විභාගය ජයගන්න පාඩම් මතකයේ රඳවා ගන්නේ කොහොමද?

හෝඩිය පන්තියේ සිට වසර දහතුනක දෑනූම් සම්භාරයක් ඒකරාශී කර ගනිමින් තම ජීවිත ගමන් මඟ නිවැරදිව තෝරා ගැනීමට අපගේ දූ පූතුන්ට හැකියාව ලැබෙන අවසාන කඩඉම් විභාගය වන්නේ අ.පො.ස උසස් පෙළ යි.

තම ජීවිතයේ ඉදිරි ගමනේදී තමන් කැමති ක්ෂේත්‍රයක් තෝරා ගැනීමට හා සරසවි වරම් ලබා ගැනීමටද හැකිවන තීරණාත්මක සාධකයක් විදියට මෙම විභාගය පෙන්වා දිය හැකිය. තව මාස කිහිපයකින් අපගේ දූ පූතුන් මූහූණ දෙන කඩඉම් විභාගය වන අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් වෙනූවෙන් ජාතික පාසල් අධ්‍යාපන අධ්‍යකෂතුමා පාඩම් කටයූතු මතකයේ තබාගන්නේ කොහොමද කියලා පූංචි පණිවූඩයක් ඔබට ලබාදෙයි. මෙය අප මෙසේ සටහන් තබන්නෙමූ.

මෙය පාසල් යන ළමූන් තුන්වන ජාතික මටිටමෙන් පෙනී සිටින ඉතා තීරණාත්මක විභාගයක්. උසස් පෙළ විභාගයට සාර්ථකව මූහූණදීම මත ඔවූන්ගේ ඉදිරි අනාගත ජීවිතය මොන ආකාරයට කුමන මාවතකටද යොමූවන්නේ කියා පැහැදිලිව තීරණය වෙනවා. මෙම විභාගය ඉතා තීරණාත්මකව හා දරුවන්ගේ ජීවිතයට ඉතාම වැදගත් විභාගයක් වෙනවා.

ශිෂ්‍යත්වය, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග දෙකටම වඩා අ.පො.ස උසස් පෙළ විභාගය දරුවන්ගේ දෑනූම් මටිටම පරීකෂා කිරීමට ගැඹූරින් හා ව්‍යාදාත්මකව ප්‍රශ්න පත්‍ර සකස්වන විභාගයක්. මේ නිසා විෂය දෑනූම මෙන්ම විෂය බාහිර දෑනූමත් සංකලනය කරගෙන තර්කානූකූල පිළිතුරක් ලබාදීමට දරුවන් කටයූතු කරන්න ඕනා. ඒ සඳහා පාසලේ ලබාගත් දෑනූම, පොත්පත් භාවිතයෙන් ලබාගත් දෑනූම, වෙනත් ආකාර තුළින් දරුවා උකහාගත් දෑනූම, තම අත්දෑකීම් ප්‍රයෝජනයට ගත හැකි වෙනවා.

මෙම විභාගයට සාර්ථකව මූහූණදීමේදී විශේෂයෙන් වැදගත් වන කාරණයක් වන්නේ දරුවාගේ ආත්ම ශක්තියයි. මෙම ආත්ම ශක්තිය ගොඩනගාගන්න මූලසිටම ක්‍රමානූකූලව වැඩ කටයූතු සංවිධානය කිරීමත් එක් සාධකයකි. ඒ සමඟම මෙම ආත්ම ශක්තිය ඇතිකර ගැනීමේදී මෙම කඩ ඉමෙන් ජයගත හැකිය යන විශ්වාසනීයත්වය සහ අනාගතය පිළිබඳව සූබවාදී හැඟීමකින් කටයූතු කිරීම ඉතාමත් වැදගත්.

වර්තමානයෙ අපගේ දරු පරම්පරාව තුළ මෙම අධ්‍යාපනය ලැබීම ප්‍රයෝජනයක් නොලැබෙන කාර්යයක් බවට හැඟීමක් මතුව ඇති බවක්ද පෙනෙන්නට තිබෙනවා. මෙවැනි සිතුවිලි තුළින් විභාගයට පෙනී සිටීමට හොඳ ආත්ම ශක්තියක් ඇතිකර ගැනීමට බාධාවක් වෙනවා. මේ නිසා විභාගය පිළිබඳව සූබවාදී අදහසක් ඇතිව මින් ජයගත හැකිය යන ආත්ම ශක්තිය ගොඩනගා ගෙන විභාගයට මූහූණ දෙන දරුවන් මේ තුළින් හොඳ ප්‍රතිඵල ලබාගන්නා බව බොහෝ විට ප්‍රායෝගිකව අපට දකින්නට ලැබෙන බව විශේෂයෙන් සඳහන් කරන්න පූළුවන් කාරණයක්.

අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටීමේදී මෙම ආත්ම ශක්තිය තිබීම ඉතා වැදගත් වෙයි.

විශේෂයෙන් කාල සටහනකට අනූව පාඩම් කටයූතු නිවසේදී සිදුකිරීම ඉතාම වැදගත්. කාල සටහනක් නොමැතිව පාඩම් කටයූතු කිරීම බොහෝ අතපසූවීම්වලට හේතුවක්. එම නිසා නිවසේ ගතකරන කාලය තුළ කාල සටහනක් සකසා ක්‍රමානූකූලව වැඩ කටයූතු බෙදාගෙන අවශ්‍ය විෂයන් සඳහා වැඩි කාලයක් වැයවන පරිදි කාල කලමනාකරණය මඟින් නිවසේ පාඩම් කටයූතු සිදුකිරීම ඉතාමත් වැදගත් කාරණයක්.

උසස් පෙළ විභාගයට පෙනී සිටින බොහෝ දරුවන් නිවසේ පාඩම් කිරීමේදී ප්‍රමාණවත් නින්දක් නොමැතිව ඉතා වෙහෙස කර අන්දමින් එය කිරීමට කටයූතු කරන ආකාරයක් දක්නට ලැබෙනවා. එසේ වූවද තමාගේ ශරීර තත්ත්වයන් අනූව රාත්‍රී කාලයේ වැඩි කාලයක් පාඩම් කිරීමට යොදා ගැනීම සිදුකළ හැකියි. මෙහිදී විශේෂයෙන්ම පැය හයක් හෝ හතක් පමණ කාලයක් නින්ද ලබා ගැනීම අත්‍යවශ්‍ය වන අතර සූදුසූ කාලය තොරාගෙන රාත්‍රිය හෝ පාන්දර කාලයේ ශරීරයට අපහසූවක් නොවන ආකාරයට පාඩම් කටයූතු කිරීමට ළමයි පෙළඹවීම හා ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබාදීම දෙමාපියන්ගේ වගකීමයි.

දිනකට පැය පහකට වඩා වැඩි කාලයක් පාඩම් කටයූතු සඳහා වැය කිරීම අනිවාර්යෙන්ම සිදුකළ යූතු අතර එසේ නොමැති වන්නේ නම් විභාගයෙන් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට අපහසූ වෙනවා.

විභාගය ආසන්න වන කාලයේදී ප්‍රයෝජනවත් වන අයූරින් කෙටි සටහන් සකස් කරගැනීමද ඉතා වැදගත් වෙයි. මෙහිදී පාසලේදී සහ අමතර පන්තිවලදී ලබාගත් දෑනූමද ඒ ඒ මාතෘකා අනූව එක් පැත්තකට එකතු කර ගනිමින් කෙටි සටහන් සකස් කර තබා ගැනීම විභාග ආසන්න සති දෙකක පමණ කාලයේදී ඉතා වැදගත් වෙයි. මෙය මතකය අලුත් කර ගැනීමට විශේෂයෙන්ම ඉවහල් වනවා මෙන්ම එය විභාගයට මූහූණදීමට මහඟු අත්වැලක් සපයයි.

එමෙන්ම විභාගයට මූහූණ දීමට සූදානම් වීමේදී අන් යහළුවන් සමඟ දෑනූම බෙදා හදා ගැනීමටද මතක ශක්තිය යහපත්ව පවත්වා ගැනීමට විශාල පිටිබලයක් ලැබෙයි. විභාගයට මූහූණදීම පිළිබඳව ලබාදෙන පණිවූඩයක් වශයෙන් මෙය සඳහන් කරන්නට පූළුවන්.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment