ෂැම්පු සහ ආලේපන පිළිබද දැනගත යුතු ඇත්ත



ළඟ දී විවාහ වීමට යන යූවතියක් සිය කෙස් කළඹ මැනවින් වැඩී නැතැයි ලතැවේ. එවිට ඇගේ යෙහෙළියක් ඇයට එක්තරා විටමින් බී වර්ගයක් අඩංගු "බෙහෙතක් " මාස 03ක් එක දිගට පාවිච්චි කරන ලෙස උපදෙස් දෙයි. මාස තුන අවසානයේ ඇය දිගු වරලසකින් හා දිදුලන සමකින් යූතු මනමාලියක් බවට පත් වේ"

මෙය මේ දිනවල ගුවන් විදුලියේ නිතර දෙවෙලේ අසන්නට ලැබෙන වෙළෙඳ දෑන්වීමකි. දිය ඇල්ලක් වැනි දිගු කෙස් කළඹක් හිමි කර ගැනීම තරුණ වියේ ඕනෑම යූවතියක ගේ සිහිනයකි. ඒ සඳහා ඔවූන් නොගන්නා ආහාරයක්, හිස නොගල්වන ආලේපයක් නැති තරම් ය. එහෙත් උක්ත දෑන්වීමේ ප්‍රෝඩාව වනූයේ එය තවත් එක් සබන් වර්ගයක් හෝ පෝෂ්‍යදායී ආහාරයක් නොව ඖෂධයක් ලෙස හූවා දෑක්වීමයි. පාරිභෝගිකයින් සිය අත්දෑකීම් තුළින් ඖෂධ හඳුනා ගනූයේ සිරුරේ රෝගී තත්ත්වයන් යථා තත්ත්වයට හැරවිය හැකි ගුණාත්මක ව තහවූරු කළ ද්‍රව්‍යයන් ලෙසිනි.

සැබැවින් ම ඇලෝපතික (ජනප්‍රිය වහරේ "බටහිර" ලෙස හැඳින්වෙන) ඖෂධ සියල්ලම පාහේ මෙලෙස අදාළ රෝගය සඳහා එහි ගුණාත්මකභාවය තහවූරු කළ ඖෂධ වේ. රට තුළ අලෙවි කිරමට පෙර මෙම ඖෂධ සඳහා ඖෂධ අධිකාරියේ අනූමැතිය ලබා ගත යූතු වේ. එලෙස අනූමැතිය ලබා දුන් ලියපදිංචි බටහිර ඖෂධ ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදා වෙන් කෙරේ.

1. වෛද්‍යවරයෙකු ගේ නියමයකින් තොරව ලබාගත හැකි ඖෂධ
2. වෛද්‍යවරයකුගේ බෙහෙත් වටිටෝරුවක් තුළින් පමණක් ලබා ගත හැකි ඖෂධ

බොහොමයක් බටහිර ඖෂධ මින් දෙවන කාණ්ඩයට අයත් වන අතර ඒවා සම්බන්ධව කිසිදු වෙළෙඳ ප්‍රචාරණයක් සාමාන්‍ය මහජනතාවට සිදු කිරම නීති විරෝධී ය. පැරසිටමෝල් වැනි බෙහෙත් වර්ග අයත් වන පළමූ කාණ්ඩයේ ඖෂධ පිළිගත් නීති රතිවලට අනූකූල ව මහජනතාවට ප්‍රචාරණය කළ හැක. මෙහි දී සඳහන් කළ යූතු එක් වැදගත් කරුණක් වනූයේ මහජනතාව නොමඟ යවන සූළු ප්‍රකාශ වෙළෙඳ ප්‍රචාරණයේ දී යොදා ගැනීම 1980 සූවඳ විලවූන්, ඖෂධ හා උපකරණ පනත යටතේ දඬූවම් ලැබිය හැකි වරදක් බවය.

දෑන් අප නැවතත් අදාළ වෙළෙඳ දෑන්වීම කෙරෙහි අවධානය යොමූ කළ හොත් විටමින් බී කාණ්ඩයට අයත් වන කිසිදු සංඝටකයකට සායනික පරකෂණ තුළින් හිස කෙස් වැඩීමේ හෝ සම පැහැපත් කිරමේ හැකියාවක් ඇතැයි මේ වනතුරු සොයා ගෙන නොමැති අතර වෛද්‍යවරුන් විටමින් බී අඩංගු ඖෂධ රෝගීන්ට නියම කෙරෙනූයේ හිස කෙස් වැඩීමට නොව එම අදාළ විටමිනයේ ඌනතාවක් ඇති අවස්ථාවල දී පමණි.

උදාහරණයක් ලෙස අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වූවන්ට තයමින් නැමැති බී විටමිනය ඌන වන බැවින් ඇතිවන සංකුලතා මඟහැරමට එය ඖෂධයක් ලෙස ලබා දේ.

කරුණූ එසේ නම් ඉහත වෙළෙඳ දෑන්වීම මඟින් රෝගීන් නොමඟ යැවීමට එරෙහි ව මේ වන තුරු නීතිමය පියවර නොගැනූයේ මන්දෑයි යන පැනය මෙය කියවන ඔබට නැගෙනූ ඇත. අදාළ බී විටමිනය යූරෝපීය රටක නිපදවා මෙරටට ආනයනය කරන බව පැවසූව ද, එය බටහිර ඖෂධ වෙළෙඳසල්වලින් මිලට ගත හැකි බව ප්‍රකාශ වූව ද, බටහිර ඖෂධයක් ලෙස හැඟෙන පරිදි ඉංග්‍රීසි අකුරු පහක නමකින් වෙළෙඳපොළට ඉදිරිපත් කළ ද සැබැවින් ම මෙය ඇලෝපතික (බටහිර) ඖෂධයක් ලෙස ඖෂධ අධිකාරියේ ලියාපදිංචි කර නොමැත. එබැවින් පාරිභෝගිකයින් හමූවේ ඖෂධයක වෙසින් පෙනී සිටිය ද අදාළ බලධාරන්ට සහ වෛද්‍යවරුන්ට මෙය ලංකාවේ ලියාපදිංචි ඖෂධයක් නොවන බව නොරහසකි.

අද දවසේ ජනමාධ්‍ය හරහා "ඖෂධ" ලෙස හඟවා මහජනතාව නොමඟ යවන වෙළෙඳ දෑන්වීම් රාශියක් අතරේ මෙය තවත් එක් වෙළෙඳ දෑන්වීමක් පමණි. දින ගණනකින් රාත්තල් කිහිපයකින් බර අඩූ කර ගැනීමට, හම රැලි වැටිම නැවැත්වීමට හැකි පෙති, කරල් ගැන දිනපතා දෑන්වීම් පළ වේ. ඕනෑම ව්‍යාපාරයක් දියූණූවීමට නම් වෙළෙඳ ප්‍රචාරණය අත්‍යවශ්‍ය බවට විවාදයක් නොමැත. එහෙත් මානව සෞඛ්‍යයට සම්බන්ධ භාණ්ඩ ප්‍රචාරණයේදී වත් හූදු ලාභය පමණක් නොසලකා යම් කිසි විනයක් තුළ ආචාර ධර්ම පද්ධතියක් යටතේ වෙළෙඳ ප්‍රචාරණය සිදු කළ යූතු බව මාගේ හැඟිමයි. (බටහිර ඖෂධ සඳහා නම් ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වැනි ආයතන එවැනි ආචාර ධර්ම පද්ධති හඳුන්වා දී ඇත) වෙළෙඳ ප්‍රජාව මෙම අවශ්‍යතාවය පැහැර හර නම් රටෙි මහජනතාව ගේ සූබසෙත සඳහා මෙවැනි ප්‍රෝඩාවන් සිදු කිරම වැළැක්වීම සඳහා සූදුසූ පියවර ගැනීම අදාළ බලධාරින් ගේ යූතුකමකි. බූද්ධිමත් පාරිභෝගිකයන් ලෙස මෙය කියවන ඔබ ද ව්‍යාජ වෙළෙඳ ප්‍රචාර හමූවේ මූලා නොවී සිටීමට නම් තමන්ට සැක සිතෙන සෞඛ්‍යමය සහ ඖෂධ සම්බන්ධ ගැටලුවල දී සූදුසූකම් ලත් වෛද්‍යවරයකු ගෙන් ඒ සඳහා උපදෙස් ලබා ගැනීම ප්‍රඥා ගෝචර වේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment