් උණ හටගනියි.

සාමාන්‍යයෙන් හට ගන්නා උණ ලකෂණය දින දෙක තුනක දී අඩූ වී යයි. මෙම උණ සමහර අවස්ථාවල දී අඛණ්ඩ ව පවතින අතර, සමහර විට දිනයේ විවිධ කාලවල දී උෂ්ණත්වය ඉහළ- පහළ යෑම් පෙන්නූම් කරයි.

විටින් විට හෝ අඛණ්ඩ ව උණ රෝග ලකෂණය හේතුවක් සොයාගත නොහැකි ව, සති තුනකට වඩා වැඩි කාලයක් පවතින විට එය හේතුවක් අනාවරණය කරගත නොහැකි උණ හෙවත් ඵයරඑභඉඅ ඔෆ උනකනඔතන ඔරඉගඉන ඵළුු)ලෙස හඳුන්වයි.

හේතුවක් අනාවරණය කරගත නොහැකි උණ ඵළුු ආකාර කිහිපයකට වෙන්කර දෑක්විය හැකිය. ඉන් පළවැනි කොටස ඉහත දෑක් වූ අර්ථ දෑක්වීමට අනූකූල වන රෝගීන් ය. දෙවන වර්ගය රෝහල් ගතවීමෙන් අනතුරුව උණ රෝගය වැළදුණ, එහෙත් සති තුනකට වඩා උණ රෝගය පවතින රෝගීන් ය. රුධිර භකෂක ෙසෙල (නඑඋටරඔපහඉලස)- ප්‍රමාණය ඉතා අඩූ, එහෙත් උණ රෝගය දි්ගටම පවතින රෝගීන් තෙවන වර්ගයයි.ෑඊඬ ආසාධිත වීමෙන් උණෙන් සති තුනකට වඩා පෙළෙන්නවූන් සිව් වැනි කාණ්ඩයට අයත් ය.

මේ ආකාරයේ සති තුනකට වඩා උණ රෝගයෙන් පෙළෙන විට ඒ සඳහා බලපාන හේතු රැසක් පවතින බැවින් ඒ සම්බන්ධව අවධානය යොමූ කිරම වැදගත් ය.

ඵ කෙරෙයි බලපාන ප්‍රධාන හේතු සාධක

1. ආසාදිත රෝග

2. පිළිකා රෝග

3. ප්‍රතිදේහ- ප්‍රතිශක්ති ප්‍රතිික්‍රියා

4. ආසාත්මිකතා

5. වෙනත් විවිධ හේතු

6. රෝහල් සේවකයින් ගේ වන වැරැදි හෝ රෝගියා සෞඛ්‍ය සේවකයින් මූලා කිරම

7. කිසි ලෙසට වත් හේතුව අනාවරණය නොවන උණ ලෙස දෑක්විය හැකි ය.

දිගු කලක් උණ රෝග ලකෂණය ඇති කරන ආසාදිත රෝග රැසක් පවතියි. උදර කුහරය තුළ පටකවල, අක්මාවේ හෝ ශ්‍රෝණිය ආශ්‍රිත ව සැරව ගෙඩි පැවතීම මේ අතර ප්‍රධාන වෙයි. හෘදයේ අභ්‍යන්තර මාංශ පේශී ආසදනය හෙවත් එන්ඩොකාඩයිටස්, මූත්‍රා ආසාදනය, උගුර, කණ, දත් ආශ්‍රිත ආසාදන මෙන් ම අස්ථි ආසාදනය හෙවත් ඔස්ටියෝමයිලයිටිස් ද මෙහි දී සැලකිය යූතු ය.

මීට අමතරව විශේෂ රෝග කාරකයින් මඟින් සෑදෙන රෝග ද දිගු කලක් පවතින උණ රෝගයට වගකිව යූතු ය. කෂය රෝගය, ටයිපොයිඩ උණ, බෘසෙල්ලෝසිස් (ඹරඋචඑලලඔසඉස)- මී උණ, උපදංශය, මින් ප්‍රධාන බැක්ටීරියා රෝගය එප්ස්ටන් බාර් (ුඹඡ මොනෝනියූක්ලියෝසිස් (ඊඟණ)- හෙපටයිටිස් හා ෑඊඬ මේ ආකාරයට උණ ඇ.ිකරන වෛරස උණ රෝග වේ. තයිපස්, මැලේරියාව, ඇමීබා රෝගය, කැන්ඩිඩා වැනි දිලීර රෝගත්, මේ ආකාරයට දිගු කල් පවතින උණ ඇති කරයි.

පිළිකා රෝග අතරින් ලිම්පෝමා හෙවත් වසා ගැටතිි ආශ්‍රිත පිළිකා ලියූකේමියාව, අක්මාව, අග්න්‍යාශය, වකුගඩූ ආශ්‍රිත පිළිකා ද මේ ලෙසටම දිගු කල් පවතින උණ රෝග ලකෂණය ඇති කරයි.

රූමටොයිඩ.ූළු වැනි රෝග ද, සමහර ඖෂධ ද , උණ රෝග ලකෂණයට හේතු වන අතර, තයිරොයිඩ් හෝර්මෝන මටිටම ඉහළ යාම, අක්මා රෝග, මහාන්ත්‍රිය ආශ්‍රිත ආසාදන ද මෙහි දී සැලකිල්ලට ගත යූතුය.

උණ මැනීමට භාවිත කරන උණ කටූව වැරැදි ලෙස යොදා ගැනීම, උණ කටූවේ දෝෂ මෙන්ම සමහර පූද්ගලයින් ශරර උෂ්ණත්වය ඉහළ නංවන ද්‍රව්‍ය ශරරගත කර ගනිමින් සෞඛ්‍ය සේවකයින් මූලා කිරම ද දිගු කලක් පවතින උණ රෝගයට හේතුවෙයි.

මේ අනූව ඵළුු රෝගයෙන් පෙළෙන විට ඉහත සියලු කරුණූ ගැන සිත්හි තබා පරිකෂණ පැවැත්වීම වැදගත් වෙයි. රෝගියා ගේ රෝග නිධානය විමසා සිටීමත්, කායික පරිකෂණ පැවැත්වීමත්, විද්‍යාගාර පරකෂණත්, උෂ්ණත්වය වෙනස්වන අන්දම උණ සටහනකින් නිරිකෂණයක් ක්‍රමාණූකූල ව සිදු කිරම අනූව ඵළුු කෙරෙහි වන හේතුව අනාවරණය කරගත හැකි වනූ ඇත.

රුධිරය, මූත්‍රා, ශ්ලේෂ්මලය, මස්තිෂ්ක සූෂූම්නා තරලය, ඇට මිදුළු පරකෂණ, විවිධ රෝග කාරකවලට විශේෂිත මස්තුමය (ිූඑරඔලඔගය)- පරකෂණත් මෙහි දී උපකාරයට පැමිණෙයි.

ඉහත කරුණූ අනූව පෙනී යන්නේ යම් පූද්ගලයෙකු සති තුනකට වඩා උණ රෝගයෙන් පෙළෙන්නේ නම් එය නොසලකා හැරිම වෙනූවට ළඟට පවතින රෝහලට ඇතුල් වී රෝග නිධානය සෙවීම වැදගත් වන බව ය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment