හූස්ම ගැනීමේ අපහසූතා ඇති වන්නේ ඇදුම රෝගයේ දී පමණ ද?



මහ රෑ තාත්තට හොඳට ම අමාරු වූණා. හූස්ම ගන්න බැරි වූණා. හනිකට ඉස්පිරිතාලෙට අරන් ගියා.


මෙය ඔබට ද මූහූණ පෑමට සිදු වූ අත්දෑකීමක් වන්නට පූළුවනි.

ශ්වසන අපහසූතාවන්ට ලක් වන රෝගීන් සංඛ්‍යාව දින දින ඉහළ යන අතර මේ නිසා ම දිනපතා ම රෝහල් ගත කළ රෝගීන් ප්‍රමාණය ද වැඩි අගයකි. ශ්වසන අපහසූතාවන් ලෙස සඳහන් කළ විට එකවර මතකයට එන්නේ හතිය නැත්නම් ඇදුම ලෙස සඳහන් කරන රෝගී තත්ත්වයයි.

එහෙත් හූස්ම ගැනීමේ අපසූතාවයට බලපාන තවත් රෝගී තත්ත්ව රැසක් ම පවතින අතර මේවා සම්බන්ධ ව පූළුල් අවබෝධයකින් පසූවීම ඉතා වැදගත් වෙයි. පොදු රෝග ලකෂණය හූස්ම ගැනීමේ අපහසූතාව වූව ද එයට බලපාන ලද හේතුව අනූව රෝගයට සිදු කරන ප්‍රතිකාර ක්‍රම වෙනස් වන හෙයින් ඒ බව හඳුනා ගැනීම වැදගත් වෙයි.

හතිය රෝගයෙන් පෙළෙන රෝගීන්ට වූවත් වෙනත් රෝගාබාධවලින් ශ්වසන අපහසූතා ඇති වූ විට එම ඥාතීන් එය ද හතිය රෝගය ලෙස වරදවා නිවසේ පවතින හතියට ලබා දෙන ඖෂධ ලබා දෙන අවස්ථා බොහෝ සේ හමූවී ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස රෝගියා ගේ රෝගී තත්ත්වය උත්සන්න වෙයි. එබැවින් දිගු කලක සිට හතිය රෝගයෙන් පෙළෙන රෝගියෙකුට වූව ද ප්‍රතිකාර ලබාදීමට පෙර නිවැරැදි ව රෝගය හඳුනා ගැනීම රෝගියා ගේ ජීවිතය ආරකෂා කර දෙයි.

ශ්වසන අපහසූතා ඇති කරන රෝගී තත්ත්ව

1 හතිය රෝගය උත්සන්න වීම.

2. දීර්ඝ කාලයක් පූරා ශ්වසන අවහිරතා රෝගයෙන් පෙළීම

3.ප්ලූරා පටලයෙන් පිටතට වාතය කාන්දු වීම (Pneumo torax)

4. පූප්ඵූශීය රුධිර නාල එකවර රුධිර කැටිවලින් අවහිර වීම (Embolism)-

5. පෙනහළු ආසාදනය හෙවත් නිව්මෝනියාව

6 මානසික ව මවා ගත් රෝගවලින් වේගයෙන් හා අපහසූවෙන් හූස්ම ගැනීම (Hysterical Hyperventilation)

පූද්ගලයකු හතිය රෝගයෙන් පෙළෙන විට ශ්වසනයේ දී රාං රූං ශබ්දයක් ඇසිය හැකිය. හතිය රෝගය උත්සන්න වූ විට ශරරය නිල් පැහැ ස්වරූපයක් ගනියි. යම් කිසි අසාත්මික ද්‍රව්‍යයක් (දුම, දුවිල්ල වැනි) ආඝ්‍රහණ හා අහිතකර පරිසර තත්ත්වයන්ට (සීතල, පින්න, වැස්ස) මූහූණ දීම ආදිය හතිය රෝගී තත්ත්වය වැඩි කරයි.

ශ්වසන අපහසූතාව ඇති කරන අනෙක් වැදගත් ම රෝගී අවස්ථාව ලෙස හෘදයේ ක්‍රියාකාරත්වය අඩාල වීම පෙන්වා දිය හැකිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස පූප්පූශීය නාළවල රුධිර සංසරණය අඩාල වි පෙනහළු තුළ තරලය එකතු වෙයි.

මෙවැනි අවස්ථාවන්හි දී බොහෝ විට පාදයේ වළලූකර ඉදිමීම, ඇළපත ප්‍රදේශය ඉදිමීම ද දැකිය හැකිය. හෘද සංසරණය වේගය වැඩිවෙයි. රුධිර පීඩනය අඩූවෙයි.

වකුගඩූ අක්‍රියතාවයෙන් පෙලෙන පූද්ගලයින්ට ශරරයේ අයණ මටිටම වෙනස් වීමත්, රුධිරයේ ආම්ලිකතා වෙනස්වීමත් නිසා ශ්වසන අපහසූතාවන්ට ලක්වෙති. මීට අමතරව නිසි පරිදි ජලය දේහයෙන් ඉවත් නොවන නිසා ශරරයේ තරල මටිටම ඉහල යාම පෙනහළුවල තරල එකතු වීමට හේතු වෙයි. මෙම සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස අපහසූවෙන් හූස්ම ගැනීමට රෝගීන්ට සිදුවෙයි.

අක්මාවේ ක්‍රියාකාරිත්වය අඩාල වීම, උදරය කුහරය තුළ තරලය එකතුවිම (Qascitis) ශරරයේ ප්‍රෝටීන මටිටම අඩූ වන රෝගවල දී ද (වකුගඩූ රෝග, මන්දපෝෂණය, පිළිකා රෝග) මේ ආකාරයට ම ශ්වසන අපහසූතා ඇති වෙයි.

පෙනහළු ආසාදනය හෙවත් නිව්මෝනියාව රෝගයේදී ද රෝගියාට ශ්වසනය දුෂ්කර වෙයි. මෙවැනි රෝගීන්ට කැස්ස, උණ, ශරරය දුර්වල වීම වැනි රෝග ලකෂණ ද පවතියි. ශ්වසන ශබ්දයන්ට වෙද නලාවෙන් සවන්දීමෙන්, එක්ස් කිරණ ඡායාරූප මගින් ද මේ බව තහවූරු කරගත හැකිය.

පිටත පෙනහළු පටකවලින් පිටතට වායූව කාන්දුවීම නිසා පෙනහළුවලට පිටත ප්ලූරා පටල අතර වාතය එකතුවිම (Pneumeotorax)- ශ්වසන අපහසූතා ඇති කරන තවත් වැදගත් රෝගී ස්වභාවයකි. උරස් ප්‍රදේශයට සිදුවන හදිසි අනතුරු, පර්ශු කූඩූවේ පිපිරම් ආදියෙන් පසූව මෙය සූලබ වෙයි. සමහර අවස්ථාවල දී මේ ආකාරයට ප්ලූරා පටල අතර රුධිරය සැරව ආදිය ඒකාරාශි වී ශ්වසනය දුෂ්කර කරයි. රෝගය නිශ්චය කර ගැනීමට රෝගියා පිටතින් පරකෂාව මෙන්ම එක්ස් කිරණ හෝ ස්කෑන් පරකෂණ වැදගත් වෙයි.

බාහිරින් පරකෂණ කළ විට කිසිදු තුවාලක් නොමැතිව වූවද අභ්‍යන්තරයේ පටකවලට තුවාල වී මේ ආකාරයට ප්ලූරා පටලය අතර වාතය හෝ රුධිරය එකතු වී තිබිය හැකිය. එබැවින් හදිසි රිය අනතුරකින් අනතුරුව හෝ උසකින් බිමට වැටීම ආදී අනතුරකින් පසූව ශ්වසන අපහසූතා ඇති වන්නේ නම් වහාම රෝහල් ගත කර පරකෂණයන්ට ලක්වීම රෝගියාගේ ජිවිතය බේරා ගැනීමට ඉවහල් වෙයි.

පූද්ගලයකුට ශ්වසන අපහසූතාව ඇති කරන තවත් රෝගී අවස්ථාවන් වන්නේ පූප්පූශීය රුධිර නාලවලට ඊට දුරස්ථ ප්‍රදේශයක සිට පැමිණි රුධිර කැටියක් සිරවීමයි. එකවරම රෝගී තත්ත්වය උත්සන්න වෙයි. ශරරය නිල් පැහැ ගැන්වෙයි. හෘද ස්පන්දනය වේගය වැඩිවෙයි. රුධිර පීඩනය අඩූ වෙයි. බෙල්ල ආශ්‍රිත ශිරා පැහැදිලි ව දර්ශනය වෙයි.

සමහර පූද්ගලයන් විවිධ මානසින ප්‍රශ්න නිසා මවා ගත් ශ්වසන අපහසූතාවලින් පෙළෙති. සැමියා සමඟ උරණ වන බිරින්දැවරුන් මෙයට කදිම උදාහරණයකි. මොවූන් වේගයෙන් හා අපහසූවෙන් ශ්වසනය කරන අතර මේ නිසාම ශරරයේ කාබන්ඩයොක්සයිඩ් වායූ මටිටම අඩූ වීමට මූහූණ දෙති. මෙබැවින් අතපය වකුටූ වීම හෝ දරදඬූ වීම සිදුවෙයි.

මේ අනූව පෙනී යන්නේ ශ්වසන අපහසූතාවකින් යමෙකු පෙළෙන්නේ නම් ඒ ගැන ඉතා හොඳින් විමසා බලා කටයූතු කළ යූතු බවයි. වැරදි රෝග විනිශ්චයන්ට බැස කටයූතු කිරම රෝගියාට අහිතකර ප්‍රතිඵල ලබාදිය හැකිවීම එයට හේතුවයි. ඔබේ නිවසේ දී යමෙකු මේ ආකාරයට ශ්වසන අපහසූකාවයට ලක්වූවහොත් "හතිය" ලෙස සලකා ප්‍රතිකාර කිරම වෙනූවට සූදුසූකම් ලත් වෛද්‍යවරයකු වෙත ගෙන යාම වහාම කළ යූතුය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment