ඔබත් නින්දෙන් ගොරවනවාද?




"අනේ මට වෙලා තියෙනා කරුමයක්. ඊයේ රෑ තිස්සෙම මට නින්ද ගියේ නෑ. ඔයාගේ ඔය ගෙරවිල්ල හින්දා"

"පටන් ගත්තා එළිවෙන කොටම බෙලිකටූ මල්ල පොළොවේ ගහන්න. ඔයාට මාත් එක්ක නිදියන්න බැරිනම් යනවා ඕන දිග් බාගෙක යන්න" මෙවැනි කතාබහ ඔබටත් පූරුදුද ?

කේන්ති අරගනෙ වැඩක් නෑ. කාට කාටත් ඔය නින්දෙන් ගොරවන කරුමය තියෙන්න පූළුවන්. එයින් ගැලවෙන ක්‍රමයක් හොයා බලා නින්දෙන් ොගරවන එක නැති කරගන්න උනන්දු වෙන්න බලන්න.

නින්දෙන් ගොරවන්නේ කටින් හූස්ම ගැනීමට පූරුදු වී සිටීම නිසාය කියලා මතයක් තියෙනවා. ඒ පූරුද්ද අත් හැර ගන්න බලන්න.
පැත්තකට ඇල වී නිදාගැනීමෙන් නින්දෙන් ගෙරවීම අඩූ කරගැනීමට පූළුවන් බව තවත් මතයක්.

මේ ක්‍රම අනූගමනය කරන්නට උත්සාහ ගනිමින් නින්දෙන් ගෙරවීම අඩූ කර ගන්න බලන්න.

ඔබ ශබ්ද නගා ගොරවනවා නම් අනිත් අයට සූව නින්දක් ලබාගැනීටම අපහසූ වනබව ඇත්ත ගොරවන තැනැත්තාට ද සූව නින්දක් ලැබෙන්නේ නැහැ.
ගොරවන විට මද වේලාවක් හූස්ම ගැනීම නවතී. එවිට මොළයේ ක්‍රියාකාරීත්වය ඔබව අවදි කරවයි. නින්ද කැඩෙයි. රාත්‍රියේ හොඳ නින්දක් නොලැබෙන විට දවල් කාලයේ නිදිමත හැදෙයි.

රුධිර ධාවනයේ වැඩිවීම සහ හෘද රෝග වලටද නින්දෙන් ගෙරවීම හේතුවන බව වෛද්‍ය මතය වේ.

එම නිසා සූව නින්දක් ලබා ගැනීමට නින්දේදී ඇතිවන ගෙරවිල්ල අඩූ කරගැනීමේ ක්‍රම අනූගමනය කරන්නට උනන්දු වෙන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment