ගැස්ට්‍රයිටීස් හෙවත් ආමාශයේ ආම්ලිකතාව ඉහළ යෑම නිසා එහි ඇතිවන තුවාල (ආමාශයික වණ) අද සූලභ රෝගී තත්ත්වයක් බවට පත් ව තිබේ. විශේෂයෙන්ම සීග්‍රයෙන් අධි ධාවනකාරී සමාජයක ජීවත්වන වර්තමාන පූද්ගලයන් තමන්ගේ ආහාර රටාවේ ඇතිකරගෙන තිබෙන අක්‍රමවත් හා අවිචාරවත් පූරුදු මේ තත්ත්වය ඉහළ නැංවීමට සමත්වී තිබේ.
පාසල් ශිෂ්‍යයන්, කාර්යාලයීය සේවකයින්, කම්කරුවන් ආදී අද සමාජයේ කාර්යබහූල අංශය තුළ ගැස්ට්‍රයිටීස් ප්‍රමූඛ රෝගී තත්ත්වයක් වීමෙන්ම මේ බව තහවූරු වෙයි. ගැස්ට්‍රයිටීස් රෝගී තත්ත්වය කෙරෙහි අවධානය යොමූ කිරීමට පෙර අපගේ ආමාශය එහි ස්‍රාවය වන ආම්ලිකතාවයෙන් ආරක්ෂාවීමට පවත්වා ගෙන ස්වභාවික ආරක්ෂක විධි ගැන මදක් අවධානය යොමූ කරමූ.
අපගේ ආහාර මාර්ගයේ විශාලම ප්‍රදේශය ලෙස සැලකියි හැක්කේ ආමාශයයි. ආමාශය තුළ ආමාශයික ග්‍රන්ථ පවතින අතර මෙම ග්‍රන්ථීන්වලින් ආමාශයික යූෂය ස්‍රාවය කරයි. දිනකට මිලි ලීටර් 2500 ක පමණ ආමාශයික යූෂ ප්‍රමාණයක් ස්‍රාවය කරන අතර මෙහි ප්‍රධාන වශයෙන් හයිඩ්‍රක්ලෝරික් අම්ලය සහ ආමාශයික එන්සයිම, හෝර්මෝන වර්ග අඩංගු වේ.
ආමාශයික යූෂයේ ප්‍රබල අම්ලයක් වන ්‍යකඛ පැවතීම එහි ආහාර ජීර්ණ යන්ත්‍රණය සඳහා ඉතාම වැදගත් වෙයි. ආමාශයික ප්‍රෝටීන ජීර්ණක එන්සයිම වන පෙප්සීන් එහි ක්‍රියාකාරීත්වය ඇති කිරීමටද ආහාර සමඟ ඇතුළු වූ විවිධ විෂබීජ සහ බැක්ටීරියා වැනි කෂූද්‍ර ජීවීන් විනාශ කිරීමටද මෙම අම්ලය වැදගත් වන අතර පිත්තාශයික සහ අග්න්‍යාශයික යූෂය ස්‍රාවය උත්තේජනයට ද මෙය බෙහෙවින් මහෝපකාරී වෙයි.
එහෙත් මෙම අම්ලය මඟින් ආමාශය ස්වයං ජීර්ණය වීම වැළැක්වීමට අපූරු උපාය මාර්ග රැසක් ආමාශය තුළ පවතියි.
ආමාශයික යූෂයේ ශ්ලේෂ්මලය අඩංගු වන අතර එය අග්න්‍යාශික ග්‍රන්ථිවල ගෙල ප්‍රදේශයේ වන ෙසෙලවලින් නිපදවී ආමාශයට එක් වෙයි. මෙය මියූසීන් නම් ග්ලයිකොප්‍රෝටීනයෙන් නිර්මාණය වී ඇත. ශ්ලේෂ්මලය ලිහිසි ජෙලටීනමය කවරයක් සාදමින් ආමාශයේ අභ්‍යන්තරය පූරා ආරක්ෂක පටලයක් ලෙස විහිදී යයි. ආමාශයික ග්‍රන්ථිවිලන් භාෂ්මික ්‍යකධ3 සංයෝගය ද නිපදවයි. මෙය ශ්ලේෂ්මය ස්ථරයේ රැඳී පවතියි. මෙම භාෂ්මිකතාව ආමාශයික අම්ලවල තත්ත්වය මූහූණදීමට අවස්ථාව ලබාදෙයි. ආමාශයික ග්‍රන්ථිවල මැද ප්‍රදේශයේ සිට අම්ලය ස්‍රාවය වී එහි ගෙල හරහා ආමාශයික කුහරයට විවෘත වීමට එය ගමන් ගන්නේ මෙම ආරක්ෂක ස්ථර හරහා බැවින් එහි බිත්තිවලට මෙම අම්ලයෙන් හානියක් සිදු නොවෙයි.
ආමාශයේ ශ්ලේෂ්මලකයේ පවතින ෙසෙල විශේෂ සන්ධිවලින් බැඳී පවතින අතරම, එහි මතුපිට පටලයක් ද පවතියි. මේ තත්ත්වය ද ශ්ලේෂමලික ආරක්ෂක ස්ථරය සෑදීමට උපකාරී වෙයි.
මේ අනූව සළකා බැලු විට අපගේ ආමාශය එහි ආමාශයික යූෂයේ වන ්‍යකඛ වලින් ශ්ලේෂ්මලක ස්ථරයට හානි වීම වළක්වා ගැනීමට කදිම ආරක්ෂක උපක්‍රම මාලාවක් අනූගමනය කරයි. එහෙත් මෙම ආරක්ෂක වළල්ල බිඳ වැටූන කළ ්‍යකඛ අම්ලය ආමාශයේ පටකවලට හානි සිදු කිරීම සිදු වෙයි. මෙම ප්‍රතිඵලය ගැස්ට්‍රයිටීස්ය.
ආරම්භයේ දී ආමාශය තුවාල වීමෙන් ඇති වන මේ තත්ත්වය පසූව ක්‍රමයෙන් ආමාශයේ පැතිරී යයි. මෙම රෝගයේ ආකාර කිහිපයක් දැකිය හැකි අතර ආමාශය මතුපිට ශ්ලේෂ්මල ස්ථරයට වන හානිය අනූව මෙම වර්ග කිරීම සිදු කොට ඇත.
ශ්ලේෂ්මලකයේ මතුපිට සූළු ප්‍රදේශයකට පමණක් සීමා වී පවතින ගැස්ට්‍රයිටීස් තත්ත්වයක පසූව සූව වී යයි. මෙය තවදුරටත් පවතින්නේ මේ ශ්ලේෂ්මලකයේ මතුපිට සම්පූර්ණයෙන්ම විනාශ වී යයි.
්‍යැකසජදඉ්ජඑැර චහකදරස නම් බැක්ටීරියාව විසින් ආමාශයේ ශ්ලේෂ්මය බැරියරය විනාශ කිරීම සිදු කරන අතර මෙය ද ආමාශයික වණ ඇති වීමට හේතු වෙයි. ඇතැම් ආමාශයික පිළිකා ගෙඩි පවතින විට එමඟින් ආම්ලික ස්‍රාවය ඉහළ නැංවිමක් සිදු කරයි. මෙවැනි පිළිකා ආමාශයේ ග්‍රහණියේ හෝ බහූල වශයෙන් අග්න්‍යාශයේ පැවතිය හැකිය. මෙම තත්ත්වය
දකසබටැර ඃ ෑකකසිදබ ීහබාරදපැ රෝගයේදී කැපී පෙනෙයි. ආමාශයෙන් ස්‍රාවය වන ගැස්ටී්‍රන් හෝර්මෝනයටද ආම්ලිකතාව ස්‍රාවය උත්තේජනය කළ හැකි අතර ග්‍රහණියේ හෝ ආමාශයේ ආලාර ප්‍රදේශයේ පිළිකා පවතින බොහෝ අවස්ථාවල ආමාශයික තුවාල මේ නිසා ඇති විය හැකිය.
ආමාශයික වණ ඇති වීමට බලපාන තවත් වැදගත් සාධකයකි. එතනෝල් (මධ්‍යසාර), ශ්ලේෂ්මල ස්ථරය ස්‍රාවය උත්තේජනය කිරීමේ හැකියාවක් ප්‍රොස්ටග්ලැන්ඩියන් නම් රසායන ද්‍රව්‍යයට පවතින අතර මෙය නිපදවීම ඇස්ප්‍රීන් වැනි ප්‍රතිආසාධන ඖෂධ මඟින් නතර කරයි. මේ නිසා දීර්ඝ කාලයක් ඇස්ප්‍රීන් වැනි ඖෂධ භාවිත කරන්නත් අතර ආමාශයික තුවාල ඇතිවීමට වැඩි ඉඩකඩක් පවතියි. මීට අමතරව ඇස්ප්‍රීන් මඟින් හිස්ටමීන් රසායන ද්‍රව්‍ය ස්‍රාවය කරවීම ද මෙම තුවාල ඇතිවීමට ආධාර වෙයි.
අධික මානසික ආතතිය කම්පනය, වකුගඩූ හෝ අක්මා රෝග ද මේ තත්ත්වය ඇති වීමට බලපායි.
ආමාශය සහ ඒ අවට ඇති වන දැවිල්ල සහ වේදනාව, අජීර්ණය, වමනය යෑම සහ ඇතැම් අවස්ථාවල ආමාශයික රුධිර වහනය මෙම රෝගී තත්ත්වය පූර්ව රෝග ලකෂණ ලෙස හඳුනා ගැනීමට උපකාරි වෙයි.
ආමාශයේ ආම්ලික යූෂය ස්‍රාවය කෙරෙහි මධ්‍ය ස්නායූ පද්ධතියේදී ද බලපෑමක් පවතින අතර ආහාරයක් ගැන අප සිතන විට ආහාරයක් දකින විට හෝ එහි සූවඳ දැනෙන විට මේ ස්‍රාවය වැඩි වෙයි. මේ නිසා ක්‍රමානූකූල ආහාර පූරුදු රටාවකට හූරු වී සිටි විට, එම අවස්ථාවලදී ආහාර නොගත්ත ද ආහාර ගත යූතු බව සිහිවෙන විට ආම්ලික යූෂය ස්‍රාවය සිදු වෙයි. මේ තත්ත්වය දීර්ඝ කාලයක් පැවතීමේ ප්‍රතිඵලයක් ලෙස ද අද සමාජයේ බොහෝ දෙනා අතර පවතින ආමාශයික වණ තත්ත්වය හටගෙන ඇත.
ක්‍රමානූකූල ආහාර පූරුදු රටාව පවත්වා ගැනීමටත්, අනවශ්‍ය ලෙස ඇස්ප්‍රීන් අඩංගු ඖෂධ භාවිතය වැළකීමත් වැදගත් වන අතර ආම්ලිකතාව ස්‍රාවය වළක්වන ඖෂධ භාවිතයෙන් මේ රෝගී තත්ත්වයට සහනයක් ළඟා කර ගත හැකිය.
0 comments :
Post a Comment