සූදයාම ලෙස වරදවා වටහා නොගත යූතු සූද බිංදුම නොවන මූත්‍රා ප්‍රදාහය






විශ්වාසවන්ත ලිංගික සහකරවෙකු සහකාරියකගෙන් තොරව අනාරක්ෂිත ලිංගික සම්බන්ධකම් වලින් බැහැරව පවත්නා සම්බන්ධකම්වල ප්‍රතිඵල ලෙස බෝවන සමාජ රෝග තත්ත්වයන් පිළිබඳ කතා කරන මේ විශේෂාංගය ඔස්සේ අද අප කතා බහ කරන්නේ සූද බිංදුම නොවන මූත්‍රා ප්‍රදාහය පිළිබඳවයි.

මෙම රෝගී තත්ත්වය සූද යාම රෝග තත්ත්වය හෝ ට්‍රයිකොමොනෝසියාව යන රෝග තත්ත්වය ලෙස වරදවා වටහා නොගත යූතු බව මූලින්ම අවධාරණය කළ යූතුය.

සූදු බිංදුම රෝග නොවන මූත්‍රා ප්‍රදාහයේ තත්ත්වයේ ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ ලිංගික ඉන්ද්‍රියෙන් අසාමාන්‍ය ලෙස ශ්‍රාවයක් පිටවීමයි. මෙම තත්ත්වය පූරුෂයෙකුගෙ නම් මූත්‍රා නාල ශ්‍රාවයක් ලෙස හෝ කාන්තාවකගේ නම් යෝනි ශ්‍රාවයක් ලෙස ලක්ෂණ නොපෙන්වා තිබිය හැකියි.

අප මෙහිදී අවධානය යොමූ කරන රෝගී තත්ත්වය පූරුෂයන් තුළින් දකින්නට ලැබෙන අතර මෙහි ප්‍රධානතම ලක්ෂණ දෙකක් ලෙස පිරිමියෙකු මූත්‍රා පිට කරන විට එම අවයවවල අධික දෑවිල්ලක් හා වේදනාවක් ඇති වේ.සූූදු බිංදම නොවන මූත්‍රා ප්‍රදාහය තත්තවයේ රෝග කාරක බැක්ටීරියාව වෛද්‍ය විද්‍යාවේදී නයිසිරියා ගොනොරියේ ලෙස හැඳින්වෙයි.

මීට අමතරව මෙම සූදු බිංදුම නොවන මූත්‍රා ප්‍රදාහයට රෝග කාරකයන් රාශියක් බලපාන බවද මෙහිදී මතක් කළ යූතුය. ක්ලැමීසියා ට්‍රැකෝමටිස් , නම් බැක්ටීරියාව, යූරියාප්ලාස්මා, මයිකෝ ප්ලාස්මා ට්‍රයිකෝමොනාස්, යන බැක්ටීරියාවන්ද ඊට අමතරව කැන්ඩිඩානම් දිලීරයන් ලිංගික හර්පීස් නම් වයිරස වැනි රෝග කාරකයින්ද බලපෑ හැකියි.

මෙහිදී සියයට විස්සක් සියයට තිහක් පමණ රෝග කාරකයන් සොයා ගැනීමට අපහසූ බවද අමතක නොකළ යූතු තත්ත්වයකි.

සූදු බිංදුම නොවන මූත්‍රා ප්‍රදාහයේ රෝග ලක්ෂණ

හදිසියේ හඳුනාගන්නා හෝ වෙනත් කෙනෙකු සමග අනාරක්ෂිත ලිංගික සම්බන්ධයකින් පසූ පූරුෂ ලිංගයෙන් ශ්‍රාවයක් පිටවීම

මූත්‍රා පිට කරන විට දෑවිල්ලක් ඇතිවීම, මූත්‍රා මාර්ගයේ වේදනාවක් ඇතිවීම වැනි ලක්ෂණ පෙන්වා දිය හැකියි.

අප මූලින් සාකච්ඡා කළ ආකාරයට සූදු බිංදුම නොවන මූත්‍රා ප්‍රදාහයේදී ශ්‍රාවයක් පිටවෙයි. මෙම ශ්‍රාවය ශ්ලේෂ්මල ස්වභාවයේ සිට කහ පැහැති සැරව වැනි තත්ත්වයක් දක්වා වෙනස් විය හැකියි.

සංකූලතා

බොහෝ රෝග තත්ත්වයන්වලදී මෙන් මෙම රෝග තත්ත්වයේදීද සංකුලතා ඇති වේ. මෙහිදී මෙ සූදුබිංදුම නොවන මූත්‍රා ප්‍රදාහයට නිසි ප්‍රතිකාර ලබා නොගත හොත් වෘෂණ කෝෂ ප්‍රදාහය වැනි තත්ත්වයන් ඇතිවිය හැකියි.

මෙම තත්ත්වය කාන්තාවන්ට බලපාන්නේ කෙසේද?

බොහෝ ලිංගික රෝග කාන්තාවන්ට මෙන්ම පිරිමින්ටද අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවලින් බෝවූවද සූදු බිංදුම හෙවත් මූත්‍රා ප්‍රදාහය ඇතිවන්නේ පූරුෂයින්ටය.

එහෙත් මෙම තත්ත්වය කාන්තාවන්ටද යම් බලපෑමක් එල්ල කරන බව අමතක නොකළ යූතුයි.

එනම් අසාදිත පූරුෂයෙකු සමග අනාරක්ෂිත ලිංගික සම්බන්ධකමක් පැවැත්වීමෙන් මෙය කාන්තාවකට ආසාදනය විය හැකියි. එය එම ලිංගික සම්බන්ධයේ ස්වභාවය අනූව වෙනස් වේ.

සූදු බිංදුම නොවන මූත්‍රා ප්‍රදාහය පූද්ගලයකුට බලපා ඇතිවිට ක්ලැමීසියා වැනි රෝග කාරකය මේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධයකදී එම විසබීජය කාන්තාවකට ඇතුළු වූවහොත් ගැබ් ගෙලෙහි ප්‍රදාහය හෝ අභ්‍යන්තර ප්‍රජනන පද්ධතියේ පටක ආසාදනය හෝ මෙම අවස්ථා දෙකම ඇතිවිය හැකියි.

කාන්තාවකට මෙම තත්ත්වය ඇතිවූ විට නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සිදුවිය හැකියි.

ප්‍රතිකාර

මෙහිදී දින හතක් වෛද්‍ය උපදෙස් පිළිපදිමින් නිවැරදි ඖෂධ මාත්‍රාව ගත යූතුය. එමෙන්ම එවැනි ආසාදිතයන් අනාරක්ෂිත ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යූතුය.

රෝගය පාලනය කරගැනීමට අවශ්‍ය උපදෙස් ඔබට මෙම රෝගයට ප්‍රතිකාර ගැනීමේදී අදාල වෛද්‍යවරයා වැඩිදුර උපදෙස් රෝගියාට ලබාදෙයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment