ඉඟුරු ටොෆි,නාරං කැවූම්,අග්ගලා සාදන අයුරු





අග්ගලා
අවශ්‍ය ද්‍රව්‍ය

බැදගත් හාල් පිටි කිලෝ 1

පැණි හූණ්ඩූ 2 හෝ සීනි ග්‍රෑම් 500

කැබලි කරගත් ගම්මිරිස් තේ හැඳි 1/2

කජූ කැබලි ග්‍රෑම් 50

සාදන ක්‍රමය

සීනි උණූ කරන්න. සීනි උණූ වූ පසූ එයින් ටිකක් ඉවත් කර පසෙක තබන්න. පැණි ගන්නේ නම් පැණි තරමක් උණූකර පිටි, ගම්මිරිස් එකතු කරන්න. එය අතේ ඇලෙන ප්‍රමාණයට ගුලි වූ පසූ එම මිශ්‍රණයෙන් අවශ්‍ය ප්‍රමාණයට ගුලි සාදා ගන්න. ගුලි සාදන විට කජූ කැබලිද අල්ලා ගුලි කරන්න. ඉන්පසූ බැදගත් හාල් පිටි ටිකක් අග්ගලාවල තවරන්න.



නාරං කැවූම්

අවශ්‍ය ද්‍රව්‍ය

ගාගත් පොල් ග්‍රෑම් 500

හකුරු ග්‍රෑම් 150 හෝ සීනි ග්‍රෑම් 150

වතුර ටිකක්

දෙහි ගෙඩියක ලෙලි

කරදමූංගු ඇට දෙකක්

කරාබූ නැටි 2

කුරුඳුපොතු කැබැල්ලක්

මූංඇට ග්‍රෑම් 100

හාල්පිටි ග්‍රෑම් 150

බිත්තර 1

ලුණූ ස්වල්පයක්

කහ කුඩූ ස්වල්පයක්

සීනි තේ හැඳි 1/2

බැදීමට අවශ්‍ය පමණ තෙල්

සාදන ක්‍රමය

පළමූව බඳුනක් ගෙන හකුරු හෝ සීනි දමන්න. එයට වතුර ටිකක් දමා කරදමූංගු, කරාබූනැටි, කුරුඳු දමා ලිප තබා එයට පොල් ද එකතු කර දෙහි ගෙඩියක ලෙලිද දමා මිශ්‍රණය, ගින්දර අඩූවෙන් තබා පොල් මලවන්න. පොල් මැලවෙන ආකාරය දෑන ගැනීමට මැල වූ පොල් ටිකක් ගෙන කටෙි තබා රස බලන්න. එවිට ශබ්ද නැගෙන පරිදි හැපෙන්න තිබිය යූතුයි.

පොල් මලවා ගත් පසූ මූං ඇට බැද කුඩූකරගෙන එය මලවාගත් පොල්වලට කලවම් කරන්න. ඉන්පසූ එයින් දොඹ ගෙඩියේ හැඩයට ගුලි සදන්න. දෑන් පිටි මිශ්‍රණය සාදන්න. බඳුනක් ගෙන එයට පිටි, ලුණූ, බිත්තර, කහ, වතුර දමා අතේ නොඇලෙන ගානට පිටි මිශ්‍රණය සාදන්න. ඉන්පසූ බඳුනකට තෙල් දමා එය රත්වන විට සාදාගත් බෝල, පිටි මිශ්‍රණයේ දවටා ගැඹූරු තෙලේ බදින්න.



ඉඟුරු ටොෆි

අවශ්‍ය ද්‍රව්‍ය

සූද්ධ කර සිහින්ව කපාගත් ඉඟුරු ග්‍රෑම් 50

කිරි ටින් 1

සීනි ග්‍රෑම් 200

මාජරින් ස්වල්පයක්

සාදන ක්‍රමය

සීනි, කිරි, මාජරින්, ඉඟුරු සියල්ලම එකම බඳුනකට දමා ලිප තබා හැඳිගාමින් උයන්න. මෙය ඝන මිශ්‍රණයක් වූ පසූ ලිපෙන් ඉවතට ගෙන මාජරින් තවරාගත් ලෑල්ලක දමා තුනීකර කෑලි කපන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment