බොහෝ දෙනෙක් පීඩා විඳින ආතරයිටිස් රෝගය



නවීන සමාජය තුළ ජීවත්වන ජනතාවගෙන් වැඩි දෙනෙක් කාන්තාවන් මෙන්ම පිරිමින් ද කකුලේ වේදනාව, කැක්කුම වෙනත් අපහසූතා ගැන මැසිවිලි නගනවා ඔබ දැකලත් ඇති. නැතිනම් අහලත් ඇති. මෙය රෝගයක රෝග ලකෂණයක් වෙන්නත් පූළුවන්. ආතරයිටීස් රෝගයේ රෝග ලකෂණ පිළිබඳව තවදුරටත් අවධානය යොමූ කළොත් අස්ථි චලනයන් නිසි ලෙස කරන්නට නොහැකි වීම, හන්දි ආශ්‍රිත රස්නේ ගතියක් දැනීම ඇතිවෙන්න පූළුවනි.

ආතරයිටිස් ලෙස හඳුන්වන්නේ හන්දියක ආසාදනයක්. ආතරයිටිස් වර්ග කිහිපයක්ම තියෙනවා. එකක් විෂබීජ මගින් ඇතිවන ආතරයිටිස්. වෛරස මගින් ඇතිවන ආතරයිටිස් තත්ත්වය. පයෝජනික් ලෙස හඳුන්වනවා. අනෙක් ආතරයිටිස් වර්ගය ෆයිලේරියල් ආතරයිටිස් ලෙස හඳුන්වනවා.

හූඟක් වෙලාවට රුමටික් උණ කියන රෝග තත්ත්වයට පෙන්වන ලකෂණත් මෙයට සමානයි. රූමටික් උණ හැදෙන්නේ කුඩා දරුවන්ට සහ තරුණ වයසේ අයටයි. මෙය මීට පෙර කාලවල ඉතාම බහූලව කතා කළ රෝග තත්ත්වයක් වෙනවා.

මෙතනදී ඇතිවන රෝග ලකෂණ ලෙස හන්දි ඉදිමූම, හන්දි කැක්කුම, උගුරේ කැක්කුම, වේදනාව වැනි තත්ත්වයන්. මෙහි තිබෙන විශේෂ ලකෂණය තමයි ලොකු හන්දි ඉදිමීමට පටන් ගැනීම. මූළු කාලය පූරාම එකම හන්දිය නෙමෙයි ආසාධනය වෙලා තියෙන්නේ. අද එක හන්දියක් සහ හෙට තවත් හන්දියකයි. මෙම තත්ත්වය මාරු මාරුවෙන්න පූළුවනි. දවස් දෙකක් තුනක් තියෙන හන්දියක ඉදිමීම නෙමෙයි ඊළඟ දවස දෙක තුනේ තියෙන්නේ. මෙම රෝග ලකෂණය හරහා තමයි නිගමනය කරන්නේ මෙය රූමැටික රෝගයේ රෝග ලකෂණයක් කියලා. සමහර වෙලාවට හන්දි ආශ්‍රිත ඉදිමූම නැතුවත්, රූමටික උණ තත්ත්වය කෙනෙකුට ඇතිවෙන්න පූළුවනි. තවත් සමහර වෙලාවට අත් කකුල්වල ආසාමන්‍ය චලන පවා ඇතිවෙන්න පූළුවනි. මේවා අසාමාන්‍ය ලෙස ඇතිවන අහඹූ චලන ලෙසයි හඳුන්වන්නේ.

අනෙක් රෝග තත්ත්වය තමයි රූමටික් කෙරේයා කියන රෝග තත්ත්වය. මෙම රෝගයේ විශේෂ ලකෂණය තමයි සමේ රත් පැහැය ඇති බිබිලි වර්ගයක් මතුවෙන්න පටන් ගැනීම. මෙය බොහොම සූළු වේලාවක් පැවතිලා ඉවත්ව යනවා. මෙය සෑම රෝගියෙකුටම ඇති හා පොදු ලකෂණයන් නෙමෙයි. සමහර රෝගීන්ට පමණක් ඇතිවෙන්න පූළුවන්. තවත් කොටසකට මෙසේ බිබිලි ඇති නොවන්න පූළුවනි.

ඊට අමතරව ආතරයිටිස් රෝගය එන්න පූළුවන් තත්ත්ව තියෙනවා. මෙයින් ප්‍රකට තත්ත්වය තමයි රූමටොයිස් ආතරයිටිස් කියන රෝගය. මෙය විශාල හන්දි සහ කුඩා ඉකිලි ආශ්‍රිත හන්දි ඉදිමීම හා කැක්කුම ඇතිවෙනවා. මෙය සූලබ තත්ත්වයක් වගේම කාන්තාවන්ට ගොදුරුවීම වැඩියි. මෙය විකෘති තත්ත්ව දක්වා ඇතිවෙන්න පූළුවනි. මෙය එවිට භයානක තත්ත්වයක් ලෙසයි හඳුන්වන්නේ. එක එක වයස් කාණ්ඩවලට ඇතිවන ආතරයිටිස් රෝගය සමනය වෙනවා. නමූත් රෝග ලකෂණ ඇතිවෙන්න පටන් ගන්නේ තරුණ වයසේදි වෙන්න පූළුවනි. සමහර අය මූල් අවස්ථාවල රෝග ලකෂණ හඳුනගෙන ප්‍රතිකාරවලට යොමූවීමෙන් රෝගය බරපතල නොවන්න වගබලා ගන්නවා. ඇතැම් කොටසක් තමන්ගේ නොසැලකිල්ල නිසා විකෘතිතා දක්වා භයානක තත්ත්ව දක්වා රෝගය වැඩි කරගන්න අවස්ථාවන් අපි දැකලා තියෙනවා. රුමටොයිස් ආතරයිටිස් රෝගය තියෙන විට උදේට ඇඟිලි නවන්න දිග හරින්න හමාරුයි. මෙයත් භයානක රෝග ලකෂණයක් විදිහට හඳුන්වන්න පූළුවනි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment