අඩූ වියදමින් වැඩි එළියක්- විදුලි බිල වැඩි ද ? මෙන්න විසදුම




ශ්‍රී ලංකාවේ විදුලි බල නිෂ්පාදනයෙන් සියයට 40 කට වඩා වැය වන්නේ නිවාස සහ ගොඩනැගිලි ආලෝකකරණය සඳහායි. එමෙන්ම සාමාන්‍ය නිවසක විදුලි බිලෙන් සියයට 50 කට ආසන්න ප්‍රමාණයක් වැයවන්නෙත් එම නිවසේ ආලෝකකරණය සඳහායි. ඒ අනූව ඔබේ නිවසේ විදුලි බිල අඩූකර ගැනීම සඳහා ආලෝකකරණය කාර්යක්ෂම කර ගැනීමට අනූගමනය කළ හැකි ක්‍රියා මාර්ග කීපයක් ඇත. එනම් නිවාස සැලසූමේදී ම ඒ පිළිබඳ සිතා බැලීම සහ පවත්නා නිවසක නම් අවට පරිසරය උපරිම ලෙස ස්වභාවික ආලෝකය ලැබෙන පරිදි සකසා ගැනීම යි. මේ පිළිබඳ අප පසූගිය කලාපයක කතා කළා ඔබට මතක ඇති.

දෙවන ක්‍රමය නම් ආලෝකකරණය සඳහා කාර්යකෂම විදුලි පහන් යොදා ගැනීමයි. අප නිවසක භාවිත කරනූ ලබන විදුලි පහන් වර්ග කීපයක් ඇත. සූත්‍රිකා පහන්, ප්‍රතිදීප්ත පහන් (ටියූටි බල්බ්)) සූසංහිත ප්‍රතිදීප්ත පහන් (ඡැළ) ඉන් ප්‍රධාන වේ.

අප මෙම පහන් වර්ගවල කාර්යකෂමතාව විමසා බලමූ.





විදුලි උපකරණයක කාර්යකෂමතාව බැලීමේදී එය ආයූ කාලය, මිල මෙන්ම විදුලි වැයවීම විමසා බැලය යූතුය. ඉහත වගුවට අනූව සූත්‍රිකා විදුලි පහනට වඩා ප්‍රතිදීප්ත විදුලි පහන (ටියූබ් බල්බ) හා කතඛ විදුලි පහන් කාර්යකෂමත බව ඔබට වැටහෙනූ ඇත.

ඔබේ නිවසටත් සූත්‍රිකා විදුලි පහන් ඇත්නම් ඒ වෙනූවට ඉතා පහසූවෙන් සවි කළ හැකි කතඛ විදුලි පහන් හෝ ප්‍රතිදීප්ත පහන් යොදා ගැනීමෙන් නිවසේ ආලෝකය සදහා වැය වන විදුලිය සියයට 80 ක් ඉතිරි කරගත හැකි ය. ඒ බව පහත සටහනින් ඔබට පසක් වනූ ඇත.



ඉහත සඳහන් ආකාරයට වොටි 100 ක සූත්‍රිකා විදුලිපහනකින් ලැබෙන ආලෝකයම ලබා ගැනීමට සූසංහිත ප්‍රතිදීප්ත පහනකින් අවශ්‍ය වන්නේ වෙටි 20 ක් පමණි. මේ අනූව ඔබේ නිවසේ නිතර දැල්වෙන ස්ථාන සඳහා සූත්‍රිකා විදුලි පහන් වෙනූවට කතඛ යොදා ගැනීමෙන් ඔබේ විදුලි බිල ඉතා විශාල වශයෙන් අඩූ කරගත හැකි වේ.

මීට අමතරව නිවසේ විදුලි බිල අඩූ කර ගැනීම උදෙසා ඒ ඒ ස්ථානවලට ගැලපෙන සහ අවශ්‍ය ප්‍රමාණයේ වොටි සහිත විදුලි පහන් යොදාගන්න.

උදාහරණ ලෙස නිවසේ සාලයට වොටි 15 කතඛ විදුලි පහනක් යොදාගන්නා විට කාමර සඳහා වොටි 11 ඡැළ යොදා ගැනීමත් නාන කාමර සඳහා වොටි 5ඃ7 කතඛ යොදා ගැනීමත් දැක්විය හැක.

අනෙක් අතට කාමරයකින් පිටට යනවිට එහි වෙනත් කිසිවෙක් නැතිනම් විදුලි පහන නිවා දැමීමට පූරුදු වන්න. හැමවිටම අනවශ්‍ය ස්ථානවල පහන් දැල්වීම සීමා කරන්න.

පාඩම් කරන විට මේස විදුලි පහන් භාවිත කරන්න. එවිට අඩූ වොටි සහිත පහනකින් අවශ්‍ය ආලෝකය පොත මතට ලබාගත හැකියි. නැතිව කාමරයේ ඉහළින් ඇති පහනක් භාවිත කර පාඩම් කිරීමේදී වැඩි වොටි සහිත විදුලි පහනක් අවශ්‍ය වේ. නමූත් මේස විදුලි පහන තරම් පොත මතට ආලෝකය නොලැබෙනූ ඇත.

ඔබේ නිවසේ විදුලි පරිභෝජනය එක් විදුලි ඒකකයකින් හෝ අඩූ කර ගැනීම ඔබේ ආර්ථිකයටත්, රටෙි ආර්ථිකයටත් යහපත් ප්‍රතිඵල උදාකරනූ ඇත.








cfl bulbs dangers
cfl grow bulbs
cfl bulbs disposal
cfl bulbs problems
cfl bulbs wattage
cfl bulbs vs. incandescent
dimmable cfl bulbs
cfl bulbs mercury

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment