වායූසමීකරණයෙන් විදුලි බිල අඩූකර ගන්නේ කොහොමද ?

වායූසමීකරණය කිරීම අවශ්‍ය වන්නේ අවට පරිසරය දැඩි ලෙස උණූසූම් වීම නිසා ඇතිවන ශාරීරික පීඩාවෙන් මිදීම සඳහාය. ලංකාවේ මෙසේ වායූසමනය කිරීම සිදුකරනූ ලබන ප්‍රධාන අංශ දෙකකි. එනම් ව්‍යාපාරික ගොඩනැගිලි වායූසමනය සහ පෞද්ගලික නිවාස වායූසමනයයි. වර්තමානයේ ලංකාවේ ව්‍යාපාරික ස්ථාන මෙන්ම පෞද්ගලික නිවාස සඳහා ද සීග්‍ර ලෙස වායූසමීකරණ යන්ත්‍ර සවිකරනූ ලබමින් පවතී. කෙසේ වෙතත් නිවාස හෝ ආයතනවල හෝ වේවා විදුලි බිල්පතේ වැඩිම විදුලි ප්‍රමාණය සටහන් වන්නේ වායූසමීකරණ ක්‍රියාකාරිත්වය සඳහාය.

මේ නිසා ආයතනයකට හෝ නිවසකට වායූසමීකරණ සවිකිරීමට ප්‍රථම එසේ සවි කිරීම, අත්‍යාවශ්‍ය දැයි විමසා බැලීම වැදගත්ය. එසේම වායූ සමීකරණය සවිකළ ද ඒවා අවශ්‍ය අවස්ථාවලදී පමණක් භාවිත කිරීම කළ යූතු ය. ඇතැම් අවස්ථාවල ඉතා සිසිල් කාලගුණ තත්ත්වයන්වලදී පවා වායූසමීකරණ භාවිත කරනූ දැකිය හැකිය. මෙය විදුලි බලය නාස්තියකි.

වායූසමීකරණ භාවිතය අවම කිරීම සඳහා අවට පරිසරය සිසිල් වන ලෙස සැකසීම වැදගත්ය. ඒ සඳහා හැකි සෑම අවස්ථාවකම ගොඩනැගිලි අවට හරිත ආවරණයක් ඇති වන පරිදි ගස් කොළන් තුරුලතා සිටූවා ඒවා නඩත්තු කළ යූතුය. බට පඳුරු තාල වර්ගයේ ශාක කෙසෙල් වැනි ශාක වඩාත් යෝග්‍ය වේ. එමෙන්ම නව නිවසක් සකසන විට ස්වභාවික සූළං උපරිමයෙන් ලැබෙන පරිදි නිවාස සැලසූම් ශිල්පීන් සමග සාකච්ඡා කර නිවාස සැලසූම් කර ගැනීම වැදගත් වේ. පවත්නා නිවසක වූවත් දොර ජනෙල් තිර රෙදි ස්වාභාවික සූළං රැළි උපරිමයෙන් ලැබෙන පරිදි සකසා ගැනීම තුළින් නිවසට සිසිලස ළඟා කර ගත හැක. මෙසේ අවට පරිසරයේ ස්වභාවික සූළං උපරිම ලෙස නිවාසවලට ලබා ගැනීම තුළින් වායූසමීකරණ භාවිතය අවම කර ගැනීමට හැකියාව ලැබේ. එය බලශක්ති සංරකෂණයටත් මූදල් ඉතිරියටත් මහඟු පිටූබලයකි.

ගැලපෙන වායූසමීකරණ වර්ගය තෝරා ගැනීම

වායූසමනය කිරීමට ප්‍රථම සැලකිලිමත් විය යූතු කරුණූ කිහිපයක් ඇත. එනම් වායූසමනය කිරීමට බලාපොරොත්තු වන ගොඩනැගිල්ලේ වර්ග ප්‍රමාණය, ඒ තුළ ඇති බඩූ බාහිරාදිය ප්‍රමාණය ගැන සැලකිලිමත් වියයූතුය. උදාහරණ ලෙස අලෙවි සැලක නම් විශාල රෙදි ප්‍රමාණයක් පවතින හෙයින් වර්ග ප්‍රමාණය මෙන්ම එහි ඇති ඇඳුම් ප්‍රමාණයට ගැලපෙන ධාරිතාවයකින් යූතු වායූසමීකරණ යන්ත්‍රයක් සවි කළ යූතුය. මන්ද මිනිසූන්ගේ ශරීර උෂ්ණත්වය, පිටකරන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය සහ දොර ඇරෙන වැහෙන වාර ගණන මිනිසූන් වැඩිවන තරමට වැඩිවන බැවිනි. මෙවැනි කරුණූ පිළිබඳව සැලකිලිමත් වෙමින් ඊට සූදුසූ වායූසමීකරණ වර්ගය තෝරාගත යූතුය.

වායූසමීකරණ වර්ග කිහිපයක් ඇත. නිවාස සහ කුඩා කාර්යාල වැනි කුඩා වර්ග ප්‍රමාණයක් සහිත ගොඩනැගිලි වායූසමනය කිරීම සඳහා වඩාත් සූදුසූ වායූසමීකරණ යන්ත්‍ර ලෙස ීචසකඑ ඔහචැ සහ උසබාදඅ ඔහචැ වඩා යෝග්‍ය වේ. ඊට වඩා විශාල වර්ගඵලයක් සහිත සහ ජනතාව වැඩිපූර ගැවසෙන ස්ථාන සඳහාත්, බඩූ බාහිරාදිය වැඩිපූර ස්ථාන ගතකර ඇති කඩසාප්පූ ව්‍යාපාරික ආයතන සඳහාත් වඩාත් සූදුසූ වායූසමීකරණ වර්ගය ලෙස ඡන්ටැ ්ක හඳුන්වා දිය හැක. විශාල කර්මාන්ත ශාලා සම්මන්ත්‍රණශාලා වැනි වර්ගඵලය අතින් විශාල ස්ථාන සඳහා කැබඑරුක ්ක ඡක්බඑ යොදා ගත යූතුය. එහිදී වායූසමනය කරනූ ලබන ස්ථානය පිට ප්‍රදේශයට වායූසමන යන්ත්‍ර සවිකරනූ ලබන අතර, අවශ්‍ය ස්ථානයට විශාල නළ පද්ධතියක් මගින් සිසිල් වාතය සංප්‍රේෂණය කරයි. විශාල විදුලි බල ප්‍රමාණයක් වැයවන මෙම ක්‍රමය ඉතා විශාල ගොඩනැගිලි වායූසමනය සඳහා පමණක් සූදුසූය. මේ ආකාරයට පවතින විවිධ වායූසමීකරණ යන්ත්‍ර අතුරින් වර්ගඵලයෙන් සහ අනෙකුත් කරුණූ සලකා බලා සූදුසූ වර්ගය සහ වායූසමනය කළ යූතු ආකාරය තෝරාගත යූතුය.

වායූසමනය යන්ත්‍රයක් සවිකිරීමේදී එහි ධාරිතාව වායූසමනය කරන ප්‍රදේශයේ වර්ගඵලය හා ගැලපිය යූතුය. ඊට අමතරව වායූසමනය කරන ගොඩනැගිල්ලේ ඇතුළත වාතය කාන්දු නොවන ලෙස ආවරණය වී තිබේ දැයි පරීකෂා කිරීම වැදගත් වේ. කුඩා සිදුරක් හෝ තිබීම තුළින් ඇතුළත සිසිල් වූ වාතය කාන්දුවීමෙන් අඛණ්ඩව වායූසමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක වේ. එය විදුලි බල නාස්තියකි. වායූසමනය කරන ගොඩනැගිල්ල තුළ ඇති දොරවල් නිතර විවෘතව තැබීම සිදුවිය හැකි නිසා එම දොරවල් ස්වයංක්‍රීයව වැසෙන පරිදි සැකසිය යූතුය.

විශාල ශාලා, වෙළෙඳසැල් හෝ කර්මාන්ත ශාලා වැනි ගොඩනැගිලි තුළට ඇතුල්වීම සඳහා විශාල දොරටූ සවි කළ යූතුය. එවැනි අවස්ථාවල ඇතුළත සිසිල් වාතය පිටතට ගලා නොයෑමටත් පිටත රත් වූ වාතය ඇතුළට ගලා නොඒම සඳහාත් වායූ තිර (්සර කමරඒසබඃ සවිකිරීම මගින් වඩාත් කාර්යක්ෂමතාවයක් ඇති වේ.

කාර්යකෂම වායූසමිකරණ

ඔබ වායූසමනය කළ කාර්යාල කාමරයක් තුළ කටයූතු කරයි නම් එහි කාර්යකෂමතාව උපරිම රඳවා ගැනීම සඳහා අනූගමනය කළ යූතු සහ පිළිපැදිය යූතු කරුණූ කිහිපයක් ඇත. රාත්‍රී වසා දමා ඇති කාර්යාල කාමරයක් නැවත විවෘත කරන විට එහි ඇත්තේ රාත්‍රිය පූරා රත් වූ වාතයයි. එම රත් වූ වාතය එසේ පැවතිය ද වායූසමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම තුළින් එම වාතය සිසිල් කිරීමට අමතර විදුලි බලයක් වැය වේ. මේ නිසා වඩාත් සූදුසූ වන්නේ එම කාර්යාලය තුළ ඇති රත් වූ වාතය පිටතට යාමට කෙටි කාලයක් දොර ජනෙල් විවෘතව තැබීමයි. රත්වූ වාතය ඉවත්වූ පසූ නැවත කවූළු වසා වායූසමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම වඩාත් කාර්යකෂමයි.

වායූසමනය කළ ගොඩනැගිල්ලක් තුළට ඇතුල්වන සහ පිටවන අවස්ථාවල එහි ඇති දොර විවෘතව තබන කාලය අවම කර ගැනීමට උත්සාහ කරන්න. එසේම ඇතැම් පූද්ගලයන් දොර විවෘතව තබා ගෙන එම දොරටූව මත අත තබාගෙන කතා බහ කිරීම බොහෝවිට දකින්නට ඇත. එවැනි අවස්ථාවල එහි ඇති සිසිල් වාතය පිටවීම නිසා අඛණ්ඩව වායූසමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක වීම සිදු වේ. එය විදුලි බල අකාර්යක්ෂමතාවයට හේතුවකි.

වායූසමනය කළ ගොඩනැගිලි තුළ වතුර රත් කිරීම, ශීතකරණ භාවිතය, ඡායාපිටපත් කිරීම, කර්මාන්ත ශාලාවන්හිදී නම් රත්වන යන්ත්‍ර සූත්‍ර භාවිතය ඇඟළුම් ආයතන තුළ නම් ඇඳුම් මැදීමට ස්ත්‍රීක්ක භාවිතය වැනි ක්‍රියාකාරකම් ඉතා අකාර්යක්ෂම වායූසමීකරණ භාවිතයකට මඟ පාදයි. මේ නිසා එවැනි භාවිතයන් හැකි පමණ වායූසමනය කළ ගොඩනැගිලි තුළින් ඉවත් කිරීමට හෝ වායූසමන ගොඩනැගිලි තුළ සිදුකිිරීම අවම කිරීමට සැලකිලිමත් වන්න.

වායූසමනය යන්ත්‍ර නිසි පරිදි කලට වේලාවට නඩත්තු කිරීම කාර්යකෂමභාවය රඳවා ගැනීමට උපකාර වේ. එමෙන්ම වායූසමන ගොඩනැගිලි තුළ දිනපතා දූවිලි වැනි අපද්‍රව්‍ය පිස දමා පිරිසිදු කළ යූතුය. එසේ පිරිසිදු කරන විට වායූසමීකරණ යන්ත්‍ර ක්‍රියා විරහිත කරන්න එසේ නොමැතිව නම් පිරිසිදු කරන විට වායූසමන තුළ දූවිලි අංශු තැන්පත්වී යන්ත්‍ර ක්‍රියාකාරිත්වය අඩපණ වේ. එය අකාර්යකෂමතාවට මග පාදයි. වායූසමන යන්ත්‍ර භාවිතයේදී ඉහත සඳහන් කරුණූ කෙරෙහි අවධානය යොමූ කොට ක්‍රියා කිරීම කාර්යකෂම ලෙස වායූසමන යන්ත්‍ර භාවිතයට උපකාරී වේ.

කෙසේ වෙතත් විදුලි බල කාර්යකෂමතාවය සඳහාත්, විදුලි බිල්පත තුළින් ඇදී යන මූදල් සම්භාරය අවම කර ගැනීම සඳහාත් අත්‍යාවශ්‍ය නොවන කාලයන් තුළදී වායූසමීකරණ භාවිතයෙන් ඈත්වීම මෙන්ම අත්‍යාවශ්‍ය නොවන ගොඩනැගිලි සඳහා වායූසමනය කිරීමට යොමූවීම වෙනූවට, විදුලි පංකා භාවිතයට යොමූවීම ඉතා වැදගත්ය. මන්ද යත් වායූසමන යන්ත්‍ර විදුලි බලය ඉතා විශාල ලෙස පරිභෝජනය කරන බැවිනි. වායූසමනය කිරීමට යොමූවීමට වඩා අවට පරිසරය හරිත ගැන්වීම තුළින් ස්වභාවික සිසිලස ලබාගැනීමට උනන්දු වෙමූ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment