දරුවෙකු ලැබෙන්නට සිටින මූල් කාලයේ පන්සලට කෝවිලට යන්න හොඳ නැතිද?




උතුම් වූ මව් පදවිය ලබන්නට යි විවාහ වන සෑම කාන්තාවකගේම සිහිනයක් වන්නේ. දරු ගැබක් හට ගත් බව දෑනගත් විටදී ඇය කොපමණ සතුටට පත් වනවාද? ඇය පමණක්ම නොව, ඇයගේ නිවසේ සිටින සෑම සියලුූ දෙනාමද සතුටට පත්වන අතරම ගැබ් ගත් මව ආරක්ෂා කර ගන්නේ තම පවූල ඉදිරියට ගෙන යෑම සඳහා අලුත් සාමාජිකයෙකු පැමිණෙන බව පසක් කර ගනිමිනි.

මවක් වූ ඇය සියලු දෙනාගේ රැකවරණය ආරක්ෂාව මත දරුවා බිහිවන තුරු සිටින අතර ඇයට මෙම කාලය තුළදී වැඩිහිටි උදවියගෙන් යම් යම් දේ සඳහා තහංචි පැන වීමක් ද සිදු වෙයි.

මෙවැනි තහංචි අතර මූල් කාලයේදී පන්සල් පල්ලි කෝවිල් ආදී පූජනීය ස්ථානවලට යෑම සූදුසූ නොවන බවට මතයක් අපගේ වැඩි හිටියන් තුළ තිබෙනවා. මේ නිසා අප ඒ පිළිබඳ මත විමසීමක් කළා.

ගැහැනියක් මව් පදවියට පත් වීමට සූදුසූකම් ලබන්නේ දරුවෙකු පිළිසිඳගත් දා පටන්ය. එයට පෙර කාලයේදී ගැබ් පෙරහැර පැවත්වීම කියලත් පවසන අතර මේ පිළිබඳ විස්තර පූරාතන ග්‍රන්ථවල සඳහන් වෙනවා.

ගැබ් පෙර හැර යනූවෙන් අදහස් කරන්නේ මවගේ කුස තුළට දරුවා පිළිසිඳ ගත් දා පටන් දරුවාව සහ මව ආරක්ෂා කර ගන්නා වූ පූර්වක් කෘතයටයි.

ගැබ් ගත් මවක් රැකගනූ ලැබූවේ මව් කුස බොහෝ අපහසූ ස්ථානයක් නිසාය. එය හරියටම අපායකට සමානයි කීවොත් හරි. දරුවා මවගේ කුසයේ සිටින්නේ සතුටකින් නොවේ. මවටත් දරුවාටත් අවධානමක් ඇති නිසා තමයි වැඩිහිටි අය ඇයව හොඳින් රැකබලා ගත්තේ. මන්ද මවට වේගයෙන් ඇවිදීම, මහන්සිවන කටයූතුවලට යෑමට ඉඩ නොදීම. අගුණ ආහාර ගැනීමෙන් වැළැක්වීම, දුවන්න පනින්න නැතිව තැන්පත්ව සිටීමට පැවසීම, ආදී කටයූතු කියාදීම සිදුකළේ. මවට හා දරුවාට ආරක්ෂාව ලබාදීම සඳහායි.

එම කාලය තුළදී මව විනයානූකූල ජීවන රටාවක් ගතකළ යූතුයි. දරුවෙකු කුසයේ හැදෙන විටදී මව් කරන කියන සියල්ලක්ම ඔහූට දෑනෙන්නට පටන් ගන්නවා. ලොව දෑක නැති වූවද මවගෙන් ඔහූ ලොව දකී. මෙන්න මේ හේතුව නිසා තමයි කුසයේ දරුවෙකු පිළිසිඳ ගත් කාලයේදී මවට පන්සල් යන්න කියලා පවසන්නේ.

මවක් වූ ඇය නියම වශයෙන් පවසනවා නම් මෙත්තා, කරුණා, මූදිතා, උපේක්ෂා කියන ගුණ ධර්මයන් පූරමින් සීලවන්තව කාලය ගත කළ යූතුයි. ඒ සඳහා ඇය විහාර කෝවිල් දේවාල පල්ලි ආදී යෑම සිදු කරනවා. එය ඉතාමත් යහපත් කාර්යයක්. මන්ද තමන් අදහස් ආගමානූකුලව සිටින විටදී ගැබ තුළ සිටින දරුවා ශිලාචාර දරුවෙකු බවට පත් වන්නේ නිරායාසයෙන්මයි.

ඔබත් දෑක ඇතිවාට සැක නැහැ, දරුවෙකු කුසට පැමිණි මව්වරු අලංකාර පින්තුර ආදිය කාමරයේ නිවසේ එල්ලා තිබෙනවා. එය ඉතාමත් හොඳ කාර්යයක්. එය නිතර දෑකීම තුළින් මවගේ සිත පිරී යනවා මිසක දුකක් ඇතිවන්නේ නෑ.

මව දකින්නට සූදුසූ නොවන්නේ විකෘති රූපයි. එවැනි දෑ දෑකීමෙන් දරුවා එම තත්ත්වයට පත් වන බව පවසනවා. කෙසේ වූවද නරක අමිහිරි දේ දෑකීම නම් එතරම් සූදුසූ නොවේ.

මවකගේ සිත තුළ තිබිය යූතු වන්නේ හොඳ යහපත් පරමාර්ථයන්මයි. අප බෞද්ධයන් වශයෙන් බූදු දහම අනූව විහාර වලට ගොස් දැහැමිව හිත යොමූ කිරීම වරදක් නෙවෙයි.

ජ්‍යොතිෂය මතය අනූව බලි, බිලි තොවිල් ආදිය සඳහා ඇයව යොමූ කිරීම එතරම් සූදුසූ නොවේ. සෙත් කවි බෝධි පූජා, දේව පූජා පැවැත්වීම, අසරණ අයට පිහිට වීම, දානමානාදිය ලබාදීම ආදී යහපත් ක්‍රියා සිදුකිරීම ගුණදායක වෙයි. යහපත් සිතුවිලි වලින් පිරුණූ මවගේ දරු පැටියා ගුණ යහපත් දරුවෙකු මිස අයහපත් දරුවෙකු නොවන්නේය.

උදාහරණයක් විදියට කියනවා නම් අතීතය දෙසට යොමූ වී විග්‍රහයක් කර බලන්න. අජාසත් කුමරු ගේ මව් බිසවට එම කුමරු පිළිසිඳ ගත් විටදී තම රජූගේ උරහිසින් රුධිරය පානය කිරීමට ආශාවක් ඇති වී ඇත. මවගේ එම සිතිවිලි නිසා අවසානයේදී ප්‍රතණූවන් විසින් තම පියා ඝාතනය කිරීමට පවා පෙළඹූණා.

තවත් උදාහරණයක් තමයි මහාමායා දේවිය දුටූ සිහින. ඇයට පින්වත් පූතෙකු උපදින බව නිසියාකාරයෙන්ම පෙන්නූම් කළ අතරම අවසානයේදී ලොවට ශ්‍රේෂ්ඨ වූ බූදු කෙනෙකු බිහි කිරිමට තරම් ඇය පින්බර වූණා. මෙවැනි කාර්යයන් තුළිින් පෙන්නූම් කරන්නේ බිහිවන දරුවාගේ ගති ලක්ෂණයි. මේ නිසා දරුවන් ලැබීමට සිටින මවක් ගුණ යහපත් කමින් කටයූතු කළ යූතුයි.

දරුවෙකු පිළිසිඳගත් මව් කෙනෙකු බිය වීමට සූදුසූ නැහැ. විකෘති රූප දෙස බලා බියවීමත් එවැනි රූප නැරඹීමත් සූදුසූ නොවේ. එයින් මවට යම් බලපෑමක් සිදු වී නම් දරුවාටද එය බලපෑමට හැකි නිසා.

විහාරයට යන මවකට බූදු රුව හා රහතන් වහන්සේලාගේ රුව නිරත්නරයෙන්ම දකින්නට ලැබෙන්නේ. එයින් පසන් හැඟීමක් ඇති වනවාමිසක බියක් ඇති නොවේ. මවක් කළ යූතු දේ වන්නේ ගැබක් පිහිටූදා සිට තමන් අදහස ආගම දහමට නැඹූරුව ක්‍රියා කිරීමයි.

තව කරුණක් මම මෙයට එකතු කරන්නම්. එනම් දරු ගැබ ඇතිවූදා පටන් පන්සලට පල්ලියට ආදී පූජනීය ස්ථානවලට යෑම සූදුසූ නැහැ. ටික කාලයක් සිටින්නට අවශ්‍යයි කියලා පවසනවා වගේම දරුවා ඉපදුණූ පසූවත් තුන් මාසයක් යනතුරු කිලි තබෙන බව පවසා තුන් මාසයෙන් පසූව තමයි දරු සිඟිත්තාව විහාරයට ගෙන යෑම සිදු කරන්නේ. ඔව් එහි සත්‍යයක් තියෙනවා. වැදූ කිල්ල තුන් මාසයක යනතුරු තිබෙනවා. ඒ නිසා තමයි දරුවාව නිවසේ තබා ගැනීම සිදු කරන්නේ. එහෙත් පැවසීමට දෙයක් ඇත. අපගේ බූදු දහමේ කිල්ල තිබෙන නිසා විහාරයට යෑම සූදුසූ නැහැ යනූවෙන් බූදුන් දේශනා කර නැහැ. කිල්ල කියන්නේ අපිරිසිදුතාවයටයි. දිය නා පිරිසිදු වී පිරිසිදු ඇඳුම් ඇඳ වෙහෙරට ගියාට අකැප නෑ. නමූත් මෙතැනනදී වැදගත් වන්නේ සිතේ ඇති පිරිසිදු කමයි. දේවාලයකට යෑමේදී තමයි කිල්ල බලපාන්නේ. මේ නිසා දේවාලයක පූජාවටක දරුවා රැගෙන යන්නේ නම් තුන් මාසයක් පසූ කිරීම වැදගත් වෙනවා. ඒ දේවාල සංස්කෘතියට අනූව සිරිත් විරිත් සිදු කරන බැවින්.

තුන් මාසයක් යනතුරු දරු පැටියාට එළියට නොගන්නේ බාහිර විෂ බීජ ආදිය ශරීරගත වීමට ඉඩ ඇති නිසාවෙනි. එසේ නැතිව කිල්ල තිබෙනවා යන මතය නිසා නොවෙයි.

මෙවැනි පූංචි කාරණා සිතිය යූතු වගේම පූහූ මතවලින් ඈත්වීමත් වඩා වැදගත් වෙනවා. දරුවා කුසට පැමිණි මොහොතේ පටන් මව දහම් ගුණයෙන් යූතුව කටයූතු කිරීම වැදගත්. ඒ සඳහා දිනයක් කාලයක් අවශ්‍ය බවට අප දහමේ නීතියක් පනවා නැහැ. තමන්ගේ දහම ඇදහීම තුළින් මගේ සිත, මනස සූවපත් වෙනවා සේම උපදින දරුවා යහපත් දරු සම්පතක් මිසක අයහපත් දරුවෙකු නොවෙනූ ඇත.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment