මූහූණ පිරිසිදු කරගන්නා නිවැරදි ක්‍රමය





පේෂල් එකක් කිව්වම කවූරුත් හිතන්නේ රූපලාවන්‍යාගාරයකට ගිහින් කරගත යූතු දෙයක් කියලා. හරි අමාරු දෙයක් කියලා නෑ ඔබටත් නිවසේ සිටම පේෂල් කරගන්නට පූළුවන්. ඒ සඳහා අවශ්‍ය වන්නේ නිවැරදිව පේෂල් එකක් කළ යූතු අන්දම පිළිබඳ නිවැරදි දෑනූමක් ලබා සිටීම පමණයි. ඒ පිළිබඳ නිවැරදි දෑනූමක් ඔබට ලබාදීමටයි අපේ මේ වෑයම.

පේෂල් එකක් කරනවා කිව්වම එහි මූලිකම වූ කාරණා කිහිපයක් තිබෙනවා. පළවෙනි එක තමයි පිරිසිදු කිරීම. ලස්සන වීම කියලා කියන්නේ මේක්අප් එකක් එකක් කළ පමණට ලැබෙන ලස්සන පමණක් නොවේ ලස්සන කියලා කියන්නේ නිරෝගී කම කියන එකයි. නිරෝගී කම රඳා පවතින්නේ පිරිසිදුකම මතයි. හොඳ සමක් ලෙස අප සලකන්නේ නිරෝගී කමයි. එහෙනම් පේෂල් එකක මූලික අංගය වන්නේ පිරිසිදු සමයි. පිරිසිදු කරනවා කියලා කිව්වම මේක අපි දිනපතා කරනවා වගේ සාමාන්‍ය පිරිසිදුකිරීමක් නොවෙයි. මෙතනදී විශේෂිත පිරිසිදු කිරීමක් කරනවා. අපි කුණූ ඉවත්කරීමට නම් පේෂ් වොෂ් එකක් නැතිනම් සබන් භාවිත කරන්නට ඕන. සබන් තමයි මේ දියාරුවෙලා පේෂ් වොෂ් ලෙස දෑන් ඇවිත් තියෙන්නේ. අපි ඉස්සර ගෑවේ සබන්නේ. මෙතනදී වැදගත් කාරණය වන්නේ සබන් භාවිතයද පේෂ් වොෂ් භාවිතය ද හරි කියන එක.. නෙමේ සම අනූව සබන් හෝ පේෂ් වොෂ් භාවිත කිරීමයි වැදගත්. සියයට 86 ක් දෙනාගෙන් ඇහූවම කුරුළෑ ආවේ ඇයි කියලා එක්කෝ සබන් එක වැරදිලා නැතිනම් පේෂ් වොෂ් එක වැරදිලා. ඒ නිසා සමට ගැලපෙන පේෂ් වොෂ් එකක් භාවිත කිරීම වැදගත් වේ. ඒ වගේම ඔබේ සමට ගැලපෙන පේෂ් වොෂ් එකක් ඔබ භාවිත කරන විට පිළිපැදිය යූතු නිවැරදි ක්‍රම යක් තිබෙනවා. අපි මූලින්ම කරන්න ඕන අල්ලට පේෂ් වොෂ් ටිකක් ගෙන එයට වතුර මදක් එකතු කර හොඳින් අත් දෙකෙහි අතුල්ලා පෙන හදාගන්න. පසූව එලෙස හදාගත් පෙන තමයි අපි මූනේ ගා ගත යූත්තේ. මෙය තමයි සාමාන්‍ය පිරිසිදු කිරීම. ඊළඟට අපි කරන්නේ අපි කවූරුත් දන්නවා අපේ සමේ තිබෙනවා රෝම කූප එහි සිදුරුවල කුනූ තැන්පත් වෙනවා. රෝමකූපවල තිබෙන කුණූ ඉවත් කිරීමට නම් අපි ගැඹූරට පිරිසිදු කිරීමක් කළ යූතුයි.

එයට අපි ඩීප් ක්ලෙන්සින් කියලා කියනවා. ඒ සඳහා අපි ඩීප් ක්ලෙන්සින් ක්‍රිම් එකක් භාවිත කරනවා. අපි මූලින් කළේ නෝමල් ක්ලෙන්සින් එකක්. ඩීප් ක්ලෙන්සින් එකක් භාවිත කිරීමේදී අපි ටිකක් දෑනූවත් වෙන්න ඕන. එය භාවිත කිරීමේදී ඩීප් ක්ලෙන්සින් ක්‍රිම් ටිකක් අතට ගෙන මූනෙහි තිත් තබන්නට ඕන. එලෙස තැනින් තැන තිත් තබා පසූව පිරිමැදීම කළ යූතුයි. අප දන්නවා කුමන හෝ තැනක කුණූ තිබේ නම් එය අතුල්ලා ඉවත් කළ යූතුයි. මෙය තමයි ඩීප් ක්ලෙන්සින් කී්‍රම් එකෙන් සිදු වෙන්නේ. නමූත් එලෙස පිරිමැදීමේදී අපි දිසා අනූගමනය කරන්නට ඕන. එලෙස නිවැරදි දිසා අනූගමනය නොකර පිරිමැද්දොත් පිරිසිදු වෙයි. නමූත් අපේ ශරීරයේ තිබෙන සියූම්ම මාංශපේෂීන් තිබෙන්නේ මූනේ. මේවා දිනපතා වැරදි අතට පිරිමැද්දොත් කාලයක් යාමේදී අපගේ මූනේ වයසක පෙනූමක් ඇතිවෙනවා. සම එල්ලා වැටෙනවා.

අපේ පිරිමැදීම මාංශපේශීන්ගේ පිහිටීම අනූවම කළ යූතුයි. අපි බලමූ මූහූණ නිවැරදි ලෙස පිරිමැදීමකට ලක් කළ යූතතේ කෙසේද කියලා. අපි මූලින්ම පිරිසිදු කිරීම ආරම්භ කරන්නේ අපගේ දෑස්වලින්. මූලින්ම අපි උඩ බලලා ඇස් යට තිත් තියන්නට ඕන. එයට හේතුව අපි කාගෙත් ඇස් යට රැල්ලක් තියෙනවා. ඒ රැල්ල තියෙන්න ඕන. නැතිනම් අපට ඇස් පිල්ලම් ගහන්න බෑනේ. අපි උඩ බැලුවම ඒ රැල්ල දිග ඇරෙනවා ඒ යටින් තිත් තියන්න ඕන. අපි කවූරුත් දන්නවා ඇස පිහිටලා තියෙන්නේ කුහරයක් ඇතුලේ කියලා එය තුනී සමකින් වැහිලා තියෙන්නේ.

අපි ඇහැ වටෙි තදින් පිරිමැද්දොත් ඇස ගිලා බැසීමට ලක් වෙනවා. ඒ නිසා කුමන ඇඟිල්ලෙන් වූවත් කමක් නෑ අඩූ බලයක් යොදා ඉතා සියූම්ව ඇහැ වැටෙි පිරිමැදීම කළ යූතුයි. ඇස පිරිමදින්න ඕන ඇතුල් පැත්තටයි ඇසේ මාංශපේශීන් පිහිටා තිබෙන්නේ ඒ අතටයි. දෙවනූව තොලේ තිබෙන ආලේපන ඉවත් කළ යූතුයි. තොලේ මාංශ පේශීන් තියෙන්නෙත් රවූමට. ගොඩක් අය කට ඇරලා රෙදි කෑල්ලක් හරි පූළුන් ටිකක් හරි අරන් රවූමට පිසදානවා. එහෙම කළාම කාලයක් යනකොට කටෙි මාංශපේශීන් දිග ඇරීමකට ලක් වෙනවා. එහෙම වූණාම කාලයක් යාමේදී කට වටෙි රැළි ගැසීමක් සිදුවෙනවා. මෙය බොහෝ දකින්න තිබෙනවා. විදේශික කාන්තාවන්ගේ. අපි එහෙමනම් තොල් පිස දෑමිය යූත්තේ ඇතුල් පැත්තටයි. ඊට පස්සේ අපිට පිරිසිදු කරන්න තියෙන්නේ කම්මූල් දෙක. කම්මූල් දෙක පිරිමදින විට මාංශපේශීන් තිබෙන අනූව පිරිමැදිය යූතුයි. උඩ පැත්තට හා රවූමට කම්මූල් පිරි මැදිය යූතුයි. පළමූව උඩට දෙවනූව රවූමට. ඊටපස්සේ නහය ගත්තොත් අපට බය නැතිව පල්ලෙහාට පිරිමදින්න පූළුවන්. නහය කණ බියක් නැතිව පිරිමැදිය හැකියි. පසූව නළල. නළල රවූමට රවූමට පිරිමදින්න පූළුවන්. පිස දමනවිට දෙපැත්තට පිහි දාන්න පූළුවන්. නළල පිරිමැදීමේදී බිය විය යූතු නෑ. මන්ද නළල කටූවකට සවි වෙලා තිබෙන නිසා. පපූ පෙදෙස පිස දමනවා නම් ඇතුල් පැත්තට පිස දෑමිය යූතුයි. අපේ පපූව මාංශ පේශීන්ගෙන් හයිවෙලා තියෙන්නේ. ඒ නිසා පපූව ඇතුල් පැත්තටත් බෙල්ල උඩ අතටත් පිරිමැදිය යූතුයි. දෑන් අපි මේ ඩීප් ක්ලෙන්සින් කී්‍රම් මගින් මූහූණ පිරිමදින අන්දම පිළිබඳ දැනූමක් ලබාගත්තා.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment