බිය විය යූතු නැති වූණත් අවධානය යොමූ කළ යූතු සෙම්ප්‍රතිෂ්‍යාව




නිතර නිතර සෙම්ප්‍රතිෂ්‍යාව වැළඳීම ඒතරම් සූදුසූ නැහැ කියලා අපේ වැඩිහිටියන් කියනවා ඔබ අහලත් ඇති. නමූත් සෙම්ප්‍රතිෂ්‍යාවක් කියන්නේ ගණන් ගත යූතු ලෙඩක්ද කියලත් ඔබට හිතනවත් ඇති. මේ කතා අතර හිරවෙන ඔබට වෛද්‍ය විද්‍යාත්මකව සෙම්ප්‍රතිෂ්‍යාව ගැන කතාකරන්නයි අපේ මේ සූදානම.

නිතර නිතර වැළදුනත් ඉදලා හිටලා වැළදුනත් සෙම්ප්‍රතිෂ්‍යාව ලෙස හඳුන්වන රෝග තත්ත්වය වැළඳෙන්නේ වෛරසයක් මගින්. මෙය වෛරස් ආසාදනයක් නිසා කෙනෙකුගෙන් කෙනෙකුට ඉතාම පහසූවෙන් බෝවෙන්න පූළුවනි. මෙය සූළඟ මගින් බෝවිය හැකි වෛරස් ආසාදනයක් ලෙසත් හඳුන්වන්න පූළුවනි.

සෙම්ප්‍රතිෂ්‍යාවේ රෝග ලක්ෂණ ගැන අපි දෑන ගත්තත් බහූලව දකින ලක්ෂණ ගැන කතා කළ යූතුයි. කිඹූහූම්යාම, නාසයෙන් සොටූ දියර ගැලීම, නිතරනිතර ඇතිවන කැස්ස ගතිය, හිසරදය, ඇඟපත වේදනාව, වැඩක් කිරීමේ ඇති අපහසූතාව, ඇතැම් අයට උණ ගතියක් ඇතිවීම හඳුන්වා දෙන්න පූළුවන්.

සෙම්ප්‍රතිෂ්‍යාව ආසාදනයවී ඇති කෙනෙකු කිඹූහූම් යවන වෙලාවට, කහින වෙලාවට මෙම වෛරස පරිසරට එකතුවීම අනිවාර්යෙන්ම වෙනවා. බිදිති ලෙසත් සොටූ ලෙසත් මෙය වාතය සමග මිශ්‍ර වෙනවා. පරිසරය තුළ මූදා හැර ඇති වෛරස් තවත් කෙනෙකු ආශ්වාස කිරීමේදී ඔහූගේ ශරීරගත වීමෙන් මෙම රෝගය තවත් කෙනෙකුට ඉතාම පහසූවෙන් වැළදෙන්න පූළුවනි.

විශේෂයෙන්ම පාසල් යන දරුවන් අතර අධ්‍යාපන කටයූතුවල නිරතවෙලා ඉන්න දරුවන් අතරත් සාමූහිකව වැඩ කරන කාර්යාලවල පිරිස, නිවසේ සාමාජික සාමාජිකවන් අතරටත් මෙම රෝග කාරක වෛරස් එක් කෙනෙකුගෙන් තවත් කෙනෙකුට ඉතාම ඉක්මනින් පැතිර යා හැකියි.

අපි සෙම්ප්‍රතිෂ්‍යාව ගණන් නොගත යූතු රෝගයක් ලෙස සැළකුවත් සෙම්ප්‍රතිෂ්‍යාව වැළදුන දරුවෙක් නිවසේ ඉන්නවා නම් ඔවූන්ට විවේකීව සිටීමට සැලැස්වීම ඉතා සූදුසූයි. පාසලට පන්තිවලට දින කිහිපයක් රෝගය සූව වන තෙක් නොයවා ඉන්නවා නම් ගොඩක් හොඳයි. මෙයින් දරුවාගේ රෝග තත්ත්වය සූව කිරීමත් අනෙක් පිරිසට බෝවීමත් වැළකෙනවා. ඔවූන්ට පූළුවන් විදිහට පෝෂණය ලබාදිය යූතුයි. පෝෂණයෙන් පිරි කෑම වර්ග සහ දියර වර්ග ලබා දිය යූතුයි. පානවර්ග තරමක් රස්නේ පිට ලබාදෙනවා නම් ගොඩක් හොඳයි. ඒ වගේම වාෂ්ප මූහූණට ඇල්ලීමත් ඉතා හොඳයි.

ඒ වගේම වතුර උණූ කර පානය කරනවානම් හොඳයි. ඇල් වතුරින් ටිකක් පරිස්සම් වෙනවා නම් රෝගය ඉක්මනින් සූව කර ගැනීමට පූළුවනි. මේ සියල්ල කරන ගමන් දරුවන් නම් විශේෂයෙන් පවූල් වෛද්‍යවරයා ලවා බෙහෙත් ගන්නට යොමූ කිරීම සූදුසූයි. වැඩිහිටි කෙනෙක් වූවත් සෙම්ප්‍රතිෂ්‍යාවෙන් පීඩා විඳින තත්ත්වයක ඉන්නවා නම් ඉහතදේ නිවසේදී කලත් වෛද්‍යවරයා ලවා ඖෂධ ලබාගැනීම සූදුසූයි.

කෙනෙකුට එහෙමත් නැතිනම් දරුවෙකුට නිතර නිතර සෙම්ප්‍රතිෂ්‍යාව ඇති වෙනවා නම් ඔහූ තුළ ගොඩ නැගී තිබෙන ප්‍රතිශක්තිය ඉතාම දුර්වලයි. මෙය පරීක්ෂා කළයූතු තත්ත්වයක්. නිතර නිතර සෙම්ප්‍රතිෂ්‍යාව ඇති වෙනවා කියලා තමන්ගේ හිතුමතේට ප්‍රතිජීවක ලබා ගැනීමත් සූදුසූ නොවන බව මතක තබාගන්න. නැතිනම් නිතරනිතර සෙම්ප්‍රතිෂ්‍යාව වැළඳීම වෙනත් රෝගයක රෝග ලක්ෂණයක්ද කියලා බලාගන්න වෙනවා.

සමහර වෙලාවට එකම වෛරස් මගින් නොවෙන්න පූළුවන් එකම පූද්ගලයාට වූණත් රෝගය වැළඳෙන්නේ.

තනිකරම සෙම්ප්‍රතිෂ්‍යාවද නැතිනම් වෛරස් කිහිපයක් මගින් ඇතිවූ දෙයක්ද කියලා සැකහැර දෑන ගැනීම මෙවැනි තත්ත්වයකදී වැදගත් වෙනවා. මෙය ආසාදන තත්ත්වයක් ලෙසයි වෛද්‍යවරු හඳුන්වන්නේ.

සමහර වෙලාවට දරුවන් කියන දෙයක් තමයි අම්මේ මගේ කන බ්ලොක්වෙලා කියලා. මෙතනදී වෙන්නේ මැද කණේ ඉදලා උගුරට තියෙන නාලය සෙමවලින් පිරීමයි. මෙම තත්ත්වය තමයි අපි කණ අගුල් වැටිලා කියලා කියන්නෙත්. මෙය භයානක තත්ත්වයක් නෙමෙයි. සෙම ගතිය අඩූවෙනකොට මෙය ඉබේම වගේ පහව යනවා. සමහර වෙලාවට නිතර නිතර වාෂ්පය මූහූණට ඇල්ලීමෙන් මෙම තත්ත්වය ඉක්මනින් ඉවත් වෙනවා. මෙය සෙම්ප්‍රතිෂ්‍යාවෙන් පසූවත් තියෙනවා නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම හොඳයි. නමූත් සෙම්ප්‍රතිෂ්‍යාව කියන්නේ කෙනෙකුට පහසූවෙන් වැළඳුනත් බිය විය යූතු රෝග තත්ත්වයක් නෙමෙයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment