හිසට සිදුවන අනතුරු වලින් ඔබ මේවා දැනුවත්ද ?



හිස්කබල මගින් සූරකෂිත වූ මොළය අපගේ ඉනද්‍රියන් අතර ප්‍රධානත්වය ලබා ඇත. කෙතරම් සූරකෂිත ස්ථානයක තිබූණද බොහෝ විට හදිසි අනතුරු පහරදීම් ආදියේදී බරපතල හානිවලටද ඉලක්ක වන්නේ මොළයයි. හිස ආශ්‍රිතව සිදුවන හදිසි අනතුරු කොටස් කිහිපයකට වර්ග කර දෑක්විය හැකිය.

ං හිස්කබලේ සමට සිදුවන හානි

ං හිස්කබලේ පිපිරීම්

ං මොළයට සිදුවන හානි

හිස්කබලේ සමට සිදුවන හානි

මෙම ත්‍රිත්වයන් එදිනෙදා ජීවිතයේදී සූලබ සිදුවීමකි. හිස්කබලේ සමට සිදුවන හානි බොහෝවිට රෝගියා හා ඔහූ අවට සිටින පූද්ගලයන් බියට පත් කරවන්නේ මෙවන් අනතුරකදී සිදුවන අධික රුධිර වහනයෙනි. මෙයට හේතුව හිස්කබලේ සම වෙතට රුධිර වාහිනී බහූල ලෙස ව්‍යාප්තව පැවතීමයි. බාහිරින් පවතින තුවාලයට යටින් සමහරවිට හිස්කබල පූපූරා යෑම් ද තිබිය හැකිය.

මෙවැනි තුවාලයක් හරහා හිස්කබල අභ්‍යන්තරයට විෂබීජ ගමන් කරන බැවින් ඒ සඳහා අවධානය යොමූ කිරීම වැදගත්ය. මෙනින්ජි පටල ප්‍රදාහය, එන්සෙෆලයිටිස්, මොළයේ සැරව ගෙඩි මෙන්ම සමහර අවස්ථාවලදී අස්ථිවල ආසාදන හෙවත් ඔස්ටියෝමයෙලයිටිස් ද තිබිය හැකිය.

රුධිර වහනයක් පවතින විට ඒ මතට සෘජූව පීඩනයක් යොදා ටික වේලාවක් පවතින විට එය බොහෝ විට නතර වෙයි. එහෙත් අභ්‍යන්තර අස්ථි බිඳීමක් ගැන සැක කරන විට මෙය නොකළ යූතුය.

හිස්කබලේ පිපිරීම්

පහරදීමක්, බෝම්බ පිපිරීමකට ලක්වීමක්, රිය අනතුරකට ලක්වීමක් ආදිය මගින් හිස්කබල පූපූරා යා හැකිය. මෙවැනි පිපිරීම් ආකාර කිහිපයකට පැවතිය හැකිය. දිගු අතට, කුඩා කුඩා කොටස් ගණනාවකට, ඇතුළතට නෙරාගිය ලෙසට ආදි ලෙසිනි. කෙසේ වූවත් බාහිර තුවාල රහිතව වූවද හිස්කබලේ පිපිරුම් හටගත හැකි බැවින් මේ පිළිබඳව සූපරිකෂාකාරී වීම වැදගත්ය.

හිස්කබලේ ඉහළ කොටස මෙන්ම පත්ල ප්‍රදේශය ද මෙවැනි පිපූරුම්වලට ඉලක්ක වෙයි. කෙසේ වූවත් හිස්කබලේ පිපිරීම්වලදී කනෙන් හා නාසයෙන් මස්තිෂ්ක සූෂූම්නා තරලය ගැලීම, කනෙන් ලේ වැගිරීම, හිස්කබල තුළට වාතය ගමන් කිරීම වැනි අතුරු ප්‍රතිඵල ඇති විය හැකිය.

හිසකබල පතුල ප්‍රදේශයට වන අනතුරකදී අසලින් ගමන් ගන්නා ස්නායූ අනතුරට ලක්වීම, මොළයේ අභ්‍යන්තර තැලීම්, රුධිර වහනයන් සිදුවීම සූලබය.

හිස්කබලට සිදුවන අනතුරුවලදී තවත් අපූරු සිදුවීමක් වන්නේ අනතුරට ලක් වූ ප්‍රදේශයේ නොව ඊට විරුද්ධ අන්තයේ මොළයේ තුවාල ඇති වීමක් ඇතැම් විට සිදුවීමයි. උදාහරණයක් ලෙස මොළයේ පිටූපසට පහර දීමක් සිදු කළහොත් මොළයේ ඉදිරිපස කොටසේ තැලීම් රුධිර වහනයක් සිදුවිය හැකිය.

හිස්කබලේ පිපිරීම් නිසා ඇති වන රෝග ලකෂණ අනතුර සිදුවන ස්ථානය අනූව වෙනස් වෙයි. එනම් නළල ප්‍රදේශයේ අනතුරකදී ඇති වන රෝග ලකෂණ. මධ්‍ය ප්‍රදේශයේ අනතුරකදී වන ලකෂණවලින් වෙනස් වෙයි. මොළයේ ඉදිරිපස හිස්කබලට වන අනතුරකදී ප්‍රධාන වශයෙන් සූෂූම්නා තරලය නාසයෙන් බේරීම සිදුවෙයි. ඇස වටා ප්‍රදේශය රතු පැහැයට හැරෙයි. ගඳ සූවඳ දෑනීමක් සිදුනොවෙයි. අකෂි චාලක ස්නායූවට හානියක් සිදුවී ඇත්නම් අකෂි චලන අක්‍රීය වෙයි. මධ්‍ය මොළයට වන අනතුරකදී සූෂූම්නා තරලය කනෙන් බේරීම සිදුවෙයි. ශ්‍රවණය දුර්වල වෙයි. කනෙන් ලේ වැගිරෙයි. මොළයේ පිටූපස ප්‍රදේශයට වන අනතුරකදී ගිලීම හා කතා කිරීම අපහසූ වෙයි.

හිස්කබලට අනතුරක් වී ඇතැයි සැක කරනවිට එක්ස් කිරණ හා කඔ ස්කෑන් පරීකෂණ ඒ බව තහවූරු කිරීමට උදව් වේ.

මොළයට සිදුවන හානි

හදිසි අනතුරකදී මොළයට වන අනතුරු ප්‍රෘථමික හා ද්විතියික අනතුරු ලෙස ආකාර දෙකකි. අනතුරක් සිදුවන අවස්ථාවලදී මොළයේ වන තැලීම්, පූපූරා යෑම්, ඉරීම් ආදිය ප්‍රාථමික වර්ගයට අයත් වේ. ඇසට නොපෙනෙන අන්වීකෂීය අනතුරු ද මෙයට අයත් වන අතර ස්නායූවලට සිදුවන අනතුරු නිසා බොහෝ රෝග ලකෂණ පෙන්වයි.

හදිසි අනතුරක් සිදු වූ පසූව එහි පසූ ප්‍රතිඵල නිසා වන ආබාධයන් ද්විතියික වර්ගයට අයත් වෙයි. හිස්කබල තුළ පීඩනය වැඩි වීම උදාහරණ ලෙස දෑක්විය හැකිය. මොළය තුළ රුධිරය එක්රැස්වීම මෙයට එක් හේතුවකි. කාබන්ඩයොක්සයිඩ් මටිටම ඉහළ යාම හා ඔක්සිජන් මටිටම පහත වැටීම ද මොළයට හානිවීමට හේතු වෙයි. හදිසි අනතුරකදී ශ්වසන යාන්ත්‍රණය අඩාලවීම මේ කෙරෙහි බලපායි. මීට අමතරව හදිසි අනතුරකදී විශාල ලෙස රුධිර වහනය වූවහොත් ඒ තත්ත්වය ද මොළයේ ක්‍රියාකාරීත්වය අඩාල කිරීමට සමත් වෙයි.

මොළයට හානියක් සිදු වූ විට බොහෝ විට පූද්ගලයන්ගේ සිහිය නැතිවීම සිදුවෙයි. එහෙත් මෙය ඇතැම් අවස්ථාවලදී තාවකාලික වන අතර නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වෙයි. මෙසේ සිහිය ලබා සිටින පූද්ගලයින් නැවත වරක් සිහිවිසඥතාවයට පත් විය හැකිය. එබැවින් මොළයට හානියක් සිදුවී ඇතැයි සැක කරන විට ඒ පූද්ගලයා ඉතා සූපරිකෂාකාරීව වෛද්‍ය අධීකෂණයකට ලක්කළ යූතුය. හිස්කබල තුළ රුධිර කැටියක් කෙමෙන් විශාල වන්නේ නම් ශල්‍යකර්මයක් මගින් එය ඉවත් කිරීමට සිදුවේ.

හිස හා ඒ ආශ්‍රිතව අනතුරක් සිදුවී ඇත්නම් සූෂූම්නාවටද හානියක් සිදුවී ඇතැයි උපකල්පනය කර රෝගියා ඉතා ප්‍රවේශමෙන් රෝහල්ගත කිරීමත් මූලික ප්‍රථමාධාර ලබාදීමත් වැදගත් වේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment