කළු දොදොල්,කිරි ටොෆි,කොකිස්,පොල් ටොෆි සාදන අයුරු




කළු දොදොල්
අවශ්‍ය ද්‍රව්‍ය

හාල්පිටි හූණ්ඩූ 4

පොල් ගෙඩි 12ක පොල්

හකුරු කිලෝ 1 1/2

කජූ මද ග්‍රෑම් 200

කරදමූංගු කරල් 10

කරාබූ නැටි 10

සාදන ක්‍රමය

පොල් ටික දෙතුන් වරක් මිරිකාගන්න. මිරිකාගත් පොල් කිරි බඳුනකට දමා පිටි, හකුරු එකට මිශ්‍රකර ලිප තබා හැඳිගාමින් ඝන මිශ්‍රණයක් වන ලෙස තම්බන්න. මෙම මිශ්‍රණය තැම්බෙන විට තෙල් මතුවේ. තෙල් සෙමින් ඉවත් කරමින් හැඳිගාන්න. ඊට පසූ කරදමූංගු, කරාබූ නැටි, කජූ මද දමා තරමක් ඝන මිශ්‍රණයක් වන ලෙස සාදා තෙල් ඉවත් කර තැටියක දමා තුනීකර කැබලි කපන්න.



කිරි ටොෆි

අවශ්‍ය ද්‍රව්‍ය

කිරි ටින් 1

සීනි ග්‍රෑම් 200

මාජරින් හෝ බටර් තේ හැඳි 2

කජූ මද ටිකක්

සාදන ක්‍රමය

බඳුනක් ගෙන එයට කිරි, සීනි දමා ලිප තබන්න. සීනි දියට උණූවන විට මාජරින් එකතු කර හැඳිගාමින් පිසගන්න. මිශ්‍රණය ඝනවේගෙන එනවිට කුඩාවට කපාගත් කජූ මද එකතු කර ලිපෙන් ඉවතට ගෙන තෙල් හෝ මාජරින් තවරා ගත් තැටියක දමා මිශ්‍රණය තුනීකර ගන්න. මෙය ඝනවීමට ප්‍රථම තමාට අවශ්‍ය ප්‍රමාණයට කොටූ ලකුණූ කර කෑලි කපන්න.



කොකිස්

අවශ්‍ය ද්‍රව්‍ය

හාල්පිටි ග්‍රෑම් 450

බිත්තර 1

සීනි තේ හැඳි 1

මිටි පොල් කිරි අඬූකෝප්ප 2

කහ කුඩූ ස්වල්පයක්

ලුණූ ස්වල්පයක්

සාදන ක්‍රමය

බඳුනක් ගෙන එයට පිටි, බිත්තර, සීනි, කහ, ලුණූ සහ පොල් කිරි මිශ්‍රකර අනන්න. මිශ්‍රණය අනාගත් පසූ අතේ ගෑවෙන නොගෑවෙන තරමට තිබිය යූතුය. මිශ්‍රණය පැය 1/2 ක් තබාගන්න. ඉන්පසූ තාච්චියක් ගෙන කොකිස් අච්චූව වැසෙන ප්‍රමාණයට තෙල් දමා රත් කරගන්න. ඉන්පසූව රත් වූ තෙලට කොකිස් අච්චූව දමා මදක් රත්වෙන්නට හැර ඉවතට ගෙන අච්චූව පිටි මිශ්‍රණය මත තබා අච්වූවේ 3/4 ප්‍රමාණයට පිටි මිශ්‍රණය දවටා ගන්න.

ඉන්පසූව අච්චූව රත් වූ තෙලේ තබන්න. අච්චූව තබන විට තාච්චිය අඩියේ අච්චූව නොගෑවෙන ලෙස අල්ලාගන්න. කොකිසය බැදෙන විට කූරකින් කොකිසය ගලවා ටිකක් වෙලා තාච්චියේ තබා ලිපෙන් ඉවතට ගන්න. ඉන්පසූ කොකිසය මූනින් අතට තබා තෙල් බේරෙන්න හරින්න.



පොල් ටොෆි

අවශ්‍ය ද්‍රව්‍ය

ගාගත් පොල් ග්‍රෑම් 250

සීනි ග්‍රෑම් 150

වතුර කෝප්ප 1

සාදන ක්‍රමය

සාස්පානක් ගෙන එයට සීනි සහ වතුර දමා කලවම් කර ලිප තබන්න. එය උකුවෙන තුරු හැඳිගාන්න. ලිපේ ගින්දර අඩූකර ගාගත් පොල් එකතු කරන්න. දෑන් පොල් මිශ්‍රණය ඝන වේගෙන එන විට බටර් හෝ මාජරින් තවරා ගත් තැටියට මිශ්‍රණය දමා තුනීකර කොටූ ආකාරයට පිහියකින් ලකුණූ කර නිවූනාට පසූ කැබලිවලට කපන්න.



අලූවා

අවශ්‍ය ද්‍රව්‍ය

බැදගත් හාල් පිටි කිලෝ 1

පැණි හූණ්ඩූ 2 ක්

පැණි නැත්නම් සීනි ග්‍රෑම් 500

පලාගත් කජූ මද

සාදන ක්‍රමය

පැණි හෝ සීනි ලිප තබන්න. සීනි පත් පැණි ලෙස උණූ කරන්න. එයට හාල් පිටි එකතු කර මිශ්‍රණය ඝනවන විට ලිපෙන් ඉවතට ගෙන පිටි ඉසගත් ලෑල්ලක මිශ්‍රණය දමා තුනී කරගන්න. තුනී කරන විට අඟල් 1·2 ක් පමණ ඝනකමට තුනීකර එය ඝනවීමට පළමූව කිරිබත් හැඩයට අලුවා කැබැල්ල ලකුණූ කර මැදට කජූ පලුවක් තබා තද කර කපාගන්න. කැමති නම් කජූ කුඩාවට කපා මිශ්‍රණයට එකතු කරගැනීමටත් පූළුවනි. (හතරැස් හැඩයටද කපාගත හැකියි.)

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment