දරුවා සමඟ මව, පියා, වැඩිහිටියන් සහ ගුරුවරුන් කටයූතු කරන්න ඕනෑ කොහොමද?

"ළමයා යනූ වයස අවූරුදු 18 ට අඩූ ඕනෑම අයෙක් ලෙස ළමා ප්‍රඥප්තිය මගින් පෙන්වා දී ඇත. ළමයින්ගේ ලකෂණය වන්නේ නිතරම කුතුහලයෙන් යූතුව ලෝකය පිළිබඳව දැනගන්නට වෙහෙසවීමයි. එසේම ඔවූන් නිර්මාණශීලිත්වයෙන් යූතුය. ඒ නිසාම ඔවූන් නිතර නිතර ප්‍රශ්න අසයි. මෙය ළමයිගේ කායික, මානසික, චිත්තවේද හා ප්‍රජානන සංවර්ධනයට ඉතා අත්‍යවශ්‍ය අංගයකි. ඒ නිසාම ළමයින් සමග සෘජූවම සම්බන්ධකම් පවත්වන ප්‍රධාන ආයතන වන පවූල එනම්, විශේෂයෙන් මව, පියා ඇතුළු නිවසේ වැඩිහිටියන්, පාසල මෙන්ම සමාජයේ අනෙකුත් වැඩිහිටියන් විසින් ද මනා අවබෝධයකින් මෙන්ම ඉතා ප්‍රවේශමෙන් ළමයින් සමග කටයූතු කළ යූතුය.

පවූලක් තුළදී ළමයකු තම දෙමාපියන් වැඩිමහල් සහෝදර සහෝදරියන් වෙනත් වැඩිහිටියන් හා තමා රැකබලා ගන්නන් සමග සිටින අතර පාසලේදී ගුරුවරුන් සමවයස් කණ්ඩායම්, වැඩිහිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග සන්නිවේදනය කරයි. බාහිර සමාජයේදී විවිධ සමාජ සංස්ථා, ආයතනවලදී විවිධ වූ තරාතිරම්වල පූද්ගලයින් සමග කටයූතු කරන්නට ළමයින්ට සිදුවේ. මේ සෑම අවස්ථාවකදීම වාගේ බොහෝවිට ළමයාට කටයූතු කරන්නට සිදුවන්නේ වැඩිහිටියන් සමගයි. ඒ නිසා ඔවූන්ගේ යූතුකම ළමයා කවූරුන්දැයි තේරුම් ගෙන ඒ අනූව කටයූතු කිරීමයි.

ළමයින්ගේ විශේෂත්වය වන්නේ දවස පූරා විවිධාකාර උවමනාවන් නැතහොත් ගැටලු ඇතිවීමත් ඒවා ප්‍රකාශයට පත් කිරීමත්ය. යම් හැඟීමක් දැනූණ සැණින් ප්‍රකාශ කිරීම ළමයාගේ ක්‍රමයයි. සතුට, දුක, කණස්සල්ල, භය, විවිධ වූ අවශ්‍යතාවන් බඩගින්න, නිදිමත මෙන්ම කුතුහලය, නිර්මාණශීලීත්වයද, සූළු වේලාවක් තුළ ළමයා මතු කරයි. ළමයෙක් යනූ නිදහස්, සැහැල්ලු අයෙක් නිසා වැඩිහිටියන් මෙන් නොව ළමයින් තම හැඟීම් අදහස් නිදහසේ ප්‍රකාශ කරයි. ළමයින්ගේ අදහස් හා හැඟීම්වලට ප්‍රතිචාර දක්වන ආකාරය අනූව ඔවූන් ඒවා හසූරවන්නට ඉගෙන ගනී.

විවිධ අවස්ථා හා විවිධ පූද්ගලයන් අනූව ළමයින් පවසන දේ වෙනස් වේ. එයට ලැබෙන ප්‍රතිචාර අනූව දරුවාට ලැබෙන ප්‍රයෝජනයත් වෙනස් වේ. මේ නිසා සමාජයේ විවිධ පූද්ගලයන් ළමයින් සමග කටයූතු කිරීමේදී ඔවූන්ට සක්‍රීයව ඇහූම්කන්දීම ඉතාම වැදගත්ය. ඒ සඳහා ළමා මනස තේරුම් ගැනීමේ මනා කුසලතාවයක්ද තිබිය යූතුය. සෑම දරුවෙකුටම ඇහූම්කන්දීම පොදු වූවත්, ඔවූන්ගේ වයස් මටිටම් හා බූද්ධි මටිටම් අනූව ඊට දක්වන ප්‍රතිචාර වෙනස් කර ගැනීමට කුසලතාවයක් වැඩිහිටියන්ට තිබිය යූතුය.

දරුවන් සමග කටයූතු කරන විට ඔවූන්ට අණ කිරීම නොකළ යූතුය. ඇතැම්විට නිවසේදී දරුවා වැඩිහිටියන්ට අණ කිරීම තුළින් අවධානය ලබාගන්නට උත්සාහ කරන්නේ ඔවූන් දරුවාට එසේ කරන හෙයිනි. ඒ නිසා දරුවා ලවා යම් කටයූත්තක් කරවා ගැනීමට අවශ්‍ය වූ විට "පූතේ අපි මේ සෙල්ලම් බඩූ පෙටිටියට දාලා තියමූද?" ආදී ලෙසින් තමාගේ සහභාගිත්වයද ඇති බව දරුවාට ඇඟවිය යූතුයි. එසේ නැතිව "සෙල්ලම් කරලා ඉවර නං ටික අරං තියන්න" යැයි කීමෙන් පලක් නොවේ.

කුඩා දරුවන්ට සවන්දීමේදී ශරීර ඉරියව් ඉතා වැදගත්ය. ඔබ දරුවාගේ ඇස් මටිටමේ සිටිය යූතුය. දරුවා පවසන දෙයට හිස වනමින්, මූහූණේ ඉරියව් වෙනස් කරමින් අවධානයෙන් සිටින බව දැක්විය යූතුය. එසේම දරුවාගේ ගැටලුව හොඳින් තේරුම් නොගියේ නම් එය නැවත අසා දැනගන්න. ඔබට ඒ සඳහා පිළිතුරු ලබාදිය නොහැකි නම් බොරු කීමෙන් වළකින්න. එය සොයා දැනගෙන හෝ කියාදෙන්න. වඩා වැදගත් වන්නේ දරුවා තුළ තමා කෙරෙහි විශ්වාසය ඇතිකර ගැනීමයි.

අද සමාජය ඉතා කාර්ය බහූලවීම නිසා මවූපිය දූ දරු සබඳතා පෙර මෙන් සමීප නොවිය හැක. අතීතයේ පැවති විස්තෘත පවූල තුළ මව, පියා සමගම ආච්චි, සීයා, නැන්දා, මාමා වැනි ඥාතීන් පිරිසක් මැද දරුවා හූදකලා නොවී වැඩූණි. අද බොහෝවිට දැකිය හැක්කේ ඉතාම කුඩා පවූල්ය.

නමූත් තම කාර්ය බහූල බවින් මිදී දරුවා වෙනූවෙන් කෙසේ හෝ වෙලාවක් වෙන්කරවා ගත යූතුය. රැකියාවට ගොස් පැමිණෙන මවට රාත්‍රී ආහාර පිසීමට ඇති නිසා දරුවා මගහැර යයි. නමූත් එසේ නොකර දරුවා ද මූළුතැන්ගෙට කැඳවාගෙන ගොස් දරුවා සමග කතා බහ කරමින් දරුවාට ද වී ටිකක් ඇහිඳින්නට, බෝංචි කරලක් කඩන්නට දෙමින් සූහදව කටයූතු කළ හැක. මින් දරුවාගේ කුසලතාවන්ද වර්ධනය වේ. දරුවාට අවශ්‍ය මවගේ ඇසූරත් හිමිවේ. මවගේ කටයූතුත් අවසන් වේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment