හාමූදුරුවරු සඳහා දානමය කටයූතු පිළියෙල කිරීම




ලෝකයේ එකම බෞද්ධ රට වූ ශ්‍රී ලංකාවේ බූදු දහම මේ තරම් නිර්මලව හා උදාර ලෙස රැඳී පවතින්නේ අපගේ මූර දේවතාවන් සේ සලකන ගරු තර මහා සංඝරත්නය නිසාවෙනි. උන්වහන්සේලා ආරකෂා කිරීම අපගේ පරම යූතුකමකි. ඒ සඳහා විශේෂයෙන් ම අපට කළ හැකි ප්‍රධානතම දෙය නම් හාමූදුරුවන්ට අප විසින් දෙනූ ලබන හීල් සහ දහවල් දානය පෝෂ්‍යදායී ලෙස ලබාදීමයි. දානයක් පිළියෙල කරන අවස්ථාවලදී මෙය ඉතා ගැටළු සහගත අන්දමින් සිදුවීම ප්‍රධානම කාරණයයි. අප දානයක් සූදානම් කරන විට නිතරම හාමූදුරුවන් සඳහා අවශ්‍ය දේ මොනවාද යන්න සිතා ගත යූතුය. නිතරම අප කළ යූත්තේ හැකිතරම් ගුණදායක දාන වේලක් හාමූදුරුවන් සඳහා ලබාදීමයි.

පන්සලක දානමය පිංකමක් ඇතිවිට අප කාන්තා පකෂයේ වැඩිහිටි ආයද දානමය පිංකමට සහභාගී වෙයි. එදිනට ඔවූන් දානයක් භාර නොගත්තත් හිස් අතින් පංසලට නොපැමිණේ. ඒ අවස්ථාවේ හැටියට ගෙදර තිබෙන එලවළුවක් සාදා ගෙන පංසලට ගෙනේ. සමහර විට මෙය එකම වර්ගයේ එළවළු විය හැකිය. උදාහරණයක් ලෙස ගතහොත් කොහිල වැනි ව්‍යාංජනයක් සාදාගෙන එනවිට එය එකම වර්ගයක එළවළු කිහිපයක් ලෙස ගැනේ. කොහිල අල කරිය, කොහිල සම්බෝලය, කොහිල දළු මාළුව වැනි සෑම වර්ගයක්ම ගෙනේ. කොස් වැනි දේවල් ගත්තොත් එවැනිම දේ සිදුවේ. කොස් මැල්ලුම, කොස් මාළුව, පොලොස් මාළුව, තම්බාගත් කොස් වගේ එකම දේ දෙතුන් විදිහකට සාදාගෙන දානයට පැමිණෙන අපගේ සැදෑහැවත් උපාසක අම්මලා එතැනින් නොනැවතී තමන් ගෙනා එළවළුව හෝ කොස් මාළුව හෝ ඕනෑම දෙයක් සියල්ල ඉවරවෙන තුරු හාමූදුරුවන්ට බෙදීමට පටන් ගනී.

මේ අවස්ථාවේදී දායක සභාවේ පිරිසට පිළියෙල කළ අයට දානය පිළිගැන්වීමට හා බෙදීමට අවස්ථාවක් නොලැබී යයි. තවද හාමූදුරුවන් දානය වලඳන්න පටන්ගත් මොහොතේ සිටම දානය බෙදීම කෙරෙන නිසා උන් වහන්සේලාට නිදහසේ දානය වැළඳීමට අවස්ථාවක් නොලැබේ. ඉතින් අපි කවූරුත් මේ ගැන ඉතාමත් සැලකිල්ලෙන් කටයූතු සංවිධානය කළ යූතුය.

උදේ දානය හාමූදුරුවන්ට වැඩිපූර දිය යූතුය. පෙරදින දහවල් දානය වළඳන හාමූදුරුවරු පසූදින උදැසන වනතෙක් නිරාහාරව සිටින බැවින් පෝෂ්‍යදායී දාන වේලක් හීලට ලබාදිය යූතුය. ඔබ නිර්මාංශ හීල් දාන වේලක් දීමට බලාපොරොත්තුවේ නම් පහත සඳහන් වටිටෝරුව පෝෂ්‍යදායී ලෙස සකස් කරගත හැකිය. දිනපතා දෙන මූර දානය ඉතාම සරල විය යූතුය.

1. උදැසනට කොළ වර්ග දෙකක් පමණ මිශ්‍ර කර සෑදූ කොළ කැඳ කෝප්පයක් අවශ්‍ය වේ. (අපේ පැරණි හාමූදුරුවරු තේ වෙනූවට වැළඳුවේ ලුණූ කැඳ හෝ කොළ කැඳයි)

2. රතු කැකුළු බත් හෝ තමන් කැමති වර්ගයක බත්

3. ඉඳිආප්ප සහ කුරක්කන් පිටිටූ (මේ වර්ග දෙක සමඟ බත් හීල් දානයට ප්‍රමාණවත් වේ)

4. බත් වැළඳීමට අවශ්‍ය වන්නේ කිරිහොදි, කටිට සම්බෝලයක් හා අල කරියක් (මෙය ඉඳි ආප්පවලට ද ප්‍රමාණවත් වේ)

5. කුරක්කන් පිටිටූවලට (නිර්මාංශ නිසා) පරිප්පූ කරිය අවශ්‍ය වේ. එය ගොරෝසූවට සාදාගත යූතුය.

මෙලෙස පිළියෙල කරගත් ඉතා සරල හීල් දානය ප්‍රමාණවත් වේ යැයි සිතමි.

හාමූදුරුවන්ට නිතරම නොලැබෙන වර්ග දානමය අවස්ථාවලදී ලබාදීමට අප නිතරම වගබලා ගත යූතුය. දිනපතාම කොළ කැඳ ලැබෙන නිසාවෙන් ඉඳහිට සව්කැඳ කොප්පයක් වැනි දෙයක් දිය යූතුය. තවද දිනපතාම හීලට දහවලට දෙකටම කෙසෙල් ගෙඩි වැනි දේ ලැබෙන නිසා එයද වෙනස් කරදිය හැකිය. ඒ වෙනූවට පැණි කොමඩූ, ගස්ලබූ වැනි පලතුරු ලොකු කොටූවලට කපා තසිමක දමා පිළිගැන්විය හැකිය.

දිනපතා පංසලට දෙන දානයට වගේම සූවිශේෂි අවස්ථාවල් සඳහා ගෙවල්වල දෙන දානමය පිංකම්වලදී කැවිලි වර්ග සීමා කළ යූතුය. තෙල්වලින් සෑදූ කැවිලි වර්ග නොදීම වඩාත් හොඳය. ඒ වෙනූවට හැලපයක්, වංඩූවක් හෝ තල ගුලියක් වැනි කැවිලි වර්ගයක් පිළියෙල කළ හැකිය. හාමූදුරුවරු එය ඉතාම කැමැත්තෙන් වළඳයි.

පංසලට ගොස් දෙන දහවල් දානයද අපට සරලව හා පිළිවෙලට සකස් කරගත හැකිය. හාමූදුරුවන්ට දානය සඳහා වැඩිපූර නිවෙස්වලට ආරාධනා ලැබෙන නිසා එම දානමය අවස්ථාව විශේෂ අවස්ථාවක් වේ. එම දානය ද ඉතාම රසට පිළිවෙලට හා තෙල්, කිරි වැනි දේ අඩූවෙන් සකස් කරගත යූතුය. දිනපතා පංසලට දෙන මූර දානය සරල විය යූතු අතරම හාමූදුරුවන්ගේ නිරෝගීකම ගැන අප සිතිය යූතුය.

දිනපතා පංසලේ දහවල් මූර දානය මෙසේ සකස් කරමූ.

1. රතු කැකුළු හෝ තමන් කැමති බත් වර්ගයක්

2. දෙල්, කොස් හෝ බතල වැනි අල වර්ගයක්

3. පරිප්පූ කරිය, කිරිහොදි

4. කොහිල හෝ බෝංචි වැනි එළවළුවලින් එක් වර්ගයක්

5. ගොටූකොළ, මූකුණූවැන්න, කංකුං වැනි පලා වර්ගයක්

6. මිරිස් මාළුවක් හෝ ඇඹූල්තියල් මාළුව (වළදන හාමූදුරුවරු සඳහා)

7. මිරිස් සමඟ කරවල බැදුමක්

8. ඉහත සඳහන් අතුරුපසවලින් තමන් කැමති පලතුරක් දිය හැකියි.

ඊට අමතරව රුළං කැඳ හෝ සව් කැඳ පිළිගැන්විය හැකිය.

විශේෂ අවස්ථාවක් සඳහා නිවසේදී දෙන දානයට සූදුසූ වටිටෝරුවක්

ඉස්සරහ කෑම

එළවළු සූප්

මැකරෝනි

අල පෙති හතරක් සමඟ සෝස්

උළුදු වඩේ හෝ පැටිස් එකක්

දානය සඳහා

කැකුළු බත්, සම්බා බත් කැමති නම් එළවළු බතක්

මස් හෝ මාළු සමඟ ඉස්සන් කරියක්

කරවිල සම්බෝලය

කැරටි, බෝංචි මිශ්‍ර කරියක්

කජූ, හතු කරිය

කඩල පරිප්පූ කරිය

මිරිස් කරවල බැදුමක්

කොළබැදුමක් හෝ සම්බෝලයක්

කිරිහොදි

තම්බාගත් දෙල් හෝ කොස්, පොල් මිශ්‍ර කර



සාංඝික දානයට සූදානම් වීම

අතුරු පසට කිරි පැණි

පලතුරු වර්ග හතරක් පමණ

පූඩිං වර්ග දෙකක් පිළියෙල කරගත හැකිය

දාන වටිටෝරු කැමති ආකාරයට වෙනස් කර දිය හැකිය. තමන්ගේ ආර්ථික තත්ත්වය අනූව අඩූ වියදමින් හෝ වැඩියෙන් වියදම් කර ඉතා භක්තියෙන් හා ගෞරවයෙන්, දෙන දානය ඉතා ප්‍රණීතව පිරිසිදුව පිළිවෙලට හා ලස්සනට පෝෂ්‍යදායී ලෙසත් දිය යූතුය.

සාංඝික දානයට සූදානම් වීම

ගෙදර දානයක් දෙනවිට අවශ්‍ය සියලුම දේ

ඉස්සරහ කෑම

එළවළු සූප්

මැකරෝනි

අලපෙති බැදුම

පැටිස් හෝ උළුදු වඩේ එකක්

සලාද ටිකක්

සියලුම වර්ග තසිමකට සකස් කර පොලිතින් කොලයක ඔතා පිළිගන්වන්න. අවශ්‍ය නම් මාළු බැදලා ගත හැකිය.

දානය සඳහා

රතු කැකුළු බත්

සම්බා හාල් බත්

කරවල බැදුම

කොල මැල්ලුමක්

පොලොස් මාළුවක් හෝ කොස්

කිරිහොදි

කඩල පරිප්පූ කරිය

කරවිල සම්බෝල

කජූ, ග්‍රීන්පීස් කරිය (මස්, මාළු හෝ ඉස්සෝ වර්ග ඔබ කැමති නම් පමණක් දිය හැකිය)

රතු කැකුළු බත් පිඟානකට බෙදන්න. සියලු එළවළු වර්ග 4 ක් පමණ දන් පතට බෙදන්න. ඉතිරි වර්ග තසිම්වලට බෙදා දානයට සූදානම් කරගන්න.

කැවිලි සඳහා

තෙල් කෑම වර්ග අගුණ බැවින් හැලප එකක්, වංඩූ ආප්පයක්, කෝලිකුටිටූ කෙසෙල් ගෙඩියක් ප්‍රමාණවත් වේ.

පලතුරු සඳහා

අඹ, ඇපල්, මිදි, කොමඩූ, අන්නාසි, ගස්ලබූ මේ වර්ග කොටූ කපා එක් අයකුට අවශ්‍ය ප්‍රමාණයට තසිමකට බෙදූ ටූත් පික් එකක් සමඟ බෙදීමේදී හාමූදුරුවරුන් වැළදීමට පහසූය. පූළුවන්කමක් තිබේ නම් මේ පලතුරු වර්ග පොඩි කූඩයක් සාදා හාමූදුරුවන්ට ගෙනයාමට වූනත් දිය හැකිය. එය වඩාත් වැදගත් වේ.

අතුරුපස සඳහා

කිරිපැණි, පූඩිං වර්ගයක්

ජෙලි

මේවා භාජනවලට දමා එක ටේ‍රි එකක තබා පිළිගන්වන්න. කෝපි හෝ තේ අවශ්‍යයි. දෑහැත් අවශ්‍යමයි. වටිටියක් සාදාගන්න.

කිරි දානය සඳහා සූදානම් වන ආකාරය

කිරි අම්මාවරු හත් දෙනෙකු සඳහා අවශ්‍ය වර්ග

කිරිබත් හාල් කිලෝ 7

හාල් කිරි (කිරියා) කිලෝ 2

කැවූම් සඳහා හාල් කිලෝ 2

ඇඹූල් කෙසෙල් ගෙඩි 50

කිතුල් හකුරු කෑලි 7

පඬූරු 7

බූලත්විට 7

කෝපි කෝප්ප 7

කෙසෙල් කොළ 7

ලොකු බෑග් 7

සූදු රෙදි 1

පැදුරු 1

පලතුරු වර්ග 5 (කැමතිනම් පමණක් දිය හැකිය)

පහන් තිර

පොල්තෙල්

කැවූම් සෑදීම

අවශ්‍ය ද්‍රව්‍ය

සූදු හාල්පිටි කොප්ප 1

පාන්පිටි කෝප්ප 1·2

පැණි කෝප්ප 1·2

සීනි කෝප්ප 1·4

තල ඇට ටිකක්

සාදාගන්නා ආකාරය

හාල්පිටි, පාන්පිටි, සීනි, පැණි ගොරෝසූවට කලවම් කරගන්න. උඩට උස්සන විට නොකැඩෙන සේ සාදාගත යූතුය. මෙය පැය දෙකක් පමණ තබන්න.

පොඩි තාච්චියක් ගෙන බාගයක් පමණ තෙල් දමා රත් කරගන්න. තෙල් රත් වූ විට පිටිවලින් ටිකක් ගෙන මැදට වත්කරගන්න. එවිට කැවූම උඩට එයි. එවිට ඉරටූවක් ගෙන කොණ්ඩය උස් කරන්න. දෑන් රන්වන් පාට වනතුරු කැවූම බැදගන්න.

කිරිබත්

හාල් කිලෝ 7ක් පොල් ගෙඩි 10 ක පමණ කිරි දමා ලුණූ පදමට එක්කර උයාගන්න. කිරිබත් නිවෙන්න පෙර තුනී කර කපාගන්න.

හාල් කිරි සෑදීම (කිරියා)

අවශ්‍ය ද්‍රව්‍ය

සූදු කැකුළු හාල් කිලෝ 2

පොල් ගෙඩි 8

පැණි බෝතල් 2

සීනි කිලෝ 2

කජූ ග්‍රෑම් 100

වැනිලා තේ හැඳි 2

සාදාගන්නා ආකාරය

පළමූව හාල් පැය 5 ක් පමණ පෙඟෙන්න තබා කොටා ගන්න.

පොල් ගාගෙන දෙතුන් වරක් මිරිකා ලොකු භාජනයකට දමන්න. දෑන් හාල් පිටි එක්කර හොඳින් දියකර ගන්න. සීනි හා පැණි දමා කලවම් කර ලිපේ තබා හැඳිගාන්න.

හාල් කිිරි හොඳින් හැඳිගාමින් ගොරෝසූ වනතුරු උයන්න. ගොරෝසූ වූ පසූ කජූ, වැනිලා එක්කර පදම එනතුරු හැඳිගාන්න. හොඳින් ගොරෝසූ වූ පසූ හැන්දේ නොඇලෙන සේ පදම ගත යූතුය. දෑන් තැටියකට දමා තුනීකර ලොකු කුටිටි කපාගන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment