පළමූ ගුවන් ගමන සඳහා සූදානම් වන ඔබ දැනගත යුතු දේ




පළමූ ගුවන් ගමන අප සියලු දෙනා තුළම ඇති කරවන්නේ චකිතයකි. විශේෂයෙන් එවැනි ගමනක් තනිව යාමට සිදුවූවහොත්, එයට අදාළ විවිධ ක්‍රියාවලි පිළිබඳව ඔබට නිවැරදි වැටහීමක් නොමැති නම් විවිධ ප්‍රශ්නවලට මූහූණ පෑමට සිදුවනූ ඇත. එබැවින් ගුවන් ගමනක් සඳහා සූදානම් වීමේ මූලික පියවර පිළිබඳව අපි සාකච්ඡා කරමූ.

වීසා ලබා ගැනීම

ගුවන් ගමනක යෙදීමේ පළමූ පියවර නම් විදේශීය ගමන් බලපත්‍රයක් ලබා ගැනීමයි. ඉන්පසූ ඔබ සංචාරය කිරීමට බලාපොරොත්තු වන රටට ඇතුළුවීමේ අවසරය හෙවත් වීසා ලබාගත යූතුය. එය ඒ සඳහා ලංකාවේ පිහිටි එම රටට අදාළ තානාපති කාර්යාලය වෙත ගොස් අදාළ ලිපි ගොනූ ලබාගෙන වීසා සඳහා අයදුම් කළ හැක. සමහර රටවල වීසා ලබා ගැනීමේදී සැලකිය යූතු කාලයක් වැයවන හෙයින් ඒ පිළිබඳව දැනූමක් ලබාගෙන ඊට අනූරූපව කටයූතු කළ යූතුයි.

ගුවන් යානයක ආසනයක් වෙන්කරවා ගැනීම

වීසා ලබා ගැනීමෙන් පසූ ගුවන් යානයක අසූනක් වෙන්කර ගත යූතුය. ඒ සඳහා ඔබට ඒජන්සියක සහාය ලබාගත හැක. විවිධ ගුවන් සමාගම්වල මිල විවිධාකාරයක් ගන්නා හෙයින් මිල ගණන් පිළිබඳව යම් දැනූමක් ලබාගෙන, ඔබගේ ආර්ථික තත්ත්වයට සරිලන ලෙස සූදුසූ ගුවන් සේවාවක් තෝරාගත යූතුයි.

ගුවන් ටිකටි පත මිලදී ගැනීමේදී ඔබට ගුවන් යානය තුළදී විශේෂ ආහාර අවශ්‍ය නම් ඒ පිළිබඳව දැන්විය යූතුය. උදාහරණයක් ලෙස, ඔබට මාළු සහිත ආහාර අවශ්‍ය නම් ඒ පිළිබඳව දැන්විය හැක. එමෙන්ම සංචාරයට සහභාගිවීමට දින කිහිපයකට පෙර අදාළ ගුවන් සේවාවට දුරකතනයෙන් අමතා ඔබගේ ගුවන් ටිකටි පත "තහවූරු" කළ යූතුය. එසේ නොමැති වූවහොත් ඔබ සඳහා වෙන් කරන ලද අසූන වෙනත් මගියෙකුට ලබාදෙනූ ඇත.

විදේශීය මූදල් ලබා ගැනීම

ඔබගේ විදේශීය ගමන් බලපත්‍රය හා ගුවන් ටිකටි පත ඉදිරිපත් කර ලංකාවේ බැංකුවකින් විදේශීය මූදල් ලබාගත හැක. සාමාන්‍යයෙන් බැංකුවලින් ලබාදෙනූයේ ඇමෙරිකානූ ඩොලර්, බ්‍රිතාන්‍ය පවූම් හා යූරෝ පමණි. ඔබට අවශ්‍ය නම් සංචාරක චෙක් පත් ද බැංකුවලින් ලබා ගත හැක.

නවාතැන් පහසූකම්

විදේශ රටකදී ඔබගේ නවාතැන් පහසූකම් පිළිබඳව ද අවධානය යොමූ කිරීම වටී. ඔබගේ. සංචාරය සඳහා විශේෂිත නවාතැන් පහසූකම් සපයා නොමැති නම්, හෝටලයක කාමරයක් වෙන්කරගෙන යාම උචිතය. එය සඳහා අන්තර්ජාලය ඇසූරෙන් වෙන්කර ගැනීම් සිදුකළ හැක. එසේම ඔබගේ ඒජන්සිය මාර්ගයෙන් හෝ එම රටෙහි වෙසෙනා ඔබගේ හිතවතෙකු මාර්ගයෙන් වෙන්කර ගැනීම් සිදුකළ හැක.

ඇඳුම් හා ආහාර වර්ග

සංචාරයට පිටත්ව යාමට කල් වේලා ඇතිව ඔබට අවශ්‍ය බඩූ ලැයිස්තුව සකසන්න. ඒ අනූව අලුතෙන් මිලදී ගත යූතු දෙය මිලදී ගත හැක. ඔබට අවශ්‍ය ඇඳුම් කල් වේලා ඇතුව සකසා ගන්න. ශීත දේශගුණය සහිත රටකට යන්නේ නම් එම වකවානූව එම රටෙහි පවතින සෘතුව අනූව ඇඳුම් සකසා ගන්න ඕන. ශීතකාලයෙහි නම් අනිවාර්යයෙන්ම උණූසූම් කබා රැගෙන යා යූතු බව මතක තබාගන්න.

ඔබ යම් යම් ආහාර වර්ග රැගෙන යන්නේ නම්, ඒ පිළිබඳව විමසා දැනගන්න. මන්ද යත් සමහර රටවලට විවිධ වර්ගයෙහි ආහාර ද්‍රව්‍ය රැගෙන යාමට අවසරය නොදෙන බැවිනි. ඔබ සීනි සම්බෝල වැනි තෙල් සහිත ආහාර රැගෙන යන්නේ නම් ඒවා ප්ලාස්ටික් බෝතල්වලට දමා පියන හොඳින් වසා පියන වටා ඉටිපන්දම් කිරි දමා සීල් කරන්න. එන්පසූ එය සෙලෝෆේප් කවර කිහිපයක් තුළට ද දමා ගැටගසා ගන්න. එයට හේතුව නම් ගුවනේදී පීඩනය වෙනස් වන හෙයින් තෙල් හා දියරමය ද්‍රව්‍ය සීල් නොකරන ලද බෝතල්වලින් පිටතට පැමිණෙන හෙයිනි. එවිට ඔබගේ ගමන් මල්ලෙහි අඩංගු ඇඳුම් ආදිය අපිරිසිදු විය හැක.

ගමන් මලූ

ගුවන් ටිකටි පත්‍රයෙහි පංතිය අනූව රැගෙන යාමට අනූමත බර ප්‍රමාණයද වෙනස් වේ. සාමාන්‍යයෙන් ප්‍රධාන ගමන් මල්ල සඳහා කිලෝ 25 ක් පමණ ද අතෙහි රැගෙන යන ගමන් මල්ල සඳහා කිලෝ 5 ක් පමණ ද අනූමතය. එසේම කාන්තාවන්හට අත් බෑගය ද රැගෙන යා හැක.

ඔබගේ අත් බෑගයේ රඳවා ගත යූත්තේ අත්‍යවශ්‍යම භාණ්ඩ පමණි. එනම් විදේශ ගමන් බල පත්‍රය, ගුවන් ටිකටි පත, මූදල්., පෑනක්, දුරකතන අංක හා ලිපිනයන් අඩංගු කුඩා ප්‍රමාණයෙහි පොත් පිංචක්, විදේශයේදී පාවිච්චියට අවශ්‍ය අත්‍යවශ්‍ය ලිය කියවිලි, ලේන්සූවක්, පනාවක්, සනීපාරක්ෂක තුවායක්, පැරසිටමෝල් පෙති කිහිපයක් හා ඉබි යතුරු ආදිය වේ. ඔබ උපැස් යූවළක් පාවිච්චි කරන්නේ නම් අනිවාර්යයෙන්ම එය ද අත්බෑගයෙහි රඳවා ගන්න.

සාමාන්‍යයෙන්  වෛද්‍ය සහතික ආදිය නොමැතිව බොහෝ බෙහෙත් ද්‍රව්‍ය අත් බෑගයෙහි හෝ අතෙහි ගෙනි යන ගමන් මල්ලෙහි රැගෙන යාමට ඉඩ නොදේ.

අතෙහි ගෙනි යන ගමන් මල්ලෙහි දිනකට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙන යන්න. ඔබ එසේ සූදානම් වී සංචාරය කළ යූත්තේ විවිධ හේතුන් නිසා ගුවන් ගමන් ප්‍රමාද විය හැකි හෙයිනි. එවැනි අවස්ථාවලදී දිනක් පමණ ගුවන් සේවාව මගින් සපයන හෝටලයක නතර වීමට ද ඔබට සිදුවනූ ඇත. එබැවින්, දිනකට අවශ්‍ය, අත්‍යවශ්‍ය ඇඳුම්, රාත්‍රි නිදන ඇඳුමක්, තුවායක්, දත් බූරුසූවක්, දන්තාලේප, සබන්, මූහූණේ ගාන ක්‍රීම් හා පවූඩර් ආදිය එහි

රැගෙන යා හැක. නමූත් ගුවන් යානා සඳහා විශේෂිත ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන හෙයින් සබන්, පවූඩර්, ක්‍රීම් වර්ග හා සූවඳ විලවූන් විශේෂිත අසූරුමක බහාලිය යූතුය. ඒ සඳහාම විශේෂිත ප්ලාස්ටික් කවර වෙළඳ පොළෙන් මිලදී ගත හැක.

පිහි, කතුරු, උල් ආයූධ, බ්ලේඩ්, දියර වර්ග හා කුඩූ කරන ලද දේ අතෙහි ගෙනියන මල්ලෙහි රැගෙන යාමට ඉඩ නොදේ. ඔබට එවැනි ද්‍රව්‍ය රැගෙන යාමට අවශ්‍ය නම්, ඒවා හොඳින් ඔතා ප්‍රධාන ගමන් මල්ලෙහි අසූරන්න.

කිසිවිටෙකත් අතෙහි රැගෙන යන ගමන් මල්ල විශාල ප්‍රමාණයෙහි එකක් නොවිය යූතුය. විශාල ගමන් මලු ගුවන් තොටූපොළේදී ප්‍රධාන ගමන් මල්ල හා එක් කරනූ ලැබේ. එවිට ගුවන් යානා ප්‍රමාදයක් වැනි දෙයක් සිදු වූවහොත් ඔබට විවිධ අපහසූතාවලට ලක්වීමට සිදුවනූ ඇත. මන්ද යත්, බොහෝවිට ප්‍රධාන ගමන් මල්ල ඔබ අතට පත්වනූයේ අවසන් ගුවන් තොටූපොළේදී වීමයි.

ප්‍රධාන ගමන් මල්ලෙහි ඔබට අවශ්‍ය අනෙකුත් සියලුම දෙය රැගෙන යා හැක. ඔබගේ ගමන් මලු අසූරා අවසන් වූ පසූ ඒවායේ බර කිරා බලන්න. නියමිත බර ප්‍රමාණයට වැඩියෙන් ද්‍රව්‍ය

රැගෙන යාමෙන් ඔබට ගුවන් තොටූපොළේදී අමතර ගෙවීමක් කිරීමට සිදුවනූ ඇත. එසේ නැතහොත් නියමිත බරවන තෙක් අනෙකුත් ද්‍රව්‍ය බෑගයෙන් ඉවත් කිරීමට සිදුවනූ ඇත. එබැවින් නියමිත බර ප්‍රමාණය පමණක් රැගෙන යාමෙන් එවැනි අපහසූතාවලින් මිඳීමට ඔබට හැකිවනූ ඇත. (ඔබගේ ගුවන් ටිකටි පතේ ඔබට ගෙන යාමට නියමිත බර ප්‍රමාණය සඳහන් වේ.)

ඔබගේ ගමන් මලුවල ඔබගේ නම හා විදේශීය රටහි නවාතැන් පොළෙහි ලිපිනය සටහන් කරන්න. එවිට ඔබට පහසූවෙන් තම ගමන් මල්ල හඳුනා ගත හැක.

ඔබගේ ගමන් මලුවල විශේෂිත ආරක්ෂිත අගුල් නොමැති නම් ඒවා ඉබි යතුරු දමා අගුල් දැමීම අනිවාර්යයෙන් සිදු කළ යූතුය. එබැවින් ඉබි යතුරු අත් බෑගයේ තබාගන්න. ගුවන් තොටූපොළෙහි පරීකෂා කිරීම්වලින් අනතුරව ගමන් මලු අගුල් දැමීම සිදුකළ යූතුය.

වර්තමාන ආරක්ෂක තත්ත්වය මත ගුවන් තොටූපොළේදී විශේෂිත සෝදිසි කිරීම් සිදුකරන හෙයින් කල්වේලා ඇතිව ගුවන් තොටූපොළට පැමිණිය යූතුය. අඩූම වශයෙන් ගුවන් යානය පිටත්වීමට පැය 3 කට පෙර එහි පැමිණීම සූදුසූය.

ඔබ නිවසින් පිටත්වීමට පෙර ගුවන් යානය නියමිත වේලාවට පිටත්වන්නේ දැයි ගුවන් තොටූපොළෙන් විමසා දැනගන්න. එම දුරකතන අංක දුරකතන නාමාවලියෙහි සඳහන් වේ. ගුවන් යානය බොහෝ වේලාවක් ප්‍රමාද වන්නේ නම්, ඔබ ගුවන් තොටූපොළට යා යූත්තේ එම වෙලාවට අනූරූපය. නැතහොත් ගුවන් තොටූපොළේදී විවිධ අපහසූතාවලට මූහූණ දීමට සිදුවේ.







plane travel tips
tips for plane travel with infant
tips for plane travel with babies
tips for plane travel with a one year old

tips for plane travel with toddlers
southwest travel guide
airline travel guides
steps to flying on a plane

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment