ඔබේ දිවිය අඳුරු කරන කාන්සා නියූරෝසියාව



නිර්මලා නම් වූ ඇය තවමත් යොවූන් විය නොඉක්මවූ දෙදරු මවකි. සැමියා කාර්යබහූල ව්‍යාපාරිකයෙකි. කිසිදු අගහිඟකමක් එම පවූල වෙතින් දිස්වූයේ නැත. සතුටින් විවාහ ජීවිතය ගතකරන සෙයක් ඔවූන් කෙරෙන් දිස්වූ අතර ඔවූනොවූන් ඉතා ආදරයෙන් කල් ගෙවූහ.

නමූත් නිර්මලා කලක පටන් අත් පා සන්දි වේදනාවකින් පීඩා විඳියි. දේශීය හා බටහිර වෛද්‍ය ප්‍රතිකාර දිගුකාලීන වශයෙන් පාවිච්චි කළ ද සැලකිය යූතු සූවයක් අත්වූයේ නැත. මනූෂ්‍ය වර්ගයා සාමූහික ජීවිතයට කැමැත්තෝ වෙති. නමූත් නිර්මලා කලක පටන් හූදකලා ජීවිතයට ප්‍රියබවක් පෙන්නූම් කළාය. නිවසේ නෑදෑ හිතමිතුරන් වැඩියෙන් සිටින දිනවල ඇයට තද හිසරදයක් හටගනී.

අගනූවරට ආසන්න නගරයක පදිංචිවී සිටින ඇය සිය ගම් පළාතට ගොස් නැවත එන සෑම විටකම තද හිසරදයකින් පීඩා විඳින්නේය. එපමණක් නොව පවූලේ නෑ හිත මිතුරන් සමග විනෝද චාරිකාවක් යන විටද ඇයට තද හිසරදයක් සමග වමනයද හටගනී. ඉතා දකෂ මැහූම් ශිල්පිනියක් වන ඇය අලංකාර විසිතුරු මැහූම් සැරසිලිවලින් නිවස අලංකාර කරගෙන සිටියාය.

හිටි හැටියේ ඇයට එම මැහූම් වැඩ ද එපා විය. උදේ වරුවේ සැමියා රැකියාවටද දරු දෙදෙනා පාසැලට ද ගිය පසූ දිවා කාලය බොහෝවිට ඇය නින්දට ගත කළාය. ඇගේ හැසිරීම් රටාවේ පෙර නොතිබූ වෙනසක් සැමියාට දැනෙන්නට විය. මේ වෙනස පිළිබඳව ඔහූ වරින්වර නිර්මලාගෙන් විමසූවත් පැහැදිලි හේතුවක් දැනගන්නට නොහැකි විය. අවසානයේ සැමියා විසින් මනෝ චිකිත්සකවරයකු වෙත ඇය ඉදිරිපත් කරන ලදුව කළ සාකච්ඡාවේදී හෙළිවූයේ අපූර්ව තොරතුරකි.

එනම් නිර්මලා විවාහවීමට කාලයකට පෙර වෙනත් පෙම්වතකු සමග ඇසූරක් පවත්වාගෙන ගියාය. කිසියම් හේතුවකින් එම ඇසූර කඩාකල්පල් විය. දැන් එම පෙම්වතාද විවාහක සැමියෙකි. දරුවන්ද සිටී. එම පූද්ගලයා විදේශීය රටක

රැකියාව කරන අතර වරින්වර ලංකාවට පැමිණෙයි. ඔහූද නිර්මලාගේ ගමේ පූද්ගලයෙකි. ඔහූ ගමට පැමිණි කිහිප වරකදීම ඔහූගේ මිතුරන්හට පවසා ඇත්තේ කවදා හෝ නිර්මලා නැවත තමා ළඟට ගන්නා බවයි.

දැනට නිර්මලා පදිංචි වී සිටින තැන ඔහූ නොදන්නා අතර ඔහූ නිර්මලා සිටින තැන සොයමින් සිටියි. මෙම ආරංචිය කණ වැකුණූ මොහොතේ පටන් කිසියම් අවිනිශ්චිත බියකින් නිර්මලාගේ සිත වෙලාගනූ ලැබූවාය. ඔහූ නැවත තමා සොයා පැමිණියහොත් තම පවූල් ජීවිතයට කුමන ඉරණමක් අත්වේද? තම සැමියා විසින් තමාව අස්ථානයේ සැකකරනූ ලබයිද? එසේ වූවහොත් සැමියා කුමන පියවරක් ගනීවිද යනාදී ප්‍රශ්න රැසක් නිර්මලාගේ සිත තුළ හොල්මන් කරන්නට විය.

කලක් මූළුල්ලේ මෙම ගැටලුවලින්වලින් පීඩා විඳින විට ඇගේ සිත ව්‍යාකූල වන්නට විය. එම ව්‍යාකූල බව ඇය මානසිකව මෙන්ම ශාරීරිකව ද දුබල කිරීමට සමත්විය. ලෙඩක් දුකක් ඇතිවූ විට වෛද්‍යවරයෙකු වෙතට ගොස් අපි ප්‍රතිකාර ගත්තෙමූ. එම රෝග තත්ත්වය සලකා බලා වෛද්‍යවරයා දෙන ප්‍රතිකාරවලින් අපි සූවය ලබන්නෙමූ. නමූත් ඇතැම් අවස්ථාවලදී කොපමණ ප්‍රතිකාර ගත්තද සැලකිය යූතු සූවයක් නොලැබෙන අවස්ථා දක්නට ඇත. මෙම අවස්ථා බොහොමයකටදී පැහැදිලි කායික හේතුවක් ද දක්නට නැත. නමූත් ඔවූනගේ ජීවිත තුළට එබී බැලීමේදී සූවය ප්‍රමාදවීමට හේතුව පැහැදිලි කරගත හැකිය. එනම් මානසික නොසන්සූන් බවය. තවත් විටෙක පැහැදිලි කායික රෝග ලකෂණ නොපෙන්නූවත් ඇතැම් පූද්ගලයන්ගේ බාහිර ස්වරූපයෙන් හැසිරීම්වලින් යම් අස්වාභාවික ලකෂණ පෙන්නූම් කෙරේ.

මෙම තත්ත්වය නියූරෝසියා මානසික ව්‍යාකූලත්වයක් ලෙස මනෝ විද්‍යාඥයින් විසින් හඳුන්වනූ ලැබේ. යම් පූද්ගලයකු කිසියම් අවිනිශ්චිත බියමූසූ හැඟීමකින් වෙලී ගියවිට එම තත්ත්වය කාන්සාව යනූවෙන් හඳුන්වනූ ලැබේ. එහිදි මනස තදබල පීඩනයකට පත්වේ. එම පීඩාකාරී තත්ත්වය ක්ලමථය යනූවෙන් හැඳින්වේ. මෙම කාන්සාව සහ ක්ලමථය හේතුවෙන් ඇතිවන මානසික ව්‍යාකූලතාවය පීඩන ව්‍යාකූලතා යනූවෙන් ද හඳුන්වනූ ලැබේ.
පූද්ගලයාගේ ජීවිතයේදී නොයෙක් අවස්ථාවන්හිදී මෙම පීඩන ව්‍යාකූලතා හෙවත් නියූරෝසිය තත්ත්වය ඇතිවිය හැකිය. දූ දරුවන් මාපියන් අතර ඇතිවන ගැටලුවලදී විවාහ ජීවිතයේදී ඇතිවන ප්‍රශ්නවලදී මෙන්ම රැකියාව කරන ස්ථානයේ ඇතිවන නොයෙක් තත්ත්ව මත පීඩන ව්‍යාකූලතා හටගත හැකිය.

මේ හැර දිගුකාලීනව යම් යම් රෝගාබාධවලින් පීඩාවිඳීමට සිදුවන විටද මේ තත්ත්වය ඇතිවිය හැකිය. කාලගුණික හෝ දේශගුණික වෙනස්වීම් ඇතැම් විට හේතුවේ. අධික උණූසූම අධික ශීතල නොකඩවා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් පූද්ගලයින්ගේ සිත පීඩනයට හා ව්‍යාකූලත්වයට පත්විය හැකිය. මෙම නියූරෝසියාව තත්ත්වයන්ගෙන් පූද්ගලයන් පෙලෙන විට ශාරීරිකව හෝ හැසිරීම්වලින් එම අය තුළ යම් යම් වෙනස්කම් ද දැකිය හැක. එනම් අධික හෘද ස්පන්දනය අධික දහඩිය දැමීම, ආහාර අරුචිය, නින්ද නොයෑම, දැඩි විඩාබර පෙනූමකින් යූක්තවීම, පපූවේ දැවිල්ල වැනි කායික ලකෂණ මෙන්ම ලිංගික කටයූතුවලට ඇති උනන්දුව හීනවීම, තමාගේ පිරිසිදුකම පිළිබඳ නොසැලකිලිමත්වීම, උද්යෝගීමත් බව හීනවීම, සිත එක අරමූණක තබා ගැනීමට අපහසූ බව, නිතර කෝපයට පත්වීම, අමතක වීම වැනි මානසික ලකෂණ ද ඒවා අතර වේ.
මෙම නියූරෝසියා තත්ත්වයන්ට ඖෂධ ප්‍රතිකාර මගින් කිසිදු ප්‍රතිඵලයක් දක්නට නොලැබේ. මොවූන්ගේ මනස සැහැල්ලු කිරීම ප්‍රධාන අවශ්‍යතාවයක් වන අතර ඒ තුළින් හේතුවාදී ප්‍රබෝධමත් සිතුවිලි රටාවක් ඇතිකර ගැනීමට හැඩ ගැස්සීම තවත් පියවරකි.

මේ මගින් පූද්ගලයාගේ සිත ඕනෑම තත්ත්වයකට ගැටලුවකට නැතහොත් අභියෝගයකට ඔරොත්තු දෙන ආකාරයට හැඩගස්සවා ලිය හැකිය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment