ඔබේ නිවසේ ඇති විදුලි පංකා සඳහා වැයවන විදුලිය ප්‍රමාණය ගැන ඔබ දන්නවාද?




ඔබේ නිවසේ විදුලි පංකාවක් හෝ කීපයක් තිබෙනවා විය හැක. නමූත් ඒවා මිලදී ගැනීමේදී හෝ භාවිත කිරීමේදී ඒ සඳහා වැයවන විදුලිය ප්‍රමාණය කොපමණ දැයි කියා කිසි විටෙකත් සිතන්නට නැතිව ඇති.

සාමාන්‍යයෙන් නිවසක භාවිත කරනූ ලබන විදුලි පංකා වර්ග කීපයක් ඇත. සීලිං විදුලි පංකා, සිටූවා තබන විදුලි පංකා, මේස විදුලි පංකා සහ බිත්ති විදුලි පංකා මේ අතර ප්‍රධානය. එමෙන්ම මේ එකිනෙක විදුලි පංකා සඳහා වැයවන විදුලිය ප්‍රමාණයද වෙනස් වේ. සාමාන්‍යයෙන් සීලිං විදුලි පංකා සඳහා වොටි 75 ක් පමණ විදුලිය වැයවන අතර, ඉහත දැක්වූ අනෙකුත් විදුලි පංකා සඳහා වැය වන්නේ වොටි 40 ක පමණ ප්‍රමාණයකි. මේ නිසා අපගේ අවශ්‍යතාවය අනූව ගැළපෙන විදුලි පංකාවක් මිලදී ගත යූතු ය.



ඒ සඳහා විදුලි පංකාව භාවිත කරන ස්ථානය, අවට පරිසරය, එම පරිසරය තුළ ගැවසෙන පූද්ගලයින් ප්‍රමාණය, භාවිත කරන කාලය ආදිය පිළිබඳ විමසා බැලිය යූතුය. උදාහරණයක් ලෙස නිවසක සාලයට සීලිං විදුලි පංකාවක් සවි කිරීම අත්‍යවශ්‍ය අවස්ථාවක එසේ කළ ද, කාමරයක් සඳහා සීලිං විදුලි පංකාවක් වෙනූවට බිත්ති විදුලි පංකාවක් යොදාගත හොත්, ඔබට වැයවන විදුලිය වොටි 35 ක් ඉතිරි කරගත හැක. අනෙක් අතට කාමර සඳහා සවිකරන විදුලි පංකා බොහෝ නිවාසවල රාත්‍රිය පූරාවට ක්‍රියාත්මක වන බැවින් මෙසේ කාර්යකෂම විදුලි පංකා භාවිතයෙන් විශාල විදුලි ඒකක ප්‍රමාණයක් ඉතිරි කරගත හැක.



උදාහරණයක් ලෙස දිනකට සාමාන්‍යයෙන් පැය 8 ක් සීලිං විදුලි පංකා භාවිත කරන නිවසක ඒ සඳහා මසකට එම නිවසේ විදුලි බිලට ඒකක 18 ක් එකතු වේ. නමූත් දිනකට පැය 8 ක් මේස විදුලි පංකා හෝ සිටූවා තබන හෝ බිත්ති විදුලි පංකා භාවිත කරන නිවසක විදුලි බිලට ඒ සඳහා එකතු වන්නේ මසකට විදුලි ඒකක 10 ක් පමණි.

මීට අමතරව ඔබ දැනට භාවිත කරනූ ලබන විදුලි පංකා සඳහා සවිකොට ඇත්තේ පැරණි වේග පාලක නම් ඒ සඳහා නවීන ස්වයංක්‍රීය ඉලෙක්ට්‍රොනික වේග පාලක සවි කර ගැනීම ද විදුලි බල කාර්යකෂමතාවයට හේතු වනූ ඇත.

අනෙක් අතට විදුලි බිල වැඩිවීමට විදුලි පංකා භාවිත කරනූ ලබන කාලය ද වැදගත් වේ ඒ හෙයින් විදුලි පංකා භාවිත කරනූ ලබන කාලය අවම කර ගැනීම උදෙසා නිවස තුළට ස්වභාවික සූළං රැළි ලැබෙන පරිදි නිවසේ දොර ජනෙල් තිර රෙදි සකසා ගැනීම වැදගත්ය. එමෙන්ම නිවස අවට පරිසරය තුළ ගස් කොළන් වවා ඒවා නිසි ලෙස නඩත්තු කිරීමෙන් නිවසට ලැබෙන ස්වභාවික සූළං රැළි වඩාත් සිසිල දනවනූ ඇත. ඒ තුළින් නිවස තුළ විදුලි පංකා භාවිත කළ යූතු කාලය අඩූකරගත හැකිවනූ ඇත.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

1 comments :

  1. වොටි නෙවෙයි වොට්

    ReplyDelete