රෝගයක් නොමැත, නමූත් වේදනාව අසීමිතයි



නොයෙකුත් රෝගයන් සඳහා ප්‍රතිකාර පතා අප සායනයට පැමිණෙන රෝගීන් ගණන ඉතාම විශාලය. එමනිසා මා කියන්නට කැමතියි කුමක්ද මේ සොයා ගන්නට බැරි රෝගවලට සූල මූල.

අප සියල්ලන්ම සිතන්නේ සියල්ල සිදුවන්නේ කර්මයට කියාය. එසේත් නැතිනම් යම් පූද්ගලයකුගේ සිතේ ක්‍රියාකාරිත්වය නිසාද? මේ දෙයාකාරයේ සිතුවිලි නිසා අද බොහෝදෙනා රෝගීන් වී සිටිති. ඇත්ත වශයෙන් මම තනි තනි පූද්ගලයන් දස දෙනෙකුගෙන් ප්‍රශ්න කළ විට මට අසන්නට ලැබූනේ ඔවූන්ගේ දැඩි අවිවේකි බව, අධික තරහව, අධික තණ්හාව සහ වේදනාවන්ය.

මෙයට අප සාමාන්‍යයෙන් භාවිත කරන්නේ මානසික ආතතිය යනූවෙනි. යම්කිසි පූද්ගලයෙකු ගැටලුවලට මූහූණ දෙන ආකාරයටයි, මෙම රෝගය වැළඳෙන්නේ. ඇත්ත වශයෙන්ම මෙය රෝගයක් නොව, මනසේ ඇතිවන දැඩි පීඩාකාරී තත්ත්වයයි. අප කොතරම් හොඳින් එදිනෙදා ජීවිතය ගෙන ගියත් බාහිර ලෝකයෙන් අපට පැන නගින ප්‍රශ්න කරදර, කම්කටොලු ඉතාම අධිකය.

මනස සැහැල්ලු කර නිදහස් කර ගැනීමට අපට ශාන්ත වූ පරිසරයක් අවශ්‍යය. එමෙන්ම එවන් පරිසරයක් අපට නැතිය. අප සැවොම ජීවත්වන්නේ පෙටිටිවල බහාලු මිනිසූන් කොටිඨාශයක් ලෙසයි.

අපට රිසිසේ එළියට පහලියට යා නොහැකිය. පසූගිය කාලයේ සියලු දෙනාම සවසට හෝ දහවල් කාලයේ තමන් කැමති පරිදි කඩල ගොටිටක් ගෙන රස බලමින් හෝ ඉස්සෝ වඩයක රස බලමින් මූහූද දෙස බලාගෙන මූහූදු සූළඟ විඳිමින් නිදහස් ලෙස පූංචි කාලයක් හෝ ගත කරන්නට හැකියාවක් ලැබූණේ නැත. නෝනයි මහත්තතයි දරුවනූයි එකට සෙල්ලම් කරන්නට "අහිංසක දරුවන්ට දුව පනින්නට" ඒවා බලමින් දෙමාපියන්ටද මනස සැහැල්ලු කරගන්නට තැනක් තිබිණි.ද?

සිතන්නට බැරි තරම් මනස පීඩාවට පත්වූ කල, අපි දකින්නේ රෝගයක් ලෙස පමණි. අපට ඇතිවන නොපෙනෙන මෙම මානසික ආතතිය රෝග රැසකට මූල පූරන බව අප දන්නේ නැත. එහෙත් මෙය මානසික රෝගයක් නම් නොවෙන බව පැහැදිලිව කිව හැකිය. නමූත් පසූ කලකදී මෙය මානසික රෝගී අවස්ථාවකට මූල පිරීමක් ද වන්නේය.

යමෙක් ඉතාම වගකීම් ගොඩාක් දරණ පූද්ගලයෙකු විය හැකියි.

එසේත් නැතිනම් ව්‍යාපාරිකයකු ද විය හැකිය. නැතනම් පවූල අවූල් ජාලයක් කරගත් පූද්ගලයෙකු විය හැකියි.

තමා බලාපොරොත්තු වූණූූ දෙයක් නොලැබී යාමක් හේතු වූණ කෙනෙකු විය හැකියි.

එසේත් නැතිනම් අනූන්ට කරදර කරන හෝ අනූන්ගෙන් පීඩා විඳින අයකු විය හැකියි. මේ කොයි කවූරු වූවත් සියල්ලන්ම ඉතාම අවිවේකී පූද්ගලයන්ය.

මීට අදාල මා නොලියූ ප්‍රශ්න සම්බාරයක් ඇත. යම්කිසි ප්‍රශ්නයක්, දුකක්, කරදරයක් නිසා දිනෙන් දින සිතට වදදෙන දේ, උග්‍ර වේ.

නමූත් ඔබ දන්නේ නැත. ඔබ කාටත් හොරා සඟවා, සිතින් පීඩා විඳිමින් ලෝකයට සිනා මූහූණක් පෙන්වා ජීවත් වන්න දරණ උත්සාහය නිසා ඔබ ජීවත්වන්නේ වැටක් උඩය.

යම් පූද්ගලයකුට ඇති මානසික ආතතිය අපට ඔවූන්ගේ රටාවෙන් තේරුම් ගත හැකිය. මෙම මානසික ආතතිය, කර්ම විපාක ලෙඩ ලෙස ඔබට දැනෙන්නේ, අතපයවල හන්දිපත්වලට, එසේත් නැතිනම් බෙල්ල පිටූපසින් ඔලුවට වරින්වර එන සියූම් වේදනාවකිනි. සමහර විට කොඳු නාරටියේ වේදනාවන්ගෙන්, කකුල්වල ඉදිමූම්, අත්වල ඉදිමූම් ස්වභාවයෙන්, නළලේ දැනෙන වේදනාවකින් ඉඳගෙන සිට නැගිටීමට නොහැකි වේදනාවකින්, විළුඹ බිම තැබීමට නොහැකිය. මාස්ශුද්ධිය දිනවලට පෙර දැඩි වේදනාවක්. මස්පිඩූවල අධික රිදීමක්, බෙල්ල හැරවීමට අපහසූකමක්, අතපය ඉස්සීමට, ආහාර පාන ගන්න සැලකිල්ල අඩූකමක්, පිරිසිදුකම කාමාශා ගැන අඩූ සැලකිල්ලක් යන ඒවා ඉන් සමහරකි.

මේවා දිගින් දිගටම ගියවිට ඉතාම අසාධ්‍ය මාරාන්තික රෝග බවට පත්වේ. එම නිසා මේ සම්බන්ධයෙන් ඔබ ඉතාම දැනූවත් විය යූතුමයි.

මේවා රෝගයන් නොවන නමූත් දැඩි පීඩාවන්ය.

මේවා සිතේ ඇතිකළ කිසිම කටයූත්තක් හොඳ ප්‍රතිඵල නෙලාගත නොහැකියි. ජීවිතයම අවූල් කරයි. බොහෝ තීරණ ගැනීමට බාධාවෙයි. සිත එක අරමූණක නොමැතිය. කරන්නට යන්නේ එකකි. කරන්නේ තව එකකි. වැරදුණූ පසූ ඉතාම තරහා යයි.

කිසිම විටෙක අප මනසින් දුක් විඳිය යූතු නැත. පූංචි ප්‍රශ්න ඇත්නම් මනසේ එදිනෙදාම ඒවාට පිළියම් යෙදිය යූතුය.

කෙසේ හෝ මේ සියල්ලම අමතක කොට දවසක් හෝ දෙකක් හෝ ඊට වැඩි ගණනක් විවේකීව සිටිය යූතුය. මේ පීඩාවලින් සූළු වශයෙන් හෝ මිදීමට නිදහස්වීමට එයින් හැකිය.

අප සිත තුළ ඇතිවන මානසික තෙරපීම සූලුපටූ එකක් ද නොව, එක්තරා විදිහකින් යම් පූද්ගලයකුගේ දරා සිටීමේ ශක්තිය හීනවීම නිසා මරණය, අංශභාග වැනි රෝගයන්ට ගොදුරු වීමට ඉතාම ඉඩකඩ වැඩිය.

අප සැමවිටම අපගේ මනසට ඔරොත්තු නොදෙන පරිදි තෙරපීමක් මනසට ඇතුල් කළ යූතු නැත. ඒ එහි ප්‍රතිඵල ඉතාම භයානක නිසා.

අපගේ සිත ද පරිගණකයක් බඳුය. ඔරොත්තු දීම මේ දෙකටම සීමා සහිතය.

සියල්ලන්ගේම සිත කය ඉතාම සමීප බව ඔබ සියලු දෙනාම දන්නා කරුණකි. අපගේ සිතේ ඇතිවන දැනූම් දීම අනූව කය වැඩ කරයි.

එමනිසා සෑම විටම අපේ මනසට (සිතට) ඔරොත්තු දෙන පරිදි කරුණූ කාරණා පමණක් සිත තුළ තැන්පත් කර ගැනීමට වග බලා ගන්න.

ඔබ සෑමවිටම නිදහස් ජීවිතයකට ළංවෙන්න උත්සාහ කරන්න. ඔබට පීඩනයෙන් මිදීමට අවශ්‍ය වූ විටෙක යම්කිසි ප්‍රශ්නයක් නිරාකරණය කර ගැනීමට හෝ අවශ්‍ය වූ විටක දැන උගත් අයකු සමග සාකච්ඡා කරන්න.

අද කාලයේ හැදෙන ගුප්ත අසනීපවලට හේතුව යම් විදිහකින් හෝ ඔබට පැහැදිලි ඇති යයි අප සිතමූ.

මේවාට විසඳුම් ඇත්තේ ඔබ ඔබට ඇති ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීමෙන් උපදෙස් ලබාගැනීමෙනි. කිසිදු බෙහෙතක් බීමෙන් මෙය සූවපත් කළ නොහැකිය. තාවකාලික සූවයක් සමග කාලයක් යනවිට නැවත මතුවේ.

වතුරේ ඔබා සිටින රබර් බෝලයක් පරිදි... මෙම මානසික ආතතිය ඇතිවීමෙන් පසූ කාලයක් යනවිට මෙය බැරෑරුම් ලෙස තමාට බලපායි.

අධික තරබාරුව, අධික රුධිර පීඩනය, දියවැඩියාව, අංශභාගය, අධික කොලෙස්ටරෝල්, වකුගඩූ අමාරු වැනි තවත් නොයෙකුත් දරුණූ රෝග රැසකට මූහූණ පාන්නට සිදුවේ.

මෙම රෝගවලට වෛද්‍ය ප්‍රතිකාර නැත. නමූත් ආහාර පාලනය, දැඩි විවේක සූවය, නිසි සරල ව්‍යායාම, දවසට පිරිසිදු වතුර බෝතල් 5ඃ6 ක් පානය, පැය 7ඃ8 ක නින්දක් අනිවාර්යමය.

මෙහිදී අධික කෝපය, අධික තණ්හාව නම් පාලනය කළ යූතුමය. මෙයින් වන්නේ අප පිරිහී යාම පමණි.

නිසි ලෙස මෙය පිළිපැදීමෙන් ඔබට මානසික ආතතියෙන් අත් මිඳීමට හැකියාව ලැබෙනූ ඇත.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment