ස්ටීම් කිරීම,ස්ක්රබ් කිරීම ,පේෂල් කිරීම වැඩිදුරටත්



මූහූණේ තිබෙනා රෝම කූප මත සිර වී තිබෙන කුණූ ඉවත් කිරීමට අප මූහූණ සියූම් රත් කිරීමක් කරනවා. මෙය තමයි ස්ටිම් කරනවා කියලා කියන්නේ. එහෙම නැතිව මූහූණ දෑඩි ලෙස තම්බා ගැනීමක් කරන්නට හොඳ නෑ . බොහෝ වෙලාවට මේ වැරැද්ද සිදුවන්නේ නිවසේදී පේෂල් කිරීමක් කරන විටදීය. බොහෝ අය නිවසේදී පේෂල් කිරීමක් කරන විට මූහූණ හූමාලයෙන් දෑඩි ලෙස තම්බාගන්නවා. හරියට පිටිටූ තම්බා ගන්නවා වගේ. මෙය ඉතා වැරදි ක්‍රියාවක්. සම ඕනාවට වඩා තම්බාගැනීමත් හොඳ නෑ. ඕනවට වඩා සීතල කර ගන්නත් හොඳ නෑ. මද උණූසූමින් ඒ කියන්නේ සෙන්ටිගේටි අංශක 40 ක් වගේ උනූසූමකින් තමයි ස්ටීම් කිරීමක් කළයූත්තේ. නිවසේදී ස්ටීම් එකක් කරනවා නම් සෝස් පෑන් එකේ රත් වූ වතුරේ හූමාලයට අඩියක් විතර උඩින් මූහූණ අල්ලන්නේ නම් එවිටමද උණූසූමින් ඔබේ මූහූණ හූමාලයෙන් තවා ගන්නට පූළුවන්. අපේ සමේ ස්වභවය තමයි උණූසූමට රත්වෙන විට රෝම කූප ලිහිල් වීමත් සීතලට සම ළංවීම සිදුවීම. උණූසූමට මූහූණෙහි සිදුරු විවෘත වෙන විට හිරවෙලා තියෙන කුණූ තටිටූ අපට ගලවන්නට ලෙහෙසියි.


දැන් අපේ සම හරිම පිරිසිදුයි. අපි මූහූණට දමා ගන්නා පැක් එකක් වූණත් හොඳින් උරා ගන්නට පූළුවන්. ඊට පසූ තිබෙන්නේ සම්බාහනය කිරීමයි. සම්බාහනයේ වැදගත්ම දේ සමඅනූව සම්බාහන ආලේපන භාවිත කිරීමයි. හූඟක් තෙල් සහිත සමක් නම් එම සමට ගොඩක් කී්‍රම් සහිත දේවල් දාලා සම්බාහනය කිරීම හොඳ නෑ. ඒ වගේම සාමාන්‍ය හා වියලි සමට කී්‍රම් තිබෙන ආලේනයක් භාවිත කරන්න පූළුවන්. සම්බාහනය කරන කොට මතක තබා ගන්න දෑඩි ලෙස මූහූණට ගහන්න එපා. ඔබ හිතන්න පූළුවන් මූහූණට හයියෙන් හයියෙන් ගහලා සම්බාහනය කළාම ඒක මූහූණට හොඳයි කියලා. පේශියක් හැදිලා තියෙන්නේ පේශී තන්තුවලින්. හයියෙන් ගැහූවම වෙන්නේ පේශී තන්තු දුර්වල වීමයි. සියූම්ම මාංශ පේශීන් තිබෙන්නේ මූහූණේ ඒ නිසා සෑමවිටම සම්බාහනය කිරීමත් සියූම්ව කරන්න ඕන. ඒ වගේම ගොඩක් වෙලා සම්බාහනය කරන්න හොඳ නෑ. වැඩිම වූණොත් විනාඩි 15 ඇති. ඒ විතරක් නොවේ මූහූණේ මාංශ පේශීන් පිහිටා තිබෙනා අනූවයි. අපි සම්බාහන ක්‍රියාවලිය කළ යූත්තේ සම්බාහනයකින් බලා පොරොත්තු වන්නේ පේශී තන්තු සවිමත කිරීමයි. උද්දීපනයක් ඇති කිරීමයි. රුධිර ගමන වැඩි කිරීමයි සාමාන්‍යයෙන් පේෂල් එකක් කරලා සම්බාහනය කරන විට කිසිදු සැකයක් නැතිව කියන්න පූළුවන් බොහෝ දෙනෙකුට නින්ද යනවා. එහෙම නම් මේ ක්‍රියාවලිය ක්‍රමානූකුලව හෙමින් හෙමින් කරගෙන යන්න ඕන. උද්දීපනය හා විවේකයක් ලබාදිය යූතුයි. රුධිර ගමන වැඩිිකළ යූතුයි. රුධිර ගමන වැඩි කිරීමෙන් අප බලාපොරොත්තු වන්නේ සමට පෝෂණය වැඩි කිරීමයි.

මේ සියල්ලම කැටි වී සම්බාහනය ක්‍රියාවලිය සම්පූර්ණ විය යූතුයි. කෙනෙකුට නිදිමත ගතියක් ඇතිවෙනවා නම් ඔබ ඒ කාර්යය නිසියාකාරව කර තිබෙනවා. මේ සියල්ලමට පසූව පූළුවන් අපට පැක් එකක් දාන්න. අපි පැක් එක්ක දෑමිය යූත්තේඅපේ අවශ්‍ය තාවය අනූවයි. අවශ්‍යතාවය කිව්වේ කෙනෙකුට ඕන නම් සූදු වෙන්න අපි දාන්න ඕන සූදු වෙන්න අවශ්‍ය පැක් එකක්. තව කෙනෙකුට අවශ්‍ය නම් වියලි සමක් තිබේ නම් එය සාමාන්‍ය තත්ත්වෙක සමක් කරගැනීමට ඔහූට සාමාන්‍ය සමක් සඳහා සැකසූනූ පැක් එකක් දෑමිය යූතුයි. තෙල් සමක් වැඩිපූර තිබෙන කෙනෙක් ඒ සඳහා සැකසූ පැක් එකක් දෑමිය යූතුයි. නැතිනම් නිකම්ම පැක් එකක් දාන්න කිව්වට වැඩක් වෙන්නේනෑ අපේ අවශ්‍යතාවය අනූව අවශ්‍ය පැක් එක දෑමිය යූතුයි.

පැක් එකක් දමාගෙන අපි වෙනත් වැඩක නියැලීම සූදුසූ නැහැ. පැක් එකක් දෑමීමෙන් පේශීන් ශක්තිමත් වීම සහ පෝෂණය උරා ගැනීමක් සිදුවෙනවා. ඉතින් ඔබ පැක් එකක් දමා කා සමග හෝ කතා කළහොත් අපේ ක්‍රියාවලිය සාර්ථක වෙන්නේ නෑ. ඒකයි කියන්නේ පැක් එකක් දාලා උඩ අතට නිදාගෙන ඉන්න කියලා. එසේ නොකර ඔබේ කටයූතු කරන්නට යාමෙන් වෙන්නේ ඔබට පැක් එකෙන් කිසිදු වාසියක් නොලැබී යාමයි. ඒ වගේම ගොඩක් වෙලා පැක් එකක් දාගෙන ඉන්නත් හොඳ නෑ. සාමාන්‍යයෙන් පැක් එක්ක උරාගන්නා කාලය වන්නේ විනාඩි 10 සිට 20 දක්වායි. විනාඩි 40 ක් තිබ්බත් ප්‍රශ්නයක් නෑ. නමූත් ඊට වැඩි කාලයක් තබන්න හොඳ නෑ. පසූව පැක් එක යොදා ඉවත් කරන්න ඕන. නිවැරදි ආකාරයට එය ඉවත් කළ යූතුයි.

පසූව තමයි ටෝනර් එකක් දමාගන්න ඕන. නැතිනම් අයිස් වතුරෙන්. අයිස් කැට නම් මූහූණ අතුල්ලන්න හොඳ නෑ. ඊටපසූව මොයිස්චරයිසර් කී්‍රම් එකක් ආලේප කළ යූතුයි. කෙනෙක් අව්වට යනවානම් කුඩයක් ඉහළ ගෙන යන්න ඕන. නැතිනම් සන්කී්‍රම් එකක් බාවිත කරන්න ඕන ක පාරටම පරිසරයට මූහූණ නිරාවරණය කරන්න හොඳ නෑ. පේෂල් එකක මූලික කටයූතු ලෙස ක්ලෙන්ස් කිරීම සම්බාහනය කිරීම පැක් එකක් දෑමීම කිය කරුණූ 3 ම එකතු වූ විට තිබෙනවාසි තමයි පේශීන් ශක්තිමත් වීම, වයසට යාමේ පෙනූම අඩූ කිරීම, සම නිරෝගී සමක් බවට පත් කිරීම හා සමක් පැහැපත් බව ඇති කිරීම මානසික සූවය සඳහත් පේෂල් කිරීම හොඳයි. අද බොහෝ දෙනෙකුට ප්‍රශ්න තිබෙනවා. ඉතින් එහෙම බැලුවම මාසෙකට සැරයක් වත් පේෂල් කිරීම හොඳයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment