රුධිර පාරවිලයනය ගැන ඔබ මේ දේවල් දන්නවා ද?



"අම්මාට ගොඩාක් අමාරුයි. ලේ දෙන්න වෙයි කියලා ඩොක්ටස්ලා කිව්වා"

"තුවාලෙන් හොඳටම ලේ ගියා. ලේ පයින්ටි තුනක් දීල තමයි අයියාව බේරාගත්තේ"

මෙය ඔබට හූරුපූරුදු ප්‍රකාශයන් ය. රෝහල් ගත වන රෝගීන්ට විවිධ හේතු මත රුධිරය හා වෙනත් රුධිර සංඝටක වර්ග ලබා දීමට සිදුවන අවස්ථා බොහෝ ය. වෙනත් පූද්ගලයකු ගෙන් (දායකයකුගෙන්) ලබා ගත් රුධිරය හෝ රුධිර සංඝටක වර්ග අවශ්‍ය අවස්ථාවන්හි දී රෝගීන්ට ලබා දෙන අතර රුධිර පාරවිලයනයේ දී බොහෝ රෝග වර්ග (විශේෂයෙන් ඒඩ්ස්, හෙපටයිටිස්) සම්ප්‍රේෂණයට පවතින ඉඩ නිසා අත්‍යවශ්‍ය ම අවස්ථාවල දී පමණක් රුධිරය පාරවිලයනය කරන ලෙස දෑනට ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දී ඇත.

රුධිර පාරවිලයනය සෑම පූද්ගලයකුට ම කළ නොහැක. මේ සඳහා පිළිගත් අවශ්‍යතා කිහිපයක් ම පවතියි. එනම්,

1. පසූගිය මාස හතරක කාලය තුළ ලේ දන්දීමක් කර නොතිබිය යූතුය.

2. වයස අවූරුදු 18-55 අතර විය යූතුයි.

3. ශරර බර අවම වශයෙන් කිලේ ග්‍රෑම් 50ක් විය යූතුය.

4. හිමෝග්ලොබීන් ප්‍රමාණය සියයට 80ක් පමණ විය යූතු ය.

පහත සඳහන් අවස්ථාවල දී පූද්ගලයන් ගේ රුධිරය ලබා ගැනීමක් සිදු නොකරයි.

1. ඇඟපත කහ පැහැ වීමක් හෝ සෙංගමාලය රෝගයට ලක් වී තිබීම

2. හෙපටයිටිස් හෝ ඒඩ්ස් වැළදීමට ඉඩකඩ වැඩි පූද්ගලයන් ගෙන් (ගණිකාවන්, මත්ද්‍රව්‍ය ලබා ගන්නන්, ඉහත පූද්ගලයින් සමඟ ගැවසෙන්නන්)

3. කුමන ආකාරයක හෝ හෘදයාබාධයකට ලක් වූවන් හෝ කපාට ආබාධ පවතින්නන්

4. රුධිර කැටගැසීමට ලක්වීම නිසි පරිදි සිදු නොවන පූද්ගලයන්

5. අපස්මාර රෝගයෙන් පෙළෙන්නන්. මෙයට හේතුව රුධිරය දායක කිරමෙන් මෙම පූද්ගලයින් තුළ අපස්මාරය ඇති වීමට ඉඩකඩ වැඩිවෙයි.

මීට අමතරව තවත් රෝගී අවස්ථා කිහිපයක දී ම ලේ දන්දීමට පරිවාස කාල පවතියි. පසූගිය වසර තුන ඇතුළත මැලේරියාව වැළඳීම. පසූගිය වසර දෙක තුළ ටයිපොයිඩ් වැළඳීම, පසූගිය හය මාසයක කාලය තුළ ප්‍රධාන ශල්‍යකර්මයකට ලක්වීම මේ අතර වැදගත් ය.

දරු ප්‍රසූතියකින් වසරක් යන තුරු ලේ දන්දීමක් කළ නොහැකිය. මීට අමතරව මව්කිරි දෙන සමයේ දී, මාස් ශුද්ධිය පවතින අවස්ථාවල දී ද සාමාන්‍යයෙන් ලේ ලබා ගැනීමක් සිදු නොකරයි. සිපිලිස් වැනි සමාජ රෝගවලින් පෙළීම ද ලේ දන්දීමට නූසූදුසූකමකි. පසූගිය කාල සීමාව තුළ කැපී පෙනෙන ලෙස බර අඩූවීමක් විම, කෂය රෝගයෙන් පෙළීම, දිගු කලක් රෝගාබාධවලින් පෙළිම ද රුධිරයට දන්දීමට නූසූදුසූකමක් වෙයි. ආතරයිටිස,් දියවැඩියාව, වකුගඩූ හා අක්මා රෝග, පිළිකා රෝග අතර ප්‍රධාන ය.

මේ අනූව මෙසේ ලබා ගන්නා රුධිරය සෑම විටම එම ආකාරයටම රෝගීන්ට ලබා දෙන අවස්ථා අඩූ ය. රතු රුධිර ෙසෙල පමණක්, රුධිර ප්ලාස්ම රහිත රුධිරය, සූදු රුධිර ෙසෙල රහිත රුධිරය, සෝදන ලද රතු රුධිර ෙසෙල, රුධිර පටිටිකා සාන්ද්‍රණය, රුධිර ප්ලාස්මාව ආදී ලෙස අවශ්‍යතාව අනූව රෝගීන්ට ලබා දීම සිදු කරයි.

කිසියම් පූද්ගලය්කු ගෙන් එකවර රුධිරය විශාල ප්‍රමාණයක් පිට වන අවස්ථාවල දී සම්පූර්ණ රුධිරය ලබා දීම සිදුවෙයි. කල් තියා සූදානම් වූ ශල්‍යකර්ම අවස්ථාවල දී, රුධිර ප්‍රමාණය අඩූ නීරක්තිය වන අවස්ථාවල දී, ප්ලාස්ම රහිත රුධිරය (Packed Cells) ලබා දීම සිදු කරයි. මෙම සෑම අවස්ථාවක දීම රෝගියා ගේ රුධිරය ගණයට ගැලපෙන රුධිරය ලබා දීම අත්‍යවශ්‍ය වෙයි.

සූදු රුධිර ෙසෙල සහිත රුධිරය ලබා දෙන විට අසාත්මික ප්‍රතික්‍රියා ඇතිවීමට ඉඩකඩ වැඩි බැවින් එවැනි අවස්ථාවල දී සූදු රුධිර ෙසෙල රහිත රුධිරය ලබා දෙයි.

රුධිරය හා රුධිරයේ විවිධ සංඝටක

1. සම්පූර්ණ රුධිරය (Whole blood)

2. රතු රුධිර ෙසෙල අඩංගු රුධිරය (Packed Cells)

3. සූදු රුධිර ෙසෙල නොමැති රුධිරය

4. සෝදන ලද රතු රුධිර ෙසෙල (Washed Red Cells)

5. සූදු රුධිර ෙසෙල අඩංගු රුධිරය (Buffy Coat)-

5. රුධිර පටිටිකා

6. රුධිර ප්ලාස්මාව

මේ ආකාරයට විවිධ රුධිර සංඝටක පවතින්නේ කුමක් නිසා දෑයි විමසා බැලීම වටී.

රෝගියා ගෙන් රෝගියාට අවශ්‍ය කරන රුධිර සංඝටකයන් වෙනස් වෙයි. එක් රෝගියකුට රතු රුධිර ෙසෙල අවශ්‍ය වූව ද, තවත් රෝගියකුට රුධිර පටිටිකා අවශ්‍ය විය හැකිය. අනවශ්‍ය පරිදි ශරරයට ද්‍රව පරිමාවක් එකතු වීම ද මින් අඩූ වෙයි. එසේම ප්‍රතිදේහ ප්‍රතිදේහ ජනක ප්‍රතික්‍රියාවන් අවම කරගත හැකියි. එක් දායකයකු ගෙන් ලබා ගන්නා රුධිරය අපතේ යමකින් තොරව විවිධ රුධිර සංඝටක සාදා ගැනීමට ද යොදා ගත හැකිය. විවිධ රුධිර සංඝටක ගබඩා කර තබන්නේ විවිධ උෂ්ණත්වවල දී ය. මේ සඳහා ද රුධිර සංඝටක වෙන් වෙන් ව නිපදවා පැකටි කර තිබිම වැදගත් ය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment