මෙවර අපි කතා කරන්නේ බොහෝ දෙනෙක් මූහූණ දෙන දණහිසේ ඉදිමීම ලෙස හඳුන්වන රෝග තත්ත්වයන් ගැනයි.
දණහිසේ ඉදිමීම නොයෙක් තත්ත්වයන් නිසා ඇතිවෙන්න පූළුවන්. හදිසියේ ඇතිවන වැටීමක් නිසා, තුවාලවීමක් නිසාත්, නැත්නම් ෆයිලේරියා ලෙස හඳුන්වන බරවා රෝගය නිසාත් , නැත්නම් වෛරස් ආසාදනයක් නිසාත් වෙනත් රෝගයක අතුරු ආබාධයක් නිසාත් මෙම දණහිසේ ඉදිමීම ඇති වෙන්න පූළුවන්. නමූත් මෙම රෝග තත්ත්වය නිතර දකින්නේ නැතිවූණත් හිමෝෆිලීයාව ලෙස හඳුන්වන ලේ යාමේ රෝගය නිසාත් මෙය ඇති වෙන්න පූළුවන්. මෙවන් රෝගියෙක් ගේ සූළු තුවාලයකදී සූළු ගැස්සීමකදී දණහිසේ ඉදිමීම ඇතිවෙන්න පූළුවන්.
මෙවැනි තත්ත්වයකදී වැදගත් වෙන්නේ ඉදිමීම පමණක්ද? වේදනාවක් සමග ඉදිමීමදද? නැත්නම් දණහිසේ චලනවලටත් අපහසූද කියලා බලන්න වෙනවා. රෝග ලකෂණ මොනවා වූණත් දින කිහිපයක් දණහිසේ ඉදිමීම තියෙනවා නම් වෛද්‍යවරයා පරීක්ෂා කර බලා අවශ්‍ය පරීක්ෂණ වලට යොමූ කිරීමෙන් තමයි රෝගය කුමක්ද කියා සොයා බලන්න පූළුවන් වෙන්නේ.
ඔස්ටියෝ ආතරයිටිස් කියන රෝගයටත් දණහිසේ ඉදිමූම ඇතිවෙනවා. මෙය දණහිසේ කැක්කුම සමග ඇතිවන ඉදිමීමක්. මෙතනදී දණහිසේ අස්ථිවල රස්නේ ගතියක් ඇති වෙනවා. වේදනාව, ඉදිමීම පමණක් එන්නත් පූළුවන්.
පාසල් යන දරුවන්ට මෙවන් තත්ත්ව ඇතිවෙන්නේ අනතුරු මගින්. මෙතනදී දණහිසේ ඉදිමීම තනිව හෝ දෙකටම එකට ඇතිවෙන්න පූළුවනි.
දණහිසේ ඉදිමීම තියෙන විට අපේ මිනිසූන් උණූ වතුරෙන් තවන්න එහෙම පූරුදුවෙලා ඉන්නවා. නැතිනම් අත් බෙහෙත් පාවිච්චි කරනවා. එවන් දේවල් කිරීම සාමාන්‍ය ඉදිමීමකදී කළාට මම වරදක් දකින්නේ නෑ. නමූත් දිගින් දිගටම දණහිසේ ඉදිමීම තියෙනවා නම් වෛද්‍යවරයෙක් හමූවෙලවා ප්‍රතිකාරවලට යොමූවීම වැදගත්.
ෆයිලේරියා කියන තත්ත්වයේදී ඉදිමූම දණහිසේම වෙන්න ඕන නෑ හන්දියක් ආශ්‍රීතව වූනත් ඉදිමූම ඇතිවෙනවා. මෙම බරවා රෝගයෙන් වැඩිපූර පීඩා විඳින්නේ වෙරළ ආශ්‍රිතව හා මූහූදුබඩ ජනතාවයි. එවැනි ජනතාව හන්දි ආශ්‍රිත ඉදිමූමක් හෝ දණහිසේ ඇතිවන ඉදිමූම සූළුවෙන් සිතිය යූතු නැහැ. නොකළ යූතුයි. මෙය ලේ පරීක්ෂාවකින් හරියට දෑන ගන්න පූළුවන් ෆයිලේරියා තත්ත්වයක්ද කියලා. එසේ වෛද්‍යවරයා විසින් අවශ්‍ය ප්‍රතිකාර වලට යොමූකිරීම ඉතා වැදගත් වෙනවා.
කුඩා දරුවන්ට එහෙම දණහිසේ ඉදිමීමක් ඇතිවෙනවා නම් මෙය නිතර නිතර ඇතිවන රෝගී තත්ත්වයක් නම් බලාගෙන ඉන්න හොඳ නෑ. මෙය වෙනත් රෝගයක අතුරු ආබාධයක් නිසා හෝ නැතිනම් වෙනත් රෝගයක පෙර ලක්ෂණ නිසා ඇතිවිය හැකියි. ඇතැම්විට මෙය භයානක රෝග ත්තත්වය දක්වා වර්ධනය විය හැකියි. දණහිසේ ඉදිමූම දවස් කිහිපයක් තියෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාරවලට දරුවා යොමූ කරලා පරීක්ෂා කර බලා ඊළඟ පියවරවල්වලට යොමූ විය යූතු බව මතක තබාගන්න. ගෙදරදී කරන අත්බෙහෙත් මගින් තීරණ වලට එළඹීම ඒ තරම් සූදුස නැහැ.
0 comments :
Post a Comment