දවස පූරා ම පවතින හිසේ කැක්කුම ඇසේ ආබාධයක පෙරනිමිත්තක් විය හැකියි





ප්‍රශ්නය - අප කා අතරත් බහූලව තිබෙන රෝග තත්ත්වයක් තමයි හිසරදය. මොකක්ද මේ හිසරදය කියන්නේ?

පිළිතුර - හිසරදය නොහැදුණූ අයෙක් අප අතරින් සොයා ගන්න අපහසූයි. ඇත්තටම හිසරදයක් නොහැදුණත් කෙනෙකුට යම් බරපතල ප්‍රශ්නයක් ඇති වූණොත් "මට අද හිසරදේ වගේ" කියලත් කියනවා. මෙයින් පෙනී යනවා අපට හිසරදය වඩාත් සමීප දෙයක් කියා.

හිසදරය වර්ග කරන්න පූළුවන්. එකක් තමයි දරා ගන්න පූළුවන් හිසරදය. අනෙක තමයි දරා ගත නොහැකි හිසරදය. හිසදරය මේ අන්ත දෙක අතර පවතිනවා.

මෙයින් බහූතරයකට දරාගත හැකි, කිසිදු ඖෂධයක් නොගෙන සූව කර ගත හැකි හිසරදයයි පවතින්නේ.

අනෙක දවසේ හට ගන්නා වේලාව අනූව පවතින වේලාව අනූවත් හිසරදය වර්ග කරන්න පූළුවන්. හිසදරය සෑදෙන ස්ථාන අනූවත් හිසරදය වර්ග කරන්න පූළුවන්. හිසරදය බොහෝ විට හිසේ නළල ආශ්‍රිත ව නැත්නම් ඉදිරිපස කොටසේත්, හිසේ පසූපස කොටසේ හෙවත් අපර කොටසේත්් ඇති වනවා. හිසරදය පවතින ස්ථානය අනූව, හිසදරයේ ස්වභාවය පිළිබඳව පැහැදිලි කරන ආකාරය අනූව රෝග නිධානය පිළිබඳ යම් අදහසක් මතු කර ගන්න පූළුවන්.

ප්‍රශ්නය - වයස් ප්‍රමාණය අතින් බැලූවොත් විශේෂයෙන් පාසල් යන වයසේ ළමයි අතර හිසරදය පවතිනවා. ඒ ඇයි?

පිළිතුර - පාසල් යන ළමයි මෙන් ම විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නා අය අතරත් හිසරදය පවතිනවා. මෙය ඉතා සූලබ දෙයක්. මෙය ඉවසන්න අපහසූ දෙයක් නොවෙයි. ඒත් දවස පූරාම වගේ තිබෙනවා. පාඩම් කර විභාගය අවසන් වූ පසූව හෝ විසඳීමට අපහසූ ගැටලූ විසඳුණූ පසූ හිසරදය සූව වෙනවා. මෙයට ප්‍රධාන හේතුව විභාගය ළං වෙන කොට ළමයින්ට ඇතිවන මානසික ආතතිය.

බොහෝ පාසල් දරුවන්ට වගේ ම වැඩිහිටියන් ටත් දෘෂ්ඨී ආබාධ නිසා හිසරදය ඇතිවෙනවා. මෙය නිතරම පවතින හිසරදයක් විදියටයි ඇති වන්නේ. ඇස් පරකෂා කරවාගෙන ඊට පිළියම් වශයෙන් උපැස් යූවලක් පැළඳුව පසූවයි හිසරදය සූව වන්නේ. මෙසේ වීමට හේතු රාශියක් තිබෙනවා. වැඩි වේලාවක් වැඩි පූර පොත් කියවීම, දවසේ වැඩි වේලාවක් මද අඳුරේ සිට රූපවාහිනී බැලීම, හොඳින් ආලෝකය නැති තැන්වල හිඳ පොත් හා පත්‍ර කියවීම නිසා මෙය ඇති වන්න පූළුවන්. හිසරදය දවස පූරාම තිබෙනවා නම් කළ යූත්තේ ඇස් පරකෂා කරවා ගෙන ඊට අදාළ ප්‍රතිකාර ගැනීමයි. හිසරුදාවට හේතුව නොසොයා විකල්ප ප්‍රතිකාර කරන්න යෑම ඇසේ තිබෙන දෘෂ්ඨිය පවා විනාශ වීමට හේතුවක්.

ඇසේ රුධිර පීඩනය ඇතිවිමෙන් ද හිසරදය ඇති විය හැකියි.

ප්‍රශ්නය - හිසරුදාව ඇති කරන රෝග මොනවාද?

පිළිතුර - කෝටකර ප්‍රදාහය හෙවත් සයනොසයිටිස් නම් රෝගයේදී දෑඩි හිසරදයක් දෑනෙනවා. මෙයට හේතුව හිස් කබලේ කෝටරක පෙදෙස්වල තිබෙන ශ්ලේෂමල වෛරසයක් නිසා ආසාදනයට ලක්වීමයි. මේ නිසා ශ්ලේෂ්මල ඉදිමීමකට ලක්වීම අධික වේදනාවට හේතුවයි. මේ අවස්ථාවේ දී ගොඩ වෙදකම් නොකර පළපූරුදු වෛද්‍යවරයකු ගෙන් ප්‍රතිකාර ගත යූතුයි. කෝටරක ප්‍රදාහයේ දී ඇස් අසළ වේදනාව, එනම් පැත්තක වේදනාවක් ඇතිවෙනවා.

දතේ අමාරුවක්, කණේ අමාරුවක් වැනි අවස්ථාවල දී ද හිසේරදය ඇති විය හැකියි.

මෙහි දී විශේෂයෙන් කිව යූතු දෙයක් තිබෙනවා. ඒ තමයි අධික රුධිර පිඩනයේ දී හිසරදයක් බොහෝ දෙනෙකුට ඇති වූණත් අති බහූූතරයකට හිසදරයක් ඇති නොවීම. මේක භයානක තත්ත්වයක්. මෙවන් අවස්ථාවක දී හිසරුදාවක් තිබෙනවා නම් රෝගය පරකෂා කරවා ගන්න පූළුවන්. රුධිර පීඩනය එක් වර ම නොවී ටිකෙන් ටික වැඩි වන නිසා, එයට සිරුරත් මොළයත් ක්‍රමයෙන් හැඩගැසෙන නිසා හිසරදය ඇති නොවෙනවා විය හැකියි.

ප්‍රශ්නය - මොළේ ආසාදනවල දී හට ගන්නා හිසරදය කවර ආකාරයක ගන්නවාද?

පිළිතුර - අපි දන්නවා බාහිර වශයෙන් නොපෙනූණත් හිස ඇතුළත මොළයේ ගැටිති හෙවත් අර්බූද, ඒ කියන්නේ ටියූමර් වැනි දේ හට ගැනීමෙන් හිසේරදය ඇතිවිය හැකියි. මෙවැනි අවස්ථාවක දී හිසේ පිටූපස කොටසේ වේදනාව ඇතිවිය හැකියි. මෙය ඉතාමත් කලාතුරකින් ඇතිවන දෙයක්. දිගින් දිගට ම හෝ වරින් වර නිතරම මෙම පෙදෙසේ වේදනාවක් ඇතිවෙනවා නම් වෛද්‍යවරයකු ලවා පරිකෂා කරවා ගැනීම ඉතාමත් වැදගත්. හිසේ පිටූපස කොටස නින්දේදි හිසරදය ඇතිවීම. නිදාලෙන අවදි වූ විගස වරින් වර හිසදරය ඇතිවීම මෙවැනි රෝග ලකෂණ පහළ කරවන බැවින් වෛද්‍යවරයකු හමූවීමයි කළ යූත්තේ.

මානසික රෝගවලදීත් දක්නට ලැබෙන ප්‍රධාන ලකෂණයක් තමයි හිසරදය. කපාල ස්නායූ හා නියූරෝනවල හටගත් ආබාධවල දීත් නිතර නිතර හිදරසය ඇතිවිය හැකියි.

ප්‍රශ්නය - හිසදරයට ප්‍රතිකාර තිබෙනවාද?

පිළිතුර - තමන්ට තේරෙනවා නම් හිසදරයේ ස්වභාවය ඒ පිලිබඳ වෛද්‍යවරයාට පැවසීමෙන් නිසි ප්‍රතිකාර ලබාගත හැකියි.

එහෙත් බොහෝ විට මෙය ඉතාමත් සාමාන්‍ය ස්වභාවයේ පවතින බැවින් වෛද්‍යවරයකු ළඟට ම යා යූතු නෑ. කලින් කී ආකාරයට විවිධ රෝගවල දී ලකෂණ අනූව හිසරදය ඇති වනවා නම් වෛද්‍ය ප්‍රතිකාර ගත යූතුයි.

ප්‍රශ්නය - බොහෝ දෙනා ඉතා සූළු හිසරදයේ දී පවා පැරසිටමෝල් වැනි ඖෂධ ගන්නවා. එසේ කිරම හොඳ ද ? නරක ද?

පිළිතුර - සූළු හිසරදයේ දී පවා පැරසිටිමොල් වැනි ඖෂධ දිගින් දිගටම ගැනීම අහිතකරයි. එයින් විවිධ අතුරු ආබාධ ඇතිවිය හැකියි.

ප්‍රශ්නය - හිසරදය ඇති විට හිසට තෙල් ගැල්වීමෙන් සූවයක් අත් වනවා ද?

පිළිතුර - බොහෝ වේලාවක් අව්වේ සිටීමෙන් හිසදරය ඇති වෙනවා. අව්වේ සිටින විට හිසේ හමේ වියළීමක් ඇති වෙනවා. තෙල් වැනි දේ දෑමීමෙන් එය යථා තත්ත්වයට පත්වීම නිසා හිසරදයට සූවයක් අත් විය හැකියි. එ නිසා දේශිය වෛද්‍ය ක්‍රමයෙන් හිසරදයට විවිධ තෙල් වර්ග භාවිත වෙනවා. එයත් වෛද්‍ය උපදෙස් අනූව ගැනීමයි වැදගත් වන්නේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment