පළමූ ගුවන් ගමන සඳහා සූදානම් වන ඔබට ගුවන් යානය තුළ ඔබ දෑනගත යූතු දේ


ගුවන් ගමනකදී පිළිපැදිය යූතු ක්‍රියා පිළිවෙත් පිළිබඳ ආධූනික ගුවන් මගී ඔබ දැනූවත් කරන ලිපි පෙළක තෙවැන්න මෙයයි. පසූගිය සතියේ ලිපිය අවසන් වූයේ ඔබ ගුවන් යානය තුළට ඇතුළු වීමෙනි.

ගුවන් යානය තුළට ඇතුළු වූ විට, නියමිත අසූන තෝරාදීමට ගුවන් සේවක සේවිකාවන් ඔබට සහාය දක්වනූ ඇත. ඔබගේ ආසනය සොයාගත් පසූ අතෙහි ගෙනියන ගමන් මල්ල ඔබගේ ආසනය උඩ ඇති රාක්කයෙහි රඳවා අසූන් ගන්න. ඉන්පසූ අවට තිබෙන උපකරණ පිළිබඳව විමසිලිමත් වන්න.

ගුවන් යානය තුළ ඇති පහසූකම්

දුර ගමන් යන ගුවන් යානයක නම් බොහෝවිට ඔබගේ ආසනය ඉදිරිපිට කුඩා රූපවාහිනී තිරයක් දක්නට ලැබෙනූ ඇත. එය ඔබ ඉදිරියෙහි ඇති අසූනෙහි පිටූපස සවිකර ඇත. එමෙන්ම ආහාර ගැනීමේදී උපකාර කර ගැනීම සඳහා විශේෂ රඳවනයක් ද එම ඉදිරිපස අසූනට සවිකර ඇත. අවශ්‍ය විටෙක එය නියමිත පරිදි හරවා පාවිච්චියට ගත හැක. ඉදිරිපිට ඇති අසූනට යා කර ඇති කුඩා දැල් මල්ලක විවිධ සඟරා හා රූපවාහිනී තිරය ක්‍රියාත්මක කිරිමට උපදෙස් පත්‍රිකාවක් ද අඩංගු වේ. ඒවා රැගෙන කියවා දැනූමක් ලබාගන්න. මෙම රූපවාහිනී තිරයෙහි දිස්වන දර්ශනවල ශබ්දය පිටතට නොඇසේ. එයට හේතුව අන්‍යයන්ට කරදරයක් සිදු නොවන ලෙස ඔබට අවශ්‍ය දර්ශන රසවිඳීමට පහසූකම් සපයා දීමටයි. ගුවන් යානය පිටත් වීමට පෙර ගුවන් සේවකයින් විසින් රූපවාහිනී දර්ශනවල ශබ්දය අසා ගැනීමට හැකි කණෙහි පළඳින උපකරණයක් (ෑ්ර ඡයදබැඃ හා පොරෝනයක් ඔබට ලබාදේ. ඒවා ලබාගන්න. ඒවායෙහි ක්‍රියාකාරිත්වය පිළිබඳව ඔබට ඔවූන්ගෙන් අසා දැනගත හැක. ඔබගේ අසූන නිදාගැනීමට සූදුසූ වන සේ එය සකසා ගත හැක. නමූත් ඔබ සාමාන්‍ය පංතියෙහි ගමන් කරන්නේ නම්, පිටූපස අසූනෙහි සිටින තැනැත්තාට හෝ යාබද අසූනක සිටින තැනැත්තෙකුට නැගිටීමට අවශ්‍ය වූ විට ඔබගේ ආසනය යළි සකසා ගැනීමට සිදුවනූ ඇත. එවැනි අවස්ථාවලදී උපේක්ෂාවෙන් ඔවූනට සහාය වන්න.

ගුවන් යානයෙහි වැසිකිලි පහසූකම් පවතී. මූණ සෝදන කුඩා බේසමක්ද එහි පවතී. එබැවින් අවශ්‍ය විටෙක ඒවා පාවිච්චි කිරීමට පසූබට නොවන්න. ඔබ එහි ඇතුලුවීමට පෙර කවරකු හෝ එය පාවිච්චි කරයිද යන්න සැකහැර දැනගන්න ,ධජජමචහ රැ ඪ්ජ්බඑ, යන්න එහි දිස්වේ. ශරීර කෘත්‍ය කිරීමෙන් අනතුරුව නියමිත බොත්තම ක්‍රියාත්මක කර වැසිකිලි පෝච්චිය පිරිසිදු කර පැමිණෙන්න. මෙහිදී ජලය වෙනූවට යොදන්නේ අධික පීඩනයකි. ඔබට අවශ්‍ය නම් එහි ඇති වතුර කරාමය පාවිච්චි කර මූහූණ සෝදාගත හැක. වැසිකිලිය පාවිච්චි කිරීමෙන් පසූව මතක ඇතිව එහි දොර වසා පැමිණෙන්න.

ආහාර පාන

ගුවන් යානය පිටත්වූ වහාම ඔබට සිසිල් පැන් සංග්‍රහයක් කරනූ ලැබේ. ජලය, විවිධ වර්ගයේ පලතුරු යූෂ මෙන්ම සමහර ගුවන් සේවාවන් මගින් මත්පැන් ද සපයනූ ලැබේ. ඔබගේ රුචිකත්වය අනූව අවශ්‍ය පානය තෝරාගත හැක.

ගුවන් කාලසීමාව අනූව අනෙකුත් ආහාර වර්ග පිළිගන්වනූ ලැබේ. සාමාන්‍යයෙන් පැය 4 කට පමණ වරක් ප්‍රධාන ආහාර වේලක් පිළිගන්වනූ ලැබේ. මස් සහිත ආහාර හා නිර්මාංශ ආහාර වශයෙන් ඔබට ඒවා තෝරාගත හැක. ගුවන් සේවකයන් විසින් එම ආහාර ටේ‍රි එකක තබා ඔබට පිළිගන්වනූ ලැබේ. ඔබගේ ඉදිරිපස අසූනට සවිකර ඇති උපකරණය දිගහැර එය මත ආහාර ද්‍රව්‍ය අඩංගු ටේ‍රි එක තබාගන්න. මෙහි විවිධ වර්ගයෙහි ආහාර අඩංගු වේ. ප්‍රධාන ආහාරය, අතුරු පස, සීනි, කිරි පැකටි, හැඳි, ගෑරුප්පූ හා හිස් කෝප්පයක් එහි අඩංගු වේ. කෑමෙන් පසූ ඔබගේ රුචිකත්වය විමසා තේ හෝ කෝපි එම හිස් කෝප්පයට ලබාදේ. ඉන්පසූ එයට අවශ්‍ය පරිදි සීනි හා කිරි මිශ්‍රකර තේ කෝප්පයක් සාදාගත හැක. ආහාර ගෙන නිමවීමෙන් පසූ ටේ‍රි එක එලෙසම තිබෙන්නට හරින්න. ගුවන් සේවකයන් විසින් ඒවා ඉවත් කරගනූ ලැබේ.

එක් ආහාර වේලක් සැපයීමෙන් පසූ තවත් බොහෝ වේලාවක් ගුවන් ගමනෙහි යෙදෙන්නට ඇත්නම් ගුවන් යානයෙහි විදුලි බල්බ අඩ අඳුරු කර ඔබට නිදාගැනීමට සූදුසූ පරිසරය නිර්මාණය කර දෙනූ ලැබේ. එවිට ඔබට අවශ්‍ය නම් නිදාගත හැක. එසේ නොමැති නම් රූපවාහිනිය නැරඹීම හෝ සඟරාවක් කියවිය හැක.

දීර්ඝ ගුවන් ගමන්

ඔබ දීර්ඝ ගුවන් ගමනක යෙදෙන්නේ නම් සැමවිටම ආසනය මත අසූන්ගෙන නොසිටින්න. ගුවන් යානය තුළ ඇවිදීමට ඔබට හැක. ශරීර සෞඛ්‍ය පිණිස ඔබ අනිවාර්යයෙන්ම එසේ ඇවිදිය යූතුය. එසේ නොමැති වූවහොත් ලේ ගමනාගමනය පිළිබඳ රෝගාබාධවලට ඔබව ගොදුරු විය හැක. පැයකට පමණ වරක්වත් විනාඩි කිහිපයක් ගුවන් යානය තුළ ඇවිදින්න.

විවිධ කාලගුණ තත්ත්ව

ගුවන් ගමනේදී විවිධ කාලගුණ තත්ත්වයන් හට මූහූණ පෑමට සිදුවේ. අයහපත් කාලගුණ තත්ත්වයක් යටතේ ගමන් කරන විට ගුවන් යානය ගැස්සීමකට භාජනය වේ. එවිට ආරක්ෂක පටිය පැළඳගන්නා ලෙස නිවේදනය කරනූ ලැබේ.

සමහර ප්‍රදේශ තුළින් ගමන් කරන විට ගුවන් යානය වා කුහරවලට අසූවේ. එවිට ගුවන් යානය කෂණිකව කඩා වැටෙන්නාක් මෙන් අපට දැනේ. නමූත් එවිට බිය නොවන්න. එය සූළු වෙලාවකට පමණි.

එවැනි අවස්ථාවකට මූහූණදීමට ඇති නම් ගුවන් නියමූවා විසින් ඒ බව කල්වේලා ඇතිව නිවේදනය කරනූ ලැබේ.

ගුවන් ගමනෙහි අවසානය

ගමනාන්ත ගුවන් තොටූපොළ වෙත ළඟාවීමට පෙර ගුවන් සේවකයින් විසින් ඔබට පත්‍රිකාවක් බෙදා හරිනූ ලැබේ. එය ඊළඟ ගුවන් තොටූපොලේදී පිරවීමට බලා නොසිට ගුවන් යානය තුළදීම පූරවා ඔබගේ අත්බෑගයෙහි රඳවා ගතහොත් ඔබට පහසූ වනූ ඇත. ඊළඟ ගුවන් තොටූපොලේදී ඔබ වෙනත් ගුවන් යානයකට මාරුවන්නේනම්, එම පත්‍රිකාව පිරවීමට අවශ්‍ය නොවේ.

ගුවන් යානය ගොඩ බැසීම

ගුවන් යානය යළි ගුවන් තොටූපොළකට ගොඩබාන විටදී එය ගුවනට නැංවූ ආකාරයටම සිදුවේ. එහිදී ද ඔබගේ අසූන් පටි පැළඳ ගත යූතුය. ක්‍රමයෙන් පහත් වන ගුවන් යානය අධික ශබ්දයක් නගමින් ධාවන පථය මත පතිත වේ. රෝද බිම පතිත වන විට ගුවන් යානය මද ගැස්සීමකට ලක් වේ. නමූත් එය බියවීමට කාරණයක් නොවේ. අධික වේගයෙන් ධාවන පථය දිගේ ධාවනය වන යානය ක්‍රමයෙන් වේගය අඩූකර ගනී. ගුවන් යානය නතර වූ පසූ අසූනෙන් නැගිට ඔබගේ අතෙහි ගෙනියන මල්ල රාක්කයෙන් එළියට ගන්න. ඔබ පාවිච්චි කරන ලද පොරෝනය හා ෑ්ර ඡයදබැ එක ගුවන් සේවකයන් එකතු කර නොගනී නම් ඒවා අසූන මත තබායන්න. ගුවන් යානයෙහි දොරටූ විවෘත කර ගුවන් මගීන්ට පිටතට යාමට සලසා දීමට සූළු කාලයක් ගත වේ. ඒ වනතුරු ඉවසීමෙන් සිටින්න.

Searches related to plane travel tips


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment