අවම විදුලි බලයකින් රෙදි මැද ගනිමූ



ලකෂ හතළිස් තුනකට අධික වූ ශ්‍රී ලාංකික විදුලි පාරිභෝගික නිවාස දෙස බැලීමේදී බොහෝ නිවාසවල දක්නට ඇති විදුලි උපකරණයක් ලෙස විදුලි ස්ත්‍රීක්කය දැක්විය හැකි ය.


එමෙන්ම නිවසක විදුලි බලයෙන් සැලකිය යූතු විදුලි ඒකක ප්‍රමාණයක් මේ සඳහා වැය වේ. මේ නිසා විදුලි ස්ත්‍රීක්කයක් මිලදී ගැනීමේදී කාර්යකෂමතාවයෙන් ඉහළ විදුලි ස්ත්‍රීක්කයක් මිලදී ගැනීමට ඔබ අවධානය යොමූ කළ යූතුය.

අනෙක් අතට රෙදි මැදීමේ කාර්යය සඳහා යන විදුලි බලය අවම කර ගැනීම සඳහා අප රෙදි සෝදා වේලා ගන්නා ආකාරය ද බලපානූ ලැබේ. අප රෙදි සේදීමෙන් පසූ ඉක්මණින් වේලා ගැනීමේ අදහසින් ඉතා තදට එම රෙදි මිරිකා ගැනීමට පූරුදුව ඇත. නමූත් එසේ කිරීමෙන් ඉතා විශාල එම රෙදි පොඩිවීම සිදුවන බැවින් නැවත වියළීමෙන් පසූ. රෙදි මැදීමට ගතවන කාලය වැඩි වේ. ඝර්ම කලාපීය රටක් වන අපට වසරේ වැඩි කාලයක් හිරු එළිය ලැබෙන බැවින් එසේ කිරීම අවශ්‍ය නැත.

එමනිසා රෙදි සේදීමෙන් පසූ ඒවා වැලක එල්ලා තැබීමෙන් එම රෙදි පොඩි නොවන අතර, එවිට මැදීමට යන කාලය අවම වී විදුලි බලය ඉතිරි කරගත හැක.

අද වෙළෙඳපොළේ විවිධ වර්ගයේ විදුලි ස්ත්‍රීක්ක දක්නට ලැබේ. ඒ අතුරින් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන විදුලි ස්ත්‍රීක්ක ඉහළ කාර්යක්ෂමතාවක් සහිතයි. ස්ටීම් අයන් හෙවත් ජල වාෂ්ප පිට කළ හැකි විදුලි ස්ත්‍රීක්කය පාවිච්චි කර රෙදි මැදීමේදී වඩා ඉක්මණින් රෙදි මැද ගැනීමට හැකියාව ලැබෙන අතර, විශාල වශයෙන් රෙදි මැදීම සිදුවන ස්ථාන සඳහා මෙය වඩා යෝග්‍ය වේ.

මේ නිසා ඔබ විදුලි ස්ත්‍රීක්කයක් මිලදී ගැනීමේදී අවශ්‍යතාව අනූව සලකා බලා ඉහළ කාර්යකෂමතාවකින් යූත් විදුලි ස්ත්‍රීක්කයක් මිලදී ගැනීමට උනන්දු වන්න.

විදුලි ස්ත්‍රීක්කයක් සාමාන්‍යයෙන් වොටි 750 ඃ 1000 ත් අතර විදුලි උපකරණයකි. විදුලි ස්ත්‍රීක්කය පරිපථය හා සම්බන්ධ කළ විට ආරම්භයේදී රත්වීම සඳහා එය ලබාගන්නා විදුලි ධාරිතාව එහි සටහන් කර ඇති උපරිම ධාරිතාවම ලබාගනී. ස්ත්‍රීක්කය රත්වන විට එහි විදුලිය වැයවීම ක්‍රමයෙන් අඩූවී යයි. මේ කරුණ නිසා නිවසේ තිබෙන රෙදි එකවර මැද ගැනීම ශක්ති පරිභෝජනය අතින් වඩාත් වාසිදායකය. මේ නිසා සෑමවිටම රෙදි මැදීමේදී දින කීපයක් සඳහා අවශ්‍ය වන රෙදි එකවර මැද ගැනීමට පූරුදුවීම ඔබේ විදුලි බිල්පත අඩූකර ගැනීමට උපකාරී වේ.

වොටි 1000 ක විදුලි ස්ත්‍රීක්කයක් විනාඩි 15 ක් රෙදි මදින නිවසක ඒ සඳහා විදුලි ඒකක 6 ඃ7.5 ත් අතර, ප්‍රමාණයක් මාසයකට විදුලි බිලට එකතු වනූ ඇත. දින කීපයක රෙදි එකවර මැද ගැනීමෙන් මෙම විදුලි ඒකක ප්‍රමාණය අඩූකර ගත හැකිය.

සමහර කාර්යය බහූල විදුලි පාරිභෝගිකයෝ තෙත රෙදි මැදීමට පූරුදු වී සිටිති. මේ නිසා රෙදි මැදීමට මෙන්ම රෙදිවල ඇති ජලය ඉවත් කිරීමට ද සිදුවන බැවින් අමතර විදුලියක් වැය වේ. මෙය ඉතා අකාර්යක්ෂම විදුලි පරිභෝජන පූරුද්දකි. මේ තත්ත්වය ඔබේ විදුලි බිල ඉහළ යාමට හේතු වේ. එමෙන්ම රෙදි මඳින විට රත් වූ විදුලි ස්ත්‍රීක්කය කිසිදු පෘෂ්ඨයක නොගැටෙන පරිදි කෙළින් අතට සිටූවා තැබීමෙන් තාප හානිය අවම කරගත හැක.

රෙදි මැදීම සඳහා උපදෙස්

රෙදි මැදීම ආරම්භ කරන විට බර රෙදි මැදීම මූලින් සිදු කළ යූතුය. ස්ත්‍රීක්කයේ උෂ්ණත්ව පාලකය ඉහළ අතට හරවා මූලදී බර රෙදි මැදීම උෂ්ණත්ව පාලකය අඩූ අතට කරකවමින් සැහැල්ලු ඇඳුම් මැදීම අවසානයට කිරීම වඩා කාර්යකෂමය.

කෙතරම් කාර්යකෂම ලෙස විදුලි ස්ත්‍රීක්ක භාවිත කළ ද වර්තමානයේ විදුලි ස්ත්‍රීක්ක භාවිත කරන්නන්ද පවතින තරඟකාරී සමාජ රටාවට හසූව ඇත. මේ නිසා උදෑසන කාර්යය බහූලත්වය මත, ස්ත්‍රීක්කය ක්‍රියාවිරහිත කර යාමට ඇතැම් විට අමතක විය හැක. එම තත්ත්වය විදුලි බල නාස්තියට පමණක් නොව, විශාල අනතුරුවලටද හේතුවී ඇත.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment