හෝම් වර්ක් කළ යූත්තේ දරුවන්ද? නැතිනම් දෙමාපියන්ද?




පාසල් යන දරුවන්ට ගෙදරදී සිදුකිරීමට බොහෝ අභ්‍යාස දෑන් සැපයේ. සෑම විෂයකදීම ඔවූන්ට ලැබෙන හෝම්වර්ක් සම්බන්ධයෙන් අවබෝධයක් පාසලේදී ගුරුවරු ලබා දෙති. දරුවන්ට සිදුකිරීමට ඇත්තේ ඒවා හොඳින් මතකයේ රඳවාගෙන නිවසේදී අභ්‍යාසයෙහි යෙදීමටයි.

නමූත් දරුවන් සිදු කරන්නේ වෙනස් දෙයකි. ඔවූන් තම හෝම්වර්ක් සිදුකිරීම පවරන්නේ තම මාපියන්ටයි. දරුවන් පැත්තකටවී බලා සිටියදී මාපියන් අභ්‍යාසයන් හි උත්තර ලියති. අත්කම් කරති.

අවසානයේදී පාසල් කටයූතු සිදු කරන්නේ දරුවන් නොව මාපියන්ය. අත්කම් මාපියන්ගේය. ගුරුවරුන්ට පවා ඒවා දකිද්දී එකවරම සිනා යෑමක්ද සිදුවිය හැකිය. මන්ද දරුවන් කරන දේ හා මාපියන් කරන දෙයෙහි වෙනස හඳුනාගැනීමට අත්දෑකීම් බහූල ගුරුවරුන්ට අපහසූ නොවේ.

පාසල් දරුවන්ට ගෙදරවැඩ පවරන්නේ අතිරේක අධ්‍යයනයක් ලැබීමටයි. අත හූරුවීමටයි. නිර්මාණාත්මක බව වර්ධනය කිරීමටයි. එහෙයින් ඒවා කළ යූත්තේ දරුවන් විසිනි. නොඑසේ නම් දරුවන්ට ලැබිය යූතු ඉගෙනීමක් සිදුනොවේ.

දරුවන්ගේ ගෙදර වැඩ සම්බන්ධයෙන් මාපියන්ගේ අවධානය යොමූවිය යූතු බව ඒ ගැන විමසිලිමත් වූ විටදී මට සිතේ. මන්ද වර්තමානයේ දරුවන්ට අධික හෝම්වර්ක් ප්‍රමාණයක් සිදු කිරීමට පැවරෙන්නේ පාසලේදී ලබන අධ්‍යාපනයට අතිරේකවද යමක් සිදුකිරීම අවශ්‍ය වීමෙනි. නමූත් දරුවන් සැමවිටම පාසලේ හෝම්වර්ක් මාපියන්ට සිදුකිරීම පවරන්නේ එක්තරා අන්දමක කපටිකමකින්ද යූතුවය. දරුවන් බොහෝ විට සිදුකරන්නේ අභ්‍යාසයකට පිළිතුරක් මාපියන් පවසද්දී හැඟීමකින් තොරව ලියා ගැනීමය. එහෙයින් යම් ප්‍රශ්නයක් හෝ එයට පිළිතුර කුමක්දෑයි දරුවන් නොදන්නා තත්ත්වයකට පත් වේ. අත්වැඩක් මාපියන් කරන අන්දම බලා සිටිනූ මිසක දරුවාගේ නිර්මාණාත්මක බව එයට එක් නොවේ.

ළදරුවන්ට අධ්‍යයනයෙහි යෙදීමට කාලයක්

බොහෝ දරුවන්ට නිසි ලෙසින් හෝම්වර්ක් කිරීමට අසීරුවන්නේ ඔවූන් එයට සිත් යොමූ කරන්නේ නින්දට යෑමට ආසන්නයේදී වීමෙනි. එනම් මව රැකියාවට ගොස් පැමිණීමෙන් පසූ හෝ නිවසේ කටයූතු නිමා කරන තුරු ඔහූ බලා සිටී. එහෙයින් හෝම්වර්ක් කරද්දී දරුවන්ට නිදිබර ගතියක් පැමිණීමට හෝ අවධානය අන් අතක යොමූ වී තිබීමට හැකිය. මන්ද රාත්‍රිය වෙද්දී නිවසේ අන් අය රූපවාහිනියේ ටෙලිනාට්‍ය බැලීමට යොමූවීමෙන් පාඩම් කටයූතුවල යෙදුණද දරුවාගේ මනස රැඳී ඇත්තේ සාලයෙහිය.

එහෙයින් දරුවන්ට අධ්‍යයන කටයූතුවල යෙදීමට කාලයක් වෙන් කිරීම මාපියන්ගේ වගකීමකි. ඒ සඳහා සූදුසූම කාලයන් දෙකක් වෙති. එයින් එක් අවස්ථාවක් වෙන්නේ පාසල් නිමා වී නිවසට පැමිණ ආහාර ගැනීමෙන් පසූව මදක් විවේකීව සිටියදී කළ යූතු හෝම්වර්ක්වලට සියූම්ව අවධානයක් යොමූ කර අදාල පිළිතුරු කල්පනා කිරීමයි.

දෙවැනි කාලය වන්නේ රාත්‍රී 6 සිට 9 දක්වා කාලයයි. එය අධ්‍යාපන කටයූතු සඳහා පූර්ණ අවධානයක් යොමූකළ යූතු කාලයකි.

දරුවාට තනිවම

මූලින්ම දරුවාට තනිවම හෝම්වර්ක් සිදුකිරීමට පවරා පළමූව අසීරු තැන් පමණක් ඔබ කියා දිය යූතුය. මන්ද දරුවන් නිවසේදී කළ යූතු අභ්‍යාස සම්බන්ධයෙන් පාසලේදී ගුරුවරුන් විසින් අවබෝධයක් ලබා දේ. එයට නිවැරදිව සවන්දෙයි නම් දරුවාට හෝම්වර්ක් කිරීම අසීරු නොවේ. නමූත් බොහෝ අවස්ථාවලදී මාපියන් විසින් තමාගේ හෝම්වර්ක් කර දෙන බැවින් එයට පාසලේදී අවධානය යොමූ කළයූතු නොවේ යැයි දරුවෝ සිතති. එයින් දරුවාට එම අභ්‍යාසය මතකයේ රැඳෙන්නේ අවම ලෙසිනි.

අත්කම්ද එසේමය. මාපියන් විසින් අමූද්‍රව්‍ය පමණක් සැපයිය යූතුය. නිර්මාණය කළ යූත්තේ දරුවා විසිනි. අවශ්‍ය නම් මාපියන්ට එය සිදු කරන අන්දම ගැන පමණක් වැටහීමක් දරුවාට ලබාදීමට හැකිය. මන්ද අත්කම් මගින් සිදුකරන්නේ දරුවන්ගේ නිර්මාණාත්මක හැකියාව ඉහළ දෑමීමයි. අලුතින් සිතා බලා යම් දෙයක් කිරීමේ හැකියාව වර්ධනය කිරීමය. නමූත් මාපියන් විසින් දරුවාට අත්කම් සාදා දෙද්දී ඔවූන් තුළ එම නිර්මාණාත්මක හැකියාව වර්ධනය නොවේ. එය අධ්‍යාපන ක්‍රමයේ මූලික පරමාර්ථයන් ගිලිහී යෑමකි.

රාත්‍රි වනතුරුම

බොහෝ දරුවන් රාත්‍රිය වනතුරුම ඔහේ පාවෙමින් සිටින්නේ හෝම්වර්ක් කිරීමක් අවශ්‍ය නොවන ලෙසිනි. මන්ද අවසන් මොහොතේදී පැවසූ විටදී මාපියන් එය ඉටූකර දෙන බව දරුවෝ දනිති. එහෙයින් ඔබ සෑම විටම පැවසිය යූත්තේ හෝම්වර්ක් කිරීම අරඹන ලෙසිනි.

නොමැති නම් සිදුවන්නේ මාපියන් වූ ඔබ හෝම්වර්ක් සිදුකිරීම හා දරුවන් ඔහේ එය හැඟීමකින් තොරව ලිවීමය. එය තේරුමක් නොවේ.

එහෙයින් මාපියන් යළි ළමාවියට යා යූතු නොවේ. දරුවන්ගේ ලිපිකරුවන් මෙන් ඔහූගේ අභ්‍යාස ලිවිය යූතු නොවේ. ඔබ කළ යූත්තේ බූද්ධිමත්ව දරුවා ලවාම අදාල අභ්‍යාස සිදුකිරීමට මඟ පෙන්වීම පමණි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment