සාමාන්‍යයෙන් වසංගත රෝග වසරේ විවිධ කාලවලදී දැකගත හැකියි. එවැනි රෝග අතර ඇස් ලෙඩ පමණක් නොවේ. කැස්ස, උණ, සෙම්ප්‍රතිශ්‍යාවත් දැකගත හැකියි. නමුත් මෙවර මෑත කාලීනව අපට මුහුණ දීමට සිදු වූ ඇස් ලෙඩ ඉතාමත් වේගයෙන් පැතිර යන රෝගයක් වශයෙන් හඳුනා ගත හැකියි.
මෙය වේගයෙන් පැතිරී යන රෝග තත්ත්වයක් වුවත් ඊට ප්‍රතිකාර ලබා දෙන වෛද්‍ය කණ්ඩායම්වලට බෝ නොවීමට හේතුව කුමක්ද?
මෙහිදී අප විසින් කථාබහට ලක් කළ යුතු වැදගත්ම තේමාව වන්නේ රෝගය වළක්වා ගන්නේ කෙසේද යන්නයි. රෝගය වළක්වා ගැනීමේදී ප්‍රධාන වශයෙන් සඳහන් කළ යුත්තේ දෑත්වල පිරිසුදුකම පිළිබඳවයි. අපි විසින් අපේ දෑත් හොඳින් සේදීමට වගබලා ගත්තොත් රෝගයෙන් වැලකී සිටීමට හැකියාවක් ලැබෙනවා. නමුත් නිවෙස්වලදී අප අතින් සිදුවන කුඩා කුඩා නොසැලිකිලිකම් නිසා ඉතාමත් වේගයෙන් රෝගය පැතිරීමට හැකියි. එබැවින් මෙම රෝගි තත්ත්වය වැළඳීමෙන් ආරක්ෂා වීමට නම් කිසිවිටෙකත් දෑත් නොසෝදා මුහුණ නොඇල්ලිය යුතුයි.
ඇසේ රතු වීම ඇති වන්නේ කෙසේද? රතු වීමට බලපාන හේතු මොනවාද?
මෙම රෝගි තත්ත්වයේදී රතු වීමට ලක්වන්නේ ඇසේ ඉදිරිපස කොටසයි. ඒ වගේම ඇස රතු වූ පමණින්ම එය ඇස් ලෙඩ යැයයි වරදවා වටහා නොගත යුතුයි. බොහෝදුරට මෙම රතු වීම දැකගත හැක්කේ සුදු ඉංගිරියාව ආශි‍්‍රත ප්‍රදේශයේය.
මෙම ඇස් ලෙඩ ඇතිවීම හේතු කිහිපයක් නිසා සිදුවිය හැකියි. ඒ අතර වෛරස්, බැක්ටීරියා, නිසා රසායනික ද්‍රව්‍යයක් හෝ අසාත්මිකතාවක් (ඇලජි) නිසා ඇතිවිය හැකියි. මේ අනුව බලන විට මේ කුමන තත්ත්වයක් නිසා හෝ ඇසේ ඇතිවිය හැකි රතුවීමක් වෙන් කර හඳුනා ගැනීම ඉතා වැදගත්. මේ සඳහා රෝගියා තමා රෝග තත්ත්වය පිළිබඳ පවසන තොරතුරු ඉතා වැදගත්. ඒවා නම් ඇස කෙවීම, කඳුළු ගැලීම, ඇස් පිහාටු ඉදිමීම, ඇස් පිහාටු අතර වැලි කැටයක් වැනි දෙයක් සිරවී ඇති ආකාරයේ ස්වභාවය ආදියයි. සාමාන්‍යයෙන් වෛරස් නිසා ඇති වූ ඇස් රෝගයක් නම් ඇස් රතු වීමට අමතරව කදුළු වැඩිපුර එන ස්වභාවයක් දැකගත හැකියි. බැක්ටීරියාවක් ඊට හේතු වූවා නම් බොහෝදුරට කබ ගැලීමක් ඇතිවිය හැකියි. මෙම බාහිර ලක්ෂණ අනුව රෝගි තත්ත්වය හඳුනාගත හැකි අතර එය ප්‍රතිකාර කිරීමට මෙන්ම පැතිරීම වැළැක්වීමට ද එසේ වැදගත් වේ. මේ දිනවල ඇති වී තිබෙන රෝගී තත්ත්වය බොහෝදුරට වෛරස් ආසාදනයක් නිසා ඇතිවන තත්ත්වයක්.
කෙසේ වෙතත් වෙවැනි රෝගියෙකු හඳුනා ගත් විට ඔවුන්ට ලබාදෙන පළමු උපදෙස වන්නේ මහජනයා අතර ගැවසීමෙන් වළකින ලෙසයි. දින කිහිපයකින් රෝගය සුව වී ගියත් පැතිරීම වැළකීමට නිවසේ රැදී සිටීම ඉතාම වැදගත්. ඇස පිරිසුදුව තබා ගැනීම, අදාළ ඖෂධ ලබා ගැනිම ඉතා වැදගත්. තවත් සමහර අවස්ථාවලදි මෙම ඇස් ලෙඩ ඇතිවීමත් සමඟ පෙනීමේ දුර්වලතාවක් හෝ ඉර එළිය බැලීම ගැටලුකාරී නම් නොපමාව අක්ෂි වෛද්‍යවරයෙක් කරා යොමු විය යුත්තේ එය වෙනත් රෝග තත්ත්වයක් බවට වර්ධනය වී ඇතිදැයි සැකහැර හඳුනා ගැනීමටයි. ඒ නිසා ඇස් ඉදිමීම, රතු වීම, කබ, කදුළු ඒම හැරුණු විට පෙනීම දුර්වල වීමක් කිසිවිටකත් සිදුවිය නොහැකි නිසා එවැනි තත්ත්වයක් හඳුනාගත හොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු විය යුතුයි.
මේ රෝගී තත්ත්වය ඇස් දෙකටම ඇතිවිය හැකිද?
බොහෝදුරට මෙම රෝගී තත්ත්වය එක ඇසකින් ආරම්භ වී පසුව අනෙක් ඇසටත් බෝවිය හැකියි. ඇතැම් අවස්ථාවල ඇස් දෙකටම ඇස් රෝග ඇතිවිය හැකියි. ඒ වගේම රෝග තත්ත්වය රෝගී වූ අයෙක් අනෙක් ඇසට බෝ වීම වළක්වා ගැනීමට සුළු සුළු පිළියම් භාවිතා කළ හැකියි. ඒ පිළියම්වලට අනුව රෝගී ඇස ස්පර්ශ කර අතින් අනෙක් ඇස නොඇල්ලීම, මුහුණ සේදීමෙන් අනතුරුව රෝගී වූ ඇස පිසදමා අනෙක් ඇස පිස දැමීම ආදිය කිසිවිටෙකත් නොකළ යුතුය.
ඇස් රෝගවලට ප්‍රතිකාර ලබා ගැනීම පිළිබඳ පැවසුවොත්?
ඇතැම් රෝගීන් වෛද්‍ය උපදෙසකින් තොරව ඇසට ප්‍රතිකාර හිතුමතේට ප්‍රතිකාර ලබා ගැනීමට යාම මත රෝගී තත්ත්ව තව තවත් වර්ධනය විය හැකියි. විශේෂයෙන් ස්ටීරොයිඩ් වර්ගයේ ඖෂධ වෛද්‍ය උපදෙසකින් තොරව භාවිතා කිරීම මත ඇසේ කුනීතය මත ඇති තුවාලයක් තවත් වර්ධනය වීම, ඇසේ සුද පමණක් නොව ඇසේ රුධිර පීඩනය ඉහල යාමට ද එය හේතුවිය හැකියි.
සාමාන්‍යයෙන් ඇසේ රෝගී තත්ත්වයක් ඇති වී ඇති බව හඳුනා ගත්විට දවස් 3ක් පමණ නිවසට වී ගත කළ යුතුයි. එම කාලය තුළ සාමාන්‍යයෙන් එම රෝග තත්ත්වය පහවී යනු ලැබේ. ඒ වගේම පිහිනුම් තටාකවලට යාම කිසිවිට නොකළ යුතුයි. ඒ නිසා රෝගය වැළඳුණු අයෙකු විසින් හැකි තරම් මහජනයා අතර ගැවසීමෙන් වැළකීම ඉතා වැදගත් වෙනවා වගේම දින 3ට පසුවත් රෝගය පහ නොවේ නම් හා පෙනීම දුර්වල නම් නොපමාව වෛද්‍ය ප්‍රතිකාර කරා යොමුවිය යුතුයි.
0 comments :
Post a Comment