වාහනයක් මිලදී ගැනීමේදී අංකය පිළිබඳව සැලකිලිමත් විය යූතුද?



වාහනයක් මිලදී ගැනීමේදී එහි සටහන් කර තිබෙන අංක පිළිබඳ පරීක්ෂා කර බැලීමට ඇතැම් පූද්ගලයන් පූරුදු වී සිටිනවා. එසේ මිලදී ගන්නා කුමන හෝ වාහනයකට සූබ ලෙස සලකන අංක තිබේද? සමහර පිරිස් වාහනයට කුමක් හෝ අනතුරක් ඇති වූ විට එසේ සිදුවූයේ වාහනයේ අංක සූබ නැති නිසා යනූවෙන්ද පවසනවා.

මේ නිසා වාහනයක් මිලදී ගැනීමේදී එහි අංක පිළිබඳ පරීක්ෂා කර බැලීමක් කළ යූතුද යන්න අපි මේ ලිපියෙන් අවධාරණය කරන්නෙමූ.

වාහනයක් මිලදී ගැනීමේදී අංකවල සූබ අසූබ බැලීමට පෙරාතුව දේපලවල වාසනා ගුණය ඔහූ හෝ ඇයට ඇද්දෑයි ස්වකීය ජන්ම පත්‍රය තුළින් පරීක්ෂා කළ යූතුය.

චංචල දේපලමය වාසනා ගුණ නොමැති කිසිවෙකුට කොපමණ වාසනාවන්ත අංක ලබා ගත්තද ඒ තුළින් කිසිදු ලාභයක් හෝ ප්‍රතිඵල යක් අත් කර ගත හැකි නොවේ.

මේ අනූව කුමන අසූබ අංකයක් හිමි වාහනයක් මිලදී ගත්තද එකී පූද්ගලයාට චංචලමය දේපල වාසනා ගුණ හිමිවන ආකාරයේ ග්‍රහ පිහිටීමක් කේන්ද්‍රයේ පිහිටා ඇත්නම් එකී වාසනා ගුණය අංකයකට වෙනස් කිරීමක් කළ නොහැක. කේන්ද්‍රයක චංචල දේපල වාසනා ගුණ කියවෙන ස්ථාන වශයෙන් 2, 4, 8, 11 සහ 12 යන ස්ථාන හැඳින්විය හැකිය. බර වාහන උදා ඃ ලොරි, ටිපර් රථ, කැටපිලර් යන වාහනවලට සෙනසූරු මූලික වෙන අතර සූඛෝපභෝගී වාහන උදා ඃ කාර්, වෑන්, සැහැල්ලු වාහනවලට සිකුරු මූලිකත්වය දරයි. මේ අනූව කේන්ද්‍රයක ඉහත සඳහන් භාව ස්ථාන සහ ග්‍රහයින් බලවත්ව ඇත්නම් යාන වාහනමය වාසනා ගුණ චංචල දේපල ලාභ හිමිවීම කිසිවෙකුටවත් වැලැක්විය නොහැකිය.

සැලකිය යූතු දෙය වන්නේ ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රයේ ඉංග්‍රිසි අක්ෂරවලට සහ නොයෙකුත් අංක ක්‍රමවේදයන් සම්බන්ධ වූණූ අංක විද්‍යාත්මක පදනමක් නොමැත.

නමූත් නැකැත් පාද 108 ට, නැකැත් 27 ට සහ රාශි චක්‍රය සියූම් ආකාරයට බෙදා 249 ආකාරයකට සියූම්ව බෙදන අංක විද්‍යාත්මක පදනමක් ඇති නමූත් ඉංග්‍රිසි අක්ෂරවලට හෝ වාහන නිවාස වැනි දේට යොදා ඇති අංකවලට අමතරව උපන් දිනය, වර්ෂය, මාසය, දිනය එකතු කොට පලාඵල කියන ක්‍රමයකින් ලැබෙන අංකයට විශේෂත්වයක් ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රයේ නැත. එනම් ක්‍රිස්තු වර්ෂ ක්‍රමයට උපන් දිනයේ අංක අනූසාරයෙන් පලාඵල කියන ක්‍රමය ජ්‍යොතිෂශාස්ත්‍රානූකුල පදනමකට කිසි සේත් අයිති නොවේ. මීට හේතුව ක්‍රිස්තු වර්ෂ ක්‍රමය ඇති වී ඇත්තේ කිසිදු ජ්‍යොතිෂ්‍ය විද්‍යාත්මක පදනමකට නොවන නිසාය.


ඉංග්‍රිසි අක්ෂර ක්‍රමයට අංක විද්‍යාවෙන් පලාඵල කියන ක්‍රම පිළිබඳව ඇතැම් ජ්‍යොතිෂ්‍යවේදීන් පොත්පත් පවා ලියා පල කර ඇතත් එහි කිසිදු ජ්‍යොතිෂ්‍ය පදනමක් නැත. එය ඔවූන් ගේ සිතුවිල්ලක් පමණි.

උදාහරණයක් විදියට එකම නම ආකාර එකකට වැඩි ගණනකින් ඉංග්‍රිසි අක්ෂර ක්‍රමයට ලියා දෑක්විය හැකිය. අපි ගනිමූ පූද්ලගයෙකුගේ නමක් Krishantha එය k අකුරින් ලියන අතරම Crishantha C අක්ෂරය භාවිත කරගෙනද ලියයි. මෙවිට ඉංග්‍රිසි අක්ෂරවලට යොදන අංක දෙවිධියකට යෙදේ. මෙවැනි කිසිදු ශාස්ත්‍රානූකූල පදනමක් නොමැති දේ අල්ලාගෙන ඇතැම් ජ්‍යොතිෂ්‍යවේදීන් කියා ගන්නා කොටසක් ප්‍රසිද්ධ ජනමාධ්‍යයෙන්ද ජනතාව මූලා කරන ආකාරයට කාසි උඩ දෑමීම, බෙල්ලන් උඩ දෑමීම, වැනි මනෝ විකාර සහිත විගඩම් කරමින් ජනතාව මූලා කරවති. සත ලෙසට ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රයේ සිද්ධාන්ත න්‍යාය සහ මූල ධර්ම භාවිත කොට එකී විෂයේ නියැලෙන සැබෑ ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රඥයන් පවා මහත් අපහසූතා ඇතිවන ආකාරයට මෙලෙස ප්‍රෝඩාවන් කිරීමෙන් ඔවූන් දිව ඇසක් බදු ජ්‍යොතිෂ්‍යය මිනිසූන් අතර උපහාසයට ලක් කරයි.

මෙම ලිපිය කියවන පාඨකයාට බූදුන් වහන්සේ කාලාම සූත්‍රයේ දේශනාකර ඇති පරිදි සත්‍ය තේරුම් ගැනීමට ප්‍රඥාව පහළ වේවා.

යම් බොරු මත වලින් මිදී නිවැරදිව තම කටයූතු ඉටූ කර ගැනීමම තුළින් ඔබට ජීවිතයේ ජය ලබා ගත හැකි වෙයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment