අපස්මාරය හෙවත් වලිප්පුව ජීවිතයෙන් පලා යා යූතු රෝග තත්ත්වයක් නොවේ



මිත්‍යා විශ්වාස කරපින්නා ගත් ගැමියන් අපස්මාරය රෝගය හැඳින්වූයේ "යකා ගැහීම" යනූවෙන්. සැබවින්ම මෙය යකා ගැහීමක් නොව මොළයේ සාමාන්‍ය විද්‍යූත් ක්‍රියාකාරිත්වය අභිබවා යන අධිවේගී විද්‍යූත් ක්‍රියාකාරත්වයකි.

ප්‍රශ්නය - අපස්මාරය කියන්නේ මොන වගේ රෝග තත්ත්වයක් ද?

පිළිතුර - මෙම රෝගය මීමැස්මොරය යනූවෙනූත් හඳුන්වනවා. බොහෝ දෙනාගේ පිළීගැනීම මහා දරුණූ රෝගයක් ලෙසයි. මේ රෝගය ලංකාවේ තිබෙන බහූල රෝගයක්. ලංකාවේ පමණක් ලකෂ 3 කට ආසන්න ප්‍රමාණයක අපස්මාර රෝගීන් ඉන්නවා. ඕනෑම වයස් ප්‍රමාණයක ස්තී්‍ර පූරුෂ දෙපකෂය ම මේ රෝගයට ගොදුරු වෙන්න පූළුවන්.

මිනිස් මොළය විද්‍යූත් ක්‍රියාකාරත්වය මත ක්‍රියා කරන සංකීර්ණ අවයවයක්. මොළය හැර මාංසපේශී, ස්නායූ හා හෘදයත් මෙබඳු විද්‍යූත් ක්‍රියාවලියකින් තමයි ක්‍රියා කරන්නේ.

මේ හෘදයේ විද්‍යූත් ක්‍රියාවලිය ඊ.සී.ජී. (ෑකඨ- පරිකෂණයකින් හඳුනාගැනීමට හැකියාවක් ඇති සේම මොළයේ විද්‍යූත් ක්‍රියාවලිය ෑෑඨ පරකෂණයෙන් බලා ගන්න පූළුවන්. අපස්මාර රෝගයේ දී සිදුවන්නේ මොළයේ සාමාන්‍ය විද්‍යූත් ක්‍රියාකාරත්වය අභිබවා යන අධිවේගී විද්‍යූත් ක්‍රියාවලියක්. මෙම ක්‍රියාවලිය හටගෙන මිනිත්තු කීපයකට සීමා වන අතර වරින්වර හට ගැනීමක් ද සිදුවිය හැක.

ප්‍රශ්නය - අපස්මාරයේදී පෙන්වන රෝග ලකෂණ මොනවාද?

පිළිතුර - සිහි නැතිවී බිම ඇද වැටීම, කටින් සෙම වැගිරම, දත, කට පූටිටූ වීම, ඇස් උඩ යාම, දිව තොල් සැපීම, අත පය දරදඬූවීම හා වෙව්ලීම හා වේගයෙන් ගැස්සීම, උග්‍ර අවස්ථාවල දී මළ මූත්‍රා පවා පිට වේ.

ප්‍රශ්නය - මෙම ලකෂණවලට අමතරව අපස්මාරය ය යි නොසිතන ලකෂණ තිබෙනවාද?

පිළිතුර - මෙම ලකෂණ නැවත නැවත ඒ ආකාරයට ම ඇතිවෙනවා නම් ඒ අපස්මාරය විය හැකියි.


  • අරමූණක් නැතිව හිස් බැල්මෙන් බලාගෙන සිටීම
  • ආහාර විකීමට හා ගිලීමට මූඛය ක්‍රියා කරන ආකාරයට මූඛයේ චලන සිදු වීම
  • සංවේදනයේ වෙනස්කම් ඇති වීම. වස්තු විශාල වී හෝ කුඩා වී පෙනීම.
  • හැඟීම්වල වෙනස්කම් ඇති වීම. බියක් දැනූණූ ආකාරයක් පෙන්වීම.
  • පරණ පූරුදු ස්ථානයකට ගොස් ඇති බව දෑනීම.
  • අර්ථයක් හේතුවක් නැතිව විවිධ දේ කියවීම
  • හැසිරමේ අසාමාන්‍යතාවක් පෙන්වීම


ප්‍රශ්නය - බොහෝ කුඩා දරුවන්ට අධික උණ ගැනීම නිසා වලිප්පූව ඇතිවෙනවා. මෙයත් අපස්මාර රෝග තත්ත්වයක් ද?

පිළිතුර - එය අපස්මාරය නොවෙයි. බියවිය යූතු නෑ. එම තත්ත්වය හඳුන්වන්නේ උණ වලිප්පූව කියලයි. බොහෝ විට අවූරුදු 5 පමණ වන විට නැති වී යනවා.

වැඩිහිටි අයටත් වලිප්පූව හටගන්නා අවස්ථා තිබෙනවා.

ගර්භණී අවස්ථාවේදී හටගන්නා ගර්භ වලිප්පූවට අධික රුධිර පීඩනය හේතු වෙනවා.

දරුණූ ලෙස වමනය හා පාචනය ඇති වීම නිසා සිරුරේ ලවණ සාන්ද්‍රණයේ අසමතුළිතතාව ඇති වීම නිසා හට ගන්නා වලිප්පූව. මේවා අපස්මාර ගණයට අයත් වන්නේ නෑ.

ප්‍රශ්නය - දරුවකුට අපස්මාරය හැදුණොත් කළ යූත්තේ කුමක් ද?

පිළිතුර - රෝග ලකෂණ හොඳින් හඳුනා ගැනීම ඉතාමත් වැදගත්. රජයේ රෝහලට ගෙන යාමට පෙර පළපූරුදු වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබා ගැනීමයි පළමූව කළ යූත්තේ.

වෛද්‍ය උපදෙස් පිළිපැදීම මෙන් ම ලබා දෙන ඖෂධ නියම කරන පිළිවෙලට නිතිපතා ගැනීමයි වැදගත්. ඒ කියන්නේ නියමිත මාත්‍රාව නියමිත වේලාවට ගැනීමයි. කළ යූත්තේ වෛද්‍යවරයා ඖෂධ දීම නවත්වන්්න කියන තෙක් ඖෂධ ගැනීම කළ යූතුයි. වෛද්‍ය උපදෙස් අනූව වසර 5 ක් පමණ නොකඩවා ඖෂධ ගැනීමෙන් අපස්මාර තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කර ගැනීමට හැකියාවක් තිබෙනවා.

ප්‍රශ්නය - අපස්මාරය වැළඳුණූ දරුවෙකුට අධ්‍යාපනය හොඳින් කරගෙන යා හැකිද?

පිළිතුර - අධ්‍යාපන කටයූතු කරගෙන යාමට කිසිම බාධාවක් නෑ. සාමාන්‍ය දරුවකු වගේම කී්‍රඩා කිරම, ඉදිරිපත්වීම නැවත සෑම දෙයක්ම කිරම ඔහූට හෝ ඇයට හැකියාව තිබෙනවා.

මෙවැනි දරුවන් කෙරෙහි ගුරුවරු මෙන්ම දෙමව්පියන් ද අවධානයෙන් සිටිය යූතුයි. ඒ දරුවන්ට අවදානම් සහිත තැන්වලට ගැවසීමට ඉඩ දීමක් හා අවදානම් ක්‍රියා කිරමට ඉඩ නොදිය යූතුයි. එහෙත් වැඩි ප්‍රවේශමට කියා කුසලතා වර්ධන ක්‍රියාවලින් ඈත් කළොත් දරුවා ගේ අනාගතය අඳුරු වන්නේ අපස්මාරය නිසා නොව අඩූ කුසලතා සහිත පූද්ගලයකු බවට පත්වීම නිසයි.

බොහෝ වේලාවක් කුසගින්නේ සිටීම, අධික ව නිදි වැරම, ගස් නැගීම, ඇළ දොළ ගංගාවල නෑම හා පිහිනීම, කඳු නැගීම, අනාරකෂිත ළිං අසළ නෑම, ගින්දර සහ අන්තරාකාර රසායන ද්‍රව්‍ය තිබෙන තැන්වල ගැවසීම වැනි දේ අපස්මාර රෝගියකු වැළකිය යූතු අවදානම් ක්‍රියා වනවා.

ප්‍රශ්නය - මෙවැනි දරුවෙක් වැඩිවියට පත් වී විවාහ වීමේ දී රෝග තත්ත්වයේ බලපෑමක් සිදුවනවා ද?

පිළිතුර - අපස්මාරය සාර්ථක විවාහයකට බාධාවක් වන්නේ නෑ. දරු ප්‍රසූතියටත් සාමාන්‍ය විවාහයටත් මෙය බාධාවක් වන්නේ නෑ.

බොහෝ දෙනා රෝගය සඟවාගෙන රහසේ ප්‍රතිකාර කර ගැනීමට පෙළඹෙනවා. එය නොකළ යූතු දෙයක්. රහසේ ප්‍රතිකාර කරගෙන යාම විවාහය හෝ සම්බන්ධතාවය දෙදරා යා හැකිය. එසේ වන්නේ අපස්මාරය නිසා නොවන අතර එය විශ්වාසය කඩ කිරමක් නිසා විය හැකියි. මෙවන් අවස්ථාවක් උදා වූවොත් දෙදෙනා ම වෛද්‍යවරයා හමූවී තත්ත්වය පැහැදිලි කර අවබෝධ කර ගැනීමයි කළ යූත්තේ.

ප්‍රශ්නය - අපස්මාරය වැළඳුණූ රෝගීන්ට දෙන විශේෂ උපදෙසක් තිබෙනවා ද?

පිළිතුර - අපස්මාරයට ගොදුරු වී ලොව ජය ගත් පූද්ගලයන් අතර ජූලියස් සීසර,් සාර් පෙළපතේ පීටර් අධිරාජයා, බයිරන් සාමිවරයාත් සිටිනවා. මෙය සාමාන්‍ය රෝග තත්ත්වයක් පමණයි. වෛද්‍ය උපදෙස් අනූව නියම මාත්‍රාව නිසි කලට ගැනීමයි වැදගත්. අධ්‍යාපනයට කුසලතා වර්ධනයට මෙම රෝගය බාධාවක් කර ගත යූතු නෑ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment