රෝග බොහොමයකට ගුණ තැඹිලි සහ කුරුම්බා

තැඹිලි සහ කුරුම්බා රෝග රැසකට ගුණදායක බව ඔබ දන්නවාද? මෙහි තිබෙන ගුණය ගැන දන්නේ නම් ඔබ පූදුමයට පත්වෙනවා නිසැකය.


තැඹිලි, කුරුම්බා අප සමාජයේ හඳුන්වන්නේ අනර්ඝතම පානයක් විදිහටයි.

මෙය ග්‍රීස්ම කාලයේදී සිරුරේ විඩාබර බව, පිපාසය නිවාලන්නට උපකාරී වන පානයක් වෙයි. මෙම පානයේ අඩංගු වන්නේ මිහිතලයේ තිබෙන ධාතුමය කොටස්ය.

ආයූර්වේදයට අනූව තැඹිලි, කුරුම්බා පානය පිරිසිදු නැවූම්, ස්වභාවික සීතල, ගුණවත් පානයකි. ලපටි තැඹිලි වතුර ඖෂධ සඳහා භාවිත කරයි. හදිසි රෝගාතුර වීමකදී සේලයින් ලෙසින් මිනිසාට ග්ලුකෝස් සැපයීම සිදුකර ශක්තිය ලබාදෙන්නේ තැඹිලිවලිනි.

තැඹිලි සහ කුරුම්බාවල අඩංගු දෑ
තැඹිලි වතුරේ පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම්, පොස්පරස්, යකඩ, තඹ, ඛණිජ ලවණ අඩංගු වන අතර කාබෝහයිඩ්ඩේ්‍රටි, ප්‍රෝටීන්, මෙහි විටමින් ආදීය අන්තර්ගත වෙයි.

තැඹිලි හෝ කුරුම්බා ගෙඩියක් පානය තුළින් ඔබට ලැබෙන වාසි
මෙය පානයෙන් ඔබට ප්‍රයෝජන බොහොමයක් තිබෙනවා. ඔබ දන්නේ මූත්‍රා ආසාදනයකදී, සිරුරේ දැවිල්ල අවස්ථාවකදී, ඉදිමූම් ආදිය සඳහා හා පිපාසය සංසිඳීමේ හැකියාව මෙහි තිබෙන බවනේ. දැන් නවීන පර්යේෂණ මගින් සොයාගෙන තිබෙනවා තැඹිලි, කුරුම්බා පානය තුළින් සමට තෙතමනය ලබාදීමට හැකියාව සහ සම රැක ගැනීමට උපකාරී වන බවට. සමේ ස්වභාවික තත්ත්වය එළෙසින්ම තබා ගැනීමට උදව් දෙන බවකුයි දෑනගන්නට තිබෙන්නේ. සමේ පිළිස්සූණූ රෝග සූවකිරීම හා අක්මාව ආරක්ෂා කිරීමටද දායකවීමේ හැකියාව මේවායේ තිබෙනවා.

රුව ගැන සිතන ඔබ හිසකෙස් පිළිබඳවනම් අනිවාර්යයෙන්ම සිතනවා නේද? එසේ හිසකෙස් ගැන සිතන ඔබ තැඹිලි, කුරුම්බා පානය කිරීමෙන් හිස කෙස් වර්ධනය කර ගැනීමට හැකියාව පවතින බව දන්නවාද?

අද වනවිට බොහෝ අයට තිබෙන රෝග වන්නේ රුධිර පීඩනය, පිළිකා රෝග, අස්ථි දිරායෑමේ රෝග, හෘද ධමනියේ ඇතිවන රෝග සඳහා ද කුරුම්බා සහ තැඹිලි ඉතා ගුණදායක බවයි වෛද්‍යවරුන් පවසන්නේ. පැපොල, සරම්ප, සිරුරේ ඇතිවෙන උෂ්ණ, බිබිලි, උණ, හිස අමාරුව, උදර වේදනා, අතීසාරය, කොළරාව, පාචනය වැනි අවස්ථාවලදී අගුණ නොවන පානයක් විදිහට පෙන්වා දෙන්න පූළුවන්.

තැඹිලි වගේම කුරුම්බා තවත් රෝග බොහොමයකට ගුණයි. බැඩවැලේ ඇතිවන රෝග, ඔබගේ මූහූණ අවලස්සන කරවන කුරුලෑ, බිබිලි ආදියට ආමාශගත රෝගවලට ගුණ තැඹිලි පිරිමින්ගේ ශුක්‍රධාතු වර්ධනය කිරීමටද උපකාරී වෙනවා.

තැඹිලි, කුරුම්බා පානය ආහාර දිරවීම පහසූකරවන අතරම, බඩගිනි වඩවාලයි. ඔබ තරමක් තරබාරු නම් සිරුරේ බර පාලනය කිරීමේ හැකියාවක් පවතියි. හෘදයට හිතැති මෙම පානය කුඩා දරුවන්ට අගුණ නොවන අගනා පානයක්. ඒ වගේම විෂබීජ නාශක ගුණයක් සහිතයි.

ජීවන ශක්තිය ලබාදෙන, බොහෝ රෝගවලට ගුණ දෙන මෙම පානය ඔබට දිනපතා පානය කිරීමට නොහැකි මූත්, පිපාසය, හෝ ඔබට කෘත්‍රිම පානයක් පානය කරන්නට සිතුණ අවස්ථාවකදී ස්වභාවික ගුණවත් පානයක් වන තැඹිලි ගෙඩියක් හෝ කුරුම්බා ගෙඩියක් පානය කිරීමට පූරුදුවන්න. මේ අපූරුතම අමෘතයක් බදු පානය තුළින් නීරෝගී දිවියක් ඔබට ලබාගැනීමට හැකියාව ලැබෙයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment