කාන්තාවටම විශේෂිත වූ එන්ඩ්‍රොමෙට්‍රියෝසිස්

"එන්ඩොමෙටී්‍රයෝසිස්" රෝගය ප්‍රජනන වයසේ පසූවන කාන්තාවන් අතර බහූලව දක්නට ලැබෙන රෝගයකි. මෙහිදී එන්ඩොමෙට්‍රියම් නමැති ගර්භාෂයේ අභ්‍යන්තර පටලය සෑදී ඇති පටකය ගර්භාෂයේත් පිටත ශරීරයේ වෙනත් ස්ථානවල වර්ධනය වීම සිදුවේ. මෙම පටකය කාන්තා හෝමෝනවල බලපෑමට යටත්ය. ඒ අනූව ක්‍රියාත්මක වේ. ආර්ථව චක්‍රයේ සිදුවන හෝමෝන වෙනස්කම් සමග මෙම රෝගයේ රෝග ලකෂණ වැඩිවේ. රෝග ලකෂණ ස්ථානය අනූව වෙනස් වන නමූත් බහූලව දක්නට ලැබෙන රෝග ලකෂණය යටි බඩෙහි වේදනාවයි. මෙයට අමතරව මෙය මඳසරුභාවයටද ප්‍රධානම හේතුවකි.


කාන්තාවන්ට දැනෙන වේදනාව රෝගයෙහි බරපතලතාවයට සම්බන්ධකමක් නැත. එනම් ඉතා තදින් රෝගය ඇති කාන්තාවන්ට වේදනාව එතරම් නොදැනිය හැකි අතර තදින්ම වේදනාව ඇති විට වූවත් රෝගය එතරම් බරපතල නොවිය හැක. මෙම වේදනාව විවිධ ආකාරවලින් රෝගීන්ට ඇතිවේ. ඔසප්වීම සමග ඇතිවන තද බඩේ වේදනාව, තුනටිය වේදනාව, කකුල් දෙක හරහා පහලට පැතිරෙන වේදනාව, යටි බඩෙහි කොරවීම, ගුද මාර්ගයේ දැනෙන වේදනාව, යන විවිධ අයූරින් ඇතිවන මෙම වේදනාව කාලයක් සමග වැඩිවේ. බොහෝ කාන්තාවන්ට ක්ලාන්තය, වමනය වැනි රෝග ලකෂණ ද මේ සමග ඇතිවේ. මීට අමතරව නිරන්තර පවතින යටි බඩෙහි වේදනාවද මෙම රෝගයේදී දැකිය හැකිය. මෙම රෝගීන්ට සංසර්ගය වේදනාකාරී විය හැක. සමහර රෝගීන්ට මූත්‍රා පිටකිරීමේදී මළපහ කිරීමේදී වේදනාව ඇතිවන අවස්ථා ද ඇත.

මඳසරුභාවයෙන් පෙළෙන බොහෝ කාන්තාවන්ට මෙම රෝගය ඇත. එන්ඩොමෙට්‍රියෝසිස් රෝගයේ ප්‍රතිඵලයක් වශයෙන් ශරීරයේ අභ්‍යණ්තරයේ ව්‍යූහමය වෙනස්කම් ඇති විය හැක. මෙය සිදුවන්නේ මෙම රෝගය ඇතිවිට අවයව එකිනෙකට ඇලීම සිදුවීමෙනි. මෙය ගැබ්ගැනීම සිදුවීමට බාධාවක් ලෙස සැලකේ. මෙම රෝගය ඇතිවිට පැලෝපීය නාලය අවහිරවීම බොහෝවිට දැකිය හැක. එවිට ඩිම්බ සහ ශුක්‍රාණූ පැලෝපීය නාලය හරහා යෑම අපහසූ වේ. තවත් බොහෝ හේතූන් මත මඳසරුභාවය එන්ඩ්‍රොමෙට්‍රියෝසිස් රෝගය අතර සම්බන්ධතාවයක් ඇති බව ඔප්පූ වී ඇත.

මෙම රෝගය ශරීරයේ ඕනෑම අවයවයක ඇතිවිය හැක. නමූත් බහූලව දක්නට ලැබෙන්නේ ඩිම්බකෝෂ, පැලෝපීය නාල, ගර්භාෂය, ගර්භාෂයේ අවට ඇති පටක, බඩවැල, මූත්‍රාශය වැනි යටි බඩ ආශ්‍රිත අවයවයන් මතය. ඔසප්වීම සමග සිදුවන රුධිර වහනය මෙම ස්ථානවලද සිදුවේ. එවිට එම ස්ථානවල ආසාදිත ලකෂණ ඇතිවේ. මේ සමග වේදනාව සහ වෙනත් රෝග ලකෂණ මතුවේ. ඩිම්බ කෝෂය තුළ සිදුවන විට බොහෝ රුධිර වහනය පිටතට ගලා නොගොස් කුඩා කෝෂයන් තුළ සිරවේ. මේ රුධිරය කල්යනවිට තද දුඹූරු පැහැති ස්‍රාවයක් ලෙස කෝෂයන් තුළ දැකිය හැකිය. මේවා තුළට තව දුරටත් රුධිරය වහනය වනවිට ඉතා වේදනාකාරී විය හැකිය. මේවාට ,කයදජක්එැ ජහිඑ, නමැති නම භාවිත වන්නේ ඒවා තුළ ඇති දුඹූරු පැහැති ද්‍රව්‍යය නිසාය. මේවා ඇතිවීමෙන් ඩිම්බකෝෂය තුළ ඇති නීරෝගී පටකවලට හානි සිදුවේ. මෙයින් කාන්තාවගේ ඩිම්බ නිපදවීමේ හැකියාව අඩූවිය හැකිය. එන්ඩ්‍රොමෙට්‍රියෝසිස් රෝගය ඇතිවිට ඔසප් වීමක් සමග තදින් රුධිර වහනය සිදුවීම බහූලව දැකිය හැකිය. මෙය ඉතා උග්‍ර ලෙස සිදුවන විට නීරක්තිය, යකඩ ඌණතාවය සහ හෘද රෝග පවා ඇතිවිය හැක. බඩවැල් ආශ්‍රිතව මෙම රෝගය ඇතිවූ විට මලපහ කිරීමේදී ඇතිවන තද වේදනාවට අමතරව ඔසප් වනවිට ගුද මාර්ගය හරහා ද රුධිර වහනය සිදුවේ. බඩවැල වෙනත් අවයවයන් මත ඇලවීම සිදුවීමෙන් බඩවැල අවහිරවීම මෙම රෝගයේ සංකූලතාවයක් ලෙස ඇතිවිය හැක.

රෝගය හඳුනාගැනීම බොහෝවිට සිදුවන්නේ රෝග ඉතිහාසය සහ රෝගියා පරීකෂාවෙන් පසූ වෛද්‍යවරයෙකු විසිනි. ඇල්ට්‍රා සවූන්ඩ්  ස්කෑන් පරීකෂණ මගින් මෙය තවදුරටත් හඳුනාගත හැක. මෙහිදී කයදජක්එැ ජහිඑ හෝ ගර්භාෂ බිත්තිය තුළ ඇති එන්ඩ්‍රොමෙට්‍රියෝයිස් රෝග තත්ත්වයන් දැකිය හැකි වේ. තවත් රුධිර පරීකෂණ මගින් මේ බව තහවූරු කළ හැකි නමූත් මෙම රෝගයටම විශේෂ වූ රුධිර පරීකෂණයන් දැනට සොයාගෙන නැත. එන්ඩ්‍රොමෙට්‍රියෝසිස් රෝගයට හේතුවක් තවම තහවූරු වී නැති නමූත්, ඒ සඳහා විවිධ මූලධර්ම ඉදිරිපත් වී ඇත. ඔසප්වීම සිදුවන විට රුධිර ගැල්ම ඉහළට සිදුවී පැලෝපිය නාල හරහා අනෙක් අවයවවලට ගලාගොස් එම ස්ථානවල මෙම පටකය වර්ධනය වීම ඇතිවන බව එක්තරා තර්කයකි. මෙම රෝගයට ජානමය වශයෙන් බලපෑමක් ඇති බවත් ඔප්පූ වී ඇත. එනම් එන්ඩ්‍රොමෙට්‍රියෝසිස් රෝගියකුගේ දියණියට හෝ සහෝදරියකට මෙය ඇතිවිම ඉඩකඩ වැඩි බවයි. මෙම රෝගය සම්පූර්ණයෙන්ම සූවකළ නොහැකි බැවින්, සියලු ප්‍රතිකර්මවල අරමූණ එය තාවකාලිකව හෝ යටපත් කිරීම සහ රෝග ලකෂණ අවම කිරීමයි. මෙය ආර්ථවය හෙවත් ඔසප්වීම සමග දක්වන සමීපතාවය නිසා ආර්ථවහරණය සිදුවීමත් සමග මෙම රෝගය සහ රෝග ලකෂණ ඉබේම නැතිව යාම සිදුවේ. තව ද මෙම රෝගයෙන් පෙළෙන කාන්තාවන්ට ගැබ් ගැනීම අපහූස වූවත් ගර්භනී සමයේදී මෙම රෝගය තාවකාලිකව යහපත් වනූ දැකිය හැක.

මෙම රෝගය සඳහා ශල්‍යමය ප්‍රතිකර්ම සිදුකෙරෙන්නේ කලාතුරකිනි. බොහෝවිට හෝමෝන සහිත ඖෂධ භාවිතයෙන් ඔසප්වීම තාවකාලිකව යටපත් කිරීම සිදුවේ. මේ සඳහා විවිධ ඖෂධ වර්ග විවිධ ක්‍රම මගින් භාවිත වේ. මෙය රෝගියාගෙන් රෝගියාට වෙනස් විය හැක.

කාන්තාවන්ගේ වයස සහ ගැබ් ගැනීම අවශ්‍යතාවය වැනි සාධක අනූව වෛද්‍යවරයා විසින් සූදුසූ ප්‍රතිකර්ම ක්‍රම තීරණය කෙරේ. මඳසරුභාවයෙන් පෙළෙන කාන්තාවන් සඳහා විවිධ ප්‍රතිකර්ම ක්‍රම ඇත. කාන්තාවන්ට නල දරු ක්‍රමය සූදුසූ ප්‍රතිකර්මය වශයෙන් යෝජනා විය හැක. මීට අමතරව මෙම රෝගයෙන් පෙළෙන කාන්තාවන්ට වේදනා නාශක ඖෂධ ද භාවිත කෙරේ. ඒවා විවිධ වර්ගවලින් ඇත.

එන්ඩ්‍රාමෙට්‍රියෝසිස් රෝගී කාන්තාවන් විඳින කායික වේදනාව කාලායාගේ ඇවෑමෙන් මානසික වේදනාවක් බවට පත්වේ. සෑම මසකම දින කිහිපයක් ඔවූන් රෝගී වේ. මේ සමග ඔවූන්ගේ එදිනෙදා ජීවන රටාවට බාධා ඇතිවේ. නිරන්තර ඇති බඩේ වේදනාව ඔවූන්ට ගෙන දෙන්නේ මානසික අසහනයකි.

මීට අමතරව ගැබ් ගැනීමට උත්සාහ දරණ කාන්තාවක් නම් මෙම මානසික අසහනය දෙගුණයකි. රෝගය ගැන අවබෝධයක් ලබාගැනීමෙන් යම් සහනයක් ලැබිය හැකි අතර නිසිකලට ප්‍රතිකාර සඳහා ද යොමූවිය හැක. සම්පූර්ණයෙන්ම සූව කළ නොහැකි රෝගයක් වූව ද වෛද්‍යවරයෙකුගේ අධීකෂණය යටතේ නිවැරදි ආකාරයෙන් ප්‍රතිකාර ලබන්නේ නම් නීරෝගී සාමාන්‍ය දිවියක් ගතකිරීම අපහසූ දෙයක් නොවේ.

එන්ඩ්‍රොමෙට්‍රියෝසිස් රෝගය කෙතරම් වේදනාකාරී සහ හානිකර රෝගයක් වූවත් මෙය ගර්භාෂ පිළිකා සමග සම්බන්ධතාවක් නැති බව සොයාගෙන තිබීම විශාල සහනයකි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment