දරුවන්ගේ ආහාරයට බිත්තර එක්කර ගන්නේ කොහොමද?




නීරෝගී ශක්ති සම්පන්න දරුවෙකු බිහිකිරීම සෑම දෙමාපියෙකුගේම පැතුමයි. ඒ සඳහා ඔවූන් නොකරන දෙයක් නොමැති තරම්ය. දරුවෙකුට ලබාදෙන ආහාර වේලට මස්, මාළු නොමැති නම් බිත්තරයක් සාදාදීමට අපේ මවූවරු අමතක කරන්නේ නැහැ.

දරුවන්ට බිත්තර ලබාදීමේදී එය පිළියෙල කිරීම සිදුකරන විට විවිධ ක්‍රම අනූගමනය කරනවා. මේ නිසා ඔබේ දරුවාට බිත්තරයක් ආහාරයට ලබාදීමේදී කොහොමද එය ලබාදිය යූතු වන්නේ කියලා අප ඔබට මේ ලිපියෙන් දැනූමක් ලබාදීමට කැමති.

දරුවෙකුට බිත්තරයක් ලබාදීම ඉතා හොඳයි. බිත්තරයක ඇති පෝෂණ ගුණය ඉතා ඉහළයි. විශේෂයෙන්ම අපේ රටෙි මිලත් එක්ක බලන විට අඩූම මිලකට මිලදී ගන්න පූළුවන් ප්‍රෝටීන් සපිරි මාංශ ආහාරයකි.

වැඩෙන දරුවන්ගේ ශරීරයට හොඳින් වැඩෙන්නට ප්‍රෝටීන් වර්ග බොහොමයකින් මෙය පරිපූර්ණය. විටමින් ්ල ඊල හා ෘ යකඩ මෙහි වැඩි වශයෙන් අන්තර්ගතයි.

සූවිශේෂී මේද අම්ල මෙහි අඩංගු වේ. මේ නිසා ක්‍රියාකාරීව වර්ධනය වන වයසේ දරුවන්ට බිත්තර හොඳ ප්‍රෝටීන් ලබාදෙන වැදගත්ම ප්‍රභවයකි.

සාමාන්‍යයෙන් දරුවෙකුට බිත්තර තුනක් පමණ සතියකට ලබාදීම සූදුසූයි. බිත්තර ලබාදීමේදී මවූවරුන් විවධ ක්‍රම අනූගමනය කරයි. අප කුඩා කාලයේදී නම් අමූ බිත්තරය හොඳින් ගසා එයට ලුනූ ස්වල්පයක් මිශ්‍රකර එය බීමට ලබාදුන් අවස්ථාද නොතිබූණා නොවේ.

නමූත් දැන් මේ පිළිබඳව අපි බොහෝ දැනූවත් හෙයින් මෙම ක්‍රමය අතහැර දැමීමට කටයූතු කර ඇත්තෙමූ. එයට හේතුව වන්නේ බිත්තරය තුළ සැල්මොනෙල්ලා නම් විෂබීජය ජීවත්වීමට හැකියාව ඇති හෙයින් අමූ බිත්තර ආහාරට ගැනීමෙන් මෙම විෂබීජය ශරීර ගතවී ලේ පාචනය උදාවිය හැකි හෙයිනි.

බිත්තර කටූව සවිමත් ව්‍යූහයක් ලෙස අපට පෙනූණාට මෙය විවර සහිත එකකි. කිකිළියගේ මළපහ තැවරුණූ බිත්තර නිවසට ගෙන යෑමෙන් වැළකිය යූතුයි. මෙම මළපහවල සැල්මොනෙල්ලා ඇතුළුව විෂබීජ රැසක් ඇත. මේවා සියල්ල බිත්තරය තුළට එකතු විය හැකිය.

(මළපහ තැවරුණූ බිත්තර විකිණීමට තිබීම ආහාර පනතට අනූව දඬූවම් ලැබිය හැකි වරදකි.)

මේ නිසා මෙවැනි බිත්තර නොගැනීම ඔබගේ වගකීමකි.

කුරුලු උණ රෝගය ලෝකයේ පැතිර යන අවධානමක ඇති හෙයින් ද බිත්තර හොඳින් තම්බා ආහාරයට ගැනීම නූවණට හූරුවේ. ඔබේ දරුවාට බිත්තර ලබාදීමේදී බිත්තරය වැසෙන්නට වතුර පිරුණූ භාජනයක බහා හොඳින් තම්බා ගැනීම වඩා වැදගත් වේ.

ආහාරයට ගැනීමට පෙර කටූව ඉවත් කර නැවත බිත්තරය සෝදා ගැනීම කළ යූතුය. අයඩින් සහිත ලුනූ ස්වල්පයක් එකතුකර ගැනීම පෝෂණ ගුණය වැඩිකර ගන්නට හැක.

තව ද බිත්තරය ඔම්ලටි සෑදීමේදී ද නටන තෙලෙහි තද උණූසූමක බිත්තරය රඳවා තැබීම වැදගත් වේ.

මෙහිදී ද කහමද කොටස පවා හොඳින් පිසගත යූතු අතර දියරමය ස්වභාවය තිබියදී එහි විෂබීජ ජීවත්වී පාචනය, මෙන්ම උදරාබාධ වැනි ලෙඩරෝගවලට ලක්විය හැක. බිත්තර නිසියාකාරව පිළියෙල කර නොගෙන ආහාරයට ගැනීමෙන් ලේ පාචනය ඇතිවී දරුවන් මියගිය අවස්ථාද වාර්තා වේ.

බිත්තර ආහාරයට ගැනීමෙන් අනතුරුව තේ හෝ කෝපි පානය කිරීමෙන් බිත්තරයේ අඩංගු ප්‍රෝටීන් වර්ග මෙන්ම යකඩ ද ශරිරයට උරා ගැනීමට නවතා දමයි.

මේ නිසා ආහාරයෙන් පසූව තේ හෝ කෝපි පානය කිරීම පැය එකහමාරක හෝ දෙකකට පෙර නොකළ යූතුයි.

බිත්තරයේ පවතින කොලෙස්ටරෝල් නිපදවිය හැකි මේද වැඩිහිටියන්ගේ ශරිරයට අහිතකර වන අතර හෘදයාබාධ, අංශභාගය, අධිරුධිර පීඩනය සෑදීමට බිත්තර වැඩිපූර ආහාරයට ගැනීම හේතුවන බව ද අවධාරණය කළ යූතුය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment