මූළුතැන්ගෙයි රැජිණ කරඳමූංගු





අපගේ නිවසේ ගෘහණිය මූළුතැන්ගෙයි රැජිණ ලෙසට සලකනවා සේම මූළු නිවසෙම ආදීපත්‍ය රැකගෙන සිටින්නේ ඇයයි. නිවසේ සිටින කාන්තාව වගේ එන්සාල් හෙවත් ඔබ මා කවූරුත් වැඩි වශයෙන් දන්නා කරඳමූංගු ඒ වගේමයි. මූළුතැන්ගෙයි කුළු බඩූ අතර ආලින්දයේ රැජිණ ලෙසට පත්ව සිටින්නේ එන්සාල් හෙවත් කරදමූංගුය.

මූළුතැන්ගෙය බබලවන මෙය ආලින්දයට ද නැතුවම බැරිය. මන්ද මූළුතැන්ගෙයි ආහාර රසගන්වන්නට, සූවඳවත් කරන්නට උපකාරී වන එන්සාල් ආලින්දයේදී අමූත්තන් පිළිගන්නා බූලත් හෙප්පූවද හැඩකරවයි.

තව ද අපගේ නිවස්වල දාන මානාදී පූණ්‍ය කටයූතුවලදී දැහැත් වටිටියට තැබීමට අමතක නොකරන දෙයකි.

කුළුබඩූ අතර ප්‍රභලයකු වන කරඳමූංගු තරමක මිල අධිකයි. ඉන්දියාව නිජබිම කරගත් එන්සාල් සීතල ප්‍රදේශවල සරුවට වගා කෙරේ.

ප්‍රභේද කිහිපයකින් සමන්විත වන මෙය හීන් එන්සාල් සහ මහ එන්සාල් යන ප්‍රභේද දෙක ශ්‍රී ලංකාවේ වගා කෙරේ. කෘෂිකාර්මික බෝගයක් විදිහට හඳුන්වන එන්සාල් සූඛෝපභෝගී බෝගයක් විදිහට පෙන්වා දිය හැක.

ඔබ එන්සාල් මිලදී ගැනීම සිදු කරන්නේ නම් එය මිලදී ගත යූතු වන්නේ කරල හෙවත් පොත්ත සමඟිනි. එවිට වැඩි කාලයක් තබා ගැනීමට හැකිවේ.

උෂ්ණ ගුණයෙන් යූතු වන හා තරමක සැර බැවින් යූතු මෙය නාසයට ප්‍රිය ඉතා මිහිරි සූවඳක් වහනය වේ.

දැන් ළග ළග එන සිංහල අලුත් අවූරුදු කාලය නිසා සෑම නිවසකම මූළුතැන්ගෙයි රජ කරවන කුළුබඩූවකි. මන්ද තෙල් තාච්චූවේ හිනැහෙන කැවූම්, මූං කැවූම්, අතිරස ආදිය රසගන්වන්නට මෙන්ම වටලප්පන්, පූඩිං ආදී පැණි රස ආහාර සැකසීමේදී හා ගෘහණිය අතින් රසට පිසින විවිධ ආහාර වර්ග රසගන්වන්නට පෙර මඟ බලා සිටින බැවිනි.

සොබා දහමේ සාරය කැටිකරගත් රසකාරකයක් ලෙසට හා සූවඳ කාරකයක් ලෙසට හඳුන්වන එන්සාල් ඔසූ ගුණයෙන් යූතු බව ඔබ දන්නවාද?"

ප්‍රෝටීන්, විටමින් සී, යකඩ, මැග්නීසියම්, පොටෑසියම්, සින්ක්, විටමින් බී, කාබෝහයිඩේ්‍රටි, ඛණිජ ලවණ ආදී විටමින් වර්ගවලින් පරිපූර්ණයි.

මෙතරම් කාන්තාවන්ට සමීප එන්සාල් උගුර, දත්වලට, විදුරුමස් ආදියට ගුණදායක බව ආයූර්වේදයේ සඳහන් වේ. මෙය මූඛ සෞඛ්‍යයට ගුණ වන්නේ විෂබීජ නාශක ගුණය ඇති හෙයිනි. ඔබ එන්සාල් කරලක් සැපිම මඟින් මූඛය සූගන්ධවත් කර ප්‍රබෝධමත්ව තබා ගැනීමට පූළුවන් වේ.

මළබද්ධය ඇති අයට, උදරයේ අජීර්ණ අවස්ථාවලදී ගුණදායක බෙහෙතක් විදිහට එන්සාල් ආයූර්වේදයේ පෙන්වා දෙයි.

ඒ වගේම උණ, නිතර වැළඳෙන සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස ආදී රෝග සමනයටද ගුණ වේ.

තව ද බොහෝ පිරිස් මට ආහාර අප්‍රියයි, කන්න බෑ, උගුරට එනවා යනූවෙන් බොහෝ මැසිවිලි නඟනවා නේද? එවිට එන්සාල් හොඳම ප්‍රතිකාරයයි. ආයූර්වේද වෛද්‍යවරුන් පවසන පරිදි ආහාර රුචිය වර්ධනය කිරීමේ බලයත්, ආහාර දිරවීම පහසූ කිරීම හා කුසගින්න ඇති කිරීමේ හැකියාව මෙය සතුය.

විශේෂයෙන් වර්තමානය වනවිට බොහෝ අයට තිබෙන ගැටලුවක් වන්නේ හෘදයාබාධ ඇතිවීමයි. විවිධාකාර ප්‍රතිකාර කොතරම් ලබාගන්නවාද? ඔබ නොදන්නවා වූණාට මේ පූංචි කරලට හෘදයේ වේදනාව සමනය කිරීමේ ශක්තිය තිබේ. මේ නිසා එන්සාල් හෘදයට හිතවත් හෘද රෝගීන්ට ගුණ බව කිවමනාය.

එමෙන්ම ඇතැම් පූද්ගලයන්ට නිතර නිතර හටගන්නා මූත්‍රා ආසාදනවලටද ගුණ වේ. මූත්‍රා හොඳින් පිට කිරීමේ හැකියාව පවතින මෙහි දරුවන්ට වැළඳෙන උදරාබාධවලට සූව ගෙනෙන ඔසූවකි. එමෙන්ම කීමට දෙයක් ඇත. මෙතරම් ගුණදායක වන කරඳමූංගු වැඩි වශයෙන් ආහාරයට ගැනීම ගැස්ට්‍රයිටීස් රෝගීන්ට අවදානම් බවයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment