කාන්තාවන්ට වද දෙන යටි බඩෙහි වේදනාව




සෑම කාන්තාවක්ම ජීවිතේ කිසියම් හෝ දවසක යටි බඩෙහි වේදනාව අත්විඳ ඇත. යටි බඩ නාභියෙන් පහල ඉන දක්වා පෙදෙසට සීමා වේ. මෙම වේදනාව කඩින් කඩ ඇති විය හැක. මාස 6 කට වඩා වැඩි කාලයක් පවතින විට මේ ගැන සොයා බැලීම වැදගත් ය.

යූවතියන් කාන්තාවන් වනවිට මෙවැනි වේදනාවන් ඇතිවීම සාමාන්‍ය දෙයකි.

නමූත් වේදනාව ඇතිවන ආකාරය වෙනස් විය හැක. එය කෙටි කාලීන හෝ දිගටම පවතින වේදනාවක් විය හැක. කඩින් කඩ ඇතිවිය හැකි අතරේ දවසේ එකම වෙලාවක වූව ද ඇතිවිය හැක. කෑමට පෙර හෝ පසූ ඇතිවිය හැක. මූත්‍රා කිරීම, මළපහ කිරීම සමග වේදනාව ඇතිවිය හැක. ඔසප් වීම සමග ඇතිවිය හැක.

"වේදනාව" යනූ අප්‍රසන්න හැඟීමකි. කාලයක් පවතින විට මෙය මානසික ප්‍රශ්නයක් බවට පත්වේ. බොහෝ විට මෙම තත්ත්වයට රෝග කාරකයක් සොයා ගැනීමට අපහසූ වේ. මෙම වේදනාවෙන් පෙළෙන කාන්තාවන්ගේ දෛනික ජීවිතය ඉතා කරදරකාරී වේ. බොහෝවිට රැකියාව කිරීම අපහසූ වේ. ඵලදායීතාවය අඩූ වේ. පවූලේ මවක හෝ බිරිඳක වශයෙන් කළයූතු රාජකාරී අපහසූ වේ. මෙම වේදනාවේ හේතුව සොයා ගැනීමට නොහැකි වීම තවත් මානසික ප්‍රශ්නයකි.

මෙම කඩින් කඩ ඇතිවන යටි බඩෙහි වේදනාවට විවිධ හේතූන් තිබිය හැක. අප මීට පෙර සතියේ සඳහන් කළ "එන්ඩොමෙට්‍රියෝසිස්" රෝගය මෙයින් වැදගත් ම එකකි. තව ද යටි බඩෙහි ඇති අවයවයන් වන ඩිම්බකෝෂ, ගර්භාෂය ආශ්‍රිතව ඇතිවන ආසාදන නිසා ද මෙවැනි වේදනාවන් ඇති වේ. ඉතා තදින් වේදනාව ඇතිවන විට එය හදිසි තත්ත්වයක් විය හැක.

මෙවැනි වේදනාවන් බොහෝවිට ශරීර අභ්‍යන්තරයේ සිදුවන බරපතල තත්ත්වයක පෙර නිමිත්තක් විය හැක.

වකුගඩූ සහ මූත්‍රාශය ආශ්‍රිත පද්ධතියේ ඇතිවන රෝගී තත්ත්වයකින් මෙම වේදනාව ඇතිවිය හැක. මෙය විෂබීජ ඇතුල්වීමෙන් ඇතිවන ආසාදිත තත්ත්වයක් විය හැක. මෙවැනි තත්ත්වයකදී මූත්‍රා පිටකරන විට ඇතිවන වේදනවා. නිතරම මූත්‍රා පිට කිරීමට ඇතිවන අවශ්‍යතාවය වැනි රෝග ලකෂණ දැකියහැක. මේ සමඟම පිටකොන්දේ කැක්කුමද ඇතිවේ. යෝනි මාර්ගයේ ඇතිවන විෂබීජ ආසාදනවලින් යටි බඩේ වේදනාවක් ඇති වෙන්නේ නැත. යෝනි මාර්ගයෙන් දියර පිටවීම, ගන්ධයක් ඇතිවීම, සංසර්ගය වේදනාකාරී වීම මෙහිදී ඇතිවන රෝග ලකෂණයන් වේ.

ඩිම්බ කෝෂවල ඇතිවන දියර පිරුණූ කුඩා කෝෂ්ඨිකිවන් නිසා මෙම වේදනාව ඇතිවිය හැක. මේවා බොහෝවිට ආර්ථව චක්‍රය සමග ඩිම්බ පිටවන විට ඇතිවී කලකදී නැතිවී යයි. සමහර ඒවා මාස කිහිපයක් පවතී. මේවා ක්‍රමයෙන් විශාල විය හැක. එවැනි අවස්ථාවලදී වේදනාව ඇති වේ. උදරයේ පිපීමක් හෝ බර ගතියක් දැනේ. සංසර්ගයේදී වේදනාව ඇතිවිය හැක. ඉතා කලාතුරකින් මේවා එකිනෙක තෙරපී තදවීමෙන් ඉතා තද වේදනාවක් ඇති විය හැක. මෙය හදිසි තත්ත්වයකි. ඩිම්බ කෝෂයෙන් මසකට වරක් ඩිම්බ පිටවන විට සමහර කාන්තාවන්ට යටි බඩෙහි වේදනාවක් ඇති වේ. මෙය සිදු වන්නේ ඔසප් වීම සිදුවී දින 14 කට පසූය.

මීට අමතරව ගර්භාෂයෙන් පිට ගැබ් ගැනීමක් සිදුවූවහොත් (ෑජඑදචසජචරුටබ්බජහඃ මෙවැනි වේදනාකාරී තත්ත්වයක් ඇතිවිය හැක. මෙය බොහෝවිට සිදුවන්නේ පැලෝපීය නාලය තුළය. එවිට ගර්භාෂය වර්ධනය වීමත් සමග නාලය විශාල වී පූපූරා යාහැක. මෙවිට තද වේදනාවක් ඇති වේ. ක්ලාන්තවීමද සිදුවේ. මෙය සිදු වූ විට හදිසි ශල්‍ය කර්මයක් සිදු කිරීමට අවශ්‍ය වේ.

ගර්භාෂය ආශ්‍රිතව ඇතිවන ගෙඩි අතුරින් බහූලවම දැකිය හැකි තත්ත්වය වන්නේ ෆයිබ්‍රොයිඩ් (තසඉරදසාඃ නැමැති තත්ත්වයයි. මෙය හානිකර නොවන තත්ත්වයක් වන අතර වේදනාව ඇති නොවේ.

මෙම තත්ත්වය ඇතිවිට ඔසප් වීම සමග වැඩිපූර රුධිරය පිටවීම සහ වැඩි දින ගණනක් රුධිරය පිටවීම, රුධිරය කැට වශයෙන් පිටවීම මෙහිදී දැකිය හැකිය. කලාතුරකින් අනෙක් අවයව මත තෙරපීමක් ඇති කිරීමෙන් අපහසූකාරී තත්ත්වයන් ඇති කළ හැක. ඉතාම කලාතුරකින් මෙම තසඉරදසා ගෙඩිය ඇතුළත ඇතිවන වෙනස්වීම් නිසා වේදනාකාරී තත්ත්වයක් උදාවිය හැකි නමූත් ඒවා නිතර දක්නට ලැබෙන්නේ නැත. මෙම ගර්භාෂ ගෙඩි (තසඉරදසාඃ පිළිකාවක් බවට පත්වීමේ ප්‍රවණතාවය ඉතාමත්ම අඩූය.

මීට අමතරව බඩවැල් ආශ්‍රිත රෝග, මළබද්ධය හෝ බඩවැල්වල ඇතිවන පිළිකා වර්ග වැනි රෝග නිසා වේදනාව ඇතිවිය හැකිය.

පිටකොන්ද සහ ඒ ආශ්‍රිත මාංශ පේශීන් නිසා මෙවැනි වේදනාවක් ඇතිවිය හැකිය. කොඳු නාරටියේ සිදුවන ස්නායූ තෙරපීමෙන් ද මෙවැනි වේදනාවක් ඇතිවිය හැක.

මානසික පීඩනයෙන් පෙළෙන කාන්තාවන් අතර රෝගී තත්ත්වයක් නොමැතිව වූව ද මෙවැනි වේදනාවන් ඇතිවීම දැකිය හැකිය. එවැනි තත්ත්වයන් තෝරා බේරා ගැනීම වැදගත් ය.

ඔසප්වීම සමග සූළුවෙන් හෝ වේදනාවක් ඇතිවීම සාමාන්‍ය දෙයකි. නමූත් සමහර නීරෝගී කාන්තාවන්ට මෙය ඉතා තදින් ඇති වේ. මෙම වේදනාව පවා මසකට වරක් දින කිහිපයක් තුළ පැවතීමෙන් කාන්තාවකට ඇතිවන්නේ මහත් අපහසූවකි. මෙවැනි අවස්ථාවල රෝගී තත්ත්වයක් නැතත් වේදනා නාශක පෙති භාවිත කිරීමෙන් මෙම තත්ත්වය මඟහරවා ගත හැක.

මීට අමතරව එන්ඩොමෙට්‍රියෝසිස් රෝගය ආශ්‍රිතව ඇතිවන වේදනාකාරී තත්ත්වයට එම රෝගයට ප්‍රතිකාර කිරීමෙන් තාවකාලිකව හෝ යටපත් කරගත හැක.

ගර්භනී මවූවරුන්ට ගර්භනී කාලය තුළ මෙවැනි සූළු වේදනාවක් යටිබඩ ප්‍රදේශයේ ඇතිවිය හැකිය. විශේෂයෙන් ඉකිළි ප්‍රදේශයේ හා ඉන ප්‍රදේශයේ වේදනාව ඇතිවේ. එම ප්‍රදේශයේ ඇති අස්ථි හා සන්ධිවල සිදුවන වෙනස්කම් මෙයට හේතු වේ.

යටි බඩෙහි වේදනාවට රෝග මූලය සොයා ගැනීමට වෛද්‍යවරුන්ට වේදනාව පිළිබඳ සියලු විස්තර වැදගත්ය. එනම් වේදනාව ආර්ථව චක්‍රය හා සම්බන්ධතාවයක් පවතීද නැත්ද යන බව මළපහ පිට කිරීම හෝ මූත්‍රා පිටකිරීමට සම්බන්ධතාවයක් පවතීද යන බව මීට පෙර බඩෙහි ශල්‍ය කර්ම සිදුකර ඇත්නම් ඒ බව ද වැදගත්ය. තමා ගැබ්ගෙන ඇත්දැයි සැක ඇත්නම් මූත්‍රා පරීකෂාවක් කරගත යූතුය.

රෝග ලකෂණවලට අනූව අවශ්‍ය රුධිර පරීකෂණ ඇතුලු වෙනත් පරීකෂණ වෛද්‍යවරයා විසින් නිර්දේශ කරනූ ලැබේ. ඇල්ට්‍රා සවූන්ඩ් ස්කෑන් ඹකඑර් ීමදබා ීජ්බඃ ලැපරස්කොපි (ඛ්ච්රිජදචහඃ පරීකෂාව වැනි විශේෂ පරීකෂණ වූව ද අවශ්‍ය විය හැක. මෙම පරීකෂණවල ප්‍රතිඵල අනූව ප්‍රතිකර්ම ක්‍රම තීරණය කෙරේ. ඒ අනූව ඩිම්බ පිටවීම වළක්වා ආර්ථව චක්‍රය තාවකාලිකව නවත්වන හෝමෝන වර්ග, වේදනා නාශක ඖෂධ වර්ග, විෂබීජ නාශක ඖෂධ වර්ග වෛද්‍යවරයා විසින් නියම කරනූ ඇත. විශේෂ ව්‍යායාම ක්‍රම ද යෝජනා විය හැක. ශල්‍යකර්ම අවශ්‍ය වන්නේ ඉතාම කලාතුරකිනි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment