ඔසප් වීම යනූ කුමක්ද?





පිරිමි දරුවන් තුළ සිදුවන  වෙනස්කම්

ප්‍රජනනේද්‍රියයන්ගේ වර්ධනයට වැඩිවිය පැමිණීමේදී සිදුවන ප්‍රධානම වෙනසකි. සාමාන්‍ය නීරෝගී පූරුෂයෙකුගේ වෘෂණ කෝෂවල ප්‍රමාණයට මිලි ලීටර් 18ඃ20 පමණ වේ. මේවායෙන් ප්‍රධානම ක්‍රියාවලීන් 2 ක් සිදුවේ. එනම් හෝමෝන නිපදවීම හා පූරුෂ බීජ නිපදවීමයි. වැඩිවිය පැමිණීමේ ක්‍රියාවලිය ඇරඹීමෙන් වසරකට පසූ පිරිමි දරුවෙකු පිට කරන උදෑසන මූත්‍රා සාම්පලය තුළ ශුක්‍රාණූ දැකිය හැකි බව ඔප්පූ වී ඇත. ඒ අනූව වයස අවූරුදු 13 පමණ වනවිට පිරිමි දරුවකු තුළ සරු බව දැකිය හැකි නමූත් සම්පූර්ණ මේරූ බව ලැබීමට වයස අවූරුදු 14ඃ16 පමණ විය යූතුයි.

පූරුෂයින්ගේ ලිංගේන්ද්‍රිය අවට රෝම වැඩීම මේ සමගම ඇරඹේ. මූලින් ඉකිලි දෙක මැද ඇති ත්‍රිකෝණ හැඩැති ප්‍රදේශයේ පැතිරී පසූව කලව හා බඩ ප්‍රදේශයට ව්‍යාප්ත වේ. මින් පසූව කිහිලිවල සහ ශරීරයේ වෙනත් ප්‍රදේශවල රෝම වැඩීම සිදුවේ. කලව, කෙන්ඩය සහ අත්වල රෝම ඝණත්වය වැඩිවේ.

පිරිමි දරුවන්ගේ උඩූතොල දෙපස රැවූල වැඩීම වයස අවූරුදු 14ඃ16 දී පමණ ඇරඹේ. මෙය ක්‍රමයෙන් මූලු උඩූතොල ප්‍රදේශයටම පැතිරේ. මේ සමගම කම්මූල සහ යටිතොල මත රෝම වැවීම සිදුවේ. ඉන්පසූ නිකට සහ සම්පූර්ණ කම්මූලටම පැතිරේ. මූහූණේ රෝම වැඩීම අඩූ 17ඃ18 වනවිට පටන් ගැනූනත් රැවූල වැවීම සම්පූර්ණ වීමට තවත් වසර 10 ක් වූව ද ගතවන අවස්ථා ඇත. මෙම රෝම ගස්වල ඝනකම හා ගොරෝසූභාවය ක්‍රමයෙන් වැඩිවේ. පපූ ප්‍රදේශයේ රෝම වැඩීම පමා වී සිදුවිය හැක. නමූත් සෑම පිරිමියකුගේම පපූ ප්‍රදේශයේ රෝම වැඩීම සිදුවිය යූතු නැත.

හෝමෝන බලපෑම මත ස්වරාලයේ වර්ධනයට ගැහැනූ පිරිමි දෙපාර්ශ්වයේම සිදුවේ. නමූත් පිරිමි දරුවන් තුළ මෙම වර්ධනය තදින් සිදුවේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මොවූන්ගේ කටහඬ ගැඹූරු වේ. මෙය දින කීපයක් ඇතුළත වූව ද සිදුවිය හැකි නමූත් සාමාන්‍යයෙන් වැඩිවිය පැමිණීමේ වේගවත් වර්ධනය සමය තුළදී බොහෝවිට මෙය සිදුවේ.

පිරිමි ළමයින් තුළ වැඩිවිය පැමිණීමේ ක්‍රියාවලිය අවසානයේ මාංශ පේශීන්ගේ ප්‍රමාණය දෙගුණයක් පමණ වැඩිවන අතර අස්ථි බර වැඩිවේ. උරහිසේ පළල වැඩිවීම හා හකු ඇටවල සිදුවන වේගවත්ව වර්ධනය නිසා පූරුෂ හැඩ රුවෙහි පැහැදිලි වෙනසක් දැකිය හැකිවේ.

හෝමෝනවලින් සිදුවන බලපෑම් නිසා පිරිමි දරුවන්ගේ මෙන්ම ගැහැනූ දරුවන්ගේ ද මෙම වයසේදී ශරීරයෙන් පිටවන දහඩියෙහි විශේෂ ගඳක් ඇතිවිය හැක. මෙය වයස යෑමත් සමග ක්‍රමයෙන් අඩූවේ.

පූරුෂයන්ගේ මෙන්ම කාන්තාවන්ගේද හමේ ඇති ග්‍රන්ථීන්ගේ ක්‍රියාකාරිත්වය සහ ඒවායේ ස්‍රාවයන් මෙම හෝමෝනවල බලපෑමෙන් වැඩිවේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් කුරුලෑ ඇතිවීම මෙම අවදියේ දී දැකිය හැක. මේවා වළක්වා ලීම අපහසූ වූවත් වැඩිවිය පැමිණීමේ කාලසීමාව පසූවන විට කුරුලෑ අඩූවීම දැකිය හැක. කෙසේ වෙතත් දිගින් දිගටම කුරුලෑ හටගන්නා විට වෛද්‍ය උපදෙස් ලබාගැනීමට සිදුවන අවස්ථා ද ඇත. කුරුලෑ වියළී යෑමෙන් පැල්ලම් ඇතිවීම සිදුවිය හැක.

ඔසප්වීම

ඔසප්වීම හෙවත් ආර්ථවය යනූවෙන් හැඳින්වෙන්නේ ගර්භාෂ බිත්තිය ගැලවීයාමත් සමගම සිදුවන රුධිර වහනයයි. මෙය පිළිවෙලට මසකට වරක් ප්‍රජනන වයසේ සිටින කාන්තාවන්ට සිදුවේ. ප්‍රජනන වයස යනූ අවූ. 12ඃ15 වයසේ සිට වයස අවූ. 50 පමණ වන තෙක්ය. ඔසප්වීමේදී සාමාන්‍යයෙන් දින 3ඃ5 ත් අතර කාලයක් රුධිර වහනය සිදුවේ. කෙසේ වෙතත් දින 2ඃ7 දක්වා කාලයක් රුධිරය වහනය විම සාමාන්‍ය තත්ත්වයක් ලෙස සැලකේ. සාමාන්‍යයෙන් මිලි ලීටර් 35 ක් පමණ රුධිර ප්‍රමාණයක් මසකට කාන්තාවකගෙන් පිටවන අතර මිලිලීටර් 80 ක් පමණ රුධිර ගැලීමක් වූවත් නීරෝගී කාන්තාවගෙන් සිදුවිය හැක. බොහෝ කාන්තාවන්ගේ රුධිරය සමග පටක කැබලි පිටවන දැකිය හැක. මෙහි පටක වශයෙන් පිටවන්නේ ගර්භාෂයේ අභ්‍යන්තර සිවියෙහි කැබලිය. සමහර කාන්තාවන් මෙය ගැබ් ගැනීමක කොටස් ලෙස වරදවා වටහා ගනී.

එන්ඩ්‍රොමෙට්‍රියම් නමින් හැඳින්වෙන මෙම ගර්භාෂ පටලයේ ඇති එන්සයිම වර්ග මගින් මෙම රුධිරය කැටිගැසීම වැළකේ. එබැවින් දිගින් දිගට ගලා ඒමෙන් යෝනි මාර්ගය හරහා පිටතට පැමිණේ. මෙලෙස රුධිරය පිටවීම නිසා සමහර කාන්තාවන්ට නීරක්තිය වැනි තත්ත්වයක් ඇතිවිය හැක. ඒවා වළක්වාලීමට ප්‍රජනන වයසේ පසූවන කාන්තාවන් වැඩිපූර යකඩ අඩංගු ආහාර ගැනීම කළ යූතුයි.

හෝමෝනවල මූලිකත්වයෙන් සක්‍රීය ආකාරයෙන් සිදුවන වෙනස්කම් නිසා ඔසප් වීම මාසිකව සිදුවේ. මසකට වරක් කාන්තාවකගෙන් ඩිම්බයක් පිටවේ. එම ඩිම්බය සංසේචනය වී ගැබ් ගැනීමක් සිදුවීම සඳහා ගර්භාෂය සූදානම් වේ. මේ සඳහා ගර්භාෂ පටලයේ ඝනකම වැඩිවේ. මෙම ගැබ් ගැනීම සිදු නොවූ විට එම පටලය කඩා හැලේ. ඒ සමගම සිදුවන රුධිර වහනය ඔසප්වීම ලෙස පෙන්නූම් කෙරේ. ඩිම්බය පිටවී දින 14 ක් පමණ වනවිට මෙය සිදුවේ. ඔසප් වීමේ චක්‍රය ගණන් ගැනෙනූයේ පලවන රුධිර වහනය වන දින චක්‍රයේ පළවන දිනය වශයෙනි. කාන්තා රෝගවලට වෙදකම් කිරීමේදී ද ඇයගේ ඔසප් චක්‍රයේ කීවෙනි දිනයද යන්න දෑන ගැනීම වැදගත්ය. මේ සඳහා ඔසප්වීම සිදුවන පළවන දිනය මතක තබා ගැනීම වැදගත්ය.

ගර්භනී සමයේ සහ දරු ප්‍රසූතියෙන් ටික කලක් යනතුරු ඔසප්වීම නැවතී තිබීම සාමාන්‍ය දෙයකි. කිරිදෙන කාලය තුළත් ඔසප් වීම පිළිවෙලට සිදු නොවිය හැක. මෙම කාලය තුළ ගැබ් ගැනීමක් සිදුවීමේ අවදානම අඩූ වූවත් ඒ සඳහා විශේෂ පවූල් සැලසූම් ක්‍රමයක් භාවිත කිරීම නූවණට හූරුය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment