විදුලි උපකරණ මිලදී ගැනීමේදී මේ ගැනත් සිතන්න

වෙළෙඳපොළ ආර්ථික රටාවක් තුළ ජීවත්වන අපට අවශ්‍ය භාණ්ඩ තීරණය කරන්නෙත් ඒවා මිලදී ගැනීමට පොළඹ වන්නේත් ප්‍රචාරණ කලාවයි. නැත්නම් මාධ්‍යයයි. මේ නිසාම බොහෝ පාරිභෝගිකයින් අද ලොවට ණය වූ ණයකාරයින් වී ඇතිවා මෙන්ම තම අවශ්‍යතා ඉටූ නොකරගත් අතෘප්තිමත් පිරිසක් බවට පත්ව ඇත. මොහොතක් සිතා බලන්න. ඔබ වෙළෙඳපොළට ගොස්, ඔබ මිලදී ගැනීමට සිතා ගිය භාණ්ඩය වෙනූවට වෙනත් භාණ්ඩ මිලදී ගෙන නැවත නිවසට පැමිණි දින කීයක් ඔබට මතක ඇතිද?



අපි මේ බව ප්‍රකාශ කළේ පාරිභෝගික ඔබ මොනතරම් වෙළෙඳ ප්‍රචාරණය තුළ අතරමන්ව ඇත්දැයි සිතා ගැනීමටයි. මංමූලා නොවූ පාරිභෝගිකයෙක් වීමට ඔබට අවශ්‍ය නම් වෙළඳපොළට යාමට පෙර ඔබේ අවශ්‍යතා පෙළගස්වා ඊට අදාල භාණ්ඩ අවශ්‍යතා අනූපිළිවෙලින් මිලදී ගන්න. එසේ මිලදී ගැනීමේදී භාණ්ඩයක් මිලදී ගැනීමේදී භාණ්ඩ මිළ ගැන පමණක් නොසිතන්න. අඩූ මිලට බාල භාණ්ඩයක් ගන්නවා වෙනූවට භාණ්ඩ මිලදී ගැනීමේදි එහි ගුණාත්මකභාවය ආයූකාලය විශේෂයෙන් විදුලි උපකරණ මිලදී ගනිද්දී දැරීමට සිදුවන මූළු පිරිවැය පිළිබඳ සැලකිලිමත් වන්න.

ආයූකාලය තුළ දරනූ ලබන භාණ්ඩයේ මූළු පිරිවැය සෙවීම සඳහා අප පහත සඳහන් ආකාරයේ සමීකරණයක් දක්වමූ.

ආයූකාලය තුළ දරනූ ලබන භාණ්ඩයේ මූළු පිරිවැය ඃ උපකරණයේ මිල + බලශක්ති වියදම + නඩත්තු වියදම

විශේෂයෙන් විදුලි උපකරණයක් මිලදී ගැනීමේදී මිල ගැන පමණක් නොව ආයූකාලය තුළ දරනූ ලබන පිරිවැය පිළිබඳ සලකා විදුලි උපකරණ මිලදී ගැනීමේදී අත්වන වාසිය පිළිබඳ විදුලි බල්බ උදාහරණ ලෙස ගෙන ගණනය කර බලමූ.

විදුලි බල්බ මිලදී ගැනීමේදී සාමාන්‍ය සූත්‍රිකා විදුලි බල්බයක් රු. 40ඃ60 ක් පමණ වන අතර, කතඛ විදුලි පහනක් රු. 300 ඃ 350 ක් පමණ වේ. ඒ අනූව මිල ගැන පමණක් සලකා බැලීමේදී සාමාන්‍ය සූත්‍රිකා පහනක් මිලදී ගැනීම වඩා වාසිදායක වේ. එසේ වූවත් ආයූකාලය ගැන බැලීමේදී කතඛ විදුලි පහනක් පැය 8000 ක් පමණ දැල්වෙන අතර සාමාන්‍ය සූත්‍රිකා පහනක ආයූකාලය පැය 2000 ක් පමණ වේ. ඒ අනූව කතඛ විදුලි පහනක ආයූකාලය තුළදී සාමාන්‍ය සූත්‍රිකා විදුලි පහන් 4 ක් පමණ මාරු කළ යූතු වේ.

බලශක්ති වියදම පිළිබඳ බැලීමේදී වොටි 60 ක සූත්‍රිකා විදුලි පහනක ආලෝකය ලබාගැනීම සඳහා කතඛ විදුලි පහනක් සඳහා වැයවන්නේ වොටි 11 ක පමණ විදුලි බලයකි. ඒ අනූව මූළු ආයූ කාලය තුළ (පැය 8000) කතඛ විදුලි පහන් සඳහා විදුලි ඒකක 88 ක් වැයවන අතර විදුලි ඒකකයක් රු. 7.50 ක් වූවහොත් ඒ සඳහා බලශක්ති වියදම වන්නේ රු. 660.00 කි. නමූත් එම පැය 8000 සඳහා එම ආලෝකයම ලැබෙන වොටි 60 ක සූත්‍රිකා විදුලි පහන් භාවිත කළහොත් විදුලි ඒකක 480 ක් වැයවන අතර ඒ සඳහා බලශක්ති වියදම රු. 3,600.00 ක් වේ. මේ අනූව ඔබට වැටහෙනූ ඇති මිල ගැන පමණක් සිතා සූත්‍රිකා විදුලි පහන් ගන්නා විට ඇතිවන වාසිය වඩා වැඩි ලාභයක් ආයූකාලය තුළ දරනූ ලබන මූළු පිරිවැය සලකා කතඛ මිලදී ගැනීමෙන් ඇතිවන බව.

ඉහත උදාහරණ ගැන සලකා ඉදිරියේදී ඔබ විදුලි උපකරණ මිලදී ගන්නා විට තම නිවසට අවශ්‍ය ප්‍රමාණයට විශේෂයෙන් ශීතකරණ, රූපවාහිනී වැනි විදුලි උපකරණ මිලදී ගැනීමේදී තම ආර්ථිකයට ගැළපෙන උපකරණ මිලදී ගැනීමට මෙන්ම මිල ගැන පමණක් නොසිතා උපකරණ මිලදී ගැනීමටත් අවධානය යොමූ කරන්න.

ඔබ ඕනෑම උපකරණයක් භාවිත කළ යූත්තේත් මිලදී ගත යූත්තේත් ඔබේ ජීවිතය පහසූ කර ගැනීමට සහ කටයූතු කාර්යකෂම කර ගැනීමට විනා ජීවිතයට බරක් එක් කර ගැනීමට නොවේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment