වාස්තු විද්‍යාවට අනූව නිවස ගොඩනගනවාද? නැතිනම් ජ්‍යොතිෂ්‍යට මූල්තැන දෙනවාද?



නිවසක් තනා ගැනීමට යාමේදී බොහෝ දෙනෙක් ජ්‍යොතිෂ්‍ය කරුණූූ කෙරෙහි අවධානය යොමූ කරන්නට පෙළඹෙන්නේ නිරායාසයෙනි.
ඇතැමෙක් ඉඩමක් මිලදී ගැනීමට නිවසක් ගොඩනගා ගැනීමට සිතීමේදී මූලින්ම වාස්තු විද්‍යාව කෙරෙහිද සිය අවධානය යොමූ කරයි.


එහෙත් කනගාටූවට කරුණක් ඇත. එනම් බොහෝ දෙනෙක් ජ්‍යොතිෂ්‍ය විද්‍යාවත් වස්තුව විද්‍යාවත් එකිනෙකට පටලවා ගැනීමය.

ජ්‍යොතිෂ්‍ය වෙනත් විෂයක් වාස්තු විද්‍යාව හා ජ්‍යොතිෂ්‍ය විද්‍යාව අතර ඇත්තේ විශාල පරතරයකි.

මෙම විෂයන් දෙක එකිනෙකට පටලවාගත යූතු නැත. එහෙත් යම් කිසි කෙනෙකුට තම අවශ්‍යතාවය හා විශ්වාසයේ හැටියට වාස්තු විද්‍යාවත් ජ්‍යොතිෂ්‍ය විද්‍යාවත් යන දෙකම වූව උපයෝගී කර ගත හැකියි. අවශ්‍යවන්නේ මෙම විෂයන් දෙක දෙකක් ලෙස සලකා කටයූතු කිරීම පමණි.

බොහෝ අය ඉඩමක් මිලදී ගැනීමට යාමේදී වඩාත් සිත යොමූ කරන්නේ ඉඩමේ පිහිටීම හා හැඩය යන කාරණා පිළිබඳවය. ඇතැම් විට ජ්‍යොතිෂ්‍ය අනූව පාද බෙදීමක් කර බැලීමටද උත්සාහ කරයි. නමූත් වාස්තු විද්‍යාවේදී එවැනි කරුණූ පිළිබඳ සැලකිලිමත් බවක් කෙරෙන්නේ නැත.

ඉඩමක් මිලදී ගැනීමේදී ඔබ වඩාත් අවධානය යොමූ කළ යූත්තේ අදාල ඉඩමට ප්‍රවිශ්ට වන මාර්ගයට හා එහි වටපිටාව කෙබඳුදෑයි එය ඔබේ පදිංචියට සූදුසූ ද යනාදි කරුණූ කෙරෙහිය.

මන්ද ඔබ තෝරා ගනූ ලබන ඉඩම මොන හැඩයේ එකක් වූවත් ගෘහ නිර්මාණ ශිල්පියෙකුට නැතහොත් වාස්තු විද්‍යාඥයෙකුට අලංකාර නිවසක්, ගොඩනැගිල්ලක් ඉදිකරදීමේ කටයූත්තේදී ඔබට සහය විය හැකිය. එහෙයින් අප ඉහත සඳහන් කළ ආකාරයට ඔබ තෝරාගනූ ලබන ඉඩමට ප්‍රවිශ්ඨවීමට ඇති පාර පදිංචියට අදාල යටිතල පහසූකම් පිළිබඳවය.

යටිතල පහසූකම් ලෙස සලකන්නේ පාසල් රෝහල් ඇතුළු ජන ජීවිතය පහසූ කරවන අංගයන්ටය. විශේෂයෙන් ඔබ නිවසින් බැහැර කරන කැලිකසල, අපවිත්‍ර ජලය ආදිය බාධාවකින් තොරව බැහැර කරලිය හැකිද යන කාරණා පිලිබඳවය. එය නාගරික වේවා ග්‍රාමීය වේවා ඔබ අවධානය ලක් කළ යූතු කරුණකි.

ඉඩමක් ගැනීමේදී වාස්තු විද්‍යානූකුලව එහි පසේ පිහිටීම තද ගතියකින් යූක්ත නම් අත්තිවාරම් දෑමීමේදී යම් කිසි ආර්ථික වාසියක් ලැබේ. මන්ද බූරුල් පසේ ගොඩනැගිල්ලක් හෝ ජීවත් වීමට නිවසක් සෑදීමේදී අත්තිවාරම වඩාත් ශක්තිමත්ව දෑමීමට අවශ්‍ය වන හෙයිනි.

එහෙත් ඔබට ආර්ථික ශක්තියක් ඇත්නම් වැඩි වියදමක් දරා ශක්තිමත් අත්තිවාරමක් යොදා නිවස ගොඩ නැංවිය හැකිය. එසේ වූ කළ එම පසේ තදභාවය ගැනද එතරම් තැකීමක් කිරීමට අවශ්‍ය නොවේ.

බිත්තියක තිබිය යූතු උස මේ යැයි තීරණය කළ නොහැකිය. එය තීරණය කරනූ ලබන්නේ නිවස සාදන්නා හෙවත් ගෙහිමියාය. මන්ද ඔහූ අත ඇති මූදල් අනූව එම නිවසේ සැලසූම් සකස් කිරීමට ගෘහ නිර්මාණ ශිල්පියාට හැකිය.

එහෙයින් නිවසක බිත්තියක උස අඩි හතක් අටක් හෝ ඊට වඩා එනම් අඩි දහතුනක් දහහතරක් උස වීම අදාල නිවසට අලංකාරයක් ලැබිය හැකිය. අවශ්‍යවන්නේ එය ශක්තිමත්ව නිර්මාණය කිරීමයි.

නිවසේ ඉදිරිපස මෙන්ම ඉදිරිපස ප්‍රධාන දොර තබන දිසාව පිළිබඳ බොහෝ දෙනෙක් තුළ බොහෝ මත තිබේ. එහෙත් නිවසක අලංකාරයට නිවසේ ප්‍රධාන දොරටූව තැබිය යූතු දිසාව වැදගත් නොවේ.

ගෘහ නිර්මාණ ශිල්පියා නැතිනම් වාස්තු විද්‍යාඥයා සිය අවධානය යොමූ කරන්නේ අප මූලින් සඳහන් කළ ආකාරයට නිවසේ අලංකාරය හා ශක්තිමත් බව පිළිබඳව මිස අන් කරුණක් නොවේ. අන් කරුණූ කෙරෙහි සිත යොමූ කොට ඔබ නිවසේ අලංකාරය අවම කරගත යූතුද නොවේ.

මදක් ඔබ ඔබේ ප්‍රදේශයේ නගරය දෙස බලන්න. එහි කඩ සාප්පූ නැගෙනහිර දෙසටත් බටහිර දෙසටත් විවෘතව තිබේ. එහෙත් ඒවායේ දියූණූව අඩූ වී ඇද්ද? සමහර අයට සිදුවන්නේ බස්නාහිර දෙස බලා කඩයට ඇතුළු වීමටය. තවත් පිරිසකට එහි අනික් පැත්තට මූහූණ දීමට සිදු වේ.

දාන ශාලාවකට හිත යොමූ කරන්න. එහි දොරටූව බටහිරට හෝ නැගෙනහිර දිසාවට තිබූණා යයි එහි අපේක්ෂාව ඉටූ නොවී තිබෙනවාද? ඒ වගේම බැංකුවක් දෙස බලන්න. එය බටහිරට මූහූණලා තිබූණා යැයි බංකොලොත් වී ඇද්ද?
ඒ තත්ත්වය කෙසේ වූවත් පාරක් නිවස අද්දරින් යනවා නම් නිවසට ප්‍රවිශ්ඨ වීමට ඇති දොර දෑමිය යූත්තේ ඒ දෙසටය. නිවසක දොරෙන් බලාපොරොත්තු වන්නේ එම නිවසට ඇතුුළු වීම හා පිටවීමත් වන අතර ජනේල් වලින් බලාපොරොත්තු වන්නේ හොඳ වාතාශ්‍රයක් ලබා ගැනීමත්ය.

ඒ අනූව අප මූලින්ම සාකච්ඡා කළ ආකාරයට නිවසක් තැනීමට හතරස් ඉඩමක්ද ත්‍රිකෝණාකාර ඉඩමක්ද යන්න නොසලකා හරින්නාසේ නිවසක ඉදිරිපස හෝ ප්‍රධාන දොරටූව යෙදිය යූතු දිසාවද වැදගත් නොවන බව සිතට ගන්න.

ඇතැම් පිරිස් නිවසේ වහලය හැඩය මෙන්ම ඒවාට යොදන ලී දඩූ ආදිය ද ප්‍රශ්නයක් කරගනී. එයද ඔබගේ මනෝ මූලයන්ය. ලී දඩූ සාමාන්‍යයෙන් ඔරොත්තු දෙන්නේ වසර විස්සකට පමණ කාලයකටය. එහෙත් යකඩ හෝ එවැනි ශක්තිමත් ද්‍රව්‍යක් ඔබ වහලයේ පරාල හෝ සෙවිලි තහඩූ රැදවීමට යොදා ගන්නේ නම් එය වියදම් අතින් මෙන්ම කල්පැවැත්ම අතින්ද වඩා වාසි සහගත බව අපගේ හැඟීමයි.

විවිධ හැඩතලවලට නිවසක බිත්ති මෙන්ම උස වහලය නිර්මාණය කරන්නා සේම දොර ජනේලද විවිධ හැඩතලවලට නිර්මාණය කිරීමට පූළුවන. මේ සියල්ල තීරණය වන්නේ නිවස ඉදිකරන්නා අත ඇති මූදල මතයි. එහෙයින් නිවසේ පදිංචි වන ඔබ එහි අලංකාරය එහි සූව පහසූව ගැන සිතා අතේ ඇති මූදලට ගොඩනගා ගන්නවා මිසක මනෝ මූලික කරුණූ කෙරෙහි අවධානය යොමූ කිරීම එතරම් යහපත් කරුණක් නොවේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

1 comments :

  1. හොඳ ලිපියක්. ස්තූතියි !

    ReplyDelete