බූලත් විට මූඛ පිළිකාවලට හේතුවක් වෙනවාද?




සූදු පැහැ ලප පමණක් නොවෙයි රතු පැහැ ලප ගැනත් සැලකිලිමත් වෙන්න

පිළිකාව යන්න ශ්‍රී ලාංකිකයන්ට අමූතු වචනයක් නොවෙයි. මෙම රෝගී ස්වභාවයට මෙරට වැසියන් විශාල ප්‍රමාණයක් නිතිපතා ගොදුරුවීම මෙයට හේතුවයි. අන් රෝගී ස්වභාවවලට මෙන් පිළිකාවක් ඇතිවන නිශ්චිත ස්ථානයක් පැවැසීමට නොහැකියි. හිස සිට දෙපතුළ දක්වා ඕනෑම ඉන්ද්‍රියක් මෙයට ගොදුරු වන්න පූළුවනි. ශ්‍රී ලාංකිකයින්ගෙන් වැඩිම පිරිසක් මේ අතරින් ගොදුරු වන්නේ මූඛ පිළිකාවන්ටය.

පිළිකාව යන්නට ලතින් භාෂාවෙන් ව්‍යවහාර වන්නේ කැන්සර් (ක්බිි්රඃ යන්න මෙහි අර්ථය කකුළුවා යන්න. පිළිකාවක් කකුළුවෙකු ලෙසට හානි වූ අවයවය පූරා වේගයෙන් ව්‍යාප්තවීම මේ යෙදුමට මූල් විය. සංවර්ධනය වෙමින් පවතින රටවල මූඛ පිළිකා බහූල බව පහසූවෙන් නිරීකෂණය කරන්න පූළුවනි.

ංමූඛ පිළිකාවන්ට ගොදුරු විය හැකි කොටස් මොනවාද?

තොල්, දිව, මූඛය ආශ්‍රිත පටල, විදුරු මස, තල්ල මේ සෑම කොටසක්ම එයට ගොදුරු වෙනවා.

ංමූඛ පිළිකා ඇතිවීමට හේතුවන්නේ කුමන කරුණූ ද?

ලංකාවේ මූඛ පිළිකාවන්ට ගොදුරු වූවන්ගෙන් වැඩිම ප්‍රමාණයක් බූලත් විට කන පූද්ගලයින්. දුම්පානයත් මූඛ පිළිකා ඇතිවීමට බලපානවා. කැඩී ගිය දත් කැබලි, මූල් කැබලි පැවතීම, දිරාගිය දත් කොටස් පැවතීමත් මෙයට හේතු වෙනවා.

ං පූර්ව පිළිකා ලකෂණ කවරේද?

කම්මූලේ හෝ තල්ලේ සූදු ලපයක් හෝ ලප කිහිපයක් දකින්නට පූළුවන්. මේවා ්‍යදපදටැබජදමි ඛැමජද ඡක්නස් ලෙස හඳුන්වනවා. ඒත් කම්මූලේ ඇතිවන සෑම සූදු ලපයක්ම පිළිකා පෙර නිමිත්තක් නෙමෙයි.

ංමීට අමතරව පවතින ලකෂණ කවරේද?

ඉහත කී සූදු ලපය සහිත පරිසරය අල්පෙනෙති හිස වැනි නෙරීමක් බවට පත්වෙන්න පූළුවන්. ඒ වගේම සූදු ලපය සහිත පරිසරය මැද තුවාලයක් ඇති වෙන්න පූළුවන්.

ංමූඛ පිළිකාවට පෙර ඇති වෙන්නේ සූදු පැහැ ලප පමණක්ද?

තද සමහර විට රතු පැහැ ලප වූණත් ඇතිවෙන්න පූළුවන්.

ං මේ තත්ත්වය කල්තියා හඳුනාගන්න පූළුවන්ද?

පිළිකාවක් ඇතිවන ස්ථානයේ රිදීමක්, වේදනාවක් ඇති කරන්නේ නෑ. මේ නිසා මෙය හඳුනා ගැනීමට ප්‍රමාද වෙනවා. පිළිකා නොවන තුවාල පහසූවෙන්ම රිදෙනවා. වේදනා සහගතයි.

ං මීට අමතරව පිළිකා කුමන ලකෂණ දරන්නේද?

මෙවැනි තුවාල කළ ගෙඩියක හැඩය ගන්නවා. තුවාලයේ මතුපිට කළ ගෙඩියක ගැටිටක් මෙන් පැමිණෙනවා. තුවාලයේ පාදය විහිදී යනවා. මෙය පේශීන් සහ හකු ඇටය දක්වාත් විහිදී යන්න පූළුවන්. මෙවැනි ලකෂණ පවතින්නේ නම් වෛද්‍යවරයෙකු හමූවීම කළ යූතුයි.

ං මූඛ පිළිකා ශරීරයේ වෙනත් කොටස්වලට පැතිරිය හැකිද?

ඔව්. වසා නාල, වසා ගැටිති ආධාරයෙන් ශරීරයේ වෙනත් ස්ථානවලටද මෙම පිළිකා පැතිර යන්න පූළුවන්.

ං බූලත් විටෙහි දුම්කොළ පමණද පිළිකා ඇති කරන්න හේතුවෙන්නේ?

මෙය වැරදි මතයක්. බූලත් කොළවල පවා පිළිකාජනක හැකියාවක් පවතින බව දැන් සොයාගෙන තිබෙනවා. බූලත් විටෙන් හැකි පමණ වැළකී සිටීම මූඛ සෞඛ්‍යයට ඉතා වැදගත්.

ං මූඛ පිළිකා ඇති වූවන්ට කළ හැකි ප්‍රතිකාර කවරේද?

සූළු තුවාලයක් නම් පහසූවෙන් ශල්‍යකර්මයක් මගින් ඉවත් කළ හැකියි. ඒ වගේම පිළිකාවක්යැයි සැක සිතන්නේ නම් එවැනි ස්ථානයක පටක කොටස් ලබාගෙන විශේෂ පරීකෂාවකට ලක් කළ හැකියි.

ං මූඛ පිළිකා සංකීර්ණව වැඩී ගිය විට

මෙවිට ප්‍රධාන පියවර 03 ක් අනූගමනය කළ හැකියි.

1 ඖෂධ මගින් ප්‍රතිකාරය

2 විකිරණයන්ට ලක් කිරීම

3 ශල්‍යකර්ම මගින් ඉවත් කිරීම.

මේ ක්‍රම තුනම හෝ කිහිපයක් එකවර යොදා ගත හැකිය.

ං මූඛ පිළිකාවලින් හානි සිදුවන්නේ මූඛය ආශ්‍රිතව කොටස්වලට පමණක්ද?

පිළිකාව බහූලව පතුරුවන විට ඇසට පවා හානි සිදුවන්න පූළුවන්. පිළිකාව නිසා හකු ඇටයට හානි සිදුවූ පසූව එය වෙනූවට කෘත්‍රිම හකු ඇටයක් සවිකළ හැකියි.

ං රෝගී තත්ත්වයන් ඇතිවීම වළක්වා ගත හැක්කේ කෙසේද?

බූලත්විට, දුම්කොළ, බීඩි, සිගරටි ආදිය පාවිච්චියෙන් වැළැකිය යූතුයි. විටින් විට මූඛය දන්ත වෛද්‍යවරයකු ලවා පරීකෂා කරවා ගැනීමත්, මූඛයේ පවතින අනවශ්‍ය දත් කැබැලි කොටස් ඉවත් කිරීමත් වැදගත්. සාමාන්‍ය පරිදි මූඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීම යෝග්‍යතම ක්‍රමයයි.



Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment