මූහූණ බලන කණ්ණාඩිය දුර්වර්ණ වෙලා ද?



ඕනෑම නිවසක මූහූණ බලන කණ්ණාඩියක් ඇත. එය කාන්තා පාර්ශවයට පමණක් නොව, පිරිමි පාර්ශ්වයටද අත්‍යවශ්‍ය මෙවලමක් ලෙස හඳුන්වා දිය හැකිය.

එකිනෙකාගේ අවශ්‍යතාවය මත එහි ප්‍රමාණය වෙනස් විය හැකිය. විශේෂයෙන් කාන්තාවක් හැඩ වැඩ වෙන තැනට ලොකු කණ්ණාඩියක් තිබීම සූදුසූය. එහෙත් පිරිමියකු

රැවූල බෑමට මූහූණ බලන කණ්ණාඩිය හා ඔහූ එම කාර්යය සඳහා යොදා ගන්නා තැන අනූව එහි ප්‍රමාණය තෝරාගෙන කණ්ණාඩිය ප්‍රයෝජනයට ගැනීම වරදක් නැත. මන්ද කණ්ණාඩියක් තෝරාගත යූත්තේ ඒ ඒ තැනැන්තාගේ හා තැනැත්තියගේ රුචි අරුචිකම් මතය.

නිවසට කණ්ණාඩියක් අවශ්‍යය. මන්ද ඕනෑම අයකු කාන්තාවක වේවා, පිරිමියකු වේවා නිවසින් උදෑසන එළියට බහින්නට ප්‍රථම කණ්ණාඩියෙන් තම මූහූණ බලන නිසාවෙනි. එමෙන්ම තමා මූහූණේ තවරාගත් පූයර ප්‍රමාණවත්ද? තම රූපලංකාරය වෙනූවෙන් ආලේප කරගත් ලිප්ටික් ප්‍රමාණවත්ද, එය නිවැරදි ලෙස ආලේප කරගෙන ඇද්ද කොණ්ඩය මැනවින් තමා ඇඳ පැළඳ ගත් ආකාරය යෝග්‍යයද යනාදී දහසක් කාර්යයන් කැඩපතින් බලා තීරණය කරගත හැකිය.

ගුරුවරියක ගුරුවරයෙකු වේවා වෙනත් රැකියා කෙෂ්ත්‍රයක නියූතු වූ අයකු කොටින්ම විධායක ශ්‍රේණියේ රැකියාවක නියූතු වූවකුටද තමා අඳින පළඳින දෙයින් පෞරුෂයට යම් පිටිවහලක් ලැබෙන හෙයින්, එය නිරිකෂණය කිරීමට කණ්ණාඩියෙන් බලා තමා ගැන යම් විශ්වාසවන්ත බවකින් එළියට බැසීමට සිතට සහනයක් ගෙන දෙන්නක්ද වන බැවිනි.

එහෙයින් එය දිනපතා පිරිසිදුව තබා ගැනීම අනිවාර්යය කටයූත්තකි.

අප මූලින් සාකච්ඡා කළ ආකාරයට කණ්ණාඩි මේසයක් නැතහොත් අල්මාරියකට සවිකර ඇති කණ්ණාඩියක් නිවසක තිබිය හැකිය. එසේ නැතිනම් ලිඳ ළඟ හෝ නාන කාමරයක කණ්ණාඩිය තබා තිබිය හැකියි. මේ කුමන ස්ථානයක තිබූණද එය පිරිසිදුව තිබිය යූතුයි. මන්ද උදෑසනම තම මූහූණ බලන්නේ ඒ කණ්ණාඩියෙන් බැවිනි.

මූහූණ බලන කණ්ණාඩිය පැහැදිලි නැතැයි බොහෝ දෙනා මැසිවිලි නගන්නේ එය පරණ වී ඇති බව පවසමිනි. මේ සූදානම මූහූණ බලන කණ්ණාඩිය පැරණි වූවාට, එයට අලුත් පෙනූමක් ලබාගන්නට ක්‍රමයක් කියා දෙන්නටය.

කෙසේ වූව ද දිනපතාම පිරිසිදු රෙදි කඩකින් නැතිනම් තෙත පත්තර කඩදාසියකින් කණ්ණාඩිය පිස දැමීම මගින් පැහැදිලි රූපයක් ලබාගත හැකි වගනූ ඇත.

නිවසක් අතුපතා ගා පිරිසිදු කරන්නා සේ කණ්ණාඩියේද දූවිලි කුණූ පිස දැමිය යූතුයි.

ඊට අමතරව සතියකට වරක් ඇල්වතුරට විනාකිරි ස්වල්පයක් දමා ඉන් පත්තර කඩදාසියක් පොඟවා එමගින් කණ්ණාඩිය පිස දමන්න. එලෙසම ඔබට කබඩ් හා අල්මාරිවල ඇති වීදුරු ද පිස දමා පිරිසිදු කරගත හැකියි.

කබඩ්වල වීදුරු එලෙස පිිරිසිදු කිරීමෙන් එම කබඩ් එකේ අභ්‍යන්තරව ඇති භාණ්ඩ මැනවින් එළියට පෙනේ. ඉරි තැලී ගිය හෝ කැඩූණූ වීදුරු කබඩ්වල ඇත්නම් ඒවා ඉවත් කර නැවත හොඳ වීදුරු දමන්න.

එමෙන්ම අප මූහූණ බලන කණ්ණාඩියේ වීදුරුව ඉරිතැලී ඇත්නම් එය අසූබ යැයි සමහරු හඳුන්වනවා. එහි සත්‍යයක් නැතිවා නොවේ. මන්ද අප මූලින් සඳහන් කළ ආකාරයට උදෑසනම අපේ මූහූණ අපිට දකින්නට සිදුවන්නේ ඉරිතැලී ගිය කණ්ණාඩියකින් නම් එය හිතට සූවදායක නොවන නිසාවෙනි.

අනිත් කාරණය වන්නේ මූහූණ බලන කණ්ණාඩිය තබන ස්ථානයයි. එය තැබිය යූත්තේ දොරක් හෝ ජනේලයක් ආසන්නයේ නොව ටිකක් මෑත් කොටය. ජනේලයෙන් හෝ දොරෙන් ඇතුල් වෙන ආලෝකය මූහූණ බලන්නාගේ මූහූණට වැටෙන සේය. එමෙන්ම කණ්ණාඩිය තුළින් එළිය නොපෙනෙන ලෙස තැබිය යූතුයි. එසේ නොවූණොත් නිවසේ ශක්තිය බාහිරට යන්නේ යැයි මතයක් ද ඇති හෙයිනි. එමෙන්ම නිදන කාමරයක කණ්ණාඩියක් ඇත්නම් එයින් ඇඳේ සිටින තැනැත්තා නොපෙනෙන ආකාරයට එම කණ්ණාඩිය තැබීමටද ඔබ සැලකිලිමත් විය යූතුයි.

මෙහිදි ඔබ අමතක නොකළ යූතුද තවත් විශේෂ කරුණූ දෙකක් ඇත. එනම් මූහූණ බලන කණ්ණාඩියේ මෙන්ම අල්මාරි කබඩ්වල සවිකර ඇති ලී රාමූ බූරුල් වී ඇත්නම් ඒවා සූදුසූ ලෙස පිළිසකර කිරීමටත් විශේෂයෙන් මූහූණ බලන කණ්ණාඩිය තරමක් ලොකු එකක් නම් එහි පිටූපස ජල බිංදු මගින් නොතෙමෙන ආකාරයට තැබීමටය.

ඇතැම් නිවෙස්වල කණ්ණාඩිය විසිත්ත කාමරයේ මෙන්ම කෑම කාමරයේද තබා තිබෙනූ දකින්නට ලැබෙයි. ඒ අලංකාරය සඳහායි. කෑම කාමරයේ නම් එහි ඇති කෑම වැඩිකර පෙන්වීමටත් විසිත්ත කාමරයේනම් එහි බඩූ බාහිරාදිය වැඩිකර පෙන්වීමටත්ය.

ඒ කොහොම වූණත් කණ්ණාඩියටද තද ආලෝකය සූදුසූ නොවේ. විශේෂයෙන් රාත්‍රී කාලයේ විදුලි පහන් ආලෝකය වඩාත් තීව්‍ර ලෙස වැටෙි නම් කණ්ණාඩියට සූදුසූ ආවරණයක් යෙදීමද වඩා සූදුසූය. මන්ද එසේ නොවූණහොත් ඒ කණ්ණාඩියේ රසදිය විනාශ වී යා හැකි බැවිනි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment