නිවාඩූවට රන්දෙනිගල යමූ

ගතේ වෙහෙස නිවා සිත සනසා ගන්න නම් පාරිසරික සංචාරයට යොමූ විය යූතුයි. නිවාඩූ කාලය තුළ පාසල් යන දූ දරුවන්ටත් රැකියාවේ වෙහෙසෙන ඔබටත් ගතට සිතට සූවයක් මෙන්ම පාරිසරික අවබෝධයක් ලැබිය හැකි පරිසරයක සංචාරය කිරීම ඉතාමත් වැදගත් දෙයකි.



ලැබූ පාසල් නිවාඩූ කාලය ඵලදායි ලෙසින් ගත කරන්න සූදුසූම ස්ථානයක් ලෙසට රන්දෙනිගල පිහිටි ශ්‍රී ලංකා වන ජීවි භාරයේ පූහූණූ කේන්ද්‍රය හැඳින්විය හැකිය.

මහවැලි නදියෙන් ගලන දිය දහරින් පෝෂණය වන වික්ටෝරියා රන්දෙනිගල රන්ටැඹේ යන මහා ජලාශ හරහා හමන සිසිල් සූලං රළ දහරත් එම ජලාශ පෝෂණය කරන වන සතුන්ගෙන් මෙන්ම සූන්දර පක්ෂින්ගෙන් ගහන මහ වන මැද්දේ පිහිටි මෙම වන ජීවි පූහූණූ කේන්ද්‍රය දෙස් විදෙස් සංචාරකයින් සඳහාත් පාසල් සිසූන් සඳහාත් විවෘතව ඇත්තේ හූදෙක් විනෝදය පමණක් නොව දැනූමක් හා අවබෝධයක් ලබා දෙන ස්ථානයක් ලෙසිනි.
පසෙකින් මහවැලි නදියත් උමා ඔයත් නව මිනිපේ අමූණත් දිස්වෙයි. රන්දෙනිගල හා රන්ටැඹේ ජලාශත් දිස්වන්නේ ඊට සම්බන්ධ වී ඉදිවූණූ දැවැන්ත වේල්ලක් සමගිනි. හෙක්ටයාර 4087.1 ක තරම් විශාලත්වයෙන් යූත් මේ වික්ටෝරියා රන්දෙනිගල රන්ටැඹේ වනපෙත අද අභය භූමියකි. රන්ටැඹේ ජලාශයට පහළින් ඉදිකර ඇති මිනිපේ අමූණ මතින් මහවැලි ජලය රජරට ප්‍රදේශයට හා මාදුරු ඔය ප්‍රදේශයට හැරවෙන ආකාරයද මැනවින් දිස්වෙයි.

දෙවන අග්බෝ රජ සමයේ දාස් කෙලිය නම් ප්‍රාදේශීය නායකයකු විසින් ඉදි කරන ලද පැරණි මිණිපේ අමූණද මෙහි සංචාරය කරන්නෙකු නැරඹිය යූතුම ස්ථානයකි. මෙහි ඇති සූවිශේෂිත්වය වන්නේ කඳුහෙල් අතරින් ගලාබසින මහවැලි නදිය තැනිතලා බිමකට පිවිස ගලායාම අරඹන්නේ පැරණි මිනිපේ අමූණ පිහිටා ඇති ප්‍රදේශයෙන් වීමයි.

පරිසර අධ්‍යනයේ යෙදෙන්නෙකුට සූවිසල් පර්යේෂණ ගාරයක් වූ මේ වන බිම සඟවාගත් ශාක ප්‍රජාව අතර ගස්පෙනෙල ගොඩරන්මල්, වෙලන් නෙලබූ , ගල් වෙරළු වැනි දුර්ලබ ශාකද රාශියක් හඳුනාගත හැකියි. කොටියා වල් ඌරා අලියා හිවලා දඩූලේනා වැනි සත්ව විශේෂ රාශියක් දෑකගත හැකි අතර පක්ෂීන් විශේෂ රාශියක්ද දෑකගත හැකියි. මෙම පක්ෂි විශේෂ අතර වලි කුකුලා, හබන් කුකුලා, අළු කදදෑන්නා, අළු ගිරවා සර්ප රාජාලියා වැව් රාජාලියා, කුරුළු ගොයා මෙන්ම රාත්‍රියේ පරිසර සංචාරයේ යෙදුණොත් අහම්බෙන් හෝ මහ බකමූණා හෙවත් උලමා නිරීක්ෂණය කිරීමට අපහසූ වන්නේ නැත. දර්ශනීය සමනල් විශේෂ රාශියක් මෙම වන පෙතේ දෑකගැනීමට කිසිසේත්ම අපහසූ නැත. මෙම සමනලයින් අතර ශ්‍රී ලංකාවේ විශාලත්වයෙන් මූල් තැන ගන්නා ඛ්සෘඨෑ ඊෂසෲ උෂභඨ සමනලයත් දෙවැනි තැන ගන්නා ඊඛඹෑ ඵධසෘඵ්භ සමලයත් හැරුනූකොට කධඵඵධභ ෂභෘෂ්භ කසෘධඋල උ්‍යෂඔෑ ඔධසෘෑ භෂභඨ කධඵඵධභ ී්ෂඛෑසෘල ඛෑඵධභ ෑඵෂඨසෘභඔ ඡෑ්කධකණ ඡ්‍ය්භ්ශ ඛෂඵෑ ඊඹෑඛෑසෘතඛශ වැනි සමනල් විශේෂ රාශියක් දෑකගැනීමට අපහසවක් නැත.

වනජීවි පූහූණූ කේන්ද්‍රයේ දිනක් හෝ දෙකක් හෝ නවාතැන් ගනූ ලබන්නෙකුට නැරඹිය හැකි තවත් සූවිශේෂි තැන් රාශියක් බලාගත හැකිය.
පූහූණූ කේන්ද්‍රය පිටූපස පිහිටි අඩි 300 ක් පමණ උසකින් යූත් බෑබිය කන්ද තරණය කළ හැක.මෙහි ඇති විශේෂත්වය නම් වික්ටෝරියා රන්දෙණිගල රන්ටැඹේ අභය භූමියේ තිබෙන ජෛව විවිධත්වය මෙම කුඩා කඳු ගැටය තුළින් දෑකගැනීමට හැකිවීමයි. මෙම කඳුගැටයේ ඇති තවත් සූවිශේෂි දෙයක් වන්නේ ශ්‍රී ලංකාවේ හමූවන ඉතාමත් දුර්ලබ ශාකයක් වන දෑඩියා ශාකය හමූවන්නේ මෙම බෑබිය කන්දෙන් පමණක් වීමයි. වන ජීවි පූහූණූ කේන්ද්‍රයේ නවාතැන් ගන්නා ඕනෑම අයෙකුට මෙම බැබිය කන්ද තරණය කළ හැක. කඳු මූදුනට ගිය විට අවට දිස්වන මනරම් දසූන් අතර රන්ටැඹේ ජලාශය සහ වේල්ල හා අවට පරිසරය සූන්දර දසූනකි. තවත් සූවිශේෂි සංචාරක ස්ථාන අතර ලොග්ගල් ඔය, සහ අවට පරිසරය වස්ගමූව ජාතික වනෝද්‍යානය උමාඔය ආශ්‍රිත පරිසර පද්ධතිය මිනිපේ ජලාශය ආශ්‍රිත පරිසර පද්ධතිය වැනි ස්ථාන අයත්වෙයි. මේ සෑම සූන්දර පරිසර පද්ධතියක්ම එකම ස්ථානයක සිට නැරඹීමට අවශ්‍ය නම් රන්දෙනිගල වනජීවි භාරයේ පූහූණූ කේන්ද්‍රයේ (ටී්‍ර සෙන්ටර්) නවාතැන් ගත හැකිය.

බැබියකන්ද අධ්‍යාපන චාරිකා සඳහාත් පාසල් සිසූන්ටද පූර්ණ අනූමැතිය වන ජීවි භාරයෙන් ලබාගත හැකිය. මෙම විමසීම් විධායක අධ්‍යක්ෂ ශ්‍රී ලංකා වන ජීවි භාරය අංක 342 පිටකෝටිටෙි කෝටිටෙි යන ලිපිනයෙන් දෑනගත හැක.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

1 comments :