ජීවිතය විඳවන්නෙ නැතිව නිරතුරුව විඳිමූ


ගැහැනියක් ස්වභාවයෙන්ම ජීවිතයේ විවිධ අවධි පසූ කරනූ ලබයි. බිළිඳියක්, ළදැරියක්, ගැහැනූ ළමයෙක්, යෞවනියක්, තරුණියක්, කාන්තාවක් හා දියණියක්, පෙම්වතියක්, බිරිඳක්, මවක්, මිත්තනියක් ආදී ලෙස ජීවිතයේ විවිධ කඩඉම් පසූකරන ඇය සමස්ත සමාජය ඉදිරියට ගෙන යාමට සක්‍රිය දායකත්වයක් දෙන සූවිශේෂී භූමිකාවකි. ඇය සැබැවින්ම මානවිකාවකි. ඇයගේ ජීවිතයේ සාර්ථකත්වය තුළ සමාජයේ සාර්ථකත්වයද රැඳී පවතී. නව යෞවනයේ සිට මහලු විය දක්වාම ජීවිතය වඩාත් සාර්ථක කරගන්නා අයූරු මෙම ලිපි පෙළින් සාකච්ඡා කරමූ. පළමූ ලිපියෙන් විවාහයට පෙර තරුණියක් තම අනාගත ස්වාමිපූරුෂයා - ප්‍රේමවන්තයා සමග සමාගමය කෙබඳු විය යූතුදැයි කතා කරමූ.

යෞවනියක් විවාහ ජීවිතයට පිවිසෙන්නේ ප්‍රේම සම්බන්ධයකින්. එහෙමත් නැත්නම් විවාහ යෝජනාවකින්, ඒ කෙසේ වූවත් විවාහයට කලින් දෙදෙනා එකිනෙකා හඳුනා ගැනීම ඉතා වැදගත් කාරණයක්. මේ හඳුනා ගැනීම යනූ සරල කරුණක් ලෙස සැලකිය නොහැකියි. පූද්ගලයෙකු ගොඩනැගෙන්නේ ආදරය හා පරිසරය නිසයි. ආදරය හා පරිසරයේ බලපෑමේ ප්‍රමාණය එක් එක් පූද්ගලයාගෙන් පූද්ගලයාට වෙනස් වේ. මෙය යෞවනියක් තේරුම් ගත යූතුයි. පරම්පරාවෙන් පරම්පරාවට හා ජාන මගින් ද ගෙන එන ලකෂණ සම්පූර්ණයෙන් වෙනස් කිරීම උගහටය. නමූත් එම ලකෂණ වෙන්කොට හඳුනා ගැනීම ඉතා වැදගත් වේ. පරිසරය කියලා අපි සලකන්නේ ආර්ථික, දේශපාලන, අධ්‍යාපනික, සමාජයීය ආගමික සංස්කෘතික පාරිසරික හා නෛතික යන සමාජ සංස්ථාවන්හි වටපිටාවන්ය. මෙම පාරිසරික සමාජ සංස්ථාවන්හි හැසිරීම හා ගැටීම අනූව පූද්ගලයන්ගේ ගති ලකෂණ හූරුපූරුදු, භාවිතයෙන් චාරිත්‍ර වාරිත්‍ර ආදිය වෙනස් වේ. මෙය විවාහයට පෙර තරුණියක් ගැඹූරෙන් අවබෝධ කරගත යූතුයි.

සෑම පූද්ගලයෙකුගෙම ් ගති ගුණ හා හැසිරීම් තම අම්මාගේ ගතිගුණ, හැසිරීම මත තීරණය වේ. එය ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව එකිනෙකා වෙනස් වූවත් ඉතා ගැඹූරින් හා සූකෂමව මෙම තත්ත්වයන් වටහා ගත යූතුයි. විවාහය සිදුවන්නේ යෝජනාවකින් වූවත් විවාහයට පෙර දෙදෙනා එකිනෙකා අවබෝධ කර ගැනීමට ඉතා වැදගත්ය.

භාෂා ශෛලිය, භාෂා යෙදුම්, ඇහූම්කන්දීමේ ප්‍රමානය, තීරණ ගැනීමේ ස්වභාවය පිළිබඳ ව ද, පූද්ගලයෙකුගේ රුචිකත්වයන්, ආශාවන්, රසඥතාවය, අරමූනූ, පරමාර්ථ ඉලක්ක ආදිය පිළිබඳවත් පෙම්වතිය හඳුනා ගැනීම ඉතා වැදගත් වේ. කෑම - බීම ඇඳුම් පැළඳුම් ගමන් - බිමන්වල ස්වභාවය හා ප්‍රමාණය පිළිබඳ අවබෝධයක් ලබාගත යූතුයි. සෑම පූද්ගලයෙකු තුළම සැඟවූණූ විභව ශක්තීන් තිබිය හැකිය. මේ පිළිබඳව සැලකිලිමත්වීමද ඉතා වැදගත් වේ. සිතුවිලි මත අදහස්, විශ්වාස, ඇදහිලි ක්‍රම ආදිය ද විමසීම ඉතා වැදගත්ය. මෙම හඳුනාගැනීමත් සමගම දෙදෙනාම එකම අයෙකු ලෙස ජීවත්වීම සඳහා දෙදෙනාටම වෙනස්වීමට සිදුවේ. මෙහිදී දෙදෙනාගේම අන්‍යොන්‍ය අවබෝධයක්, වෙනස්වීමට ඇති හැකියාව හා කැමැත්තත්, නම්‍යශීලීත්වයත් කැපවීමත් ඉතා වැදගත් වේ. දෙදෙනාම යථාර්ථය හා පරාර්ථය ඇති එනම් තමන්ගේ දියූණූව හා අභිවෘද්ධිය ගැන සිතන ගමන් අනූන්ගේ දියූණූව හා අභිවෘද්ධිය ගැන ද සිතන හා ක්‍රියාකරන අයයි. විවාහයට පෙර හඳුනා ගැනීම තුළ ස්වාර්ථය හා පරාර්ථය උපරිමව සමව කිරීමට අවශ්‍ය පසූබිම ගොඩනගා ගත යූතුයි. මෙය අවංකවත් නිහතමානීවත් කළ යූතුය. ඊට විවෘත මනසක් පළල් හදවතක් තිබිය යූතුය.

ඕනෑම පූද්ගලයෙකු සතුව උපතින්ම ලැබූණූ හෝ පසූව ළඟාකරගත් හැකියාවන් කෞෂල්‍යයන් තිබේ. එමෙන්ම පෞද්ගලික ජීවිතය දියූණූ කර ගැනීම් විවිධ මාර්ග හා අවස්ථා ද තිබේ. මේ දේවල් ක්‍රමිකව වර්ධනය කරගැනීමට උදව් කිරීම හා මැදිහත්වීම තුළ දෙදෙනා අතර අන්‍යොන්‍ය විශ්වාසය බැඳීම් තහවූරු වේ. ඒ වගේම ඕනෑම පූද්ගලයෙකු තුළ දුර්වලතා මෙන්ම ඔහූ විසිනි. හඳුනාගත් හෝ හඳුනාගෙන නොමැති බාධක තර්ජන පැවතිය හැකිය. මේ දේවල් අවම කිරීමට උත්සාහ දැරීම තළ ද දෙදෙනා අතර ශක්තිමත් බැඳීමක් ඇතිවේ.

අපි පිරිසිදු සිතින් අවංකවම කරන ප්‍රාර්ථනයක් - උත්සාහයන් කිසි දවසක වරදින්නේ නෑ. සත්භාවයෙන් මේ පොළොවේ වපූරන හැම දෙයක්ම පැළවෙනවා. වැඩෙනවා. ඵල දරනවා. ජීවිතයත් ඒ වගේමයි. පවූල් ජීවිතය ආදරයෙන් සෙනෙහසින් පිරුණූ සොඳුරු තැනක් විය යූතුමයි. ඒ සඳහා විවාහයට පෙර හඳුනා ගැනීම ඉතාමත්ම වැදගත්. එම හඳුනාගැනීම අන්‍යොන්‍ය බැඳීම විශ්වාසය තුළ ගොඩනගාගත යූතු යහ පූරුදු බොහෝ ය. යහපත් හැසිරීම් විධි බොහෝය.

ං උදෑසන පිබිදීම

ං කඩිසරකම හා ක්‍රියාශීලීත්වය

ං කාර්යකෂමතාවය

නම්‍යශීලිත්වය හා අන්මත ඉවසීම

ං සංවරකම විනය හා දැහැමි බව

ං ඉවසීම

ං උනන්දුව හා කැපවීම ආදි බොහෝ කරුණූ වේ.

මෙම ගුණාංග වර්ධනය කර ගැනීම තුළ යහපත් පවූල් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය පසූබිම සැකසේ. දෙපාර්ශ්වයේම නෑදෑයින්ගේ හිතවතුන්ගේ, ආදරයට ගෞරවයට භාජනය වේ. මේ සඳහා කිසිදු වියදමක් දැරීමට සිදු නොවේ. අවශ්‍ය වන්නේ වෙනස්වීමට ඇති කැමැත්ත හා කැපවීම පමණි.

අප අපට තරම්ම අනෙක් අයටත් ආදරය කිරීමට ගරු කිරීමට හැකි නම් බොහෝ දෑ ළඟා කරගත හැකිවනූ ඇත.

විවාහයට පෙර ආදරය කරන්න. එය සූන්දර දෙයක් ඒ තුළ අවබෝධ කරගන්න. යහපත් වෙනස්වීම්වලට යන්න. ජීවිතය විඳින්නට අවශ්‍ය පසූබිම සකසා ගන්න.

ජීවිතය හරිම සූන්දරයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment